Monday, November 20, 2017

හිතවත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයනි..



 රනිල් වික්‍රමසිංහ මහතාව, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාල කොමිසමට කැඳවූ පුවත අසා මයිලෝ ෆැක්ටරිය ගිනිගත් පුවතක් ඇසූ මයිත්‍රීපාල ජනපතිඳුන් මෙන්..

ළමා විවාහ නැවැත්වීමට මුස්ලිම් පූජකයන් රජයට බල කර උද්ගෝෂණයක් කළා වගේ රනිල් කොමිසමට ආපු එක මාර ඓතිහාසික සිද්ධියක් ය..
කම්බි දාහක් විසිකර තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තාක් මෙන් මාර ජයග්‍රහණයක් ය.
මේක ලෝකේ පළමු වතාවය..
පෙර මෙවන් අගමැතියෙක් සිට නැත..
දීපිකා පදුකෝන් ලංකාවට ආවාක් මෙන් සැමරිය යුතුය..

ආදී ලෙස ඔබ සතුටින් ඉපිලී වඩිගපටුන නටනු දුටුවෙමි.

ප්‍රිය හිතවත් එජාප පාක්ෂිකයනි..

රනිල් මහතාව එතනට කැඳවූයේ බිලියන ගණනක මහජන මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් හෙවත් මහබැංකුවේ පට්ට හොරකම සම්බන්ධයෙන් කරුණු විමසීමට මිස කොමිසමේ නිලධාරීන් සමග කාඩ් කුට්ටමක් ගෙන ජෝඩු බැලීමට.., ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබූ දිනයේ හාවා කරමින් සිටියේ කුමක්ද හා කොඩිය වැනුවේ කවුද යන්න සාකච්ඡා කිරීමට හෝ ගෝලීය ධනේශ්වරයේ දාහතරවෙනි කාර්තුවේ පශ්චාත්නූතන සන්ධර්භය තුල කුටුම්බයෙහි ගබඩා කළ යල කන්නයේ  බතල අස්වැන්නට ගුල්ලො ගැසීමට හේතුව අධ්‍යාපන පෞද්ගලීකරණය ද කාන්තාවන්ට වෙස් තට්ටුව පැළඳීමද යන මැයෙන් එතුමාගේ ජාත්‍යන්තර සබඳතා අනුසාරයෙන් දේසණයක් පැවැත්වීමට හෝ මිත්තණියට සහල් ගැරීමට හෝ නොවේ..



මහින්දගෙ කාලේ අගවිනිසුරු අයින් කලා.. අල්ලස් කොමිසමට එන්න කිව්වම ඇමතිලට නයා ගැහුවා. ශිරන්ති ආවේ කතානායක කාර්‍යාලෙට.. නාමල් කොමිසමට ආවම නාහෙන් ඇඬුවා..
අගමැති එහෙම නෑ එයා කටවාන් කොමිසමට ආවා.. ඒක හින්දා එයා බය නැති අගමැති.. ආදී ලෙස සන්සන්දනය කිරීම හරියට ප්‍රභාකරන් බෝම්බ කීයක් ගැහුවද.. විජේවීර ගැහුවේ ගල්කටස් වලින්නෙ.. ප්‍රභාකරන් ලක්සයක් මැරුවා.. විජේවීර මැරුවෙ 20000ක් විතරනෙ.. ඒක හින්දා විජේවීර නිර්ධන පන්තියෙ බබ්බතොතා ය.. අනිත් උන් තමයි මිනීමරුවෝ ලෙස වාමාංසික මෝඩයෙක් කරනා ගොබ්බ සන්සන්දනයක් හෝ  මහින්දගෙ කාලෙ ඔය සුදු වෑන් වලින් ඉස්සුවා.. මාධ්‍යවේදීන් මැරුවා.. රතුපස්වල වෙඩි තිබ්බා.. ඒ උනාට යුද්දෙ දින්න හින්දා මැරෙනකන් ජනාධිපති වෙලා ඉන්න ඕනෙ අනී කියනා ගොං බයියෙකුගේ ටෝක්ස් එකක් හා සමාන අමු මොංගල් කතාවකි. කොහොමත් බීසන කාලේ unp ආණ්ඩුව බාබකිව් දමා පරාල ඇණ ගසා සිදුකළ මිනීමැරුම් සාධාරණීකරණය කරන එජාප පාක්ෂිකයන්ට මෙය අමුත්තක් නොවීම පුදුම වීමට දෙයක් නොවේ.. එක ගොං වැඩක් තව ගොං වැඩකින් වසන්නට බැරිය. ගොං නං ගොං ය. හැම ගොං වැඩේටම එක වගේම උත්තර ලැබිය යුතුය.

