Tuesday, September 19, 2017

ලව් කිරීම තහනම්



යදමින් බැද විලංගුලා පෙම්වතුන්ව රැගෙන..................යන්න
ගෙවල් වලට බලෙන් ඇවිත් පෝන් එකේ බ්ලූ..................හොයන්න
කෙල්ලො කොල්ලො ලව් කිරීම දඬුවම් දෙන...................වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ...................විනිසුරන්

හොර මැරකං කරන අතර දියවන්නා...............නරුමයන්
පුංචි ළමයි ඇඳට ගත්ත දේසපාලු..................අමනයන්
උන්ට දෙකට තුනට නැවී වඳින පොලිස්...................මෝඩයන්
කොල්ලො කෙල්ලො ලව් කිරීම වරදක්දැයි මට...............................කියන්

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

Monday, September 11, 2017

නූපා ප්‍රමිලා

නූපා ලා කොතෙකුත් ඇත. අයාලේ ගිය එකියක් කියා කීවාට නූපාගේ හිතේ තියෙන්නේ මොකක්ද කියා දන්නේ නූපා ය. ආදරය අහිමි වීමේ වේදනාව දන්නේ නූපාලා ය. එය හුදු අත්සනකින් කරන්නට හැකිනං කුමක් කල හැකිද.

හහ්.

ඉතින් නීතියට අනුව නූපා ලා වැරදිය. ඔව් ඇය වැරදි බව නූපලාත් දනී. ඒත් හදවත් ආදරය හොයනා ආකාරය පුදුමාකාරය. ඉතින් මට ආදරය දීපන් යකෝ කියා කෑගසා කියන්නට බැරි නූපාලා කුමක් කරන්නද. පිරිමියෙක් හෝදා ගෙට ගත්තාට කිලි දාට පන්සලකටවත් පස් පාගන්නට නොදෙනා නූපලා කුමක් කරන්නද..

ආදරය හොයා නොලැබී බැරිම තැන දික්කසාදය මරණයට සමාන වූ රටක නූපලා ජීවිතය උකසට තබා එවැනි තීරණ ගන්නවා විය හැක..

නෑ නෑ..

#මහින්දබුද්ධාගම



රහසින්වත් පවු නොකලායැයි කියන , අන්සතු දෙයක් සොරකම් කිරීමට සිතෙහි ඇති වන සිතුවිල්ලම වැරද්දක් බව දේශනා කල, බොරුව වංචාව ප්‍රතික්ෂේප කල බුදුන් හැඳ සිටි චීවරය දරා සිටින මේ මහින්දසංගයා විසින් රකින්නට උත්සහ කරන්නේ ජනාධිපතිවරණයක් අවස්ථාවකදී එවකට ජනාධිපති මහින්ද රාජපක්සගේ නියෝගයකට අනුව තම මැතිවරණ ව්‍යාපාරය සඳහා ජනතා මුදල් මිලියන 600ක් අයතා ලෙස යොදවා මැතිවරණ අල්ලසක් ලෙස සිල් රෙදි බෙදා දී මැතිවරණ දූෂණ සිදුකළ , රාජ්‍ය නිලධාරීන් ලෙස පක්ෂග්‍රාහී ලෙස හැසිරුණ කුප්‍රකට රාජ්‍ය සේවකයන් දෙදෙනෙක්ව ය.

ඒ අනුව මේ මහින්දසංගරත්නේ විසින් remix කරන ලද  "මහින්දබුද්ධාගමේ" නව සික්ෂාපද..

1)
මහින්ද හිතවත්තෝ අදින්නාදානා කප්පති

(යමෙක් මහින්ද රාජපක්සට හිතවත් නම් ඔහුට සොරකම් කිරීමට කැපය)

Friday, September 8, 2017

ආගමක් පටන් ගමු ද...!!



ඔන්න අපි කස්ටියක් එකතු වෙලා මේ සමාජය වඩා යහපත් තැනක් කරන අරමුනින් පොඩි ඉගැන්වීමක් පටන් ගන්නවා.. අපි ඒකට නම දාමුකො එක්ස් දර්ශනය කියලා..
සමාජයේ හොඳයි කියලා සම්මත වෙලා තියන හර පද්ධතිය තමයි ඒකෙ පදනම වෙන්නෙ . කිසිදු සත්වයෙක්ට ගහකොළකට හිංසාවක් පීඩාවක් නොකර ජීවත් වෙන්න මිනිස්සුන්ට උගන්නන එක තමයි ඒකෙ අරමුණ වෙන්නෙ.. ඒ දර්ශනය පිළිගන්න තමන් තව මොනවහරි ආගමක ජාතියක හිටියට ඒක බාධාවක් වෙන්නෙ නෑ.. තමන් එක්ස් දර්ශනයට අනුගත වෙලා ඒ විදිහට හැසිරෙනවනං සමාජයට ලෝකයට කරදරයක් නොවී ජීවත් වෙනවනම් ඒ හොඳටම ඇති..  ජාති ආගම් භේද නැති කරලා ජීවත් වෙන්න.. කුලය ගෝත්‍රය හමේ පාට ආර්ථික තත්වය මත අසාධාරණයට ලක් නොවී ජීවත් වෙන විදිහ.. අසාධාරණ වලදි.. ප්‍රශ්ණ වලදි ඊට ආයුධ අතට නොගෙන තමන්ගෙ මතය අවිහිංසාවාදිව ගොඩනගන්න.... සන්නද්ධ නොවී අදහස් ප්‍රකාශ කරන්න.. වෛරයකින් කෝපයකින් තොරව අවිහිංසාවාදිව සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන්න.. නිදහස් නිවහල් පුරවැසියන් විදිහට ජීවත් වෙන්න.. අනිත් හැමෝටම උදව් කරගෙන තියන සම්පත් වලින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න වගේ දේවල්..

Monday, September 4, 2017

සකිය සගව්වට රෝදය කැරකෙනවා.

පහුගිය දවස් ටිකේ ආදරය ගැන කියවෙන ගීත ගැන හිතෙන දේවල් ලියපු හින්දා අද වෙනස් අර්ථයක් තියන ගීතයක් ගැන ලියන්න හිතුනා.

අද කතා කරන්නේ රෝහණ බැද්දගේ මහත්මයාගෙ "සකිය සගව්වට රෝදය කැරකෙනවා..." ගීතය ගැන.

මේ ගීතය කරත්ත කවි , ගමන් සීපද ආශ්‍රයෙන් 1994 දී රචනා වූවක් වන අතර ලෝකයේම ගෞරවාදරයට පත් සම්මානනීය ගීතයක්.  මේ ගීයට මා විශේෂ කැමැත්තක් දක්වන්නේ එහි අඩංගු ජන සංගීතය හා සාම්ප්‍රදායික ජනකවි ශෛලිය නිසා වන්නට ඇතැයි සිතමි.

කිලෝමීටර් සියගණන් දින ගණනක් පුරා ගමනේ යෙදෙන ගැල්කරුවන් තම ගමන් මහන්සිය විඩාව දුරුකර ගැනීමට කියන ලද සම්ප්‍රදායික ගමන් සීපද ආශ්‍රයෙන් රචනාවූ එකක් වුවත් ඊට එහා ගිය ගැඹුරු අර්ථයක් මේ ගීතයේ අන්තර්ගත වෙන බව මීට බොහෝ කලකට පෙර අසන ලද රෝහණ බැද්දගේ මහත්මයා විසින්ම සිදුකල කතාවක් මා අසා ඇත්තෙමි. ඉදින් මේ ගීය මට හැඟෙනා අයුරින් මෙසේ විග්‍රහ කරමි.

සසඳ සසඳ දියපල්ලේ තිබෙයි අල
දියපල්ලේ තිබෙයි අල
සසඳ සසඳ දියමතුපිට තිබෙයි කොල
 දියමතුපිට තිබෙයි කොල

වැස්සට පිණි බබා මෝරන කැකුළු මල
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල
මස්ටකයින්ට මුතුකුඩයකි නෙළුම් මල

Saturday, September 2, 2017

ආදරයට ඉඩක් වෙන් කරන්න

 මිනිස්සු බිලියන හතම බිලියන හත්විදිහක්.  දෙවියන්වහන්සේ විසින් දෙදෙනෙක්ව එකතු කරනවා කියා මම කිසිදා විශ්වාස නොකරමි.එය අතිශය සංකීර්ණ මනුශ්‍ය ගලපාගැනීමකි.. විය නොහැකි නමුත් සිදුවන සංකීර්ණ එකතු වීමක්.. බිලියන හත් විදිහ බිලියන හත් විදිහක් වෙද්දි එකවගේ දෙදෙනෙක් ඉන්න විදිහක් නැතිනම් කොහොමද එහෙම එකට ඉන්නෙ. ඒක හින්දම තමයි මිනිස්සු තමන්ට විසඳගන්න බැරි හැම ප්‍රශ්ණෙම වගේ ඒ ආදරණීය බැඳීම දෙවියන් පිට පවරලා අයිනට වුනේ.. සමාන දෙදෙනෙක් නෑ.. අනෙකාව තමන් හා ගලපාගැනීමට දරණ ආදරණීය උත්සාහය ඒ දෙදෙනාගේ ආසන්න සමාන වීමකට හේතුවෙයි. මම හරිම කැමතියි ඒ ඇතිවුණ ආදරණීය බැඳීම් මිනිස්සු ජීවිතය විඳින්න කොපමණ උපයෝගී කරගන්නවාද කියන දේ බලන්න.
ආදරය තහනම් වෙච්ච ලෝකයක් කොයිතරම් කැතද. සිපගත්තාම හිරේදාන ලෝකයක් කොයිතරම් කුහකද. ආදරය වරදක් විදිහට සම්මතයක් තියාගෙන වෛරය වපුරන්න බිම හදලා දීලා මරාගන්නකොට ඒකටත් අකමැති ලෝකයක් මේක.

Thursday, August 31, 2017

සඳ මිතුරි සිත මිහිරි කල මැනවී...!!


කාලෙකට පස්සෙ වහින වැස්සක්..
කෝපි එකක්..

" පිණි වැස්ස වස්සන්න මද්දහන තෙත්වෙන්න...
ආදරය දලුලන්න මිහිකත මතින්...."

වැස්ස කියා වෙනසක් නැතිව වියළුන හදවතකට පිනිවැස්ස වී ගැඹුරටම යන්නට කසුන්ගෙ කටහඬට පුළුවන්.
ප්‍රේමය කියන්නෙ පුදුමාකාර දෙයක්. මිනිස්සු බිලියන හතටම බිලියන හත් විදිහකින් දැනෙන මානවයන්ටම උරුම වුණ ප්‍රබලතම හැඟීම වෙන්න ඇති. මිනිස්සුන්ට වර්ගයා බෝ කිරීමේ අරමුණින් හෝමෝන ශ්‍රාවය මගින් ඇති කරන ලිංගික ආකර්ශනය ඇතිකිරීමට කරන ජීව විද්‍යානුකූල රැවටීමකි.. එසේත් නොවන වෙන කුමන හෝ පවතින විද්‍යාත්මක ක්‍රියාවලියකින් පැහැදිලි කල නොහැකි විඥානවාදී හැඟීමක් හෝ වේවා මම එයට අතිශය කැමැත්තෙමි..
එමෙන්ම අන් සතුන්ට එහා ගිය වර්ගයා බෝ කිරීමෙන් පමණක් නොනැවතුණු මිනිසාගේ  ප්‍රේමයට විඥනවාදී නැඹුරුවක් හෝ අර්තයක් සැපයීමට මම වඩාත් කැමැත්තෙමි.
මේ ගීයට මම විශේෂයෙන් ඇළුම් කරන්නේ එබැවිනි.
ප්‍රේම ෆැන්ටසිය අතිශය සුන්දරය. ගැඹුරු මානව හැඟීම් සියල්ලටම එකසේ ආමන්ත්‍රණය කරන්නට ප්‍රේමය සමත්වෙයි.
වර්තමාන ආර්ථික දේශපාලනික සමාජ යථාර්ථයක් තුල ප්‍රේමයට ඇත්තේ විවිධාකාර කියවීමක් වන නමුත් ප්‍රේම කරන්නෙකුගේ දේශපාලන සමාජ ආර්ථික  කියවීම කුමක්  වුවත් ඉල්ලන්නේ තම ජීවිතයේ වෙනසක් වන්නට කියා පමණි.

Monday, August 28, 2017

දවසක් පල්ලේකැලේට



( 'දවසක් පැල නැති හේනේ.."  ගීතයේ තාලයට ගායනා කරන්න. )

දවසක් පල්ලේකැලේට
හිස් බෝතල් වැහි වැස්සා
දෑතින් අල්ලාගෙන සිටි
‍රෙදි දැන් නෑ අම්මේ.....
ලැජ්ජාවට වහගෙන සිටි
අමුඩෙත් නෑ අම්මේ...

We arw with you කී උන්
බෝතල් වැහි වැගිරුව දා
සිරිලංකන් රෙදි යැව්වා
බේරෙ ඇලේ නැම්මේ...
ETCA හොරෙන් ගහලා වගේ
දැනුනා මට අම්මේ....//

ක්‍රිකට් බෝඩ් කුඩු කරගෙන
අස්සයො එහි පන්නන කොට
බැට් එක බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ...
කලින් වගේ කොල්ලො එක්ක
ගහන්න යමි එල්ලේ...///

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Thursday, August 24, 2017

දෙයියො

දෙයියො ගැන මේ දවස් වල ඒවා මේවා කතාවෙන හින්දා  මේක දාන්න හිතුනෙ..

දැන් මෙහෙමයි

ග්‍රීසියෙ උන් හිතන් හිටියා සියුස් තමයි දෙයියො ලෝකෙ මැව්වෙ ඩෑල්ස් එක ඌට සපෝට් එකට අනිත් උන් ඉන්නව කියල..

ඊජිප්තුවෙ උන් හිතන් හිටියා අමුන් රා , ඔසිරිස් වගේ දෙයියො තමයි ලෝකෙ පාලනේ කරන්නෙ.. උන්ව බලාගන්නෙ කියලා.

එතකොට ඉන්දියාවෙ උන් එදා ඉඳන් තාම හිතන් ඉන්නව ශිවයි රාමයි ක්‍රිස්ණයි ඔය සෙට් එකට තමා ලෝකෙ ඕන එකක් කරන්න පුළුවන් කියල.

ඉස්ලාම් උන් හිතන් ඉන්නව අල්ලාහ් තමයි ලෝකෙ මැව්වෙ ඔක්කොම කරන්නෙ එයා.. එයා විතරයි දෙයියා කියල..

ක්‍රිස්තියානි සෙට් එක හිතන් ඉන්නව සර්වබලධාරි දෙයියන්වහන්සේ තමයි ලෝකෙ මැව්වෙ.. දැනටත් උන්ව බලාගන්නෙ මෑන්ස් කියල..

Monday, August 21, 2017

රෞහිත රාජපක්සාභිධාන කෞමාරණුවන්ගේ කතාවත්තුව



පෙර ටසිරිලක සකල ශ්‍රීන් සපිරි කාබනික පොහොර යොදා සාදන ලද්දාවූ ගොටුකොළ පාත්තියක් මෙන් සොඳුරු වූ වක්කඩෙන් මලින් ඵලින් බරවූ මන්දමූලනයේ එක් දිනෙක මධ්‍යම රාත්‍රියේ දැයේ දුට්ඨ ගාමිණි රජුන් බඳුවූ මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජානන්ට හා හෙළයේ වෙහෙරමහා දේවීන් බඳු වූ රන් මාතා ශ්‍රී ලිය වූ ශූරන්තී රාජපක්සාභිධාන මහාදේවීන් වහන්සේට දාව පින්වත් කුමරෙක් ලෙස උපන්නාහ..

අහෝ ඒ කුමරා උපන් වේලාවෙහි මහා අපූර්වයක්මැ සිදුවිය.. මන්දමූලනය මධ්‍යම රාත්‍රී කාලයේ දිවාරාත්‍රී පන්දු තරඟයක චින්නසාමි පිටිය මෙන් ආලෝකමත් විය.. උල්කාවක් පතිතවූවාක් මෙන් පෘථිවි ධාතුව කම්පා විය. අභ්‍යාවකාශයට ගියාක් මෙන් ගුරුත්වාකර්ෂණය ශූන්‍ය වී සකල වස්තු පා වෙන්නට වන්නාහ..
උපන් මොහොතේම පින්වත් පුත්කුමරාණෝ උපන් මොහොතේම නේක විධ මානික්‍ය පුරවන ලද මල්ලක් මැවිණි.. ඒ මල්ලද ශුන්‍ය ගුරුත්වයේ පාවෙන්නට වන් විගසම උපන් කුමරාණෝ මැණික් මල්ල මත නැග

"පෘථිවි ගගනගාමී ඒක් මා
පෘථිවි මහා විද්‍යාඍෂි ඒක් මා
විද්‍යා දත්තා ඒක් මා
යේ හෝ මෙ පෘථිවි ධාතුන්..
නහී අන් විද්‍යා ඍෂි.."

( පෘථිවියේ එකම ගගනගාමියා මම වෙමි., එකම පෘථිවි විද්‍යඥයා මම වෙමි.. විද්‍යාව දත්තා මම වෙම්.. මේ පෘථිවි ධාතුවටම මා වන් අනෙක් විද්‍යාඥයෙක් නැත )

කියා කේශර සිංහ රාජයෙකු මෙන් සිංහනාද කළාහ.. මේ සිංහනාදයෙන් කම්පිතව ගිය මොහොතේ මේ නම් කවදා හෝ සීඇෆැලක් මෙන් මෙලොව බබළවන මහා පුත්‍ර රත්නයක්මැයි කියා "චන්ද්‍රයා දිනන රෝකැට්ටුවක් මෙන් සිතක් ඇත්තා" යන අර්තයෙන් "ඡන්දන රෞහිතා " ලෙස නම් තබන ලද්දාහ..

Tuesday, August 15, 2017

ශිරන්ති මැතිණිය වෙනුවෙන්

==  ==

( අම්මා සඳකි ගීතයේ තාලයට ගායනා කරන්න )

මහ රජු සඳකි මහ රැජිනිය හිරුය රිදී
ඒ ඉර හඳින් ටසිරිලකම එලිය වුනී
රැකුමට පුතුන් සිරිලිය දුක් ගැහැට විඳී
ශිරන්ති නමට කව් ගී ලියැවුණා මදී...

සිරිලක දරුවනට පෙර පාසල් මැවුවේ
කුසයේ නොදැරුවත් කාල්ටන් මව වූයේ
ඒ පින් මහිමයට රන් කහවණු මැවුණේ
පුදුමයි පුතුනි යහපාලනෙ පළි ගන්නේ...

