Monday, February 20, 2017

චාතූර්‍ය සෙනරත ලෝකෝත්පත්ති කතාවත්ථුව


=== චාතූර්‍ය සෙනරත ලෝකෝත්පත්ති කතාවත්ථුව ===

මේ මහා සක්වලෙහිම අඳුර නසා පෑයූ ඉරබට තරුව සේ දිලෙන සදෙව් ලොවටමැ මිණි පහණක් බඳු වූ මහා පඬි අප මහා චාතූර්‍ය සෙනරතානන්ගේ කතා වත්තුව අකලංකාරයෙහි මෙසේ ගෙනහැර දක්වන්නාහ..

 මහ බඹ තෙමෙ එක් අළුයමකැ පිබිද පෘථිවි ධාතුව මවනු නියාවෙන් අසූ කෙළ කෝටියක් මහානුභාවයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ සිව් මහා ධාතු කළඹන්නාහ.. ඒ කළඹන්නාවූ මොහොතේ කසිප්පු ගෝඩා මෙන් කැළති කැලතී බුබුලු ලූ නියාවෙන් සතර මහා ධාතුන් එක් වී පෘථිවිය නිමවෙන්නාහ..අරිෂ්ඨ කල්දේරම හැඳිගානා වෙදපප්පානණ් මෙන් මහබඹු තෙමේ පෘථිවිය නිමවන්නාහ. කෙසේ කැළතුවද කැටි නොගැසෙන නියා දැක අරුම පහළ කළ මහ බඹානෝ දැලි කුණු වදයට පිළියම් සොයමින් සිටින ගෘහණියක් මෙන් කල්පනාබරිතව සිටින මොහොතේ අරුමයක්මැ වියැ... උස් හීන්දෑරි පුරුෂයෙක් වෙදැඟිල්ල ඔසවා පැමිණ.. " එම්බා මහ බඹ..තට අමු කැවිලද..? තොප පෘථිවි ධාතුව නිමවන්නේ ලිප නොදල්වා  නේදැයි..?? " විචාරා සිටියේයැ.. අහෝ ආශ්චර්‍යයක්මැයි.. තමා සිව්මහා ධාතු එක් කර හැඳිගෑවේ ලිප ඕෆ් කර බව විමසූ මහබඹුන් වහා සිය නාසයෙන් ගිනි අවුලවා සිව් මහා ධාතු එක්කර පෘථිවිය නිමවාලීය.. එසේ ගිනි අවුලවා පෘථිවි තලයම නිමැවූ නියා සිව් මහා ධාතු එක්කල මහා පුරුෂ තෙමේ නම් පෘථිවියේම බාරකරු කරමියි කියා පැමිණි හීන්දෑරි පුරුෂයා දෙස බලා.. " තොප නම් ලොව මැවූ මහ බඹ වූ මා ද විෂ්මයට පත් කලේමැයි.. තොප කවුදැයි විචෑරීය..



එම්බා මහ බඹ..
මේ චතුස්කෝටික ලෝකයේ මම ය මාගේය කියා දෙයක් නැත..එබැවින් මම කියා කිසිවෙකුත් නැත.. මාගේ පරිචයේ පරිද්දෙන් මා සිටිමි.. මා නොසිටිමි.. තට කැමැත්තක් කියවයි කියා සක්වලම කළඹන්නාවූ ස්වරයෙන් කියන්නාහ..

එවිට මහ බඹාණෝ එකත්පස්ව වැඩ හිඳ..

එසේනම් පුරුෂයාණෙනි.. සිව් මහා ධාතු එක් කර සේනාවකට අණදෙන මාණික්‍යයක් බඳුවූ සෙන්පතියෙක් ලෙස මහ බඹුටම ඔවා දුන් නියාවෙන් මා තොපට මෙතැන් පටන් චාතූර්‍ය සෙනරතාණන් ලෙස නම් තබනවායැයි පවසාලීය..

මේ පුවත පසු කළෙක මෙසේ සහේලිහිණි සංදේශයේ එන රජ වැනුමේ ලෝකෝත්පත්ති කතාවේ පද්‍යයෙන් මෙසේ වණා ඇත්තාහ..


සිව් ධාතුවෙන් දුන් විවරණින්
අපටත් නිරිඳෙක් පහළව ඇතේ
ඒ චතුරයන් පෑ පෙළහරින්
මහ බඹුද පෘථිවිය එක් කළේ...
ආයුබෝවේවා සෙනරතානෙනී....//

ආපෝ තේජෝ හැලියෙන්
පඨවි වායෝ කලතා හැන්දෙන්
නැතිවු අග්නිය පැමිණ මවමින්
පරිචයේ බලයෙන්...

මහ බඹුගෙ ඇස් මවිත කරවයි
සෙනරතානෙනී...
ආයුබෝවේවා සෙනරතානෙනී...//

.

මෙසේ පෘථිවිය නිමැවූ මහබඹ තෙමේ ආදම්ද ඒවා ද මවා සක්වලම චාතූර්යාණන්ට පවරා විශ්‍රාම සුවයෙන් බිරිඳ සමග කල් ගත කිරීමට ලාස් වේගාස් වනයට නික්මුණාහුය..

ආදම් ඒවා නම් ලැජ්ජාශීලීය.. ඔවුන් එකිනෙකා දෙස ඇසක් හැර නොබලති.. කතා බහ නොකරති.. දෙදෙනාම තම තමන්ගේ කාර්‍යන් වල නිරතවන කල්හී..

