Tuesday, October 3, 2017

සිවුරට ගරු කරපන් ඩෝ



මේ ළඟදි කෙනෙක් මට කියනව මොනවා උනත් සිවුරට ගරු කරපන් ඩෝහ් කියලා..

ඕක අහලත් ඇතිනෙ ඕන තරම්.. උද්ඝෝෂණ වලදි පොලීසිය එලවනකොට එහෙම.. සිවුරට අත තියන්නෙපා ඩෝ වගේ කතා...

යුනිෆෝම් එකක් කියන්නෙ එහෙම නැත්තං නිල ඇඳුමක් කියන්නෙ මොකක්ද... කවුරුහරි පුද්ගල කණ්ඩායමක් අනිත් මිනිස්සුන්ගෙන් වෙන් කරලා අඳුරගන්න දීපු ඩ්‍රෙස් කෝඩ් එක.. ආවේණික ඇඳුම..

එතකොට උදාහරණ විදිහට ඒ සුදු කලිසම් ෂර්ට්,ගවුම් දැක්කම අපි දන්නවා ඒ ඉස්කෝලෙ ළමයි කියලා..

කාකි ඇඳුම තරුපටි දැක්කම අපි දන්නව මේ පොලීසිය කියලා..
සුදු දිග කෝට් එක ඩොක්ටර් කෙනෙක්.. නර්ස්ලා, කොන්දොස්තරලා , හමුදාව, ගුවන් නියමුවො, ඔය වගේ මෙකී නොකී හැමෝවම අපි දැනගන්න භාවිත කරන සංකේතය තමයි බාහිරින් පෙනෙන සංකේතවත් ඇඳුම..
එතකොට බුදුන්ගේ ධර්ම මාර්ගය අනුගමනය කරලා ඒ වෙනුවෙන් ධර්ම ප්‍රචාරයට යොමු වෙච්ච කණ්ඩායම හාමුදුරුවෝ.. එයාලව අඳුරගන්න බුදුන් දීපු යුනිෆෝම් එක එහෙම නැත්තං නිල ඇඳුම තමයි සිවුර..
එතකොට සුදු ලෝගුවයි කලු පටියයි ක්‍රිස්තියානි පියතුමන්ලගෙ යුනිෆෝම් එක.
වේට්ටියයි පූන නූලයි තමයි හින්දු පූජකයන්ගෙ යුනිෆෝම් එක.

ඉතින් දැන් කවුරුහරි කියනවනං සිවුරට ගරු කරන්න කියලා

එතකොට නිරායාසයෙන්ම ප්‍රශ්ණයක් මතුවෙනවා.. ගරු කරන්නේ සිවුර කියන යුනිෆෝම් එකටනං සිවුර වේලෙන්න වැලේ වැනුවම ගරු කරන්න ඕනෙද..

එහෙම නැතිනං ඒ වැලේ තිබ්බ සිවුර හදිස්සියෙ හරකෙක් පටලගෙන දිව්වොත් එහෙම හරක්වහන්සේ කියලා අපි ඌට වඳින්න ඕනෙද..

නෑනෙ..

මම දන්න විදිහට ඔය ගරු කරන්න කියලා කියන්නෙ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න වගේ බුදුන් දේශනා කළ සඟගුණ නමයක් දරන නිසා..

 බුදුන් කියපු ඒ ධර්ම මාර්ගෙට පිවිසුන අය සිවුර අඳින එකෙන් කියවෙන්නෙ නෑ ගරු කරන්නෙ සිවුර කියන රෙද්දට කියලා.. ඇත්තටම වෙලා තියෙන්නෙ බුදුන් කියපු ඒ මාර්ගෙට පිවිසුන අය පඬුපාට ඇඳුම.. එහෙම නැත්තං සිවුර අඳින එක..

දැන් එතකොට ඒ සිවුර දරාගෙන කරන්නෙ බුදුන් කියපු අවිහිංසාවාදි ධර්මය පැත්තකින් තියලා මිනිස්සුන්ව බාබකිව් කරන්න කතා කරන එකනං, ජාතිවාදෙ අවුස්සන එකනං ගහන්න මරන්න කැතිගාන්න කතා කරන එකනං අම්මා තාත්තා මතක් කරලා කුණුහර්පෙන් ජාතිය අමතන එකනං ගරු කරන්න කියලා කියන්නෙ කටින්ද කියලා ආයෙත් හිතලා බලන්න..

දැන් සිවුරක් ඇඳන් හිටියා කියලා ඔය පල්ලෙහා පොටෝ එකේ ඉන්න මනුස්සයට ගරු කරන්න පුළුවන්ද..
මට නං ඒ තව සමාජ පීඩකයෙක් විතරයි..

බුදුනුත් කිව්වනෙ

"න මුණ්ඩකේන සමණෝ.."
( හිස මුඩු කල පමණින් මහණෙකු නොවේ )

 කියලා..

ගරුත්වය කියන්නෙ තමන් උපයාගත යුතු දෙයක් මිස ටෙනිසන් කුරේ වගේ ඒ මට ගරු කරපන්කො කියලා බලෙන් ඉල්ලගෙන යන එකක් නෙමෙයි

ඔබ ගරුත්වය ලැබිය යුතු විදිහට හැසිරෙනවනං ඔබට ඒ දේ ලැබෙයි..

බුදුන්‍ට අන්‍යාගමිකයන් පවා ගරු කලේ ඒ හැසිරීම හින්දා..

අනේ ඒක නිසා කහපාට රෙද්දක් පොරවගත්ත ඕන පිස්සෙක්ට ත්‍රස්තවාදීයෙක්ට ගරුකරන්න කියලා නහයෙන් අඬන්න එපා..

 විලි ලැජ්ජයි...!!

මම ගරුකරන්නෙ ඒක ලැබිය යුතු උන්ට විතරයි.. බුදුන්ට ඒ ගෞරවය දෙන්නෙ කොණ්ඩෙ කපලා තැඹිලිපාට සිවුරක් ඇඳන් හින්දා නෙමෙයි.. මනුස්සයෙක් විදිහට ගරුත්වය ලැබිය යුතු විදිහට හැසිරුන නිසා... ජීසස් වුවද..  වුවද ඒබ්‍රහම් ලින්කන් වුවද.. එසේමය..

ඒ නිසා රෙදි වලට ගරු කරන්න තරම් මස්තිෂ්ක ආබාධයක් තවම නැත..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

7 comments:

  1. ඒ වැලේ තිබ්බ සිවුර හදිස්සියෙ හරකෙක් පටලගෙන දිව්වොත්
    +++++++++++

    ReplyDelete
  2. //වැලේ තිබ්බ සිවුර හදිස්සියෙ හරකෙක් පටලගෙන දිව්වොත් එහෙම හරක්වහන්සේ කියලා අපි ඌට වඳින්න ඕනෙද..//

    මේක තමයි මේ පෝස්ට් එකට මං දාන කමෙන්ට් එකේ විධායක සාරාංශය

    ReplyDelete