රජු හට මුවාවී සිරිලිය සවි කෙරුවේ
ඇය වේ පුතුනි නෑ නුඹලා එය දන්නේ
තාජුඩීන් ගැන කොහොමද ඇය දන්නේ
අප්පච්චිලා පමණද මතු බුදු වන්නේ...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Monday, August 14, 2017

ක්‍රිකට් කණ්ඩායම ඉල්ලා අස්වෙයි


රවි කරුණානායක ආදර්ශයට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉල්ලා අස්වෙමින් චන්දිමාල් සිදුකළ සම්පූර් කතාව
.
.
ගරු ප්‍රධාන විනිසුරුතුමනි

952 වාර්තාගත විප්ලවයෙන් පසු අප වෙහෙසුණේ ඊට වඩා ලොකු වාර්තාවක් තියන්නයි. ඉතින් අපිට එල්ල කරන චෝදනාවන්ට කිසිම පදනමක්‌ නෑ. ඒ කිසිවකට අපි සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්‌ඩායම් සහ මාධ්‍ය දැනටම අපි වැරැදිකරුවෙක්‌ කර තියෙනවා. පසුගිය දින කිහිපය තුළ අපේ ජනමාධ්‍ය මා සම්බන්ධව කටයුතු කළේ ඉතිහාසයේ කිසිම අවස්‌ථාවක කටයුතු නොකළ ආකාරයකටයි. ඔවුන් අපි ක්‍රීඩාගාරයට දක්‌කා සස්ටජන් දිය යුතු බව පවසනවා. බින්දුමාල් කියා මට අපහස කරනවා.. අපි ඒවායින් සැලෙන්නේ නෑ. යේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේ ට අපවාදවලට මුහුණ දීමට සිදු වුණා. බුදුරජාණන් වහන්සේටත් අපවාදවලට මුහුණ දීමට සිදු වුණා.

අටලෝ දහමට අනුව මෙවැනි අවස්‌ථාවන් හා අභියෝගයන් ඕනෑම ක්‍රිකට් කණ්ඩායමකට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණ දීමේ ශක්‌තිය අපිට තියෙනවා. නමුත් අපිට විරුද්ධව ඇති චෝදනා පදනම් කර ගනිමින්, ක්‍රිකට් කණ්ඩායම අස්‌ථාවරත්වයට පත් කිරීමේ කුමන්ත්‍රණයක්‌ දියත් වන බව මට වැටහෙනවා.

Friday, August 11, 2017

රවීගේ නිවසට විශේෂ ආරක්ෂාවක්

====

කෝට්ටෙන් එන ආරංචි මාර්ග ප්‍රකාශ කලේ මේ වන විට ‍රවීගේ ඉල්ලා අස්වීමෙන් පසු පවත්වන speech of the window හෙවත් ජනෙල් පඩියේ දේශණය සඳහා සියල්ල සූදානම් කර ඇති බවයි. ඉල්ලා අස්වීමෙන් පසු සිය ගම වෙත පැමිණෙන ‍රවී මහතාගේ  නිවසට විල්පත්තුවෙන් ආනයනය කරන ලද ලුණුමිදෙල්ල ජලෙන් පඩියක් යතු ගා වැලිකඩදාසියෙන් මැද තීන්ත ආලේප කර නිවසේ ඉදිරිපස සවිකර ඇති ආකාරයක් අපට දැකගන්නට පුළුවන්..

රවී ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ එල්ල කරන බොරු චෝදනා ඔහුගේ කෘතහස්ත දේසපාලන ජීවිතය අඳුරු අගාධයකට ඇද දැමීමේ අරමුණින් රාජපක්ස හිතවාදීන් හා ආණ්ඩුවේම කුමන්ත්‍රණකරුවන් විසින් ගෙනයන වැඩපිළිවෙළක් බවට විශේෂ හෙලිදරව්වක් කිරීමට රවී මහතා බලාපොරොත්තු වන බවයි..

Saturday, August 5, 2017

බැඳුම්කර ගීතය - 2 - මම දාලා යන්නෙ නෑ

== . ==

 ("මුලදි බැන්ද ආදරයක දැන් " ගීතයේ තාලයට ගායනා කරන්න.. )


කවිය -
( මගෙ වැඩ හැරම පෙර හොර වැඩවලට වෙන
නඩු නොවැටෙනා කරුමෙකි මගෙ පස්සේ එන
බැසිලා යෝසිතලා ගෝටලා සැප විඳින
උන් ගැන නොසොයනා උන්ටත් වැදිය හෙණ...)

ගෙයක් ලැබුණ ඇමතිකමක මිහිර දැන්
සැනසීම සොයමි බැඳුම්කරය තද කරන්
කොමිසන් නඩු ආවත් මට කොයි තරන්
මම දාලා යන්නෙ නෑ කීවට මට හිටං.....

ගෙයක් ලැබුණ.....

මා අසරණ කළ මුත් කොමිසන් තියා
හිතුවාද මමත් ඕවට රැවටෙයි කියා..//
එහෙම කලොත් යම් කිසි දවසක මෙමා
මා බේරගන්න එන්නේ ඔනෙලා තමා....//

කොමිසන් නඩු ආවත් මට කොයි තරන්
මම දාලා යන්නෙ නෑ කීවට මට හිටං.....

කොයි ඇමතිලා හිටියත් දියවන ඇලේ
ඒ සැවොම පරාදයි ගේමට අපේ මොළේ...//
රනිල් මහේ ඇලො අපි සූරයො වගේ
අමතකයි කියමු ඇහුවොත් දුමියා වගේ...//

කොමිසන් නඩු ආවත් මට කොයි තරන්
මම දාලා යන්නෙ නෑ.., කීවට මට හිටං.....
ගෙයක් ලැබුණ ඇමතිකමක මිහිර දැන්
සැනසීම සොයමි බැඳුම්කරය තද කරන්....


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Wednesday, August 2, 2017

බැඳුම්කර ගීතය


== ==

" ආයෙත් වරක් "  ගීතයේ තාලයට ගායනා කරන්න
.

හිටියානං මටත් ඩේසි ආච්චී වගෙ කෙනෙක්
මට නෑ මේ වගේ අමතක වෙන්නේ..
එක කුටියකත් මගෙ මොළේ නෑ බැඳුම්කරේ..
අර කොමිසමෙන් ඇහුවමුත් හොරකමක් වගේ...

ආයෙත් වරක් මට වඩා ලොකු හොරෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා....//

කාලෙකින් ඇමතියෙක් වූ නිසා
බැඳුම්කරේ නොදැනීම පැන්නුනා..
තේරුනේ මට කෙලවුනා කියා
ඇලෝසියස් දීපු ගේ දුටු නිසා....

එක කුටියකත් මගෙ මොළේ නෑ බැඳුම්කරේ..
අර කොමිසමෙන් ඇහුව‍මුත් හොරකමක් වගේ..
ආයෙත් වරක් මට වඩා ලොකු හොරෙක්
හමු වේවා කියා ඔබට මා පතනවා....

පක්ෂයේ යළි මුදල් නැති වෙලා
තේරුනොත් මම ඉස්තරම් කියා...
මහබැංකුවේ දොරගුලු කඩා දමා
ආයෙමත් ඔබ එන්න මා සොයා..

එක කුටියකත් මගෙ මොළේ නෑ බැඳුම්කරේ..
අර කොමිසමෙන් ඇහුවමුත් හොරකමක් වගේ...

හිටියානං මටත්....


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Monday, July 31, 2017

කුඩ කතාව හා කිම් ජොන්

==  ==

අද හවස හදිස්සියේ මාගේ සුසුම්නා සීර්සකය ප්‍රකම්පනයට පත්ව හල්ක් විසින් උස්සා පොලොවේ ගසන ලද්දාක් වැනි හැඟීමක් ඇතිවුනේ පෝන් එකේ ඩේටා නැති බව දැනගෙනය..
සල්ලිත් අරගෙන දොර ගාවට එනවිට වැස්සක් කඩාපාත් විය.. මං හිතන්නේ අල්ලපු ලේන් එකේ ගුණවතී ආච්චි මල් පූජා කරනවා විය යුතුය.

නංගීට කතා කර කුඩයක් ඉල්ලූ අතර  ගෙනත් දුන්නේ කුවේණිය , ගාමන්ට් එකේ වැඩට යද්දී ගෙනගිය එකටත් වඩා පරණ කුඩයකි..  මට මැජික් ඉගෙන ගැනීමට ආසාවක් තිබුණද පුළුවන් එකම මැජික් එක කුඩ අතුරුදන් කිරීමය.. මහින්ද රාජපක්ස හා රනිල් මහත්වරුන් විසින් ජාතික සම්පත් අතුරුදන් කිරීමටත් වඩා ඉක්මනින් මට එය සිදුකළ හැක..  එය වෙන්නේ කෙසේද කියා මමවත් දන්නේ නැත..

Saturday, July 29, 2017

හඳහන් නොගැලපුනොත් බඳින්නැද්ද..?



මගෙ යාළුවෙක් මෙහෙම කතාවක් කිව්වා..

" මචං ගර්ල්ෆ්‍රෙන්ඩ් මට කියනවා කොයිකටත්  හඳහන ගෙනල්ලා දෙන්නකො.. අපි ඒක බලමු.. අපේ අම්මලා කොහොමත් හඳහන් බලනවා.. "

කියලා..

දැන් මගෙන් ඕක ගෑණු ළමයෙක් ඇහුවනං මම ඊළඟට අහන ප්‍රශ්ණෙ..

"දැං හඳහන් නොගැලපුනොත් බඳින්නැද්ද..? "

එහෙම නෑ කියනවනං එහෙම කෙනෙක්ව නොබැඳ ඉන්න එකම හොඳය..

හඳහන් නොගැලපුනත් අවුලක් නෑ කියනවනං ඊළඟට අහන ප්‍රශ්ණෙ..

"අවුලක් නැත්තං මොන මගුලටද ඕයි ඕක බලන්නෙ...?? "

කියන එක..

ඒ කොල්ලායි කෙල්ලයි දෙන්නම උසස් අධ්‍යාපනේටත් විද්‍යාව ඉගෙනගත්ත සහ  ඉගෙනගන්න උන්....

උන්ගෙ වරදකුත් නෑ.. මේකෙ කාලයක් තිස්සෙ හදපු මැටි සංස්කෘතියට උන් මොනව කරන්නද.. ගෙදරින් එන පීඩනේට කෙල්ලත් අසරණයි..

" කලින් උඹලා දෙන්න ඕක බලලා ගැලපෙන්නෙ නැත්තං වෙන සාත්තරකාරයෙක්ට ගාණක් දීලා කෙල්ලගෙ හඳහනට ගැලපෙන එකක් හදලා නැන්දම්මලට පෙන්නහන්.."

 කියල මං කිව්වා..

                      ===========

Wednesday, July 26, 2017

රවිචන්ද්‍ර කාරුණික මහා මන්දිර කතාවත්තුව


යටගිය දවස ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණෝ රාජ්‍ය විචාරන කල්හී සකල ශ්‍රීන් පිරි උගන්ඩානු අධිරාජ්‍යයද ස්වාසිලන්තානුරාජ්‍යයද ආදි වූ ලෝක ගෞරවබහුමානයට පාත්‍ර වන්නට යෙදුනාවූ මහාධිරාජ්‍යන් පවා මවිතයට පත් කරමින් හාපික් දමා දිනකට තුන්වරක් පවිත්‍ර කළ වැසිකිළියක් පරිද්දෙන් ටසිරිලක බැබලූහ.. ඒ අභිමානවත් භාවය එලෙසම රඳවනු නියා එතුමාණන්ගේ අනුප්‍රාප්තික සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ එක් පැකට්ටුවකින් සතලිස් කෝප්ප තේපැන් සදනා මිසිස් පෙරේරාණන් මෙන්මැ සකසුරුවමින් සරලව ජාත්‍යන්තරයද මවිත කරමින් බෝ ජන හිත සුව පිණිසමැ රට කරවාපීයැ..
මෙසේ සශීකවැ රට කරන්නට නම් කහවණු පිරිමැසුමෙන්මැ යොදවාපිය යුතුමැ. අග්‍ර ඇමැතියාණන්ට පමණක් දෙවැනි වූ මේ කර්තව්‍ය ඉටුකළෝනම් රවිචන්ද්‍ර කාරුණික මහාමාත්‍යයෝයැ..
එතුමාණෝ මහාභාණ්ඩාගාර භාර ඇමැතියා ලෙස ටසිරිලක මහා භාණ්ඩාගාරය නිධානයකට අරක්ගත් බහිරවයකු මෙන් රක්ෂා කරවාපියාහුය.. පූර්වයෙහි සැටලයිටානියා මහා  අධිරාජිණිය රජකම් කරන සමයෙහි  නැගුනා වූ දුර්භික්ෂයේදී අග්‍රා අමාත්‍ය ධූරන්ධර රෞනීල විකුම්සිහාණන්ගේ මස්තිෂ්කයේ ආනුභාවයෙන් වාණිජාමාත්‍ය ධූරයට පත් රවිචන්ද්‍රයෝ පිටස්තරයනට

Saturday, July 22, 2017

කොකේන් වැනුම | අකලංකාරය

== ==

රැගත් කොකෙන් පිරුනු අතින්
සුරත් තඹරු පෙති දෙනෙතින්
පුවත් නොදැන බමන මතින්
අයෙක් පිටට එයි සතොසින්...

සරා සළෙළු දන විගසේ
සුරා පාන කරන ලෙසේ
ගෙදර යන ගමන් මෙලෙසේ
කොකේන් රැගෙන යයි සතොසේ....

දුමින්ද කුඩු වල බල පසුබැස්වූ
ඇහින්ද ලෙස සුදු සීනියෙ රසවූ
කොහෙන්ද නොදැනම මෙහි ගොඩබැස්වූ
සුරන්ද සපැමිණ සතොසට රැස්වූ..

නොහැරා කොකේන් රස
නෑරා හැරම උවදෙස
දිනක් බමනා ලෙස
පා නගනු තොප බලා මෙ සතොස..

කන්ටේනරෙන් බානා
ෂොට් එකට ගත සැලෙනා
බ්‍රසීලේ සිට වඩිනා
සැවොම එන්නා සීනි ගන්නා...

එළවලු පලතුරට
හාල් තුනපහ ගන්නට
‍යන ලෙස පෙර ලෙසට
කොකේන් ගන්නට එන්න සතොසට...

ෂොට් එක උදේමද
දිවා රෑ කළ දෙකටද
ගන්නට මිතුරු සඳ
සතොස හැර වෙන මිතුරු කවුරුද....

හොරකමක් කරන ලෙසේ
වැලි දමා පොලිසියේ ඇසේ
එ කරදර නැත මෙ දවසේ
සීනි ගන්නට එන්න සතොසේ...


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Thursday, July 20, 2017

කඩු තුඩු මත සැතපෙන්නෙමි



වික්ටර් රත්නායක මහතාගේ "මියුරු කල්පනා " ගීතයේ

" කඩු තුඩු මත සැතපෙන්නෙමි
   ඔබ සැනසේනම්.... "

පදය මගින් පෙම්වතිය වෙනුවෙන් ඕනෑම භයානක ක්‍රියාවක් කරන බව දැක්වූවද සරල භෞතික විද්‍යාවට අනුව බලන විට සැබැවින්ම කර ඇත්තේ පෙම්වතියව රැවටීමකි..

ඕනෑම බලයක් ක්‍රියා කරන්නේ යම් පෘෂ්ටයක් මතය. එවැනි බලයක් එම බලය යෙදෙන වර්ගපලයෙන් බෙදු විට, වර්ගපල ඒකකයක් මත ක්‍රියා කල බලය හෙවත් පීඩනය ගණනය කරගත හැක..

එම නිසා කඩු තුඩු විශාල ප්‍රමාණයක් මත සැතපෙන විට සිරුරේ ඒකක වර්ගඵලයක් මත එල්ල වන බලය අඩු වන නිසා වේදනාව දැනෙන්නේ නැත..

#ගීතයටාරුතක්
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Thursday, July 13, 2017

ජයදේව කේ. සමිත්

ජයදේව කේ. සමිත් කියා අයෙක්ගෙන් පේස්බුක් එකට මොකක්ද එකක් වෙනවා කියා කිහිප දෙනෙක් මට පණිවිඩ එවා තිබූ නිසා මදක් විපරම් කර බැලීමි. පරණ ණය කාරයෙකු හෝ නැති නිසා කල්පනා කර බැලුවේ මේ මොකාද කියාය. මා දන්නා ජයදේවයෙක් නං නැති අතර පුස්සදේව, කංචදේව , කියා යෝදයන් දෙන්නෙක් ගැන පොඩි කාලේ අසා ඇත.
ඒ කාලේ ඉතිහාසෙ ටීචර් කියූ පරිදි මේ ඩෑල්ස් වලට ජේසීබී එකක් සේ ඕනෑම බර වැඩක් කිරීමට හැකියාව තිබී ඇත.
මේ වගේ සක්ති සම්පන්න වීර වැඩ කල කොන්ද පණ තිබූ ඩෑල්ස් වැඩියෙන් හිටියේ දුටුගැමුණු රජතුමා සමග වැව්බැඳි රජරට පැත්තේ කියා ඇය තවදුරටත් කියූ අතර අපේ ජනාධිපති තුමාද රජරට කොල්ලෙක් නිසා අද ඒ කතාවඇල්වතුරට උල්පිහියෙන් ඇන්නා සේ විස්වාස කරමි. ..

මේ රජරට කතාව ඇසූ දකුණේ ඩෑල්ස් එකක් අත උස්සා "ටීචර්..." කියා නැගිට්ට මොහොතේම

Saturday, July 8, 2017

Battery low

"සියළු ස්මාර්ට් පෝන් බැටරියෝ බසින සුළුය. නොපමාව චාජ් කරන්න.."

කියා පෙර චමලේ පොල්වතාණුවන් විසින්  අකලංකාරයෙහි දක්වා ඇති උදාන වාක්‍ය මට සිහිපත් වන විටත් මා ප්‍රමාද වැඩිය. අප්පච්චී පැරදුණු කලක මෙන් පෝන් එකේ බැක්ලයිට් අඩුවී ගණ අන්දකාරයෙන් මා වෙලාගෙනය. මගේ දුරකතනයට තිබෙන්නේ බැටරි ප්‍රශ්නයක් නොවන අතර එයට ඇත්තේ බැටරි නැති ප්‍රස්ණයකි. ඉස්සර කාලෙ නං ඉතා කුඩා කාලයක් හැඟවීමට කිව්වේ අසුරු සැණින්.., ක්ෂණිකව... ටක් ගාල.. ටිං ගාලා වගේ පද ය. දැන් ඒ වෙනුවට "පෝන් බැටරිය වගේ" පද යොදා ගත හැක..
" ඉස්මාර්ට් පෝන් බැටරියක් සේ අප අතරින් අකාලයේ වියෝවූ ඔසාමා බින් ලාඩන් " ආදී උපමාවක් ලෙසද මෙය යොදාගත හැක.