මේ දුටු චාතුර්ය සෙනරතානෝ.. අහෝ මෙය  මෙසේ වුවහොත් මෙලොව මිනිස් පරපුරක් ඇති නොවේමය.. මුන් දෙදෙනා සමරිසියන් ලෙස මැවූවා වැනියැයි මහ බඹුන්ට දොස් පවරා වහා දෙදෙනා එක් කිරීමට ආප්ප කන අතර   අරලිය මැදුරෙන් පිට වීමට උපාය ක්ලපනා කළ මෙත්පල් නිරිඳානෝ මෙන් උපායක් කල්පනා කරලීය..

එතැන තුබූ ඇපල් ගසක් දැක උපායක් විමසූ අප මහා සෙනරතාණෝ වහා බිම ලු ඇපල් ඵලයක් ගෙන සැඟවී ඒවාගේ තට්ටමකට ගසා ලීය..  එය දැනී ඒවා. පහර දුන්නේ ආදම් බව සිතා රවා බලා හ්ම්..මල කෝලම් කියා ඉවත බලා ගත්තාය.. නැවත ඇපල් ඵලයක් ගත් සෙනරතානෝ පන්දුව එල්ල කරනා මාලිංගයාණන් මෙන් දැඩි පහරක් එල්ල කරන්නාහ.. එය වැදී රිදුණ ඒවාණෝ වාරියපොල රූමතිය මෙන් කෝපාග්නියෙන් දැවී

වනචරයා තෝ ලස්සන කෙල්ලෙක්ට පාරෙ බැහැලා යන්න දෙන්නැති කුපාඩියා.. යැයි කියා ආදම් දෙසට දැවි දැවී පැමිණ බණින්නට වන්නාහ..

කිසිත් නොදැන සිටි ආදම් තෙමේ ඒවාගේ රූබර නාරී දේහයත්.. සැලෙන දෙතොලින් තිත්ත කුණුහර්පෙන් බණින්නාවූ වදනුත් අසමින් දමිළ චිත්‍රපටයක මැරයාට බණින්නාවූ රූබර කතගේ වදන් ලෙස අවඥාවෙන් බැහැර කර පෙම් සයුරේ ගිලී ගියාහුය.. ඇපල් ගෙඩියක් කඩා ගත් ආදම් තෙමේ එය සපමින් ඇය දෙස බලා සිටිනා කල්හී චාතූර්යාණෝ ඇසින් ගුවම දෙස බලා විදුළි කොටවා අකුණු ගස්සවාලීය..
බිය වූ ඒවා ආදම්ගේ සිරුරට පැන ඔහු වැළඳගන්නා කල්හී අහසින් මල් වැසි කඩා හැලී ගින්නෙන් උපන් පීනික්ස් කුරුල්ලෙකු සේ ලොව පළමු දරුවා බිහි විය..

මෙසේ පෘථිවි තලයේ මනුෂ්‍යයෝ ඇරැඹූ නියා චාතූර්‍ය සෙනරතාණෝ ලෝක පාලක දේවතෞත්තමයා ලෙස නම් කරන ලද්දාහ...

පසු කලෙකැ ඔහු වෙනුවෙන්මැ හෙළ සාහිතාඹරේ ද මෙවැනි ස්තෝත්‍ර ද ලියැවුණාහ.

පෙරව සඳ කිරණ ආදම් ඒවා.............මතින්
පරව ඇපල් ගෙඩි ඊඩ්න් උයන............පිටින්
තරව සිහි ඇතිව දරුවෙක් හදන........අටින්
ගැහුව චතුර ඒව ට ලොකු ඇපල්.......වලින්
.
.
.

අකලංකාරයෙහි චාතූර්‍ය සෙනරත ලෝකෝත්පත්ති කතාවත්ථුව පළමු භාගය නිමියේයැ..
රාම රාවණා යුධය.. සියුස් පුරාවත කතාවත්තු තුළින් හමුවෙමු..

# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

12 comments:

  1. හා හා හිනාවෙලා හිනාවෙලා ඉස්පොල්ලෙත් ගියා කියහන්කෝ . හේ හේ

    ReplyDelete
  2. ඔහෙත් ගෙදරින් පැනල ඇවිත් සෙනරතානන්ගෙ ගෙදර නවතින්න ආසෙයි?

    ReplyDelete
  3. ඕකාගේ මළයණ්ඩිද අකුරු කරන ගැටිස්සියක් නිවස්නෙ බලෙන් තියං උන්නෙ. දෙමාපියෝ ජීවකයො වුණාට මුංට දෙයියන්ගෙ හාල් කැවිලද කොහෙද..

    ReplyDelete
    Replies
    1. Na e lamaya tamai chathurage gdrta balen aawe.. chthura wage kenek nadeyek karaganna

      Delete
  4. /සහේලිහිණි සංදේශය/ හැක්.... හැක්...

    නියමයි.

    ReplyDelete
  5. /පෙරව සඳ කිරණ ආදම් ඒවා.............මතින්
    පරව ඇපල් ගෙඩි ඊඩ්න් උයන............පිටින්
    තරව සිහි ඇතිව දරුවෙක් හදන........අටින්
    ගැහුව චතුර ඒව ට ලොකු ඇපල්.......වලින්/

    මෙන්න පුතෝ කවි.

    ReplyDelete
  6. ඕංං නමහඃ චාතූර්‍ය සෙනරතනයේ නමහඃ.. !

    ReplyDelete
  7. යකෝ ආතල් දෙනවා කියලා මෙහෙමත් ආතල් දෙන රටක් තියේද. පට්ටයි ආ

    ReplyDelete
  8. //යකෝ ආතල් දෙනවා කියලා මෙහෙමත් ආතල් දෙන රටක් තියේද. පට්ටයි ආ// x 2

    හිනා වෙලා පුක රිදෙනවා ඕයි..

    ReplyDelete