ඒක හින්දා එක්සත් ජාතික පක්ෂ සහෝදරවරුනි..

ඔබේ මිස්ටර් ක්ලීන් ඩර්ටි වී අවසන් ය. ඒවා සර්පෙක්සෙල් බූලියකටම වී බැස සිටියද හේදෙන්නේ නැත..
එයා කොමිසමට පැමිණියේ වංචාව සිද්දවී අවුරුදු දෙකක් ගතවී ඇති මොහොතක රෙද්ද බේරා ගැනීමට කරන්න තියන ඔක්කොම ගේම් ගසා හොරුත් එක්ක මල් කැඩූ ගෝලබාලයින් බඩුත් එක්කම මාට්ටු වී වෙන කරන්නට දෙයක් නොමැතිව WTF වූ මොහොතකය. හොරකම් නැවැත්වීමට යහපාලනය ගෙන ඒමට ජනවරම ඉල්ලා පත්කරගත් තමන්ගේම ආණ්ඩුවේ ඇමති මන්ත්‍රීවරුන් මෙසේ චෝදනාවට ලක්වීම දැනගත් වහාම ඔහු මිස්ටර් ක්ලීන් නම් සියල්ලන් සමගම ඉල්ලා අස්විය යුතුය.. නැතිනම් ඇමතිවරුන්ව හො තනතුරු වලින් ඉවත් කළ යුතුය..  පස්සෙ බැරිතැන කොමිසමට බඩගෑවම පොර වන්නේ නැත.
ජාත්‍යන්තරය පිළිගත් අගමැති කෝච්චියක් හැප්පුනත් ඉල්ලා අස්වන ඇමතිවරුන් සිටින ජාත්‍යන්තරය ගැන නොදැන සිටීම විහිළුවකි. ජනපති ගැන කතා නොකර ඉන්න එක හොඳය.. ආ මං අද දැක්කා ගෙදර හදන ගස්ලබු ජූස්වලත් සීනි වැඩියි කියලා.. කවුරුහරි ඒක පත්තරේකට දාන්න. ජනාධිපතිතුමා ගස්ලබු බෑයක් අතේ තියන් හිටියම පරාක්‍රමබාහු රජතුමා වගේම ඉඳියි කියලත් කියන්න..

එම නිසා රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසමට පැමිණීම වෙල්ලස්ස කැරැල්ල දින්නාක් මෙන් උඩපැනීමට වීරකමක් නොවන අතර,, රිය අනතුරකදී දක්වන ප්‍රතිචාරය අනතුරට ලක්කල හා ලක්වූ පාර්ශව වල ජාතිය හා ආගම මත තීරණය කරන මානසික රෝගීන් සිටින තුන්වන ලෝකයේ නොදියුණු ලංකාව වැනි දූපතක අගමැති නොවේනම් ඔබේ ඔය ජාතික වීර " බය නැති අගමැති "ඇමරිකාවේ වෝටර්ගේට් සිද්දියේදී රිචඩ් නික්සන්ට වූවාක් මෙන්ම, සෞදියේ රාජ කුමාරවරුන් සිරගත වූවාක් මෙන්ම වූ තැනක සිටින බව සිහිතබා ගන්න..
එය වැරදි සම්බන්ධයෙන් චෝදනාවට ලක්වී සිටින මහින්ද රාජපක්ස ඇතුළු හිටපු සහ සිටින සියළු දේසපාලකයන් ට නිලධාරීන්ට ද පොදු බව සිහිතබා ගන්න..

ඉතින්..
කොමිසමට යාමේ ප්‍රීතිය නිමිත්තෙන් ආචාර වෙඩිමුර දල්වා තෙල්මෙ නටා හක් පිඹ තේරුමක් නැත.
විලිවසා ගැනීමට රෙද්දක් සොයාගැනීමට පමුණුවට යන්න..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ape rilavunta miona katayamada machan..
    hamadama eka ekata rawatenwa

    ReplyDelete