මට වෙලාවකට හිතෙන්නේ මේ අර්බුදය පසුපස ඇත්තේද චාලි ඔස්ටිනා කියාය..  සුවර් එකටම ඕකාට පවර් බෑන්ක් කොම්පැණියක් ඇතුවා විය හැක. ඒකේ සේල්ස් වැඩි කර ගැනීමට බැටරි බහින පෝන් හදා විකුණනවා විය හැක.

බැටරියත් සිරිසේන ජනාධිපතිගේ දරුණු පියවරක් ගන්නවා කියා දෙන ටෝක්ස් එකක් වගේය.. මහින්ද මහතා බලේ අල්ලනවා කිව්වා වගේය..2020 ජවිපෙ ආණ්ඩුවක් එනවා කිව්වා වගේය..  ආණ්ඩුව හොරු අල්ලනවා.. යහපාලනේ ගේනවා.. ඩෙංගු මර්දනේ කරනවා කිව්වා වගේය.. පුල් චාජ් එකේ ටෝක්ස් එක දුන්නාට පසු ලද සැනින් එසැනින් බැස යයි..

ඉස්සරනං බැටරිය බැසීම නිසා සිදුවන්නේ වැඩිම උනොත් කෝල්ලෙකක් ගන්න බැරි වීමය..  නමුත් දැන් තත්වය වෙනස් ය.

මේ තියන තත්වය නිසා මා බියෙන් පසුවන්නේ පේස්බුක් එකේ පේජ් වල වදන් හා ටෝක්ස් බැලීමට නොහැකි වීම නිසා මගේ ජීවිතය හැඳිගෑවී ජීවිතයේ තනිමංසල අතරමං වී අනාගතය ගණ අන්දකාරයේ ගිලී යයි කියාය.. මට කලුවරේ  පීනන්නත් බැරිය..
එමෙන්ම මට ඇක්ටිව් පේස්බුක් ප්‍රෙන්ඩ් කෙනෙක් වීමට නොහැකි වීම නිසා ඩෙංගු මර්දනේට පොල් කෝම්බ හොයා වත්ත සුද්ද කරනවාටත් වඩා ඕනෑකමින් ප්‍රෙන්ඩ් ලිස්ට් එක සුද්ද කරනා ඩෑල්ස් එකකින් හෝ ඩෑලාවියකගේ ලිස්ට් එකෙන් අතුගෑවී යාමට සිදුවේද කියාද අන්නශ්‍රෝතයේ සිට ලැන්ගර්හැන්දීපිකාව දක්වා පැන නැගෙන බියකුත් ඇත.  එහෙම වුවොත් නං ජීවත් වී තවත් පලක් නැත.

ඕකෙ වාසියකට කියා ඇත්තේ වැදෙන්න දාන පෝස්ට් වලින් නොවැදි බේරීමට හැකිවීම නිසා අතපය බෙල්ල හා දත් නොකඩාගෙන ජීවත්විය හැකි වීමය.

 ලෙඩක් හැදුනාම සුවය පතා සෙයාර් කර ගැනීමට පෝස්ට් එකක් දැමීමටවත් නොහැකි වීම නිසා දැන් බෙහෙත් වලටද මුදල් වැය කිරීමට සිදුව ඇත. දොස්තරලාට හිත රිදෙන කතා කියන උන්ව බෙහෙත් ගැනීමට ගිය විට පොටෝ ගසා ජාත්‍යන්තරේට යවන නිසා පේස්බුක් එකේ සුවය පතා ලෙඩ සුව කරගන්නා ක්‍රමේ මටත් කිව්වේ හිපොක්‍රටිස් මාමා ය..  ඕකුන්ට නං හොඳම වැඩේය. හොරා කෑවට මොකො යුද්දෙ දින්නනෙ කියා නැපෝලියන් බොනපාට් මහනුවර මගුල්මඩුවේදී කියා ඇත්තේ සල්ලි හොරා කා බේබද්දෙකු වී ඇති බවට රටවැසියෝ චෝදනා කල විටය.. කොහොමත් සයිටම් ඩොකාලා ආවත් අබසරණ නිසා පේස්බුක් එකේ සුවය පතා සෙයාර් කිරීම හොඳය.

කෝල් ගන්නේ මැසේජ් දාන්නේ වට්සැප් වයිබර හෝ මැසේන්ජරයෙන් ය. බැටරිය බැසීම නිසා ඕවාටද රිප්ලයි කරන්නේ පෝන්නෙක චාජ් කරලා ය. බැටරිය බැස ඕවා ප්‍රමාද වීම නිසා ඇතිවෙන ප්‍රස්ණ ට්‍රම්ප් කාරයාටවත් ඇතිවන්නේ නැතුව ඇතිය.

පවර් බෑන්ක් උස්සාගෙන හැමතැනම යාමද කළ නොහැකි වන්නේ මාගේ සිහිකල්පනාවේ හැටියට තැන තැන  අමතකව දමා එන නිසාය.  ඒ නිසා කුමන හෝ දෙයියන්නාන්සේ කෙනෙක්ට ඔන්ලයින් පඬුරක් ගැට ගසා විද්‍යාඥෞත්තමයෙක්ගේ දෑස් පෑදී පෝන් එකේ කුඩා ජලවිදුලි බලාගාරයක් හෝ හදන්නට හිත පහළ වේවායි කියා උදේ හවා පෝන්නෙක චාජ් කර කර ප්‍රාර්ථනා කරමි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ



Thursday, July 6, 2017

ආණ්ඩුක්‍රම වියවස්තාවට ත්‍රීරෝද රත සංගං විරෝදය

===  ===

හංදියේ ත්‍රීවිල් පාක් එකක් ඇත.ත්‍රීවිල් පාක් එකේ ත්‍රීවිල් නැතුව ප්ලේන් නවත්වන්නේ නැති නිසා පේලියට ත්‍රීවිල් නවත්වා ඇත. කස්ටිය හයර් එකක් එනකන් උදේ සිට බලන් ඉන්නවාය. කොච්චර කියෙව්වත් ඉතින් හයර් නාවොත් හුළං ය.. ඔය ඉන්න අතරේ කස්ටියක් දාං අදිති. තව සෙට් එකක් පත්තර බලති. කොල්ලෝ දෙතුන් දෙනෙක් නං පෝන් එක ඔබ ඔබා පේස්බුක් යති.
පෙට්ටි කඩෙන් සිගරට් එකක් එක්ක ප්ලේන්ටියක් බොති.
ලංකාවේ උන් ඉතින් තනියම හිටියත් සංගමයක් අටෝගන්නා නිසා ඔතනද සංගමයක් ඇත. සංගමයක් කීවාට සංගං දෙක තුනක්ම ඇති බව දැන ගත්තේ ඉඳලා හිටලා හයර් යන විටය. එක තැන නවත්තාගෙන හිටියට එකම ජොබ්බෙක කලාට උන් එකාට එකෙක් නැත. සංගං ද පිහිටවා ගෙන ඇත්තේ එකම සෙට් එක කෑලි වලට එක එකා කඩාගෙනය.. එක්සත් ත්‍රීරෝද රත සංගමේ කීවාට ඇති එක්සත් එකක් නැත. සංගං දෙකක් ලොකුය.. අලුතෙන් ආපු උන් අඩුකුලේ පර හැත්තය. උන්ට දාං ලෑල්ල

Wednesday, June 28, 2017

කස්ටර්මර් කෙයාර්

==  ==

ඉන්ටර්නෙට් හරහා කෝල් මැසේජ් දමන විට මා අතේ සතේ නැති හිඟන්නෙක් කියා සමහර උන් සිතුවද ( ඔව් ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ ) වට්සැප් වයිබර හෝ මැසේන්ජර් කෝල් ගන්නා මැසේජ් දමනා ඇත්තම හේතුවනං පෝන් එකට සල්ලි දැමුවද දැමූ මොහොතේම ඒවා වාස්ප වීමයි. එවේලේම කතා කර අවසන් කලේ නැත්තං ඒ මුදල් මාගේ දුරකතනයේ බැටරිය මෙන් මේ බලා ඉද්දීම නැතිවී යන්නේ කොල්ලෙක් hi dr කියූ විට කෙල්ලෙක් ඕෆ්ලයින් යනවාටත් වඩා වේගයෙනි.. ඒ නිසා හදිස්සියේ එක කෝල් එකක් ගැනීමට සල්ලි දැමූ විට නැවත වෙන මොකෙක්ට හෝ කෝල් එකක් ගෙන සල්ලි ඉවර වෙනතුරු කතා කරන්නේ සූරපප්පා එකේ මුහුදු මංකොල්ලකාරයා උගේ නැව ගෝල් කාරයන්ට ගිල්වන්නට නොදී  ඌම පොරොවෙන් ගසා ගිල්ලවා ගත්තාක් මෙනි.  මොබිටෙල් එකට නිකන් සල්ලි පූජා කරනවට වඩා මමම කතා කර මගේ සල්ලි මමම කා ගන්න එක හොඳවන අතර අඩුම තරමේ කාලෙකින් කතා නොකල එකෙක්ට කතා කිරීමට අවස්තාවක් හෝ ලැබේ..

Tuesday, June 27, 2017

සයිප්‍රස් පොළොස්


== ==

කෙල්ලක් සහ කොල්ලෙක් ගැන මොකක්ද  කතාවක් මට දැනගන්න ලැබුණේ ගැහැනු ළමයෙකුගෙනි..
පෝන් එකේ හැමදාම සල්ලි නැති නිසා ගන්නේ වට්සැප් මැසේන්ජර හෝ වයිබර කෝල් ය..
ඒවා ලාබ වුවද සිග්නල් නං නැත. සිග්නල් තබා ක්ලෝගාඩ් දන්තාබුජ වත් නැත. ගෙදර ඉන්නා විට ඉනිමග තබා වහලයට නැග කෝල් එකක් ගෙන මක්කමට අන්තරේ පැන පොලීසියෙන් නෙලුවා සේ අතපය කඩා ගැනීමට නොහැකි නිසාත් අවධානමක් ගෙන කතා කෙරුවද හදිසියේවත් සිවිලිමට නැග්ග ගාෆීල්ඩ් වගේ හොරෙන් බහින්නට ගොස් අම්මාට මාට්ටු වූ විට නැවතත් අතපය කඩාගෙන අර සන්තෑසියම වෙන නිසා අපේ සම්බන්ධෙට මොබිටෙල් එකෙන් විරුද්ධ බව කියා ඇය හා කතා කරමි.

කෙසේ හෝ උදේ ඇය මට කඩින් කඩ ඇසෙන වට්සැප් කෝල් එකෙන් කෙල්ලෙක් හා කොල්ලෙක්ගේ කතාවක් කියා "සයිප්‍රස් පොළොස්" දුන්නා දැක්කදැයි කියා ඇසුවාය....

මේ කියන්නේ මොන මාතාවගේ වස්ත්‍රයක් දැයි කියා මම කල්පනා කලෙමි. කොල්ලෙකුයි කෙල්ලෙක්ගෙයි පොලොස් ගෙඩියකයි තියන සම්බන්ධේ කුමනාකාරයේ එකක්ද.. කට්ට ගොරෝසු නිසා ලව් මගුලක්ද විය නොහැක.. ඔන්න පිපිඥ්ඥා වගේ කීවානං ඒ පොත්ත වගේ සිනිදු ඔලිම්පස් සබං ලව් එකක් උන්ට ඇතිය කියා සිතිය හැක.. එහෙනං උන්දෙන්නා පොලොස් ගෙඩියක් තියාගෙන කරන බම්බුව කුමක්ද .. එක්කෝ දානෙකට විය යුතුය. නැත්තං ඉතින් කෙල්ලට දොළ දුකක් හැදී ඇතුවා විය හැක.. ඒත් ඉතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි පොලොස් ගෙඩියකයි සිද්දියක් මට කෝල් කර කීමට තරම් මිත්තනියට ප්ලාස්ටික් හාල් ගරන තරං නිව්ස් එකක් උනේ කෙසේද..
ඔය ආකාරයේ දාහක් කතා මට සිහිපත් විය..

Tuesday, June 20, 2017

චමලේ බස්සෙකේ හෑන්ඩ්ස්ෆ්‍රී සහ ඉස්පීකරේ

==  ==

ඉසිපතන හන්දියෙන් 138 ට නැග්ගෙමි.. කොන්දයියා ඉඩ තියනවා මල්ලි ඉස්සරහට යන්න කී විට මම හිටියේ පුට් බෝඩ් එකේය. කී හැටියට මම හිතුවේ ඇතුලේ ඇති ඉඩ ප්‍රමාණයේ කස්ටිය ක්‍රිකට් මැච් එකක් ගහන අතරේ බස් එකේ පොඩි උන් පැත්තකින් වන් බම්ප් එකකුත් ගහන්න තරම් ඉඩක් තියනවා කියාය. බස් එකට නගින රටකජු කාරයෙක්ගෙන් රටකජු ගොට්ටක් ගෙන ක්‍රිකට් මැච් එක බලනවා කියා බස් එක ඇතුලට ගිය පසු දැකගන්නට ලැබුනේ කොන්දයියා කියූ ඉඩේ තරමය.
හයයි හතරේ කඩ කාමරේක නිසැක ධාතු පෙන්නා ඒ ඇතුලේ ඩේටා දන්සලක් දුන්නාසේ බස් එකේ සෙනගය.. උතුරින් හයයි හයේ ඩෑල් එකක් ය. දකුණින් කුඩයක් අතින් ගත් ඇන්ටියෙකි. මා කෙසේ අතපය දිග හරිම්දෝ අපෙ හාන්දුරුවනේ කියා කෙසේ හෝ පසුපස දොරට විරුද්ධ පැත්තේ ඇති අසුනෙන් අල්ලා ගත්තෙමි.

බස් එකේ දැක්කේ මා සිනා පෑවේ නැති උනාට ලස්සනේ බැරි සාරි අඳින ඔෆිස් යන සුරඟනක් කොනේ අසුනේ ජනේලෙන් පාර බලාගෙන සිටි නිසා ඒ දෙස බලා ෆයිනල් ගියේ නැති උනාට කමක් නෑ ඉන්දියාවට ගැහුවනේ හැඟීමෙන් හිත හදාගෙන මෛත්‍රීපාල ජනාධිපතිතුමා භාවනා කරන්නාක් මෙන් ඇකිලී උඩ පොල්ල

Monday, June 19, 2017

අපේ ධර්මේ ඩෝ



කවුද @$@&# අපේ ධර්මෙට අපහස කරන්නේ..
මරාගෙන මැරෙනවා යකෝ..
අපි යක්කු @%@&@*..
මෙන්න මුං අපේ ආගමට අපහස කරනෝ
අතපය කැඩෙන්න කියා සෙයා කරපාන්
හැඳිගෑවිලම පලයාන්
හෙන දාහතරක් ගහන්න කියා ලයික් කරපාන්
මරපාන් කොටපාන් අඬු කඩපාන්
ඕකුන්ගෙ සනුහරේවම ගිනි තියපාන්
ආදී ලෙස දවස පුරා සයිබරයේ එහෙ මෙහෙ යන විවිධාකාරයේ ආගමික ලිපි පින්තූර දකින්නෙමි. එසේ හැසිරෙන ත්‍රස්තවාදි භික්ෂූන්ද බොහෝ ඇත..
එසේ ශාප කිරීම් හිංසාවන්ට පෙළඹවීම් හෝ හිංසා කිරීම් දියුණු සමාජයකට නොගැලපෙන අයහපත් ලක්ෂණ බව මීට පෙර පැවසීම නිසා ngo කාරයෙක්, පල්ලි කාක්කෙක්, බටහිර කුමණ්ත්‍රණ කරුවෙක්ගෙන්ද නොනැවතී isis හිතවාදියෙක් බවටද පත්වීම් ලැබුවෙමි..

ඒ නිසා මා මේ පිළිබඳව සිද්ධාර්ථ ගෞතමයන් විසින් එසේ අපහස කරන්නන්ට සාප කර අඬු කඩා මරා දමන ලෙස දේශනා කර ඇත්දැයි සොයා බලන විට සූත්‍ර පිටකයේ දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ මෙසේ සඳන්වී ඇති බව දුටුවෙමි..

Sunday, June 18, 2017

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මහා හුලවාලි හූනියම් කප්ප කතාවත්තුව




පෙර ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණන් වහන්සේ රාජ්‍යනම් කිමැයි බලය නම් නැතිවන සුළුයයැයි කියා නවකයන්ට අවස්ථාව ලබා දෙන නියා අයිපීඇලායට නොයනා චන්දිමාලයන් මෙන් රාජ්‍ය බලය සිය අනුප්‍රාප්තික වෙද ඇමැතියාවූ මෙත්පල් සිරිසන් තෙමෙ හට රාජ්‍ය පවරා දී මන්දමූලන ග්‍රාමයට භාවනාව පිණිසම නික්මුණාහුය..

