Wednesday, November 15, 2017

මුගාබේගේ නිවසට විශේෂ ආරක්ෂාවක්

====

හරාරේ මගින් එන ආරංචි මාර්ග ප්‍රකාශ කලේ මේ වන විට හමුදාව මගින් බලයෙන් පහකරන ලද රොබට් මුගාබේ ජනාධිපතිතුමාගේ නික්මයාමේදී පවත්වන speech of the window හෙවත් ජනෙල් පඩියේ දේශණය සඳහා සියල්ල සූදානම් කර ඇති බවයි.

අනුප්‍රාප්තික ජනපති ලෙස එමර්සන් මංඥාවා මහතා පත්වීමට සූදානම් කර ඇති අතර ඔහුගේ දිවුරුම් දීමෙන් පසු සිය ගම වෙත පැමිණෙන මුගාබේ මහතාගේ  නිවසට උගන්ඩාවෙන් ආනයනය කරන ලද වල්ලාපට්ටා ජලෙන් පඩියක් යතු ගා වැලිකඩදාසියෙන් මැද තීන්ත ආලේප කර නිවසේ ඉදිරිපස සවිකර ඇති ආකාරයක් අපට දැකගන්නට පුළුවන්..

මුගාබේගේ පුද්ගලික ලේකම් නිල නොවන හිටපු ජනපති හා ඔහුගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ මැතිණිය සඳහන් කළේ එමර්සන්ට පක්ෂ සියළු දෙනා හමුදා කුමණ්ත්‍රණ හා ඇමරිකන් හිතවාදී ඔත්තුකරුවන් බවට විශේෂ හෙලිදරව්වක් කිරීමට මුගාබේ බලාපොරොත්තු වන බවයි..

මුගාබේ නිවස හා ඒ අවට ප්‍රදේශය මේ වන විට මුගාබේ පාක්ෂිකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් ඇති අතර..
ලේලන්ඩ් බස් රථ කුලියට ගෙන මුගාබේ බැලීමට හ්වාන්ගේ හා රුරෙන්ගා ආදී දුර බැහැර ප්‍රාන්ත වලින් පවා කෝටි ගණනින් මහජනතාව ඇදී එමින් තිබෙනවා...

අවර් ඩැඩී
ප්ලීස් ඩෝන්ට් ගෝ ඩැඩී
යූ ආර් අවර් මුගාබේ
කම් අගෙයින් ඩැඩී

ආදී පුවරු ඔසවා කෑගසන ආකාරයක් දකින්නට පුළුවන්..
මේ අතර

එමර්සන්ව ව මරලා හරි ගන්න තිබ්බනේ..
උපජනාධිපතිකමට ඉල්ලමු මුගාබේ ඩැඩී
පැරදුනේ අපියි ඩැඩී
යෝ නිග්ගා.. වී වෝන්ට් මුගාබේ..
අවර් කිංග්

ආදී කසු කුසුවක්ද යන්තමින් අසන්නට ලැබෙනව..

"මම දශක ගණනක් පුරා පැවති බ්‍රිතාන්‍ය පාලනය නිමා කරමින් සිම්බාබ්වෙට නිදහස ගෙනල්ලා දුන්නා අපේ පූජක තුමනී..තිස් වසරක් පුරා මේ රට ප්‍රජාතන්ත්‍රවාදීව පාලනේ කලාට මුන්ට කලගුණ මතක නෑ.. මට කියලා මොකක්ද කරගත්තේ.. ඔය ගෙවල් දහපහළවක් ස්විස් එකවුන්ට් දෙක තුනක් කාර් විස්සක් තිහක් ගෑනිට නිල නොවන ජනාධිපතිකමක් ඉඩං අක්කර ලක්සයක් දෙකක් ගන්නැති පඩිය එකතු කරලා වැඩිම උනොත්...
රටට වින කරපු උන් හිරේ දැම්මා.. ඇමරිකන් උන්ට අල්ලගන්න හිතෙන් නැති විදිහට සල්ලි හංගලා විශ්‍රාම සුවෙන් ඉන්නෙ නැතුව දුක් විඳගෙන අවුරුදු 94ක් වෙනකන් රට සංවර්දනේ කලා..
දැන් මුං මට ඒකාධිපතියලු.."

කියා නිවාස අඩස්සියේ සිටින විට හමුදා සෙබලෙක්ට මුගාබේ මහතා කියූ බව සඳහන් වේ..

මුගාබේ දේශණය ඇසීමට මුගාබේ ඩැඩීගේ ක්‍රිප්ටෝනියානු පුතා සුපර් මෑන් ඇතුළු පවුලේ සැම, ඇස්ගාඩ් වලින් තෝර් ලෝකි ඇතුළු පවුලේ සැම , ඔලිම්පස් වලින් සියුස් ඇතීනා ඇතුළු දේව මණ්ඩලයද අඟහරු බ්‍රහස්පති ඇතුළු ග්‍රහලෝක වලින් හා ෆොක්සිමා සෙන්චූරි මන්දාකිනියෙන්ද පිටසක්වල ජීවීන් පැමිණ ඇත. ස්වාසිලන්තය., උගන්ඩාව,සෝමාලියාවෙන්ද රාජ්‍ය නායකයන්ද පැමිණීමට නියමිතය.. පිටසක්වල ජීවීන් පැමිණි පිටසක්වල යානාවක් අනතුරට පත් වීම නිසා මුගාබේට වඩා ගැනීමට බබාලා දීමට පෝලිමේ සිටි මියා කලීෆා හා ලීසා ඈන් නම් මව්වරුන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.. බබාලා නිරුපද්‍රිතව බේරා ගෙන ඇත.

නිවස අවට පොත් හල් වලට දැඩි පොලිස් ආරක්ෂාවක් දී ඇති අතර

ප්ලැටිග්නම්
සිම්බාබ්වේ ප්‍රාන්ත සිතියම්
අඩිරූල්
පැන්සල්

ආදී ලිපි ද්‍රව්‍ය හා උපකරණ කොල්ලකෑම් කිහිපයක්ම වාර්තා වී තිබෙනවා..

මුගාබේ නිවස අවට වැලි කුණාටු තත්වයක් ප්‍රකාශ කර ඇති අතර.. පරිසරයේ අඳුරු වීම්.. මුගාබේ නිවස පිටුපසින් එක්වරම හිරු සැඟවීම. හෘදයාබාධ.. විදුලි කෙටීම.. පාක්ෂිකයන්ට උදරාබාද වමනය හිස කැක්කුම පාචනය හා කක්කල් කැස්ස තත්වයන්ද වාර්තා වන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා..

ස්තුතියි

ජනපති දිවුරුම් දීමේ විශේෂ අවස්තා සමග #චමලේnews සමගින් එහි සිටින අපේ විශේෂ වාර්තාකරු ප්‍රලිර චා. සමග නැවත හමුවෙමු

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. හැම රටකම වගේ මුගාබේ ලාගෙන් පස්සේ පත්වෙන්නේ //මංඥාවා/ ලාද බං? අනේ මංදා.. :))))

    ReplyDelete
  2. හැම රටකම වගේ මුගාබේ ලාගෙන් පස්සේ පත්වෙන්නේ //මංඥාවා/ ලාද බං? lol

    ReplyDelete