Tuesday, May 23, 2017

කැබිනට් සංසෝදනේ තව කතාවක්



ඊයේ රෑ දැමූ චමලේ පොඩිකාලේ කතාවෙන් සිරිසේන මහතාගේ කැබිනට් සංසෝදනේ අපේ තුන වසරේ ටීචර් මාව කණ්ඩායමෙන් මාරු කළා වගේ වැඩක් කියා කෝචොක් කළද මේකේ තවත් පැත්තක් වන්නේ රවී කරුණානායකගේ ඇමති පුටු මාරුවයි.

ඔය ඉරිසියාකාරයෝ කොච්චර කතා කිව්වත් සිරිසේන ජනාධිපතිතුමා අපෘස්ටවංසියෙක් කියා.. ඊයේ එසේ නොවන බව නැවත ඔප්පු කළේය. එතුමා ආසියාවේ හොඳම මුදල් ඇමති වූ රවී කරුණානායකගේ ඇමති පට්ටම කිසි ගාණක් නැතුව මාරු කලේය. දැන් ඒක තෝරපු එවුන් ipl ෆයිනල් එකට මොකො උනේ කියා නාහෙන් අඬන පූනේ උන් මෙන් කල්පනා කරනවා ඇත. ඉතින් ජාත්‍යන්තරේ අදාලම නැති අපේ අතිගරු ජනාධිපතිතුමාට අනිත් උන්ව අදාලද.... නෑ..



මගේ මොළේට දැනෙනා පරිදි නං මෙය ලෝකේ රාවණා රජතුමාට පසු නැවතත් ලංකේස්වර රාජ්ජය අත්පත් ක‍ර ගැනීමේ අතිගරු ජනාධිපතිතුමාගේ හා ආසියාවේ මස්තිස්කය වූ අගමැතිතුමාගේ ප්ලෑන් එකේ කොටසකි.
හරියට ඒක මේ වගේය .
ඕස්ට්‍රේලියාව එක්ක මැච් එකක් තියෙද්දී උන් ගේමෙන් මැච් එක සෙල්ලම් කරයි.. ඒ කාලයේ ලෝකෙ හොඳම බැටා වූ සංගා වන් ඩවුන් එයි කියා උන් බයේ ඉද්දී අපේ ගේම් ප්ලෑන් එක වෙනස් කර වන් ඩවුන් එවන්නේ චන්දිමාල්වය..
චන්දිමාල්ව දකිද්දී ඕස්ට්‍රේලියන් උන් රවුමක් හැදී මෙසේ කතා වෙයි. යකො හොඳම බැටා ඉද්දි මූව එවන්නෙ මූ අරූට වැඩිය අනිවා හොඳ වෙන්න එපැයි.. අද නං ඉවරයි පුතේ.  අරූ ඉද්දි මූව එවලා මූත් ගහලා අර යකත් ඇවිල්ලා ගැහුවම බඩුම තමා.. දැන් හිත හදාගමු කියා උන්ගේ මොරාල් බහියි.. චන්දිමාල් මොන ගොං සොට් එක ගැහුවත් අරුන් ඒක අමුතු ටෙක්නික් එකක් විදිහට දකින්න ගනියි.   අපි මැච් එක දිනයි..

අපේ ප්ලෑන් එකත් ඔය වගේය..
ලෝකේ ආර්තිකේ අල්ලගන්න කලින් ආසියාවේ ආර්තිකේ අල්ල ගන්න ඕනෑය. ඉතින් ඒකට ඉන්දියාව චීනය තායිලන්තෙ සිංගප්පූරුව වගේ රටවල් එක්ක හැප්පෙන්න වෙනවාය. රවී ආසියාවේ හොඳම මුදල් ඇමති නිසා ඔය ගේමට ඉන්න රටවල් වල උන් කොහොමත් හිටියේ රවීගේ විසිස්ට ආර්තික ප්‍රතිපත්ති වලට බය වෙලාය. හැබැයි සංගව නැතුව චන්දිමාල්ව දාපු මේ සංසෝදනේ නිසා " යකෝ හොඳම එකා ඉද්දී ඌව අයින් කරලා තව එකෙක්ව දැම්මනං මූ කොහොම ඇත්ද.." කියා උන් මානසිකව වැටී උණ්ඩුකපුච්ඡය තුවාල කරගෙන අයින් විලා පයින් යන්නට ය‍යි..