මෙකල පෙර මහින්දෝත්තම අධිරජාණන්ගේ කල මෙන්මැ පිටසක්වල ආස්චර්‍යය බවට පත්වෙමින් ටසිරිලක ඉසි අම්මා නැවත පැමිණෙන ලද්දාවූ මේ ආදරයයි මෙන් බැබළි බැබලී ඉදිරියටම ගියාහුය.. ටසිරිලක කොතරම් ඉදිරියට ගියාහුදැයි කියන්නේනම් දක්ෂිණ භාරතයේ තුත්තුකුඩියේ ගැටෙයි කියා භාරතාධිරාජ්‍ය මෝඩියෝ බියැවීද සිටියාහ..  මෙත්පල් නිරිඳානන්ගේ රාජ්‍ය පාලනයේ ආනුභාවයෙන් කහවනුවෙන්ද සහලින්ද බතින්ද බුලතින්ද ගලින්ද පෝෂිත වූ ටසිරිලක.. හාපික් දමා පිරිසිදු කරන ලද වැසිකිලි පෝච්චියක් මෙන් මහමග බිඳකුදු කසල නොතිබෙන්නා වූ නියා දැක මෙරට වැස්සෝ නම් පාරිභෝජනයේ නොයෙදන ලෝභයන් යැයි විදෙස් වැසියෝ සිතාවියි කියා සිතාමතාම කශල තබන ලද්දාවූ තරමටම ටසිරිලක පාරිශුද්ධ වීයැ. මදුරු වසංගත කොතෙක් අවම වූයේ දැයි කියතොත් කුඩාවුන්ට මදුරුවෝ බලාගැන්මටමැ දේහිවලා පුරයෙහි සත්වෝද්‍යානයේ ඩෙංගුද බරවාද මැලේරියාදී ලෙසින්මැ මදුරු කුටියක්ද සාදා නිමකරැලීය..
මහ ජනතාවෝ අත කෙතරම් කාසි ගැවසුනාදැයි කියන්නේනම් කහවණු වාසනා ලබා ගැන්ම පිණිසම පිහිටවා තුබූ ලොතරැයි

Thursday, June 8, 2017

ඇඳිවත නැති කත හා නමලොක් හෝම්ස්


== ==

ඒ මැයි මාසය ලෙස මගේ සටහන් පොතේ සඳහන්ව ඇත.නිරිත දිග මෝසම නිසා ටසිරිලංකාවේම බටහිර හා දකුණු සබරගමු පළාත් වලට ධාරාණිපාත වර්ෂාවක් පතිත විය. නායයාම් අනතුරු නිසා ජීවිතහානි පවා සිදුවිය. 
අයහපත් කාළගුණය නිසාම අපි හොම්ඩන් නගරයේ ටාල්කන් වීදියේ නිවහනට වී කල් ගෙව්වෙමු.
මා මිත්‍ර නමලොක් හෝම්සුත් මමත් උදෑසන ආහාරය ගෙන උණුසුම් රසවත් කෝපි කෝප්පයක රස විඳිමින් සිටියෙමු. හෝම්ස්  දුම්වැටියක් දල්වා ගෙන සුදුපැහැති දුම්ගුලි මුදාහරිමින් සිය දෙනෙත් වයිදින පුවත්පතට යොමු කරගෙන කල්පනාවේ නිමග්නව සිටියේය. මම ද පින්ජුල මාරිස්ගේ ලග්න පලාපල කොටස ගෙන කියවමින් සිටියෙමි.
එක්වරම අපගේ දොරට තට්ටු කරන ශබ්දයක් ඇසුණු අතර හෝම්ස් මහත්තයා හෝම්ස් මහත්තයා කියා කතා කරනවා ඇසුණි. ඒ අපගේ නිවසේ හිමිකාරිය වූ ගීතා කුමාරි මහත්මියයි. 
මා දොර විවෘත කළ විගස ඇය අප කාමරයට පැමිණ හෝම්ස් මහත්මයා මං ඔබට දෙකෝටි පාරක් කතා කරන්න ඇති.. ඇහුනෙ නැද්ද ඔබ දෙදෙනාටම.. ඔබට විදුලි පුවතක් තියනවා කියා කීවාය.. 

Wednesday, June 7, 2017

යටවුණු දෙයියන් හා නලින් ද සිල්වා


පහුගිය ගංවතුර දවසක රත්නපුරේ ගිය විට සමන් දේවාලේ කට පුරෝලා වතුරය.
..මකර තොරණ ගාවින් යන බෝට්ටු පඬුරු දාන්නට නවත්තනවාදැයි බැලුවෙමි..  පුළුවන්නං අරන් යන ගංවතුර ආධාර උනත් දෙයියාට පුදන්න තරන් අපේ මහජනතාව බුද්ධිමත් ය..
 ග්‍රාමසේවක මහතා වතුර බෝතල් හා වියලි ආහාර මල්ලක් රැගෙන එනකන් දේවාලේ වහලට නැග සිටි සමන් දෙයියන් වහන්සේ නිව් ටවුන් පාරෙන් යන "සුමන සමන් දෙවි පිහිටයි.." කියා පිටිපස්සේ ලියා තිබූ කොළඹ බදුල්ල බස් එකක් දැක විලි ලැජ්ජාව දරාගන්නට බැරුව වතුරට පැන්නාද කියා සැකයක් ඇත.. එසේත් නැතිනම් ගංවතුර කාලේ දේවාලෙට පලතුරු වට්ටියක් තියා අඹ ගෙඩියක්වත් නොලැබීම නිසා හාමතේ රෝහල් ගත කළාද කියා ද සැකයක් ඇත.. අපරාදෙ සුජීව ඒ පැත්තෙ හිටියනං කෙහෙල් ගෙඩියක් හරි දෙනවාය.
නලින් මහතාගේ දෙයියා වන නාත ඇතුළු දේව මණ්ඩලේටම ඔය සන්තෑසියම වී අනාත වී තිබුණේය. වකුගඩු ආබාධ , ලෙඩ රෝග ත්‍රස්තවාදී ප්‍රහාර ගැන පොර ටෝක්ස් දුන්නාට දරුඵල විභාග ජය හොරු අල්ලා දීම් කලාට, රට ජාතිය ආගම පර සතුරන්ගෙන් මුදවා ගත්තාට මෑන්ස්ලා ගේ දේවාල බ්‍රාන්චර්ස් වලටද ගංවතුරෙන් බබා හම්බුවී තිබුණි..  මීට කලින් සීනිගමට, දැඩිමුණ්ඩ දේවාලෙට හොරු පැන්නද.. හැම දේවාලෙම cctv සවිකර තිබුණද..
ඔය මොනවා සිද්ද උනද අපේ උන් ඉතින් වතුර බැහැලා ගියාට පස්සේ උන්ගේ වියදමින්ම පිං පිණිස ඔය දේවාල ඔක්කොම පේන්ට් කර දෙනවාමය..

Tuesday, June 6, 2017

චාතූර්‍ය සෙනරත නීලවල්ල ගං දමනය කතාවත්තුව



පෙරැ එක් සමයකැ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ ටසිරිලක රාජ්‍ය විචාරන කල්හී එක් බක් මහකැ නව වසරැ එළැඹියාහුය.. ජනී ජනයා ඉෂි අම්මාට බබා ලැබුනු කළකැ මෙන් සුවෙන් සැපෙන් වසරමැ හෙළුකොට්ටෙන් සිටියාක් මෙන් පොදිකකා පමුණුවෙන් සළු පිළිද ගනිමින් කැවුම් බදිමින් බිබික්කම් හදමින් අවුරුදු සමරන්නාහ..
එකල රාජ්‍ය අවුරුදු නක්ෂත්‍ර කමිටුව රැස්වූ කල්හී  පෝර්නයෙහි කෙළ පැමිණි ජොනීසින්සානුවන් මෙන් ජෝතිසසාස්ත්‍රයේ කෙළ පැමිණි මහා නැකැත් කරුවෝද කාරියෝදැ යුහුසුළුවැ නැකැත් හදන්නාහ. හිරු උදාවන කල බලන්නාහ. තාරකා පිහිටුම් විමසන්නාහ.. මෙසේ විමසනා කල්හී ටසිරිලක සමෘද්ධිය දැක අල්ලපු ගෙදර කතගේ රුව දැක ඊර්ෂ්‍යාවෙන් පැලෙන සීසීටීවී ඇන්ටියෙකු මෙන් බටහිර කුමණ්ත්‍රණ කරුවෝ නැකැත්කරුවෝ විසූ කුටියටැ මහා බලගතු කඩියෙකු එවන්නාහ.. මේ කඩි තෙමේ ප්‍රධාන නැකැත්තාගේ පශ්චාත්භාගය දශ්ඨ කළ කල්හී හෙතෙමේ විදුලිසැර වැදුනාක් මෙන් තට්ටම අතගා නැගීසිට හොත්තේයැ.. මේ සැනම තාරකා විමසා සිටි ගණිත මිණිත සමීකරණ උඩුයටිකුරුවැ අපරභාගය පූර්වභාගයමැ විය..
ඉදින් මත්වන බව නොමදැන කසිප්පු බිව් කලෙකැ මෙන් වැරදි නැකැතින් ටසිරිලක

Monday, June 5, 2017

ප්ලාස්ටික් හාල්



පහුගිය දවස් ටිකේ ගංවතුරේ බැහැගෙන සිටීම නිසා හාල් කේස් එක මට මිස් වූ බව දැනගෙන පස්චාත්තාපයට පත් වීමි.  මිස් වුවද මිසිස් වුවද හාල් ප්ලාස්ටික් කර එවූ කතාව අසා විප්‍රලම්භ සුංන්ගාරයට පත්වී තාම කල්පනා කරමි.
කතා ගොඩක් ඇති හාල් වලට ප්ලාස්ටික් හාල් ද එක්වූ නිසා වයසට ගියාම පොඩි උන්ට කියන්නට තව කතාවක් වැඩිවිය.
ප්ලාස්ටික් ද නැද්ද කියා දන්නැති උනාට සමහර කඩවල් වල බත් කන විට ඒවාට වඩා ඉඳගෙන ඉන්න පුටුව කඩාගෙන කෑවානං යකඩවත් හම්බෙනවනේ අපෙ හාන්දුරුවනේ කියා හිතෙන්නේ අමු වී ඇති විටය.. අමාරුවෙන් හපා වේටර් කොලුවාට කියා නටන උණු වතුර එකක් බී දෙවරක් උඩපැන හෝටලෙන් එලියට එන්නේ බඩේදි හෝ බත් එක තැම්බෙයි කියා හිතාගෙනය..
ඒ කාලේ පෙරදිග ලෝකෙ ධාන්‍යාගාරේ කියා කිව්වට සුද්දා ගිය දවසේ සිට පාලනේ කල හාල්පාරුවන්ට පින්සිද්ද වෙන්නට දැන්නං මෙහෙ උන්ට කන්නටද තියෙන්නේ ක්‍රෝටන් ය.
ලංකාවේ හදන හාල් නං සිංහල හාල් ය. හාල් වලටත් ජාති තියන බව මං දැනගත්තේ ඔය කතාවෙනි. දෙමළ හාල්  ඇද්ද කියා හොයා බැලිය යුතුය. අග කැඩී ගිය හාල් නං මුස්ලිම් බව මට පැවසුවේ මහසෝන් බලකායේ සාමාජිකයෙකි.

Tuesday, May 23, 2017

කැබිනට් සංසෝදනේ තව කතාවක්



ඊයේ රෑ දැමූ චමලේ පොඩිකාලේ කතාවෙන් සිරිසේන මහතාගේ කැබිනට් සංසෝදනේ අපේ තුන වසරේ ටීචර් මාව කණ්ඩායමෙන් මාරු කළා වගේ වැඩක් කියා කෝචොක් කළද මේකේ තවත් පැත්තක් වන්නේ රවී කරුණානායකගේ ඇමති පුටු මාරුවයි.

ඔය ඉරිසියාකාරයෝ කොච්චර කතා කිව්වත් සිරිසේන ජනාධිපතිතුමා අපෘස්ටවංසියෙක් කියා.. ඊයේ එසේ නොවන බව නැවත ඔප්පු කළේය. එතුමා ආසියාවේ හොඳම මුදල් ඇමති වූ රවී කරුණානායකගේ ඇමති පට්ටම කිසි ගාණක් නැතුව මාරු කලේය. දැන් ඒක තෝරපු එවුන් ipl ෆයිනල් එකට මොකො උනේ කියා නාහෙන් අඬන පූනේ උන් මෙන් කල්පනා කරනවා ඇත. ඉතින් ජාත්‍යන්තරේ අදාලම නැති අපේ අතිගරු ජනාධිපතිතුමාට අනිත් උන්ව අදාලද.... නෑ..

Monday, May 22, 2017

චමලේ බබා කාලේ කතාවක්

==  ==
( කැබිනට් සංසෝදන කතාවක් නොවේ )

අනී පොඩි කාලෙට පියනගන්න ආසයි.. යාලුවෝ එක්ක වෙල් ඉපනැල්ලේ අල්ලන සෙල්ලන් කරන්න ඕනෙ අපෙ හාන්දුරුවනේ. පොත් බෑග්ගෙක එල්ලගෙන ආයෙ ඉස්කෝලෙ යන්න ඕනෙ.. සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ඒකයි මේකයි කියා එක එකා කිව්වට මට එහෙම මෙව්වා එකක් නැත.. මොකද මට තටු නැති නිසා මම ඉස්කෝලෙ ගියේ බස්සෙකේ.. කෝච්චියෙ.. වෑන් එකේ. ඉස්කූල් බස්සෙකේය. ඒක නිසා ඉගිල්ලිලා ඉස්කෝලෙ ගිය උන්ට ආතල් උනාට මට එහෙම එකක් නැත.
  පොඩි කාලේ කිලෝ පහළවක් විතර බර බෑග්ගෙක පිටේ දාගෙන උදේ පාන්දර ඇහැරගෙන කබ කඩ කඩ ඉස්කෝලෙ යන්න කිසි ආසාවක් නැත. ඉස්කෝලෙ හැමදාම තියෙන්නේ දහයට ඇහැරිලා පරණ කොටකලිසමක් හොයාගෙන යාලුවො එක්ක සෙට් වෙලා සෙල්පි ගහන්න බැක්ටු ඉස්කූල් වගේ නං කමක් නැත.
 බෑග්ගෙක බර නිසා මම පොඩි කාලේ ඉස්කෝලෙට අච්චු පොත් ගෙනිච්චේ නැත. කොච්චර බරද කියනවානං මං මුලින් හිතුවේ ඉස්කෝලෙ ගිහින් ඉවර වෙද්දී කොන්ද නැවිලා නැවිලා නැවිලා නැවිලා අන්තිමේදි මූණ සපත්තුවේ ගෑවෙයි කියාය.

Saturday, May 13, 2017

මහින්දෝත්තම භාරත යක්ෂ දමනය කතාවත්තුව


==  ==

පෙරැ එක් සමයකැ ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිදානෝ අට සිල් ගන්නා ලද ගුණවතී ආච්චි මෙන් දැහැමෙන් සෙමෙන් සරලව රට පාලනය කරන්නාහ. පූර්වයේ දැමූ බල්බ නොනිවෙනා ලෙස කරන්ට් බිල ගෙවනා ගෘහපතියකු සේ පෙර මහින්දෝත්තම අධිරජාණෝ කරව ගියාවූ ශ්‍රී විභූතිය ඒ අයුරින්ම නංවාලමින් කෑම පිරවූ දොරදෙකේ ශීතකරණයක් මෙන්  බතින් බුලතින් ස්වයංපෝෂිත කරමින් පාලන කටයුතු මෙහෙයවනු ලද්දාහ..

 රටවැසි කතුන්ගේ කර මත දෑත කන් පෙති මත හෙට්ටිවීදියට බෝම්බ ගැසුවාක් මෙන් රනින් මැණිකෙන් පිරී ගියාහ. තරුණියෝ ආයි දාලා කරාඹූ කියමින් දෙකන් පුරා තෝඩු අරුංගල් ලෑවාහ.. මිලාධික පෑඩඩ් බ්‍රා ඇන්දාහ.. සකල සතම බොදු බැතියෙන් පන්සල් ගියාහ. ජනතාවෝ කෙතරම් යහතින් විසුවේද යත් මාලිංගයාණන් විකට් ගන්නා සේ ටසිරිලක පුරා මහ රහතුන් පහළ විය.. තව්තිසා දිව්‍ය ලෝකයද, ඇස්ගාඩය ක්‍රිප්ටෝනියාවාදී පිටසක්වල දීපද ටසිරිලක සමෘද්ධිය දැක ඇමැතියන්ට ප්‍රාඩෝ ජගුවරාදී මහා රථද ,  තරුණයෝ සඳහා දසලක්ෂයක් වෘත්තීන් පිටසක්වලින් ලබා දුන්නාහ.

මෙසේ ඉන්දිය සයුරේ බබලන සීඇෆ්එල් එකක් මෙන් ටසිරිලක බබලද්දී අල්ලපු ගෙදර දියුණුව දැක ඇහේ කටු ඇණෙනා සීසීටීවී ඇන්ටියෙකු මෙන් අසල මහාභාරතය ටසිරිලක මේ සමෘද්ධිය දැක ඊර්ෂ්‍යා වන්නට වන්නාහ..
මහාභාරතයෝ පෙර රාවණ සමයෙහි සිටම කුහකයෝමැය. ටසිරිලක සමෘද්ධියට අකුල් හෙලන්නේමයැ. ඉදින් අපට ශරීර කෘත්‍ය කිරීමෙහිලා වැසිකිලියක් පවා නොමැත්තේය.. ටසිරිලක වාසීහු රැකියාවට අභ්‍යාවකාශයට පවා යෙති. ඉදින් අප මොවුන්ගේ වස්තුව කොල්ලකෑවේනම් අපටද දියුණු විය හැක්කේයැයි පෙම්වතියගේ නිවසට කොටු පැනීමට සැරසෙන්නාවූ පෙම්වතකු සේ භාරත නායක තෙමේ සිය ඇමැතියන් හා කතිකා කර ගත්තේයැ.

අප පන්තියේ එකෙකුට ගැසූ අල්ලපු පන්තියේ එකෙකුගේ කර්ණ පටහ පටලය බිඳීමට බහිනා ගැන්සියක් සේ භාරත නායක නරේන්ද්‍ර සිං දෝණි රකුස් තෙමේ සිය සේනාවෝද සමගින්මැ ටසිරිලක බලා පිටත් වූවාහ..
ඉදින් මෙය කන වැකි මෙත්පලානෝ මෙසේ සිතන්නාහ.. භාරතය සමෘද්ධිමත් නොවුවද එහි සේනාවෝ සුවිසල් වූවෝමය...   අවුරුදු දා පමුණුව මෙන්
 ටසිරිලක වැසියන්ටත් වඩා සේනාවෝය. ඉදින් උන් පැමිණියෝනම් එක් දිනයක වුවද ටසිරිලක නතු කරගත හැක්කාහ.. මා කුමක් කරම්දැයි හිටන් කියා හෙතෙම සිය සරල මන්දිර පිලේ පැදුරේ සිටගෙන ගංවතුරට අසුවී කූඩාරමක් ගසා පැමිණි තැනට කුණුකන්ද කඩන් වැටුණ අයෙකු මෙන් තෙමේගෙන්ම විමසන්නාහ..

කලාකාරයො ලොකුද




අනී මම අවුරුදු හත්සිය දාහතරක් සින්දු කිව්වා මට තාම ගෙයක් නෑ
මං චිත්‍රපටි එක්කෝටි දාහතරලක්ස තිස් හතරදාස් පන්සීය දෙකක රඟපෑවා දැන් මට සලකන්න කවුරුත් නෑ.
අහවල් නාට්ටිය කළා.. අහවල් සින්දුව ලිව්වා.. මේ රටේ කලාකාරයන්ට සලකන්නෙ නෑ.. අනී මට ඉන්න ගෙයක් නෑ..රටට කොච්චර රඟපෑවත් අපි කුලියට ඉන්නෙ.. ගමටම ණයයි ලොකු අම්මේ..

