Tuesday, March 15, 2016

පවර් කට් සම්බන්ධවයි..( power cut )

.

ඔව් මේ දවස් වල පැය දෙක තුන කරන්ට් එක නෑ..
දැන් ඕක වෙලා තියෙන්නෙ මොකක් හින්දද..
ග්‍රිඩ් එකක ට්‍රාන්ස්ෆෝමර් එකක් පුපුරපු හින්දා..
එහෙම එක තැනක අව්ලක් උනාම අනිත් තැන් වලින් ඒ අඩුව පුරවන්න කරන්ට් එක එද්දි වෙන අහිතකර බලපෑම් වලින් බලාගාර ආරක්ෂා කරගන්න බලාගාර ඔටෝ ඕෆ් වෙන විදිහටයි ලංකාවෙ විදුලිබල පද්ධතිය හදලා තියෙන්නෙ...
ඒකට වෙන රටවල් වල බලාගාර අක්‍රීය නොකර පද්ධතිය නැවත හදන ක්‍රම තිබුණට ලංකාවෙ තාම තියෙන්නෙ පරණ සිස්ටම් එකක්... එතකොට කෝම හරි මේක වෙලා තියෙන්නෙ කාර්මික දෝශයකින්...
( ඕක ගැන හොඳට දන්න කෙනෙක්ගෙන් හොඳින් අහලා දනගන්න )
.
ලංකාවෙ විදුලිබල අවශ්‍යතාවයෙන් මාර්තු 12 වෙද්දි 60 %ක් සපයන්නෙ නොරොච්චෝලෙනුයි.. අනිත් ඩීසල් බලාගාර වලිනුයි..
ඉතින් අර ඔටෝ ඕෆ් වෙන සිස්ටම් එකෙන් ගල් අඟුරු බලාගාරයක් ඕෆ් උනාම ඒක නියමිත උෂ්ණත්ව තත්ව වලට ගෙනල්ලා නැවත පණගන්වන්න ලොකු කාලයක් යනවා.. 
60% ක් සපයන බලාගරෙ අක්‍රීය උනාම රටේ බහුතරයකට ලයිට් යනවා කියන එකයි ඔය කියපු ටිකයි ඕන නොදරුවෙක්ට තේරෙන්න ඕනෙ...
.

Monday, March 14, 2016

අතිශයින්ම මාතෲ භූමියට ආදරය කරන්නන් සඳහා පමණයි...!!! ( save wilpattu )


.
අතිශයින්ම මාතෲ භූමියට ආදරය කරන්නන් සඳහා පමණයි...!!!
( ඔබේ ජීවිතෙන් තත්පර තිහක් දෙන්න.. මාතෲ භූමිය වෙනුවෙන් ) 
.
පාර මැද්දෙ ඔබ ගමනක් යනවා... ඔබ ඉස්සරහා මිනිහෙක් තවත් මිනිහෙක්ට බිම පෙරලගෙන පහර දෙනවා... ඔබ නොදැක්කා වගේ යනවා... පසුවදා පත්තරේ බලද්දි ඔබ දකිනවා ගුටි කාපු මනුස්සයා මැරිලා..
ඔව් අනිවාර්යයෙන් පහර දීපු එකා මිනිමරුවා.. ඒකෙ තර්කයක් නෑ..
නමුත් මම කියනව ඒ මිනීමැරුමට ඔබත් දායක උනා... ඔව් ඔබ අහක බලන් ගියා... නොදැක්කා වගේ.. ඔබ මැදිහත් උනානම්  අර අහිංසකයා බේරෙනව...
.
දැන් එන්න අපේ කතාවට...
.
ඔව් රිශාඩ් විල්පත්තුව කපනව..
සිංහරාජෙ ඇතුලෙ තව උන් බලාගාර හදනව..
අහිංසක සත්තු මැරෙනවා..
මහා ගංගා වලට වතුර දෙන දොළ පාරවල් හිඳිලා යනවා...
විපත්තුවට කුණු දාන්න ඉඩ නොදීපු අවංක නිලධාරීන්ට තර්ජන එනවා
රට කාන්තාරකරණය වෙනවා...



Tuesday, March 8, 2016

බයියා සංධානය හා ජාතිමාමක තරුණ පිරිසේ ඒකාබද්ධ නිවේදනය...!!!

                                 


උද්ඝෝෂණ සම්බන්ධවයි....!!!
.
.
ඔබේ ගමට අලි ගහනව...
ඔබේ සමීපතමයකු රිය අනතුරකට පත් වෙනවා... නීතිය වැරදි කරුවන්ට ක්‍රියාත්මක වෙන්නෙ නෑ..
මහමගදී හෝ වෙන යම් පොදු ස්ථානයකදී ඔබේ මානව අයිතීන් උල්ලංඝණය වෙනවා...
විදුහල්පතිතුමා ඔබේ දරුවා පාසලට ඇතුලත් කරගන්නේ නෑ..
.
ඔබට මෙවැනි කිසිදු කරුණකදී පාරට බැසීමට.. හෝ උද්ඝෝෂණය කිරීමට අයිතියක් නැත...
.
ඔබ ඊට ප්‍රථම මේ දේවල් කළ යුතුය...
.
1) රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පදුවට එරෙහිව ඔබ උද්ඝෝෂණය  කර තිබිය යුතුය..

කාන්තා දිනය - women's day ( කාන්තාවන් සඳහා අවලංගු කර ඇත )


අසරණ දරු දෙන්නා එක්ක
එළියට ඇද දැමු යකින්නි...
හිඟා කනවා දැක්කද උඹ
පේමන්ට් එකෙ කුවේණිලා...
කොළ ඇඳුමට විලාප දුන්
මනම්පේරිලා දකුණේ....
විලාප දෙනවා තවමත්
ඉස්ප්‍රියා වන් උන් උතුරේ.....
අඟල් දෙකේ ඇණ බස්සන්
කොළඹ ආපු ආරියවති...