Saturday, October 31, 2015

මහින්ද මහත්තයෝ ඔබතුමාගේ ලේ පැල්ලම්., මේ ලේ පැල්ලම් වලින් මකන්ට බෑ.. හරිය...



''මම ආපු ළමයින්ට කිරි පොවලා යැව්වෙ'' - හි.ජ පා.ම අතිගරු පර්සි මහේන්ද්‍ර රාජපක්ස උතුමාණන්..
.
අනේ මහත්තයො.. පීස්..
.
වයස වැඩිකමට මෙමෙරි අවුට් වෙනවනං හොඳ දොස්තර කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගන්න... මීඩියා වලට වොයිස් කට් දීලා අපේ ලේ කෝප කරන් නැතුව..
.
මේ ආණ්ඩුවෙන් ගහපු එක වැරදි කියල ඕන පොඩි එකෙක් කියද්දි ඒ ගුටිකාපු ළමයින්ගෙ ලේ උඩින් ඔබතුමා කරපු තිරිසන් වැඩ වැහෙයි කියල හිතනව නං තව ඩොක්ටර් කෙනෙක් චැනල් කොර ගන්නව හොඳයි....
.
උද්ඝෝසණේ කරපු උන්ට කිරි පෙව්වා කියලා කියද්දි රතුපස්වලදි ඔබතුමාගෙ ජුන්ටාවෙ හමුදාවෙන් වෙඩිකාලා මැරිච්චි ඡන්දෙවත්  නැති කොල්ලගෙ අම්මා ඔබතුමාට කෝටි වාරයක් සාප කරනව මහත්තයො..
.

Friday, October 30, 2015

පසුව ලියමි....!!!




ඉස්සර කැම්පස් අයියල අක්කලට පොලීසියෙන් ඇස් එලියට එන්න නෙලද්දි අපි ඒකට විරුද්ධ උනා.. 
ඒත් ගොඩක් උන් කිව්වෙ කමක් නෑ යුද්ධෙ දින්නනෙ කියලා..
.
ඉස්සර අපෙන් බදු අරන් පඩි ගන්න හමුදාව ලවා රතුපස්වලදි ඡන්දෙවත් නැති කොල්ලෙක්වයි තව උන් දෙන්නෙක්වයි මරලා සිය ගාණකට මහරජතුමා අවම බලේ පාවිච්චි කරද්දි අපි විරුද්ධ උනා..
.
ඒත් ගොඩක් උන් කිව්වා අව්ලක් නෑ යුද්ධෙ දින්නනෙ කියලා...
.
හලාවතදි තෙල් සහනාධාරෙ ඉල්ලලා උද්ඝෝෂණේ කරපු ඇන්ටනීව මරපු එකට අපි විරුද්ධ උනාමත් ගොඩක් උන් කිව්වෙ අව්ලක් නෑ යුද්ධෙ දින්නනේ කියලා..
.

Thursday, October 29, 2015

ඔය කුලේ දීපන් බල්ලෙකුට..!!

''උඩරට'' ''බොදු ගොවි'' ''කරාව'' ''පහතරට''
.
බත් එක ඔතපු පත්තරේ තිබ්බ මේවා දැකලා මාර පිළිකුලක් දැනුනේ..
.
ලෝකෙ මිනිස්සුන්ට පොඩි කාළෙ ඉඳන් උගන්නන්නෙ අනිත් ජාතීන් එක්ක සමගියෙන් ඉන්න කියලා.
ලංකාවෙ අයටත් ඒක හැමදාම කියලා දෙනවනේ..
.
හැබැයි අපේ අයට එහෙම ඉන්න හරිම අමාරුයි කියල ඕන කෙනෙක්ට තේරෙනව රටේ වෙන දේවල් දැක්කම..
.
ඉට්ස් ඕකේ කියමුකො.. වෙන ජාතියක් එක්ක එකතු වෙලා ඉන්න බෑමයි කියමුකො..
.
කොහෙ එකතු වෙලා සමගියෙන් ඉන්නද..??
.
වැඩේ කියන්නෙ අපේ උන්ට තමන්ගෙම ජාතිය ඇතුලෙවත් එකතු වෙලා ඉන්න බැරි එකනෙ..
ඉතින් අනිත් උන් එක්ක එකතු වෙන එක ගැන කවර කතාද..?
.

Wednesday, October 28, 2015

තොණ්ඩුව දමා ගත යුත්තේ කවුද..??





හමුදාවේ සාජන්ට් වරයෙක් අවුරුදු 5 ක දරුවෙකු බෙල්ල කපා මරා දමා තවත් 7 දෙනෙකුව ඒ සමගම මරා දැමූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඔප්පු වී මරණ දඬුවම නියම විය..
.
මේ ලංකාවේ දරුවන්ට ආදරේ කරන උතුම්., මාර සංවේදී., සුපිරි ජනතාවගෙන් විශාල පිරිසකගේ හිතට දැනුණු සංවේදී අදහස් කිහිපයකි.....
.