ලංකාවෙ කලාකාරයන්ගේ මේ ආකාරයේ නොයෙක් හීල්ලීම් හොටු පෙරීම් දැක මේක ලියන්න හිතුනෙ.

අසරණ මනුස්සයෙක් ඉන්නවනං ගෙයක් හදල දෙන එක., බෙහෙත් ටිකක් අරන් දෙන කිසිම වැරැද්දක් නැත. රජයට බැරිනං අපි හරි කරලා දෙනවාය.
ඒක නිසා අසරණ මනුස්සයෙක්ට පිහිට වීමයි අපි අහවල් කාලයක් කලාව කලා ඒක හින්දා උදව් කරපන් කීමයි පටලවා ගැනීමෙන් වළකින්න.

Friday, May 12, 2017

වෙසක්

==  ==

සින්දුවක් කියාගෙන ගෑල්ලමයෙක් දිහා බලාගෙන හෝ කොල්ලෙක් නම්බරයක් දෙනකන් බලාගෙන රාත්‍රී කාලයේ යාලුවො හෝ පවුලේ අය සමග වෙසක් බැලීමේ  වින්දනයක් තරුණ උන්ට ලැබිය හැකි මුත් වැඩිහිටි පාර්සවයට එහි ප්‍රතිඵල ලැබෙන්නේ වෙසක් කලාප දිගේ හෝ දන්සල් පෝලිම් වල හිටගෙන සිට පහුවෙදා කකුල් අමාරු කොන්දෙ අමාරු හැදුන විටය. කොට්ටාවේ බත් දන්සලේ පෝලිම හැකරැල්ලෙක් ඇකිලුනා සේ දිගය. බත් එකක් කෑමට හයිබ්‍රිඩ් වලින් මොන්ටේරෝ වලින් පවා පැමිණි උවැසි උවැසියෝ ද අක්කලාද නංගිලාද හිටන් සිටිනු දැක අම්මප මගේ හද පතුලෙන් ගලන ශෝකේ කැළණි ගඟෙන් මහ මුහුදට ගලනවා වාගේය.. ඒ පෝලිමේ දන්සලට යාමට කලින් ඇතිවෙන බඩගිනි නිවීම සඳහා මැද්දෙන් තව බත් දන්සලක් ලබන අවුරුද්දෙ සම්මාදන් එකතු කර ඇරඹීමට හිතා ගත්තෙමි.. එතකොට ඒ පෝලීමේ සිටිද්දී බඩගිනි වූ විට අපේ දන්සලෙන් බත් කා බඩගිනි නිවා අර දන්සලට යාමට හැක..
අයිස්ක්‍රීම් දන්සල් වල පෝලිම් ද එසේමය. අම්මප දන්සල් වල ඉන්න වෙසක් බලන උන් තරමට ජනාධිපතිතුමාවත් හිටං සිටින්නේ නැතුව ඇතිය.
මෙතන පොරටෝක් දුන්නාට පහුගිය දවස් දෙකේ මා ද දන්සල් දහපහළවකට වග කිව්වෙමි.
හැබැයි එක දන්සලක පැය ගණන් හිටං හිටියේ නං නැත. ඒ ඉතින් දාර්සනික මෙව්වා එකක් නිසා හෝ.. මාගේ තත්වයට නොගැලපෙන විලි ලැජ්ජාවකින් මා එතී කෑලි කැඩී බිඳී රෙදි ගැලවී නිල් දිය රැල්ලේ ගසාගෙන යන මංගල්ලයක් නිසා නොව., එක දන්සලක පැය ගාණක් හිටගෙන සිටිනා විට අනිත් දන්සල් ඉවර වෙන නිසාය..

Tuesday, May 9, 2017

ප්‍රංශ කිරුළ මැක්‍රොන්ට



ලෝකය හරහා හමාගිය අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී රැල්ල නැවතවරක් යුරෝපයේදී දණගස්වමින් ගෝලීයවාදීන් හා ජාතිකවාදීන් අතර ඇතිවූ ත්‍රගයක් ලෙස හැඳින්වූ ප්‍රංශ ජනාධිපතිවරණය මධ්‍යස්ථමතදාරී අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රොන්ට විශිෂ්ඨ ජයක් අත්කර දෙමින් අවසන් වුණා.. නැපෝලියන් අධිරාජ්‍යයාගේ බෑණා වූ ලුවිස් නැපෝලියන් බොනපාට්ගෙන් පසු ප්‍රංශයේ ජනපති ධූරයට පත් ලාබාලතම ජනාධිපතිවරයා වන මැක්‍රොන් තවමත් සිටින්නේ 39 වන වියෙහිය.
1958 න් බිහිවුණ නව ප්‍රංශ දේශපාලන ගමන තුළ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකෙන් එකක නොවන අපේක්ෂකයෙකු ප්‍රංශයේ ජනාධිපති ධූරයට පත්වන පළමු අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගතවනු ඇත.

ප්‍රතිවාදී අපේක්ෂිකාව වූ ජාතික පෙරමුණෙහි මරින් ලා-පෙන් අභිබවමින් 66.06% ක විශිෂ්ඨ ප්‍රතිඵලයක් මැක්‍රොන් හිමිකරගනිද්දී මරින් ල-පෙන් ට හිමිකර ගත හැකි වූයේ 33.9% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
ඒ අනුව ට්‍රම්ප් වාදී  ප්‍රතිපත්ති අනුගමනය කරමින් යුරෝපා සංගමය සමග සබඳතා වල ප්‍රතිසංස්කරණ සිදු කිරීම, සරණාගතයන් පිටුවහල් කිරීම වැනි අන්ත දක්ෂිණාංශික ජාතිකවාදී ප්‍රතිපත්ති පරදා ගෝලීය දේශපාලන ප්‍රතිපත්තීන්ට ප්‍රංශ ජනතාව තුළ ඇති නැඹුරුව මැක්‍රෝන්ගේ ජයග්‍රහණය තුලින් වඩාත් ඉස්මතු වී පෙනෙයි.
ජයග්‍රහණයෙන් පසු ජනතාව අමතමින් මැක්‍රෝන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ''මේ ජයග්‍රහණය ප්‍රංශ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අරඹන බවයි..''

මේ සටහන ඔහු පිළිබඳවය..

පෞද්ගලික තොරතුරු

Sunday, May 7, 2017

මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව




== මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව==


පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරන කල්හී සිදුවන්නට යෙදුනා වූ මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව මෙසේ අරඹන්නාහ..

පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ තම රාජ්‍ය සරලව සාමෙන් විචාරන්නාහ.. පෙර මහින්දෝත්තම අධිරජාණෝ රාජ්‍ය විචෑරූ සමයෙහි මෙන්මැ මහජනතාවෝ මවට හොරෙන් බැටර් කටගෑ දරුවෙකු මෙන් බෝ සංතෘෂ්ඨියෙන් මේ ආදරයයි බලා දිවි ගෙව්වාහ.. රවිචන්ද්‍ර කාරුණික මහාමාත්‍යයාගේ පූර්ණානු දැනුමින් සකල කහවණු බදු වලින් නිදහස්ව සිටි ජනතාවෝ වංක බිරියගෙන් ඩිවෝස් වූ ස්වාමිපුරුෂයෙකු මෙන් ණය බරද බදු බරද රහිතව කල් ගත කළාහ.. ඇතැම් පුරවැසියෝ අමාත්‍යාංශ ඉදිරිපිටට පැමිණ අපෙන් බදු ගන්නැයි කියා බලහත්කාරයෙන් කහවනු මළු විසිකර ගියාහ..
තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් කමින් උස ජනයා සිකුරුටිද මිටි ජනයා කම්මකාර ද සුදු ජනයා හුණු කර්මාන්තයේද කළු ජනයා නොරොච්චෝලේද සේවා කරමින් සුඛිත මුදිතව සේවය කළාහුය..

මෙසේ මෙත්පල් නිරිඳුන්ගේ සමයෙහි මහජනතාවෝ මරාගෙන මැරෙම බෝම්බයක් පුපුරවා ස්වර්ගස්ථව කන්‍යාවන් දෙසැත්තෑවක් සමගමැ සුව විඳින තලේබානුවෙකු මෙන් සුවෙන් සැපෙන් විසීමටැ හේතුව වි නම් මෙත්පල් සිරිසන් නිරිඳානන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතියන්ගේ දාහය මහන්සියේ ප්‍රතිඵලයෝමය..

Saturday, May 6, 2017

මීතොටමුල්ල අමතකද..?? කඳුළු තවමත් එසේමය....!!!!








සුජිත් ප්‍රියන්ත ත් මමත් අද කොලොන්නාව වි ගබඩාවට ගියෙමු...

මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන්  වූ මිනිසුන් රැඳී සිටින එහි පොඩ්ඩන්ට සිදුවූ සියල්ල අමතකය.. ඔවුන්ගේ ලෝකවල සෙල්ලම්කරමින් සැරිසරති..

සෙල්ලම් කරමින් සිටි පොඩ්ඩන් හා කතාවට වැටුණෙමි.

පුතේ මේ මොකක්ද හදලා තියෙන්නෙ...??

( පින්තූරයේ පෙනෙනා ලෙස කාඩ්බෝඩ් වලින් මනාව දෙමහල්ව සාදා ටකරමකින් වහල සෙවිල්ලා තිබූ අඩි දෙකක් පමණ උස අතිශය නිර්මාණාත්මක වූ සෙල්ලම් ගෙයක් පෙන්වා එතැන සිටි පොඩිත්තියකගෙන් ඇසුවෙමි )

අංකල් මේක අපේ ගේ.. මේක ෆලාඩ්ගෙ ගේ..

( පොඩ්ඩා දෙමළ හුරුවෙන් ගැටගසමින් සිංහල උච්චාරණය කරමින් එක් ගෙයක් පෙන්වා තව පොඩ්ඩෙක්ව ඇඟිල්ල දිගු කර පෙන්වයි )

මේක මෙයාලගෙ අම්මලගේ.. මේක මෙයාලගෙ අම්මලගෙ ගේ..

( තව පොඩිත්තියකට හා පොඩ්ඩෙක්ට දෙසට ඇඟිල්ල දිගු කර අනිත් සෙල්ලම් ගෙදර උඩ තට්ටුව හා පහල තට්ටුව  පෙන්වයි )

නෑ නෑ මේක අපේ ආච්චිලගෙ ගේ.. මේක මෙයාලගේ..

Tuesday, May 2, 2017

සිරිපා ගමන හා ජාතික අසෝක් ලේලන්ඩ් දිනය

==  ==

සිරිපාදෙ ගිය නිසා ෆේස්බුක් එකෙන් ඈත්වී දවස් දෙක තුනක් සිටීමෙන් පසු ලොග් වූ විට මම ඔන්ලයින් නැති අතරේ සිදුවී ඇති විපරියාසය දැක රට පැටලැවී සිටිමි...

මම ඔන්ලයින් නැති නිසා එකෙක්  අයියනායක දෙයියන්ට බාරයක්ද වී ඇත.
ඒ නං මම උගෙන් ඉල්ලාගත් උගේ යාළුවෙක්ගේ යාළුවෙක්ගෙන් ඌ ඉල්ලාගත් උගේ යාළුවා ද යාළුවෙක්ගෙන්  ඉල්ලාගත් පෙන් එක සමග මම අතුරුදන් වී ඇතැයි කියා සිතාය.

පොඩි කාලේ උණසන්නිපාතය හැදී මැරෙන්න වැටී සිටියද උදේ පාන්දර නැගිට ඔලුවේ සිට බෙඩ්සීට් එකක් පොරවාගෙන  කාටුන් බැලුවාක් මෙන් ඊයේ රෑ කන්ද බැස ගෙදර ඇවිත් පෝන් එක චාජ් කර බැරි මරගාතේ නිදිමතේ වෝල් එකේ උඩ පහල යද්දී දහ පහළොස් සැරයක්ම කිඹුලෙක් මාව කන්න පැන්නා කියා යාන්තමට මතකය. බයවී එහෙම්මම සිහිය නැති වී ඇත. අද උදේ එකොළහට විතර ඇඳෙන් නැගිට්ට පසුත් අත් කකුල් අතගා බැලුවේ ඒවා යහතින් ඉන්නවාද කියා පරික්සා කිරීමටය. පසුව ඊයේ මහන්සිය නිසා දකින ලද බයානක හීනයක් විය යුතුය කියා හිතා ගත්තෙමි. කෙසේ හෝ මේ රට පැටලවීම සිද්ද වුනේ අද ඔන්ලයින් ඇවිත් හොඳ සිහියෙන් වෝල් එක බැලූ පසුය.

හරියට තොරතුරක් දැනගැනීමට කෝල් එකක් ගැනීමට එහෙ ඇති සිග්නල් එකක් නැත.. සිග්නල් එකක් තියා ක්ලෝගාඩ් එකක්වත් නැත.

Saturday, April 29, 2017

කඳුලු තවමත් එසේමය..



මීතොටමුල්ල සමූහ ඝාතනයෙන් විපතට පත් වූවන්ට රජයෙන් නිවාස ලබා දුන්  කොලොන්නාව ලක්සඳසෙවණ නිවාස සංකීර්ණය වෙත ගියෙමි.  එහි නිවාස 98 ක් රජයෙන් මේ සඳහා වෙන් කර තිබුණු නමුත් දැනට පදිංචියට පැමිණ ඇත්තේ පවුල් 30 ක් පමණි.
ලක්සඳසෙවණ දෙවන අදියරේ මහල් 11 කින් යුත් නිවාස සංකීර්ණයේ බිම් මහලේත් 9 වන මහලේත් ඇති නිවාස වල මේ පිරිස පදිංචිව ඇත.
මේ එක් නිවාසයක් සාලයක් කාමර දෙකක් , මුළුතැන්ගෙයක් හා වැසිකිලියකින් සමන්විත වෙයි.
නව නිවාස ලැබූ නිවැසියන් කිහිපදෙනෙක් සමග කතාබහ කරන්නට අවස්තාව ලැබුණි.
බිම් මහලේ නිවසක පදිංචි WAM බිස්වි මහතා අප එහි යන විට සිය පවුලේ අය සමග නිවස අලුත්වැඩියා කරමින් සිටියේය.
වැඩ කටයුතු අතර ඔහු කියා සිටියේ..

Thursday, April 27, 2017

සමනලීගේ කුණු කන්ද

===  ===

" අපි කුණු කන්ද ගැන කතා කරන්න චම්පික රණවක මුණගැහෙන්න ගියාම චම්පික සාකච්ඡාවෙදි එයාගෙ පම්පෝරිය කියවලා.. රට අස්තාවර කරන්න උද්ඝෝෂණ කරන්න විතරක් ලෑස්ති වෙන්න  එපා.. "  කියලා සාක්ච්ඡාව ඉවර කලා.. ""

මේ ඊයේ (26) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ නීතිඥ නුවන් බෝපගේ මහතාගේ වචනයි..

ඕක ඔහොම මතක තියාගන්න

තමන්ගේ මොකකට හෝ අපහාසයක් වූවානං එයට විරුද්ධව නීතිය ඉදිරියට කවුරු ගියත් අපට ඇති මෙව්ව එකක් නැත.. එය හොඳය..
නමුත් මට හිතාගන්නට බැරි සිද්දිය වන්නේ shares 109 ක් ඒ නිර්මාණයට තිබියදී සමනලී share කිරීම පමණක් අර උරුමයේ උන්නාන්සේලාට පෙනුනේ මොන මාතාවගේ වස්ත්‍රයටද කියාය..
පැමිණිල්ලේ share කළවුන්ගේ ලින්ක් දානවානම් එය 109 ම දැමිය යුතුය. එයින් සමනලීගේ share වීම පමණක් සුවිශේෂ වීමේ පදනම ඩක්වත් ලුවිස් නියාය තරන්වත් මට තවම හිතාගත නොහැක.
 සමාජ ජාල හා අන්තර්ජාලය පුරා සමනලී  විසින් කුණු පිරවීමට කීවේයැයි අසත්‍ය මඩ ප්‍රචාර පතුරවා විකෘති අදහසක් සමාජගත කර ඇයට අපහාස කිරීම සම්බන්ධයෙන් අර උරුමය වගකීම බාර ගන්නවාද..??
ඒ අනුව සමනලීටද නඩු පැවරිය හැක..

සරලවම කියනවානම් ලංකාවේ උන්ට ඇත්තේ ලිංගික ඇරියස් එකකි. පින්තූරය දැමූ එකා පැත්තක තියා බොදු බැතිය දෝරෙ යවමින් සමනලීගේ අම්මා මුත්තා මතක් කර සිංහලබෞද්ධයන් ( තනිවචනයකි ) විසින් ජාතිය අමතන්නේ ඒකය.. ගෑනි කුනුමුල්ලේ හිටපිය. ළමයි හදාගෙන උයාගෙන කාපන්. දිගට ඇඳපාන්.. වහල්කන් කරපාන්....  මට්ටමේ ගෝත්‍රික අයියලාගේ ආතල් සමනලී කඩන නිසා උන්ට ඇත්තේ ඇරියස් එකකි.. වැලන්ටයි දාට පතිවත රැකපන් නංගී.. රූම් යන්නෙපා අක්කේ.. ගගා පටලයක් ඇති

Thursday, April 20, 2017

මීතොටමුල්ලෙම තවත් කතාවක්

=
= ==
( සත්‍ය සිදුවීමකි )

පහුගිය 18 වෙනිදා හවස මීතොටමුල්ලෙ ඝාතනය කරපු මිනිස්සුන්ගෙ අවසන් කටයුතු කරපු කොලොන්නාවෙ කනත්තට ගියා ඒ මිනිස්සු වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්න..  ඒ කටයුතු ඉවර වෙලා ආයෙත් ටෙරන්ස් විද්‍යාලෙට ගිහින් විදුහල්පතිනිය මුණගැහිලා ඒ වෙද්දි ඕන කරල තිබ්බ ආදාර ලිස්ට් එකත් අහගත්තා. එදා ටෙරන්ස් එකට ස්වෙච්ඡා සේවයට ආපු මගෙ මිතුරියකට රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ කියපු නිසා ඇයව ටවුන්හෝල් බස් නැවතුමට ඇරලවන්න කොලොන්නාවට ආවා .. එතකොට 6.30 ට විතර ඇති.. විනාඩි දහයක් විතර ගියත් ටවුන්හෝල් පැත්‍තට යන්න බස් එකක් ආවෙ නෑ.. තවත් රෑ වෙන හින්දා ත්‍රීවිල් එකක් නවත්තලා නැගලා යන්න හදනකොට හෝල්ට් එකේ ආච්චි කෙනෙක් ඉන්නව දැකලා ත්‍රීවිල් එක නවත්තලා මම ඇහුවා

"ආන්ටි කොහෙටද යන්නෙ..? "

"පුතේ මම බෝ ගහ ගාවට යන්නෙ .. "

 "ඒ කියන්නෙ දෙමටගොඩ පැත්තට ද ..? "

"ඔව් පුතේ.."

