Sunday, May 1, 2016

කම්කරු දිනය සොරකම් කිරීම හා වහල් සැමරුම්

.

ඊයා අර බලපන්කො අරුන්ගෙ එකට ආපු ගාන....
අපේ ග්‍රවුන්ඩ් එක පිරෙව්වා යකූ...
බලාපන් ෂිංගයා බලන්න ආපු සෙනග....
අනේ පල ඒක ඇටකිච්චං ග්‍රවුන්ඩ් එකක්නෙ....
අපේ එකට කෝච්චි පිටින් ආවා යකෝ....
බලපන් බොරු නං කොටු ගහලා එකක දහයයි ඔක්කොම ලස්ස 5ක් හිටියා යකෝ....
ඊයා පාරෙ බෝඩ් එක උස්සන් යන උන් දෙන්න විතරයි හූ හූ.....
.
ඊයේ අවසන් වුණ මැයි දිනය ගැන ඔය ආකාරයේ පෝස්ට් බුකිය පුරා සෙයා වේ.. එම පෝස්ට් වලට කොමෙන්ට් කරයි.. 
වැඩියෙන් ආවේ මොකටද කියා තර්ක කරයි..
කෙස් පැළෙන ගණිත සමීකරණ යොදා ග්‍රවුන්ඩ් එකේ වර්ගඵලය ගෙන මිනිහෙකුගේ වර්ගපලයෙන් බෙදා කොටුගසා ඔප්පු කිරීමට දඟලයි.....
.
කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළ යුතු දිනයක ( වෙනදට කතා නොකරන නිසා එදාටවත් උන් ගැන හිතපිය ) එය වෙනුවෙන් පවත්වන රැළිය තමන් කඩේ යන දේසපාලුවන්ගේ හා පක්සයේ බලය පෙන්වීමට දැඟලීම හා විරුද්ධ ඇනෙන්නට කියා යොදා ගනීනම් උන් අමුම අමු වහල්ලුය...
පට්ටම ගෝත්‍රිකයන්ය..
වැඩවසම් නොදියුණු මානසික බාලයන්ය..

උන්ට ඇත්තේ තමන් කැමති දේසපාලුවාගේ මෙව්වා එක පෙන්වා ආතල් එකක් ගැනීමේ ළදරු ආසාවයි..
එවැනි උන්ට ළමා දිනේ වුව ද මව්වරුන්ගේ දිනේ වුවද පරිසර දිනේ වුවද කමක් නැත...

දේසපාලුවන් මොකක් හෝ කියා මිනිස්සු ගෙන්වා ටී වී එකට පේන්න කතාවක් කිරීමට ලෝක දියවැඩියා දිනය එනකම් හෝ බලා සිටින්නේ තම බලය රඳවා ගැනීමට කුමක් හෝ ගැටයක් ගසා ගැනීමටයි..
ලංකාවේ ගෝත්‍රිකයන්ට එය තේරෙන්නේම නැත..