අර සාජන්ව පෝරකේට ගෙනියන්න හදන්නෙ...
තොපි එකෙක්වත් මේ ලෝකෙ නෑ යකෝව් ඒ මිනිස්සු නැත්තං..
හොඳවැඩේ ඕකුන්ව මරපු එක ඒ මිනිහා..
ඕක මහලොකු දෙයක් යෑ...
අපේ වීරෝධාර හමුදාව යකෝ.....
කොටියට ගැතිකම් කරන පඹ ආණ්ඩුව..
.
මේ තිබෙන්නේ සේයා දැරිය ඝාතනයෙන් පසු ඉහත සංවේදී ජනතාව විසින්ම දෙන සංවේදී අදහස්ය..
.

Tuesday, October 27, 2015

''බංකරයක්'' විකිණීමට ඇත.



ඇතිරූ
පර්සියන් පලස්
හා බුමුතුරුණු
ග්‍රැනයිට්
පොළොවට..
සිසිල් වායු
සමනයෙන්
යුතු පැය
විසි හතරම..
සමගින් වටිනා
ඉතාලි ලී බඩු
සුවපත් දිවියට
සවිමත් වෙන්නට
හෝම් gym එකක්
නොමිලේ
සැපයේ...
කරනට බැරි මිල
සිතුවම් සමගින්...
''බංකරයක්'' විකිණීමට ඇත...

Wednesday, October 21, 2015

ගෙඩි විකුණන පුංචි එකා




තීරු හතරෙ                                  
කාපට් මග
යන එන බෙන්ස් රථ
බෝමයි....

ඒ රථ වල
යන බේබිලා
උඹ දෙස බලමින්
හිනැහෙයි..

උඹෙ කුසගිනි
බලනා කළ
නෙළුම් කුළුන
කූඹියෙක්ය....

Tuesday, October 20, 2015

අපි බෞද්ධද..?? ඇත්තටම දියුණුද..?? ගෝත්‍රිකයා කවුද..??

''සේයාගේ මරණයට හේතුව සෙනසුරු මාරක අපලයයි..""
.
ලංකාවේ පත්තරේක ටික දවසකට කලින් ගිය හෙඩිමකි...
දැන් මේ ජ්‍යොතිෂ්‍ය උන්නැහේට අනුව කොණ්ඩයාගේ අයියා නිදහස් කර සෙනසුරු අල්ලා
බන්ධනාගාරගත කළ යුතුය.. නැතනම් තහනම් කළ යුතුය..
තම බඩගෝස්තරය වෙනුවෙන් මළ මිනීයක් පවා විකුණන් කන මෙවැනි ත්‍රස්ථවාදී පේන කරුවන් හා
චීත්ත පත්තර බිහිවීමට ප්‍රධාන හේතුව උන් ගේ කීම පිළිගන්නා මී හරක් ජනතාවක් ලංකාවේ වාසය
කිරීමයි..
.
රටක් හෝ ශිෂ්ඨාචාරයක් දියුණු වෙද්දී එහි ගෝත්‍රික ලක්ෂණ අතහරියි.. අව්වට වැස්සට තරු වලට වඳින
අප්‍රිකාවෙ උන්ට මෙන්ම ලංකාවෙ වැදි ජනතාවට ගෝත්‍රිකයා හෝ ආදිවාසියා යැයි කියන්නේ ඒ නිසා
ය..
නමුත් අපේ රට දෙස බැලූ විට පෙනෙන්නේ නැවතත් එම ගෝත්‍රිකත්වය වෙත ඉක්මනින් දුවගෙන යන
පරාධීන ජාතියක් ලෙසය..
.
තුංමං හන්දියේ පෙරේත තට්ටුය...
අපල දුරු වන්ට අලි බඩ යටින් දරුවා රැගෙන යයි..
අලි කෙඳි මුදු පළඳියි..

Monday, October 19, 2015

පාණාතිපාතා



බණ මඩුවේ ඉදිරියෙන්ම 
ඉඳගෙන අපෙ
මැගි ආච්චි...
අංගුලිමාල රහත් උනා
සාධු සාධු 
මැගි ආච්චි...
දේවදත්ත පස බුදු වෙයි
සාධු සාධු
මැගි ආච්චි....
මිනී මරුට මක් කරන්ද
ඇහුව විටදි
වැලි මලුවෙදි...
රතු කරගෙන ඇස් ගෙඩි දෙක
ඉදලත් විසිකර
පසෙකට...
''එල්ලාපං ඔය බල්ලව''
කෑ ගැහුවා
මැගි ආච්චි...
.