Tuesday, April 11, 2017

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් දිව්‍ය රථ කතාවත්තුව

==  ==

පෙර එක් කලෙක ත්‍රී සිංහලාධිශ්වර ශ්‍රී මහින්දෝත්තම රාජපක්සාභිධාන මහෝත්තම රජාණෝ ලංකාපුරයේ රාජ්‍ය විචාරා "රාජ්‍ය ධනය බලය නම් නැතිවන සුලුය... මාගේ මේ ව්‍යායාමය කිසි කලෙක රජ සැප පිණිසම නොවන්නේය.. ලංකාපුරයේ චිරස්ථිතිය උදෙසාම වන්නේය" යැයි සිංහනාද කර ලංකාපුරයේ සිහසුන තම ඔටුන්න හිමි නීමල් කුමරුන් හට භාර නොදී " නීමල් නම්  අත්දැකීනම් මදම වන්නේය.. එහෙයින් ඔහු නැවත සුදුසුකම් සපුරා රජ වන තෙක් රාජ්‍යයේ කටයුතු භාර කරමියි..." දාන පාරමිතාවට පෙරුම් පුරන හාවකු සේ අනුප්‍රාප්තික වෛද්‍ය කටයුතු භාර නිලදරුවා වූ මෙත්පල් සිරිසන් ඇමැතියා ට රාජ්‍ය භාර කර මන්ද මූලන ග්‍රාමයේ සුදු වස්ත්‍ර පොරවා බණ භාවනාදී පිංකම් කරමින් වෙසෙන සමයමැ විය....
 
පූර්ව කුශලයන්ගෙන් ලැබූ මහානුභාවයෙන් තව්තිසාවේ සක් දෙව් මෙන් දෙව් බඹ ආශිර්වාද ලැබ නෛකශ්‍රීන් විරාජමානවූ මහින්දෝත්තම රජුට උතුරටැ නැගෙනහිර.. එළියට අඳුර.. ආකාශයට මහීතලය මෙන් හාත්පස වෙනස් රජෙකුමැ විය මෙත්පල් නිරිඳුන්...

මහින්දෝත්තම රජුට මෙන් පෙර කුශලයන් නොමැත්තෙකු වූ නියාවෙන් එතුමාණෝ සැප සම්පත් නොලද්දාහුය..
එසේ හෙයින් පසු කළෙක සරලාභිධාන නරේන්ද්‍ර  මෙත්පල් ලෙස ජනයා අමතන්නට විය..

Friday, April 7, 2017

රාත්‍රිය | ගීත | කෝපි



ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා....

කසුන් කල්හාරගෙ ප්‍රේමණීය කටහඬ රාත්‍රියෙ නිහඬබව අතරින් හදවත විඳිනවා..මෙහි අරුතට ගැලපෙන අත්දැකීම් නැතත් මේ ගීතය මට මෙතරම් සමීප ඇයි දැයි කියා මම නොදනිමි. අලුයම එක පසුවී එළඹෙන්නෙ නව ලෝකයකි. එය උදේ හිරු නැගෙනවා වැනි අලුත්ම සිදුවීමකි..  රාත්‍රියේ ඇරඹුනු යාමයේ ගුප්ත බව.. නිහඬ බව.. අඳුර..  වෙනමම තලයකට හදවත අරන් යන අපූර්ව කාලයකි.. සාන්ද්‍රණය වැඩි උණු කෝපි උගුරක් එක්ක ආයෙත් නියුරෝනයක් ගානෙම ජීවිතය අලුතෙන් පණ ලබයි.. දැහැන බිඳින්න ඈතින් පේන විදුලි පහනක ආලෝකයත් ඉඳලා හිටලා පියාඹන වවුලෙකු හෝ යම් නිශාචර සතෙකුගෙ හඬක් හැරුණම හදවතට කතා කරන වෙන කිසිම ශබ්දයක් නැති තරම්..

දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...

මතකය එහෙම්මම ආපස්සට ගමන් කරනවා. හවස බස් එකට ගොඩවුණ වෙලාව.. පේව්මන්ට් වල ඒ මේ අත ඇවිදින මිනිස්සු. සුදු ඉරවල් වල සුදු වෙන්න බලන් ඉන්න කහ ඉරවල් උඩ ඒ මේ අත මාරු වෙන මිනිස්සු.. ජීවිත ගමනේ එක අමාරු දවසක හවස

Monday, April 3, 2017

2020 ජාතික ගීය


==  ==

( මාස්ටර් සර් ගීතයේ තාලයට ගායනා කරන්න )

බුලට් වලින් වැලිකඩ හැඩ කෙරුව
එක අණින් මහ කෙරුමො දණගා වැටිච්ච..
මාස්ටර් සර් අපෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් සුදුවෑනුත් යලි ඒදෝ....

උඹලාගේ රට ගැනිල්ලේ තරඟෙ මේ
නිම වෙද්දී අපෙ පණ යයි දෝ...
අනේ සර් රතුපස්වල වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ....///

මට මතක් වෙනවා ටැංකියෙ මෝරුන්ගෙ හැටී..
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී..
මාස්ටර් සර් පාඩුවේ ඉන්නට දෙන්න...
අනේ සර් සුදු වෑන් නම් නොඑවන්න...

උඹලාගේ රට ගැනිල්ලේ තරඟෙ මේ
නිම වෙද්දී අපෙ පණ යයි දෝ...
අනේ සර් රතුපස්වල වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ....///

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Saturday, April 1, 2017

නිශා

දිවා මාගේ නීත්‍යානුකූල බිරිඳය.. ඇයව හඳුනාගත් දින පටන් ඇය දිවිය ආලෝකමත් කළාය.. සැබැවින්ම ඇය තම වගකීම් ඉටුකරන සම්ප්‍රදායික කීකරු බිරිඳකි. ගුණයහපත් ය. මම ද ඈ සමග සතුටින් කල් ගෙව්වෙමි..
මෙසේ ඈ සමග දිවි ගෙවන විට දිනක මට අහම්බෙන් නිශා මුණගැසුනි.. දිවාට වඩා රුවෙන් හාත්පසින්ම වෙනස් ඇය ගුප්ත ස්ත්‍රියකි. වැඩි කතාබහක් නැත. කතා කරන්නේම නැති තරම්‍ ය. හැසිරීමද එසේමය.. මේ නිසාම මම ඇය ගැන වඩාත් සෙව්වෙමි.. ඇයව හඳුනන්නන් පැවසූ පරිදි ඇය අමුතුය.. කතා බහක් නැත. භයානක විය හැක..මට හැඟුනු ඔවුන්ගේ නිර්දේශය වූයේ ඇය


Friday, March 31, 2017

ඕකා අරුන්ට උදව් කළා.. උස්සලා මරපු එකමයි හොඳ


"  "

ඇස ගැටුණු ප්‍රකාශයකි..
මෙහි " අරුන් " යනු යම් අපරාධ කණ්ඩායමක් ලෙස ගනිමු.. උස්සා මරා ඇති බවට සැක කෙරෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයයි..
ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය මානව හිමිකම් මූලික මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන ලෝකයක තවමත් මේ රටේ මිනිසුන් නොදියුණු ගෝත්‍රිකයන් ලෙස හැසිරෙන්නේ ඇයිදැයි මම නොදනිමි..
මෙලොව ඕනෑම මනුෂ්‍යයෙකුට ගෞරවාන්විතව ජීවත්වීමට හා ගෞරවාන්විතව මියයාමට ඇති අයිතියට මම හිසනමා ගරු කරමි.. එය පිළිගනිමි..
එය සියළු පුරවැසියන්ට අදාල වන විශ්වීය එකක් විය යුතුය යන පදනමෙහි පිහිටමි.

යමෙක් අපරාධයකට සම්බන්ධයක් ඇත්නම් එයට පවතින නීතිය ක්‍රියාත්මක විය යුතුය.. ඔහු අපරාධකරුවෙකු ලෙස ඔප්පු වුවහොත් නීති ප්‍රකාරව ලැබිය යුතු දඬුවම ලැබිය යුතුය.. එහි තර්ක දෙකක් නැත..
නමුත් යමෙක් අපරාධකරුවෙකු ලෙස සැකකළ පමණින් ඔහුට එරෙහිව රාජ්‍ය විසින් නීතිය ක්‍රියාත්මක කරන්නේ පැහැරගෙන යාම,අතුරුදන් කිරීම, ඝාතනය කිරීම වැනි අපරාධකරුවන්ගේ නොදියුණු ගෝත්‍රික කැලෑ ක්‍රමයටමනම් අපරාධකරුවන් හා ශිෂ්ඨ සම්පන්න රාජ්‍ය අතර බෙදුම් ඉරට සිදුවන්නේ කුමක්දැයි දෙවරක් සිතා බැලිය යුතු නැත.. එය වැරදිය.. එය රාජ්‍ය ත්‍රස්වාදය මිස වෙන කිසිවක් නොවනු ඇත..

Thursday, March 30, 2017

අවසන් උපවාස ගීතය


===  ===
( ආශාවරී තාලයට ගායනා කරන්න )

.
තුම්මුල්ලේ ටවුමේ උපවාසය මම කළ දා
අප්පච්චී ඇවිදින් දොඩම් එක පොවා එදා....
අර හාමුදුරුවෝ ලියුමක් නොදුන්නානම් මෙදා...
කිරි බොන්න වෙන්නෑ මට ආයෙ දිනයක සදා....

අප්පච්චී... ඔබේ නම පවා
මියුරුයි කියා සිතුවත් එදා....
අප්පච්චී ඔබ ඒ තරම්
වියරුයි කියා සිතන්නවත් මට බෑ මෙදා....

Tuesday, March 28, 2017

ඉතිහාසෙ ගැන ආඩම්බරයි නං share කරන්න


මට තේරෙන්නෙම නැති දෙයක් තමයි ඇයි අවුරුදු දාහකට දෙදාහකට කලින් කවුරුහරි හදපු දෙයක් ගැන, හොයාගත්ත දෙයක් ගැන හරි මොකක් හරි මාතාවගේ වස්ත්‍රයක් ගැන ඊට කිසිම සම්බන්ධයක් නැති , කිසිම දායකත්වයක්වත් දක්වපු නැති , කොහේවත් ඉන්න අය ආඩම්බර වෙන්නෙ කියන එක..
එකම තර්කය ඒක තියන තැන ජීවත් වෙන එක.

ඊළඟට එන ප්‍රශ්ණෙ තමයි ඔය ලොකුම දේවල් හැදුවය අරක හොයාගත්තය මේක හොයාගත්තය , අහවල් වටින අවුරුදු ගාණක සංස්කෘතියය ඒක හින්දා ආඩම්බරය කියලා කියන අය ඒවයෙ සිද්ධවෙච්ච මනුෂ්‍යත්වයට නිගා දෙන අපරාධ ගැන ආඩම්බර වෙනවද කියන එක..

Sunday, March 26, 2017

ආන්දෝලනාත්මක ආශාවරී ගීතයේ අරුත


== ==

අද ගීතයටාරුතක් තුලින් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ පසුගිය දිනවල බොහෝ ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝව ඇතුලත් ආශාවරී ගීතය පිළිබඳවයි..

මේ ගීතයත් වෙනදා තෝරා ගන්නා ගීත වගේම මතුපිටින් පෙනෙම අර්ථයට එහා ගිය ගැඹුරු අර්තයක් අන්තර්ගත ගීතයක්.

මේ ගීතය ලියැවෙන්නේ තරුණ ධීවරයකුගේ දෘෂ්ටි කෝණයෙන්.

" ආදර අඹරෝරෙත් ඔබ මා මගහැර ගියදා
කඳුලැලි සයිරෝරෙහී කාලය ගිලී ගියා
මේ සඳ කැල්මවත් මගෙ දුක දැක්කා නම් එදා
විඳගන්න තිබුනා මට නුඹ සිහිකර මෙදා "

ඔහු මෙය කියන්නේද තම පෙම්වතියටයි..  අනිත් පෙම්වතුන් වගේම ඔහු ද තදින්ම  තම පෙම්වතියට පෙම් කළා..
නමුත් එක් අවාසනාවන්ත සිදුවීමක් නිසා ඔහුගේ සියළු බලාපොරොත්තු බිඳී ගිය අතර ඔහුගේ පෙම්වතිය නිසා ඔහුට ඔහුගේ සියළු නෑදෑ හිතවතුන්ද දේපළ වස්තුවද අහිමි වුණා..
නමුත් ඔහු වෙනත් පෙම්වතුන්ට වඩා වෙනස් අයෙකි.. ඔහුගේ පෙම්වතිය වන්නේ මුහුදයි.. බොහෝ දෙනා තම කාර්‍යාලයේ යුවතියකට පෙම් කරන්නාක් මෙන් ඔහු රැකියාව කළේ මුහුදේ නිසා ඔහුගේ පෙම්වතිය වූයේ මුහුදයි.. ඔහු මෙම ගීය කියන්නේ දියඹේ ඇති ධීවර යාත්‍රාවක සිටය..

එක් සඳ පෑයූ දිනක එනම් පෝය දිනක මේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම නම් සුනාමියයි..  කලින්දා පෑයූ සඳ වත් ඔහු රාත්‍රියේ මසුන් මැරීමේදී මේ විපත ගැන නොකියූ බවට

Saturday, March 25, 2017

ඇය


==   ==

හිරු කිරණ විගසට පැමිණ
ඈව සිපගත් මොහොතෙම
රනින් කරවූ විලසට
දුඹුරු පැහැ සම උදුලව...

සමහර ළඳුන් මගෙහී
ඇගේ වත දුටු සැනෙහී
බලා සිය නෙත් කොනෙනී
අරුමයක් මැයි කියතී....

නොදනිමි කිමද හිනැහුණු
වල රැඳි කොපුල දකුණු
එක් පිණි බිඳක් රැඳුණු
පියුම් පත මෙන් දිලුණු....

ඒ දෑස් දැක දෙවි සක්
සැක සිතී මයුරා පිලක්
ඇඳි වැනියි සිතුවම් දෙකක්
සඳ මතෙහි පැහැ කළු නිලෙන්..

කෙලෙස කියමිද සොඳුරු
ඇගේ පිරිපුන් පියොරු
ඉගිල්ලෙන්නට මියුරු
සැරසි දියවන තිසරු....

පිට මත රැඳුනු රූරා
වරල හෙමිහිට සැලෙනා
පොරබදිනු මෙනි ඉඳුරා
වරල සිපගනු සුළඟා...

නැඩ කිතුල් බඳ සරී
පුළුලුකුල රැඳි ඔසරි
පා තබන යුරු මිහිරී
විලස ඈ මන්දෝදරී...

ඇය දෙව්ලොවට බාරය
මෙලොව කත අසමානය
සිහිකර ඈ දිවාරැය
ලියමි අකලංකාරය....

#බස්කවි
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

ස්තුතියි !!!


ජයග්‍රාහකයින් සියළු දෙනාට 18සන්නියේ  සුභපැතුම් !!!
සියළු දෙනාටම ස්තුතියි !!!

- චමල් අකලංක පොල්වත්තගේ

Thursday, March 23, 2017

වීරවංශ පද්‍ය පන්තිය



සෙවනැලි අවදි නොමවන මරදාන...කොනේ
ආණ්ඩුවෙ මහගෙදර තාප්ප උසට....පෙනේ
ජාතික වීරයෙක් ඇති කූඩුව.............අයිනේ
කෑවත් නැතත් උපවාසය කරනු........පෙනේ

මහරජතුමා රජකළ පෙර දවස්..............වල
අටවා පැලක් මැදිකරගෙන..........තුම්මුල්ල
ලෙමන් පෆ් කකා උපවාසයක්...............කල
දෙවරක් උපන් විරුවෙක් නැත...මෙසක්වල

රට වැනසෙයි කියා වැද බටහිරේ...........රත
කුමන්ත්‍රණ වෙයි කියා ලෝකය සතර....අත
වීරවංශ ඇති විට අට්ටාලෙ...................මත
කැප්පෙටිපොළ නොව දාහක් එතන......ඇත

Tuesday, March 21, 2017

ඉදින් අප මහා විහිළු ලහිරුසේකරයානෝ

....

සිය පිරිවරැ සමගැ ලිප්ටන් රවුමටැමැ පැමිණ පීඨිකාවක් ගසා එහි නැග..
අයුක්තිය අසාධාරණය රජ කරන සමාජයක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින කැඳ-වුම්කාරෞත්තමයා වෙමි... සජානා... මම දුප්පත් තමයි.. එනමුත් මගෙ හෘදයවස්තුවට කුටීර හතරයි..
මානව දැනුමස්කන්ධය නම් කහවණු මත්තේ තීරණය කළ නොහීය.. එහි අතුරු ඵලයෝද එසේ තීරණය කළ නොහීය.. එබැවින් එසේ දැනුම විකිණෙන ලොවකැ  මා කෙසේ අතපය දිගැර සිටින්නෙමිද මල්වතු හාන්දුරුවනේ යි ගර්ජනා කර..
 කහවණු මත්තේ තීරණය වූ මානව දැනුමෙන් නිපදවා වූ ඵල ද.., අතුරු ඵලද හාල්මැස්සන් අනා ඇති බත් පතෙක ගොටුකොළ කැබලි ඉවත් කරනා ගාෆීල්ඩ් මෙන් සියල්ලමැ ප්‍රතික්ෂේප කළාහ..
කිරට මිරිසට තෙලටැ සම්බෝලයට පිසීම නම් ආදි මානවයාගේ දැනුමෙන්මැ සොයාගත් ඉවුම් පිහුම් උපක්‍රමයෝයැ.. හන්දියේ මාතර බත්

Monday, March 20, 2017

අප්පච්චි මළා කිව්වට දිගට හරහට



" අප්පච්චී මට තැලුවට " ගීතයේ තාලයට ගායනා කරන්න.. ( තනුව පහත ලින්කුවේ )
.
.
අප්පච්චි මළා කිව්වට දිගට හරහට
සන්තකටම මට තිබුණෙත් නුඹගෙ දයාව
යහපාලනෙ කැන්දාගෙන ආව දසාව
දිව හැරුණා අප්පච්චී වෙනදා වගේම.....

