Tuesday, December 22, 2015

smart life



කෙනෙක් log වී
facebook...
whatsapp browsing 
තවකෙනෙක්....
hands free හිරවී
දෙකන් වල...
වෙනම ලෝකෙක 
ගොඩදෙනෙක්....
සිහින් සුසිනිඳු ඇඟිලි
තුඩගින් message කරනා 
සුරදුවක්...
සිටීවිද තව බස් රථය තුළ
smart නැති 
මම වැනි කෙනෙක්..??

Sunday, December 20, 2015

ජාතිය රැකගන්න ඕනෙද..??



සිංහල ජාතිය රැකීම ගැන සමලිංගික කොඩිය හා ප්‍රංශ කොඩීය දැමීම,ශනුද්‍රිව බයිට් කිරීම වැනි තවත් රැල්ලක් මේ දිනවල සමාජ ජාල හරහා ක්‍රියාත්මක වේ..
තමන්ගෙ සල්ලි වලින් කාටවත් කරදරයක් නැතුව ස්ටිකර් කාර් එකේ හෝ පශ්චාත්භාගයේ අලවා ගත්තද අපිට කමක් නැත..
.
නමුත් ස්ටිකරයක් හෝ සමලිංගික කොඩිය දැමීම වැනි රැල්ලක් ක්‍රියාත්මක කිරීම තුළ සිංහල ජාතිය රැකෙනවා යයි සිතීම ගොන් පාට් එකකි..
.
කෙසේ වුවත් ඔබට සිංහල ජාතිය රැකීමට සැබෑ උවමනාවක් ඇත්නම් මේ කරුණු කිහිපය හිතට ගන්න..
.
1.මුලින් ඔබ පන්සිල් රකින්න
2 .මත් පැන් මත්ද්‍රව්‍ය ඇතුළු සියලු අනර්ථකාරී දේ වලින් ඈත් වෙන්න..
3..තමන්ගෙ ජාතිය ගැන ෆේස්බුක් එකේ පම්පෝරි නොගසා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න..
4.ඒ අධ්‍යාපන මාර්ගයේ ඉහලට ගොස් හොඳ ව්‍යවසායකයෙක් වන්න..
5.වැඩ වර්ජන උද්ඝෝෂණ හා අයිතිවාසිකම් දිනා ගැනීමට ප්‍රථම තම රටට ඉටුවිය යුතු යුතුකම හා වගකීම ඉටු කරන්න..
6.කාර්යාලයේ නිදා ගැනීම,අයිස් ගැසීම පසෙකලා රට වෙනුවෙන් තම සේවය නොපිරිහෙලා ඉටු කරන්න..
7.නිසි වයසේදී විවාහ වෙන්න..
8.දරුවන් සිටින මුස්ළිම් උන්ට බැන බැන නොසිට තමන්ගේම කියා දරුවන් 3,4 දෙනෙක් රටට දායාද කරන්න..
9.ඒ දරුවන්ටත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න.. ආරක්ෂා කරන්න..
10.බුදු දහම රැක ගැනීමට අනුන්ගේ පල්ලි වලට ගල් ගැසීම නතර කර පන්සල් ගොඩනැගීමට කටයුතු කරන්න..
11.සිවුරක් දැමූ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන හැම මගුලම 

Monday, December 7, 2015

දෙවියනී



එකම වරදට හසුවූ දෙදෙනට
ලිංගයේ හැඩ රුව බලා..
දීලා හොඳ කස පාර සියයක්
පිරිමියව යවපන් කියා..
වරද පටවා ගෑණිගේ පිට
ගල් ගසා මරපන් කියා..
තමන් පිරිමින් කියන උන් විත්
ගල් ගසා පණ ගෙන ගියා..
දෙයියනේ දැන් මාර සතුටුද
ඔබේ අණ උන් කළ නිසා...
සමරපන් ඒ සතුට හොඳ හැටි
ඇගේ ලේ ගෙන තොල් තෙමා..
ලොවට ජීවය රැගෙන එන කත
වෙතට ගල් විසි කර දමා..
ඇගෙ රුහිරෙන් සතුටු වෙන
තිරිසනුන් බිහිවුනෙ ඔබ නිසා..
දනීනම් දෙව්ලොවේ දෙවියන්
ඔබ මෙවැනි කෙනෙකුන් කියා..
පළමු ගල විසිකරයි මව වෙත
ඔබව ඇයි වැදුවේ කියා...

Thursday, December 3, 2015

වරෙන් වහල්කම නවත්තමු



ඔව්.. ඒ අපේ රටේ තවත් ගෑණියෙක්
සහෝදරියක්..
දුවෙක්..
මොන රටක ඉපදුනත් මනුස්සයෙක්..
අනාචාරෙ හැසිරුනාට ගල් ගහල මරනවලු..
දුකයි නේද..?
ආරියවතී අම්මට ඇණ බස්සල ලංකාවට එව්වම අපි ඔහොම්මම කෑගැහුවා..
රිසානා මරද්දි අපි ඔහොම්මම කතා කළා..
තව අපේම අම්මලා අක්කල නංගිලා මිනීපෙට්ටි වලින් ගෙදර එද්දි අපි ඔහොමම කෑගැහුවා..
උද්ඝෝෂණය කළා..
.
වැඩක් උනාද..?
දූෂණය කරන එක නැවතුනද..?
තානාපති කාර්යාලෙ ඇතුලෙ අතවර වෙන එක නැවතුනද..?
ඇණ ගහන එක නැවතුනාද..?
මරන එක නැවතුනද..??
.