Wednesday, January 10, 2018

පාලිමන්ට් ජෝක්ස්


===  ===

( සොමියට වරෙන් පුතා ගීතයේ තාලයට ගායනා කරන්න )

සොමියට වරෙන් පුතා බදු ගෙවලා උඹ රටේ
බලපන් ගුටි කෙලිනවා දියවන්නා ගවහලේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා මහජනේ
කතිරය ගහපු විදිහ සිහිකර බූරුවා වගේ

මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..//
අනේ මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..

ලෝක සිරාලා එතකොට හොඳම මරා ලා
බය නැති අගමැතිලා එයි මෙහෙ සොමිය සොයාලා
කසියා බුවා සුනාමි ඛාන් බැංකු හොරාලා
ඇවිත් යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා...

නළු රන්ජා නිලි ගීතලා කාණු කටාලා
වීරවංසෙ වැඩ පෙන්නන උපවාසන්ලා
මාල හොරා කුඩු අයියලා ගෑණු කිචාලා
ලක්ෂ පනහ එක දවසට යයි සුන් කරලා...

මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..//
අනේ මෙවුන් උඹලා යවපු ගොං හැලපයො මහජනේ..

අතින් පයින් කර සල්ලං කඩු මන්නයකින් පිස්තෝලයකින් නැත්තං අත් බෝම්බෙකින්
කප්පන් ගන්නට බැරිනං කොමිස් පාරකින්
පවුල් පිටින් හැඳිගාවයි සුදු වෑන් එකෙන්

ඩීල් නං ඩීල් මජර වැඩට අපෙ ළඟ ඉඩ ඇත
ඔය කොයි කාගෙත් වැඩ මුන්ගේ ෆයිල් එකේ ඇත
මැතිවරණේ ලං වෙනකොට මල් වට්ටිය අත..
ගොං වස්සන්ගේ කතිරෙන් සීට් එකට එත...

සොමියට වරෙන් පුතා බදු ගෙවලා උඹ රටේ
බලපන් ගුටි කෙලිනවා දියවන්නා ගවහලේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා මහජනේ
කතිරය ගහපු විදිහ සිහිකර බූරුවා වගේ....

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

1 comment:

  1. ඔය ආරම්භය පමණි.
    විහිළු තහළු, අංග කිලිපොලා යන දර්ශන ඉදිරියට
    යු එන පී ප්‍රජාතන්ත්‍රවාදය දන නොසිටි අයට

    ReplyDelete