ඇමති වෙලා කරපු කෙරුම් බැහැ මතකෙන් යවා ගන්න
ඉන්නට බෑ මට නම් තව ඇමති කමක් නැතුව මෙහෙම
දෙපා වඳින්නම් වැතිරී අප්පච්චියෙ සමාවෙන්න
අවසර දෙනවද සොයිසට සිරිසේනගෙ ළඟට යන්න....

අප්පච්චි මළා කිව්වට දිගට හරහට....

මගේ ෆයිල් FCID යනවා බෑ බලන්න
ඒ හින්දයි දෙයියො ළඟට ආවේ මං වැඳලා යන්න
අනේ මගේ අප්පච්චී එපා වෛරයෙන් බලන්න
ආයේ බලේ ගත්තෝතින් ඇමති කමක් මටත් දෙන්න..

අප්පච්චි මළා කිව්වට දිගට හරහට....


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

https://youtu.be/riuMgrnNCP4

Sunday, March 19, 2017

ප්‍රශ්ණයට විචාරයට පූජනීය සීමා ???

==

බොහෝ දෙනෙක් මොලොව මිනිසා විසින් නිපදවා පූජනීයයැයි සම්මත කළ දේ ප්‍රශ්ණයෙන් විචාරයෙන් බැහැර වේ යැයි සිතයි.. එසේ වන්නෙ ඇයි..
මෙලොව සියල්ල ප්‍රශ්ණයට විචාරයට යටත් ය...

සංස්කෘතිය ජාතිය ආගම පාසල දේශපාලනය හෝ ඔබ උත්කර්ෂයට නගන වෙනත් දේ ඔබ මෙන්ම තවත් අයෙක්ටද එසේම වෙයි.. එසේ හෙයින් ඔබ කැමති දේ වඩා වටින්නේය හොඳම දේ එයය. එකම දේ එයය. එය පමණක් පූජනීයය යන සිහිනයෙන් මිදෙන්න.. ඔබේ සීමාවන් හඳුනා ගන්න..
එය ඔබට පූජනීය වූවාට මට එසේ වන්නේ නැත.. ඔබ එයට ගරු කලා කියා මා එයට ගරු කළ යුතු වන්නේ නැත..

Friday, March 17, 2017

මහින්දෝත්තම අධිරජාණෝ හා මුහුදුමංපහරන්නන්ගේ කතා වත්තුව




පෙර ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණෝ රාජ්‍යය විචාරන කල්හී නීල පීත ලෝහිත පච්චාදී වර්ණාලෝකයෙන් හැඩවූ රාත්‍රී කොත්තු කඩයක් මෙන් ආශ්චර්‍යයයේ ගිලී නේක වර්ණයෙන් විරාජමානව සිරිලක බබලන්නාහ.. මෙ ලෝ ධාතුවටම බල බෑ මහින්දෝත්තම අධිරජාණන්ගේ නම ඇසූ සැණ විදුලි පුටුවට යාමට බියවී හඬන්නෙකු මෙන් ගෞරවපූර්වක බියෙන් ලොව මහා දේශයෝද සලිත වී මිලින වී ගියාහුය..
මෙසේ ටසිරිලක ජනී ජනයා ආශ්චර්‍යයයේ බබළද්දී පසුවැ එතුමාණෝ "බලය නම් කිම.. වහා නැතිවන සුළුය.. මීළඟ ලොවට යහපතක්ම කරගනිමියි.."  කියා.. සිය අනුප්‍රාප්තික වෙදැ ඇමැතියා වූ සරලාභිධාන මෙත්පල් සිරිසන්ට වෙස්සන්තර රජුන් මෙන් රාජ්‍ය භාර දී මන්දමූලන ගම්මානයේ සමවත් සුවෙන් භාවනායෝගීව කල් ගෙවන්නාහ...

මෙසේ කලක් ගතවන්නා වූ අතරෙහි සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දැහැමෙන් සෙමෙන් සරලව පන්සිය දෙදහසක් වූ මහා ප්‍රෞඩ වංශය රකිමින් මඩුවලිගය අතින් ගත් දැඩිමුණ්ඩ දෙවියන් මෙන් රකින්නාහ..
මෙසේ කලකදී සෝමාලියානු දේශයට අභිමුකව මහාසමුද්‍රයේ මංපහරන්නෝ පිරිසක් බිහිවන්නාහ.. මුනින් ඉහළට කරකැවූ උඩු රැවුලද.. වර්ණගැන්වූ ඉඳුණු රඹුටන් වන් රුදුරු දෑසින්ද හිස මත රැඳි තොප්පියෙන්ද යුතුවූ ජැක් ඉස්පැරෝ නම් මහා මුහුදුමංපහරන්නාගේ නියමයෙන් අණසක පතුරන්නාහ.. හේ නම් රුදුරු නාගයෙක්මැ විය.. සමුදුරු රකුසෙක් මෙන් දියෙන් මතුව පිරිවරැ සමගම නාවුක යාත්‍රා පැහැරගෙන කප්පම් ලබා ගෙන, ඒ වා නොදියහොත් මරණයම තීන්දු කළාහුය.. එසේ සූමාලියානු මුහුද හරහා යාත්‍රා කරන්නේනම් සමන්තකූඨය වන්දනා කරන්නට යන උපාසකයෙක් මෙන් සිය දේපොළ ඉඩකඩම් වතුපිටි අඹුදරුවන්‍ට පවරා ඉෂිතා දමා යාමට අකමැති රමන් බල්ලා මෙන් නාවිකයෝ යළි නොඑන ගමනක් මෙන් යාත්‍රා කළාහුය..

මෙසේ දිනක් වෙළඳාමේ නිරතවූ ටසිරිලකටම අයත්වූ නාවුක යාත්‍රාවක් ජැක් ස්පැරෝ රකුසා හා කොල්ලකරුවෝ තම ග්‍රහණයට ගත්තාහුය.. කොම්බුවේදීන් හා සූර්‍යටීවීවේදීන් අමතා ජැක් ස්පැරෝවන් විසින් කප්පම් ලෙස සියළු හොර උපාධි කඩ වසන ලෙසත් , හෝම් තියටර් සිස්ටමයක්, දොර දෙකේ ශීතකරණයක් , හම්බන්තොටින් පර්චස් පහළොවක් හා ඩේසි ආච්චිගේ මැණික් මල්ලද ඉල්ලා සිටියාහුය.. මෙය ලබා නොදුනහොත් නාවුකයන් සියල්ලෝම කළුවර  කාමරයකට දමා නින්ද නොයන ලෙස ඇසිපියට ඉරටු ගසා මියෙන තුරු ඩොල්බි සවුන්ඩ් මගින් බූට් සින්දු ඇසීමට සළස්වන බවට තර්ජනය කළාහුය..

Thursday, March 16, 2017

සුළු ජාති,ආගම් නැති ලංකාව

==  ==
"ගොවිගම" කුලේ ඉපදීම ගැන ආඩම්බරයි නං සෙයා කරන්න...

අපි වලව්වෙ "රදල" ඩෝ.. ඔය කෑගහන අනිත් පොඩි කුලවල උන්ගෙ මහ උන් අපේ කුස්සිවල වළං හේදුවෙ ඒ කාලෙ..

පන්සලේ මහණ කරගන්නෙවත් නැති අනිත් කුලවල උන් පලයන් ඩෝ.. අපි ගොවිගම..

I am "Gowigama" and proud to say it

දකුණෙ "කරාව" උන්ට වෙනම රටවල් දෙන්න තොපෙ ඉඩම් කියලා හිතුවද..  තුත්තිරි ගස් ඒ විදිහට හිටපන්.. මේක අපේ  උන්ගෙ රට යකෝව්..

කුලහීන උන් පැත්තකට වෙලා හිටපන්..  " කුඹල් " එවුන්ට ගෑනු දෙන්නෙ නෑ.. වළං හදපු උන් ලොකු වෙලා තියන හැටි බලාන්කො..

දළදා වහන්සෙ බලාගන්න පුළුවන් අපිට විතරයි යකෝ..


Wednesday, March 15, 2017

අස්ගිරියෝ හෝතී බ්‍රාහ්මණෝ

අඩු කුලයේ වීම නිසා රාමාඤ්ඤ නිකායේ හිමිවරුන්ව අස්ගිරි නිකායේ හිමිවරුවන් විසින්  දළදා මාළිගාවෙ මගුල් මඩුවේ පැවති උත්සවයේදී වෙනත් තැනක අසුන් පැනවීම නිසා බුදුන්වහන්සේ දේශනා කළ පහත ගාථාව වෙනස් කරන ලදී..

නජජ්ජා වසලෝ හෝතී
නජජ්ජා හෝතී බ්‍රාහ්මණෝ
රාමඤ්ඤෝ වසලෝ හෝතී
අස්ගිරියෝ හෝතී බ්‍රාහ්මණෝ....

( යමෙක් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වන්නේ නැත..
යමෙක් වසලයෙක් වන්නේ රාමාඤ්ඤ නිකායෙන් වන අතර අස්ගිරි නිකායේ වීමෙන් හේ බ්‍රාහ්මණයෙක් වේ )

- නව සංස්කරණය ( අස්ගිරි නිකාය )

ආඩම්බරයි නං සෙයා කරන්න

#අකලංකාරය

Monday, March 13, 2017

අන්තරේ ලොජික් පද්‍ය පන්තිය..!!


 ==
.
සයිටම් SLIT ද NSBM...........................වසනූ
රොටරිය සක්‍යා ටියුසන් කඩ.......හකුලගනූ
සිඟිති ලිට්ල් කිඩ්ස් පෙර පාසල්..........වහනූ
සමාජවාදේ එනකන් උන්...............අතුගානු

රජයේ යුනියෙ උන් පමණක්..........බුදුවේවා
අන්තරෙ එවුන් සැරියුත් මුගලන්........වේවා
ප්‍රයිවට් යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
නිදහස් මෙව්වා එක සැමදා..........සුරැකේවා

එක බංකුවේ හිඳ පහ වසරේ.............ඉඳලා
බත් පත කෑවාට උඹ හා.............පොරකාලා
ප්‍රයිවට් යුනිවර්සිටියට ගිය දා..............ඉඳලා
ධනපති කුමන්ත්‍රණ කාරිය උඹ..........විමලා

ලකුණු මදි වෙලා යුනි යන්නට..........බැරුව
ණය වී ගියා කියලා ප්‍රයිවට්................එකට
අදාල නෑ ඉගෙනගන්න බෑ...............තොපිට
ඕක වහලා බැහැපන් මහ..............පාරකට

Thursday, March 9, 2017

රස්නෙට ලියවෙන සින්දු


                     -----------

පූජා කරන්නම් ළිඳක් ඔයා නමින්
දැනෙනවාටත් වඩා රස්නෙ අඩුවෙන ලෙසින්...

----------

මේ රස්නෙනං හරි මගුලකි
පොඩි සහනයක්වත් නම් නැතී
මට පෙන්නලා අව්වේ හැටී
ඉර ගන්න ෆන් හොඳටම ඇතී....

----------

ඔයාට වැස්ස එපානං
කලින් කියන්නට තිබුණා..
මේ තරන් මෙහෙ රස්නෙ නොකරම
කූල් කරන්නට තිබුණා...

----------

ඉරෙ බ්‍රයිට්නස් අඩුවෙනතුරු
කූල් වෙන්නෙ නෑ
අව්වට කරවෙනවා අපී
රස්නෙට පිච්චෙනවා අපී
කූල් වෙන්නෙ නෑ...//

----------

ගෝත්‍රිකයෝ | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව | නෙල්සන් මැන්ඩෙලා



===   === 


ලාංකීය ජනතාවගේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුව ඇතුළු අනෙකුත් නියෝජන  ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන ආයතන ද අනවශ්‍ය දේ කතා කරන..  පහර දෙන.. කුණුහර්පෙන් බැනගන්නා.. ගහමරා ගන්නා අන්ත නිර්ලජ්ජිත තත්වයට පත්ව ඇත.. මානසික රෝගීන් හා පෙරපාසල් දරුවන් මෙන් හැසිරෙන මන්ත්‍රීවරුන් නිසා අහිමි වන්නේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ය.. රටේම අනාගතයය.. 

මේ පහත ඇති සටහන මා උපුටා ගත්තේ දකුණු අප්‍රිකානු හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා මහතාගේ ස්වයංචරිතාපදානයෙහි මහින්ද හත්තක මහතාගේ සිංහල පරිවර්තනයෙනි..

ලෝකයා විසින් පහත්කොට සලකන සතුන් දඩයම් කර ආහාරයට ගන්නා.. අව්වට වැස්සට ගින්නට වඳින දකුණු අප්‍රිකානු ගෝත්‍රික ජනතාව තම ගෝත්‍රයේ පාලනය  ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳ පහත සටහන සාක්ෂි දරයි..

මෙය කියවීමෙන් පසුව දියුණුයැයි කියාගන්නා අපේ පාලකයන් ගෝත්‍රිකයන්ටත් වඩා කොතරම් පහත් තත්වයක සිටියි දැයි වැටහෙනු ඇත..


( මැන්ඩෙලා තම පියාගේ මරණයෙන් පසු තම ඥාතියෙකු වූ තෙම්බු ගෝත්‍රයේ යුවරජුගේ නිවසේ කුඩා කල දිවි ගෙව්වේය.
එහිදී ලත් අත්දැකීම් ඔහු මෙසේ සඳහන් කරයි.. )

                               -----------------

( උපුටා ගැනීම පිටු අංක 39 )
//

පසු කාලයක නායකත්වය පිළිබඳ මාගේ දැක්ම හැඩ ගැස්වීමෙහිලා ගැඹුරු ලෙස බලපෑවේ යුවරජු හා ඔහුගේ පාලන මණ්ඩලය නිරීක්ෂණය කිරීමෙන් ලත් දැනුමයි.. නිරන්තරයෙන්ම මහ ගෙදර පවත්වනු ලබන ගෝත්‍රික රැස්වීම් දෙස බලා සිටි මට ඉන් ඉගෙන ගත හැකි විය. රැස්වීම් පැවැත්වීමේ නිශ්චිත දිනයන් නොවූ අතර අවශ්‍යතාව අනුව රැස්වීම් කැඳවනු ලැබීය.රැස්වීම් කැඳවනු ලැබුවේ නියඟය, ගවයන් ගාල් කිරීම, නඩුකාරයා නියෝග කරන ලද ප්‍රතිපත්ති හෝ රජයෙන් පනවන ලද නව නියෝග වැනි ජාතික වැදගත්කමකින් යුත් කරුණු 

Wednesday, March 8, 2017

හැපි විමෙන්ස් ඩේ.. පිස්සුද යකෝ..!!



" හැපි විමෙන්ස් ඩේ.. අපෙ හාන්දුරුවනේ..."

.
‍යකුනේ කාන්තා දිනේ කියන්නෙ අලුත් අවුරුද්ද වගේ කිරිබතුයි හැලපයි කාලා හැපි නිව් ඉයර් කියලා සමරන්න ඕන  එකක් ද..

තව ටික දවසකින්

සුභ දියවැඩියා ඩේ..
හැපි තැලසීමියා ඩේ..
සුභ සුනාමි ඩේ..
හැපි ඒඩ්ස් ඩේ..

කියන්නත් ගනී...

හැම දිනේම වෙන් කරන්නෙ හැපි යි සුභයි කිය කිය සමරන්න නෙමෙයි හත්වලාමේ...

කාන්තාවන් ට දිනයක් වෙන් කිරීම හැපි කිය කිය සුභපතන්න ඕන එකක් නෙමෙයි.. ලැජ්ජ වෙන්න ඕන එකක්..!!

කාන්තාවො ඔක්කොටම එදා ඉඳන් අද වෙනකන්ම පුරුෂ මූලික සමාජෙ ඇතුලෙ ලිංගික පදනම මත එල්ල කරපු පීඩනේ නිසා ඇතිවෙච්ච වරදකාරී හැඟීම යටපත් කරගන්න කරපු ස්වයං වින්දනයක් විදිහටයි කාන්තාවන්ට දිනයක් වෙන් කරන්නෙ..
උදාහරණයක් විදිහට හැමදාම කරපු පීඩනෙන් මිදෙන්න පුරුෂ මූලික සමාජෙන් වහල් හිමියො ටික වහල්ලුන්ට නිවාඩු දවසක් දුන්නා වගේ දිනයක් වෙන් කරනවා..

කාන්තාවො ටිකත් ඉතින් හනී අද අපේ දවසනී.. බලන්නකෝ මියා.. සුබයි හැපියි කිය කිය සමරනවා..

Monday, March 6, 2017

සිංහම්‍යාණන් හා යාත්‍රාංගනයේ වික්‍රමය


====

අකලංකාරයෙහි සිංහම් කතාවත්තුවේ එන යාත්‍රාංගනයේ වික්‍රමය පරිච්ඡේදයෙන් උපුටා ගන්නා ලදී..

සක්‍රයාගේ මාලිගය තනා නිමකරනු වස් විස්කම් දෙව්පුත් තෙමේ ගෙනා ගඩොළු එකමත එක අතුරාළූ කළෙක මෙන් තැන් තැන් හී ගොඩගසන ලද්දාවූ මහා වානේ බහාළුම් ගණකාභයෝය.. ඒ බහාළුම් මත්තෙහි වැටුණා වූ විදුලි ආලෝක කදම්භයෝ අළුයම් යාමෙහි හිමාල වනයේ තුරු පත් අතරින් වැටී එන සූර්‍යාලෝකය මෙන් ගණාන්ධකාරය මැඩ පොළොවට පතිතවන්නාහ..
නාවුක යාත්‍රාංගනයේ පයෙන් තුබූ ස්පර්ශයෙන් මහපොළොව දෙදරා ගොදුරු සොයා තනිව ඇදෙනා මිගිදෙකු මෙන් තේජමානව ඇවිදින්නාවූ සිංහම් ය.. විභීෂණ දේවතෞත්තමයාණන් මෙන් මුවවිටින් කොපුල් දෙපසටැ කරකැවූ උඩු රැවුලින් සැරස හාවකු පසුපස ලුහුබඳිනා රාජාලියකු සේ තියුණු වූ දෙනෙතින් හේ මැරයන් සොයා සක්මන් කරන්නාහ..
යාත්‍රාංගනයේ ලෝහයෙන් තනන ලද්දාවූ විසල් පඩිපේලි දෙදර දෙදරා පෙළට බස්නා මැරයෝය.. බහාළුම් ගණකයෝ අතරින් පහණට පැමිණෙන්නා වූ බිග් මැච් මැද පිටියට පනින ලද සිසුවෝ මෙන් ඇදෙනා මැරයෝය.. අකුණු පහරින් බබලනා යගදා මෙන් වානේ මන්නා දෑත දරාය.. දත් විළිස්සාය.. මුව රෞද්‍රය.. එකෙක් අත ලෙලව ලෙලවා පැමිණෙන විසල් අසිපතකි.. තවකෙක් අත කමිස කරෙන් බැස පිටමත්තෙහි ගොස් සරමෙහි රැඳුනා වූ අගින් වක් වූ මන්නයකි.. තවකෙක් අත කුරුඳු පොල්ලකි..
අංගනය පොළොව මත්තහි නිරුවත් දෑතින් පමණක් සන්නද්ධ නවක වදය දීමට ජුන්නෙක් සොයන ජේස්ටෞත්තමයෙක් මෙන් බලා සිටින සිංහම්යෝය..

