Thursday, July 20, 2017

කඩු තුඩු මත සැතපෙන්නෙමි



වික්ටර් රත්නායක මහතාගේ "මියුරු කල්පනා " ගීතයේ

" කඩු තුඩු මත සැතපෙන්නෙමි
   ඔබ සැනසේනම්.... "

පදය මගින් පෙම්වතිය වෙනුවෙන් ඕනෑම භයානක ක්‍රියාවක් කරන බව දැක්වූවද සරල භෞතික විද්‍යාවට අනුව බලන විට සැබැවින්ම කර ඇත්තේ පෙම්වතියව රැවටීමකි..

ඕනෑම බලයක් ක්‍රියා කරන්නේ යම් පෘෂ්ටයක් මතය. එවැනි බලයක් එම බලය යෙදෙන වර්ගපලයෙන් බෙදු විට, වර්ගපල ඒකකයක් මත ක්‍රියා කල බලය හෙවත් පීඩනය ගණනය කරගත හැක..

එම නිසා කඩු තුඩු විශාල ප්‍රමාණයක් මත සැතපෙන විට සිරුරේ ඒකක වර්ගඵලයක් මත එල්ල වන බලය අඩු වන නිසා වේදනාව දැනෙන්නේ නැත..

#ගීතයටාරුතක්
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. ඉතින් මොකද්ද වැරැද්ද?

    'ඔබ සැනසේනම්.... '

    කියලනේ කියන්නේ.. ඒ කියන්නේ අඩුගානේ එහෙම කලාම හරි කන්දොස්කිරියාව නවත්තගනිද කියලා අහන්නේ. දැන් ඕකට එක කකුලෙන් හිටගෙන ඉන්නවා කීවහම කිසි ගැම්මක් නැහැනේ!

    ReplyDelete
  2. //පෙම්වතිය වෙනුවෙන් ඕනෑම භයානක ක්‍රියාවක්//

    කසාද බඳිනවටත් වඩා භයානක දේවල් තියනවද?

    ReplyDelete