Tuesday, September 19, 2017

ලව් කිරීම තහනම්



යදමින් බැද විලංගුලා පෙම්වතුන්ව රැගෙන..................යන්න
ගෙවල් වලට බලෙන් ඇවිත් පෝන් එකේ බ්ලූ..................හොයන්න
කෙල්ලො කොල්ලො ලව් කිරීම දඬුවම් දෙන...................වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ...................විනිසුරන්

හොර මැරකං කරන අතර දියවන්නා...............නරුමයන්
පුංචි ළමයි ඇඳට ගත්ත දේසපාලු..................අමනයන්
උන්ට දෙකට තුනට නැවී වඳින පොලිස්...................මෝඩයන්
කොල්ලො කෙල්ලො ලව් කිරීම වරදක්දැයි මට...............................කියන්

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

7 comments:

  1. අම්මටහුඩු මෙන්න මහා අපරාදයක් කරපු දෙන්නෙක්ව අල්ලලා.......යකෝ පොලීසියට වෙන අල්ලන්ඩ මුකුත් තිබුනෙම නැද්ද???? මේවට හිනා එන්ඩද අඩන්ඩද කියල හිතාගන්ඩ බෑ

    ReplyDelete
  2. කාම සුත්‍රය බලා කියා ඉගෙනුම අපරාධයක් නොවේ

    ReplyDelete
  3. මෙය පත්තරේකට ඔබින නිවුස් එකක්දැයි පළමුව මට සිතුණි. මේවා නිවුස් නොවෙයි, ගොසිප් !
    දෙවනුව සිතුනේ ළමයා යන එන දිහාව ගැන පොලිසියට කියවා සොයවන්නට උනේ ඇයිද කියල? අසල්වාසීන්ගේ පැමිණිල්ලේ තිබුනේ මොනවාදැයි සඳහනක් නැත.
    තුන්වෙනුව ඔබ දමා තිබෙන හෙඩිම. 'ලව් කිරීම' යනුවෙන් අදහස් කලේ කුමක්ද කියන එක.

    Something terribly wrong in somewhere

    ReplyDelete
    Replies
    1. ලිඛිතා ඔබ ලියු බයි සේක්ෂුවල් සුරාන්තය පොත කොහෙන්ද ගන්න තියෙන්නේ

      Delete
  4. අනාගතයේ දවසක ශ්‍රී ලංකා පොලීසියේදී

    පොලිස් ස්ථානාධිපති : තමා ආ කාරනය?
    සැමියා : සර් මට අවසර ගැනීමක් කරන්න ඕනි
    පොලිස් ස්ථානාධිපති : මොකක් සදහාද?
    බිරිද (රහසින් සැමියාට) : මේ… ඒයි ඕක කරන්න පොලිසියෙන් අවසර ගන්නම ඕනිද?
    සැමියා (රහසින් බිරිදට) : ඔව් ඔව් නැත්නම් හිරේ ලගින්න වෙන්නේ.
    පොලිස් ස්ථානාධිපති : මොනාද කුටු කුටු ගාන්නේ..
    සැමියා : නෑ සර් අලුත් නීතියට අනුව ගෙදරින් පිට ඩිස්ටි ඩිඩිං කරද්දි කරන තැන, වෙලාව, වාර ගණන දාලා පොලිසියෙන් අවසර ගන්න ඕනි නේද සර්

    පොලිස් ස්ථානාධිපති : අහ් ඔව් ඔව්..

    රාලහාමි අර 638 අවසර පත්‍රය මේ මහත්තයාට දෙන්න.
    මහත්මයා බය වෙන්න එපා අපි ඒහේ පොලිසියත් දැනුවත් කරන්නම් මේ ගැන.
    ………………………………………………
    මෙහෙම නොවුනොත් තමා පුදුමේ.


    Copied from


    https://asammathaya.wordpress.com/2017/09/19/638-%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA/

    ReplyDelete
  5. Replies
    1. නුතන නොබජට් කුමාරයා කල්‍යාණ මිත්‍ර
      ඕකට කලින්වතාවේ උඹලට කන්න දුන්න වොට්ස් එජ එකේ සම්මන්ත්‍රණයක් ඕගනිස් කරපන් කෝ අහවල් යායට කියලා අපිටත් මොනවා කළා බිලා යන්න ඇවිත් ,
      සිංහල බ්ලොග් සන්දර්යේ නුතන සභාහාපති හැටියට

      Delete