අනිත් එක අප්පච්චිගෙ කාලේ අමුඩයක්වත් නැති අමුවෙන් මස් කන ස්වාසිලන්තෙටයි උගන්ඩාවටයි කොං වෙලා තිබ්බ.. ඇමතිල ගිහින් තානාපතිවරුන්ගෙ කනට ගහපු  හුයියා හුයියා විදේස ප්‍රතිපත්තිය කනපිට ගහලා gsp ගත්ත මංගල ගැන දන්න නිසා කොහොමත් පට්ට බයකින් උන් අයින් වෙලාම යනවාය..

අන්න එතකොට ආසියාව අපේ පාරෙන් අයින් වෙයි.. දැන් එතකොට අපිට තියෙන්නේ ඉතුරු උන් එක්ක හැප්පෙන්නටය.. මංගල ලෝකෙ එක්ක ගේම් එකට එන්ටර් වූ පසු මීළඟ කැබිනට් සංසෝදනයේදී චතුර සේනාරත්නව මුදල් ඇමති කළ විට අපට 2030 දී ඇමරිකාව පිහිටවන අඟහරු ජනාවාස වල මහජන බැංකු ශාකාවක්ද විවෘත්ත කිරීමට හැකිවනු ඇත..
අනිත් අයව ඔය එහෙට මෙහෙට මාරු කලේ ඔය ගේම් ප්ලෑන් එක උන්ට නොතේරෙන්නටය.  මාත් මේක සිංහලෙන් ලිව්වේ උන්ට කියවන්නට බැරි නිසාය.
දැන් ඉරිසියාකාරයො නෑ කියයි..
නලුවෙක් නෙමෙයි මස්තිස්කයක්..
අපේ ජනපති අගමැති ගැන ආඩම්බරයි නම් සෙයාර් කරන්න..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

6 comments:

  1. චැහ් ....

    සත 5කාසියක් තිබ්බනං කටේ ඔබනවා.... කෝ නෑනේ .....

    ReplyDelete
  2. සිංහලෙන් ලියුව වගේම සංග චන්දිමාල් අයි.පී.එල්. ගැන කියල කතාව වෙන පැත්තකට ගත්ත එකත් හොඳයි.... දැන් මුළු ලෝකෙම සිංහල බ්ලොග් ගැන අවධානෙන් ඉන්නේ.. බාගෙට සිංහල දන්නා චීන්නුත් දැන් සිංහල බ්ලොග් කියෝනව.. දැන් උන් හිතයි මේකත් ක්‍රිකට් ගැන කතාවක් කියල.. හැක්.

    ReplyDelete
  3. නියමයි. දැන් මුලු ලෝකෙම සිංහල බ්ලොග් කියවන්නේ නැද්ද? බොරුනම් අහපල්ලකෝ බ්ලොග් වසන්තයේ කට්ටියගෙන්. අපේ නොනගේ වැඩපොලෙයි , මගේ වැඩපොලෙයි ඉන්න සුදු මැණිකෙලා බර ගාණක් බ්ලොග් කියවනවා ..

    ReplyDelete
  4. අර එරාන් වික්ර්මරතනල හෙම එලවල දාන්න ඕනේ. වැඩක්ම නැහැ.

    ReplyDelete
  5. රාවණා වගේ තුන් ලෝකෙම අල්ලල, ලෝකෙ හැම තාක්සනේම පටන් අරන්, හැම බාසාවටම වචන දීලා, හැමතැනම නම් කරලා, ඔක්කොම ලොකු ගොඩනැගිලිත් හදයිනේද?

    ReplyDelete
  6. ටහුඩු... මේවා සිරාගේ සිරාම ලොජික් ය...

    ReplyDelete