විල් තෙරෙම වටකර සැදි මහා වනස්පතියෝ නිසාවෙන් පොළොවට නොවැටෙනා චන්ද්‍රාලෝක කදම්භයෝ අනවතප්ත විල මත්තෙහි වැටී බබළන්නාක් මෙන් සිංහම්‍යාණන් සිටින්නා වූ පොළොව මත්තෙහි විද්‍යුතාලෝක  කදම්භයෝ වෘත්තයක් සාදමින් හෙතෙමේගේ දඩයමට සුභ පතන්නාක් මෙන් වැටී බබළන්නාහ..

නන්දිකඩාල් කලපුවේදී වේලුපිල්ලෙයි හා තනිව සටනට බට කොමදෝරු යසෝෂිතා රාජපක්සාභිධාන කුමරුන් මෙන් යාත්‍රාංගන භූමියේ විද්‍යුතාලෝක කදම්භ වෘත්තය මස්තකයෙහි සිංහම්‍යාණන් බැලූ සැනින් දවා අලු කරන තියුණු නෙතින් බලා සිටින්නාහ.. හෙතෙමේගේ දෑතෙහි අත්ල මත එක්වූ අතැඟිලි සියල්ල එකක්ම වූ කලෙක යදමකින් බඳින ලද සංගක්කාරයාණෝ සිය පිත්ත දැඩිව අල්ලා සිටින්නක් මෙනි දැඩිව අත්ල ග්‍රහණය කර මිට මොළවන ලද්දාහ.. දෑතේ සිට ළය මඩලට යන්නාහූ ධමනියෝ ද ශිරාවෝද ඉලිප්පී කර මතින් කමිසයම තෙත්කර වැටෙන්නාවූ දාබිඳු වලට පොළොව සිප ගන්නට මග සදන්නාහ..

Tuesday, February 28, 2017

ඊනියා කේක් විරෝධය හා සමන්තභද්‍ර




රහත් බව මැනීමට මීටරයක් නැති නිසා සමන්තභද්‍ර රහත්ද නැත්ද කියා මම දන්නේ නැත. ඔහු රහත් වුණත් නැතත් මට ගානක්  නැත.
නමුත් සමන්තභද්‍ර ට ඇතිවන විරෝධය පොඩ්ඩක් බැලුවොත් එහි වෙනසක් ඇත.
එය ඊනියා විරෝධයකි..!!

පොඩ්ඩකට හිතමු සමන්තභද්‍ර දැන් ඉන්නවා වගේ ඉන්නෙ නැතුව..

ජාතිය ආගම රැකපන්ඩෝ..
මේක අපේ රට ඩෝ..
නජජ්ජා වසලෝ හෝතී අදාල නෑ ඩෝ.. සිංහලයා විතරයි යකෝව්.. කියා පාරක් ගානේ දෙමල්ලු තම්බි කපන්න ගියානං..
සිවුර උස්සාගෙන රෙදි කඩයක් ගිනි තියන්න වැඩියනං...
අහවල් එකා ඇමති කරව් ජනාධිපති කරව්. අගමැති කරපියෝ.. අරක සැපද මේක සැපද අසමින් හංදියක් ගානේ මීටින් වල බෙරිහන් දෙමින් පක්සෙකට හෝ මොකෙක් හෝ දේසපාලුවෙකුට කඩේ ගියානං..
හොර උපාධි කඩේ වහපිය ඩෝ..
නිදහස් මෙව්වා එක රැකපන් යකෝව් ගා උද්ඝෝෂණ වල කඳුළු ගෑස් කෑන් පොලීසියට විසි කලානං..
උසාවි වල තාප්පවල් උඩ නැගගෙන බැරියර් පෙරලා දැඟළුවානං..

Thursday, February 23, 2017

ග්‍රහලෝක සොයාගැනීම සම්බන්ධ නිල මාධ්‍ය නිවේදනය


අන්තර් ග්‍රහලෝක අනාවැකිකරුවන්ගේ බළමණ්ඩලය, එක්සත් බූත මලපෙරේත හූනියම් සංගමය, හැඳිගෑවුණ සමාජයක් සඳහාවූ ජ්‍යෝතිෂ කරුවන්ගේ සංගමය, සාස්තර සඳහා වූ බේකරි හිමියෝ, සියදිවි නසා ගන්නා නක්සාස්ත්‍රයෝ සංවිධානය ඇතුළු උඹලා ඇන්දියන් අපි හම්බකරන්නං සංවිධානයේ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය..

නව ග්‍රහලොක සොයා ගැනීම සම්බන්ධව.,

ප්‍රිය ඇන්දෙන්නනි..,

මේ වන විට නාසා ආයතනය මගින් නව  ග්‍රහලෝක හතක් සොයාගැනීමත් සමග  වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යොතිෂ සේවා සංශෝධිත පණත් කෙටුම්පතක් අප මහ සභාවට ඉදිරිපත් කරන ලදී..

ඒ අනුව

අලුතින් එක්වන ග්‍රලෝක සප්තකයට..

 බ්‍රහස්පතිගේ දොලොස්වන ථිතියේ වෘෂභ නැකතින් ඇරඹි ක්‍රි.ව. 2017 ක් වූ නවම් මස 23 වන බ්‍රහස්පතින්දා දින වූ අද දින පූර්වභාග 8.47 ට යෙදුණ සුබ මොහොතින් යට දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ආච්චිගෙ හාල් මිශ්‍ර බිබික්කම්ද ග්‍රැමක්සෝන් මිස්‍ර කොණ්ඩ කැවුම් හතරක් හරහට ගිල සබාපතෞත්තමයාණන් වහන්සේ ඇතුළු සම්භාවනීය සාත්තර කරුවන් විසින් මෙසේ නම් තබන ලද්දාහ..

සුමන
කීර්ති
මංජුල
චන්ද්‍රසිරි
තොටවත්ති
විජේමුණි
ආසිරිචූන්


Monday, February 20, 2017

චාතූර්‍ය සෙනරත ලෝකෝත්පත්ති කතාවත්ථුව


=== චාතූර්‍ය සෙනරත ලෝකෝත්පත්ති කතාවත්ථුව ===

මේ මහා සක්වලෙහිම අඳුර නසා පෑයූ ඉරබට තරුව සේ දිලෙන සදෙව් ලොවටමැ මිණි පහණක් බඳු වූ මහා පඬි අප මහා චාතූර්‍ය සෙනරතානන්ගේ කතා වත්තුව අකලංකාරයෙහි මෙසේ ගෙනහැර දක්වන්නාහ..

 මහ බඹ තෙමෙ එක් අළුයමකැ පිබිද පෘථිවි ධාතුව මවනු නියාවෙන් අසූ කෙළ කෝටියක් මහානුභාවයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ සිව් මහා ධාතු කළඹන්නාහ.. ඒ කළඹන්නාවූ මොහොතේ කසිප්පු ගෝඩා මෙන් කැළති කැලතී බුබුලු ලූ නියාවෙන් සතර මහා ධාතුන් එක් වී පෘථිවිය නිමවෙන්නාහ..අරිෂ්ඨ කල්දේරම හැඳිගානා වෙදපප්පානණ් මෙන් මහබඹු තෙමේ පෘථිවිය නිමවන්නාහ. කෙසේ කැළතුවද කැටි නොගැසෙන නියා දැක අරුම පහළ කළ මහ බඹානෝ දැලි කුණු වදයට පිළියම් සොයමින් සිටින ගෘහණියක් මෙන් කල්පනාබරිතව සිටින මොහොතේ අරුමයක්මැ වියැ... උස් හීන්දෑරි පුරුෂයෙක් වෙදැඟිල්ල ඔසවා පැමිණ.. " එම්බා මහ බඹ..තට අමු කැවිලද..? තොප පෘථිවි ධාතුව නිමවන්නේ ලිප නොදල්වා  නේදැයි..?? " විචාරා සිටියේයැ.. අහෝ ආශ්චර්‍යයක්මැයි.. තමා සිව්මහා ධාතු එක් කර හැඳිගෑවේ ලිප ඕෆ් කර බව විමසූ මහබඹුන් වහා සිය නාසයෙන් ගිනි අවුලවා සිව් මහා ධාතු එක්කර පෘථිවිය නිමවාලීය.. එසේ ගිනි අවුලවා පෘථිවි තලයම නිමැවූ නියා සිව් මහා ධාතු එක්කල මහා පුරුෂ තෙමේ නම් පෘථිවියේම බාරකරු කරමියි කියා පැමිණි හීන්දෑරි පුරුෂයා දෙස බලා.. " තොප නම් ලොව මැවූ මහ බඹ වූ මා ද විෂ්මයට පත් කලේමැයි.. තොප කවුදැයි විචෑරීය..

Wednesday, February 15, 2017

වනිගරත්න පද්‍ය පන්තිය



======

( විමලරත්න කුමාරගමයන්ගේ අයියනායක පද්‍ය පන්තිය ඇසුරිණි )


ගෙම්බො ඉබ්බො මීයෝ ගෙයි හතර....කොනේ
සර්පයො පවා පිත්තලයෙන් හදා..............බෙනේ
ෆෙන්ග්ෂුයි කියා කාසිත් මතුරනා............පෙනේ
ආසිරි දෙයියන්ගෙ බලයම රටට................දැනේ

සම්මන්ත්‍රණය පවතින හැම දවස්................වල
ගණ දෙවි වඩියි පමුණුවටම උදේ................කල
විභාග ජය මුදල් හදල් බාර.........................කල
ටිකට් අරන් එති සිට දුර පළාත්.....................වල

යූත් එක වැහෙන විට එන සෙනගින්.........දසත
ආසිරි වඩින විට වනමින් දකුණු...................අත
ගණ දෙවි යාළු කර දී වේදිකා.......................මත
ගාථා කියන විට මොනරුත් වඩිනු..............ඇත

දෙයියන් යාළු කළ අපේ වනිගා...............රත්නේ
ඔහුගේ බලය මතුරපු පෑනටද...................දැනේ
ආසිරි හින්දමයි දෙයියන් යාළු....................උනේ
රට යන්නටත් වීසා දවසින්...................ලැබුණේ

Thursday, February 9, 2017

ලංකාවට වැලන්ටයින්...!!!


======
.
.
වැලන්ටයින් කිව්වම ඉතින් ඕක එක දවසක් මොකෝ.. දැං එක පශ්චාත්නූතනවාදයේ ලිබරල් මෙව්වා එකක්‍ ය. වෙළඳපොළෙන් විකුණනවය ඒකයි මේකයි කතා..
ඕවා හැමතැනම තියන හින්දා අපි වෙන දෙයක් ගැන කතා කරමු..
.
ලංකාවෙ ආදරේ තියනවද..?
ඔව් ලොකු ප්‍රශ්ණයක්..

සරලව අපි මෙහෙම හිතමු..
ලංකාව ඇතුලෙ හැම මනුස්සයෙක්ටම ගරුත්වයක් ලැබෙනවද..
තවත් ජාතියකට ආගමකට ගරුත්වයක් ලැබෙනවද.. තව මනුස්සයෙක්ට මතයක් දරන්න අයිතියක් ලැබෙනවද.. කොටින්ම නිදහස් පුරවැසියෙක් ලෙස ජිවත් වෙන්න ලංකාව ඇතුලෙ ඉඩ තියනවද.. යුක්තිය සාධාරණය තියනවද..

ඔය ප්‍රශ්ණ වලට පිළිතුර කොහෙත්ම සතුටුදායක මට්ටමක නෑ ලංකාව ඇතුලෙ..

මනුස්සයෙක් වීම නිසා උරුම වුණ මූලික මිනිස් අයිතිවාසිකම්වත් පිළිගන්න අකමැති සමාජයක් ඇතුලෙ ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද..

ඉතින් මෙහෙ මොන වැලන්ටයින්ද..

ලංකාව කියන්නෙ ආදරේ කරන්න ඉඩ දෙන සමාජයක්ද..?

ලංකාවෙ සමාජෙට කොල්ලෙක් කෙල්ලෙක් එක්ක ආදරේ කරනව කියන්නෙ මැජික් එකක්.. මහා අපරාධයක්...!!
කොල්ලෙක් කෙල්ලෙක් අත් අල්ලන් යන්න ඕනෙ බැන්දට පස්සෙ.. හාදුවක් දෙන්න ඕනෙ බැන්දට පස්සෙ කාමරේ ඇතුලෙදි විතරයි.. ආදරේ කලානං බඳින්නම ඕනෙ.. නැත්තං අම්මා හොයලා දෙන එකක් කරගෙන පාඩුවෙ ඉන්න ඕනෙ.. ළමයිනුත් හදන්නම ඕනෙ.. නැත්තං අවාසනාවන්ත කාලකන්නි මුස්පේන්තුවො වෙනවා..

කොල්ලෙක් කෙල්ලෙක් පාරෙ යද්දි උන්ට අත් අල්ලගෙන යන්න බෑ.. අඩු තරමෙ ඉස්කෝලෙ එකට ඉගෙනගත්ත කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාරෙ හම්බෙලා කතා කළත් උන් දෙන්නා දිහා වපර ඇහෙන් බලන්නෙ... බස් එකක පෙම්මුල්ලෙ කතා කරන්න බෑ.. ( ඔව් ඒකට පෙම්මුල්ල කියලා නම දාලා තියෙන්නෙත් ඒක මැජික් වෙලා තියන හින්දා ) බීච් එකක පාක් එකක ඉන්න බෑ විසිල් ගහනව.. එලෝනවා.. එක එකා ඇවිල්ලා කප්පම් ඉල්ලනවා...

Friday, February 3, 2017

පේලේ ( pele ) ගේ කතාව

==  ==
.
1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කරන තෙක් බලාපොරොත්තු දල්වා සිටි ශ්‍රී ලංකාව මතකෙට නංවා ගන්න.. සියළු බැමි පසෙකට දමා එකම ජාතියක් ලෙස ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් තෘවන් සරණ පැතූ, යාඥා කළ, දෙවියන්ට භාර කළ ලංකාව මතකෙට නගා ගන්න.. රූපවාහිනී ගුවන්විදුලි ඉදිරිපිට තම රටේ විජයග්‍රහණය වෙනුවෙන් පෙළගැහුණු ශ්‍රී ලාංකික ජාතිය සිහියට නගා ගන්න..

ඒ සිහිපත් කිරීමත් රැගෙන අපි ගමන් කරමු බ්‍රසීලයට.. යුරෝපීය ආක්‍රමණිකයන්ට යටත්ව සිට ලතින් ඇමරිකාවේ ගින්නෙන් උපදින ෆීනික්ස් පක්ෂියෙක් බඳු වූ සුන්දර බ්‍රසීලයට උදා වී තිබුණේ 1950 වසරයි..
රටේම ජනතාව ගුවන්විදුලි ඉදිරිපිට නිශ්ශබ්දව සිටින්නේ තම කණ්ඩායම උරුගුවේ රාජ්‍යට එරෙහිව මුහුණ දෙන පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ ජයග්‍රහණය වෙනුවෙනි..
බ්‍රසීලය යනු පාපන්දු රාජධානියයි.. එය බාල මහළු වැඩිහිටි කාන්තා පිරිමි භේදයකින් තොරව ජාතියේම රුධිරය ලෙස අධ්‍යාත්මය තුළම බැඳී පවතින්නක්.. නමුත් බ්‍රසීලයම හඬවමින් 1950 ලෝක කුසලානය බ්‍රසීලය උරුගුවේ රාජ්‍ය හමුවේ අවාසනාවන්ත ලෙස පරාජයට පත් වෙනවා.. එය අපට එක් තරඟයක් වුවත් බ්‍රසීලය අදටත් එය දකින්නේ මහා ඛේදවාචකයක් ලෙසයි..
සරලවම කියතොත් බ්‍රසීලයේ හිරෝෂිමාව ලෙසයි ඔවුන් ඒ පරාජය හඳුන්වන්නේ.. ඒ පරාජය බ්‍රසීල හදවතට කෙතරම් තදින් දැනුන දෙයක් ද බව කීමට තවත් සාක්ෂි අවශ්‍ය නෑ..

මේ තරඟය කඳුළු පිරි දෑසින් අසා සිටිනවා බ්‍රසීලයේ Três Corações ප්‍රදේශයේ අපිරිසිදු මුඩුක්කු ජනාවාසයක 1940.10.23 ඉපදුණ Edison Arantes do Nascimento කියලා පොඩි කළු කොල්ලෙක්.. අනිත් පොඩ්ඩන්ට වගේම මේ කොල්ලටත් පොඩි කාලෙ තිබුණා ෆුට් බෝල් උණක්.. කොල්ලට ගෙදරට ආදරේට කිව්වෙ ඩිකෝ කියලා.. අහල පහළින් එකතු කරපු රෙදිපටි වලින් හදපු බෝලෙකින් මුඩුක්කුවෙ කොල්ලො එක්ක ඉඩ ලැබුණ හැම වෙලාවෙම ඩිකෝ කලේ ෆුට්බෝල් සෙල්ලම් කරපු එක..

Tuesday, January 31, 2017

විජිත රෝහණ රාවණා




දන්න අඳුරන මෑන්ස් කෙනෙක් හිටියා.. කොල්ලා තද සිංහල.. රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පුදන්න බලන් ඉන්න වීරවංශ වගේ එල කොල්ලෙක්.. මිනිහා හිතන් හිටියෙ ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියලා.
මෑන්ස් ලංකාවෙ ඉතිහාසෙ ගැන එහෙම හොඳට දන්නව. ආයෙ ඉතින් ඇහැවොත් ජැකා වගේ රාජාවලියම එක හුස්මට කියන් එයි විජයගෙ ඉඳන් මහින්ද රාජපක්ස වෙනකන්.
සෙට් වුන වෙලාවට කතා කරන්නෙ රාවණා ගැන.. හම්මෝ කොල්ලා දන්න දේවල්. කවුද පෙප්සිද මිරැන්ඩද කියලා මහාචාර්ය තුමෙක්ගෙ පුස්කොළ පොතක තිබ්බා කියලා මූ කියන කතා ඇහුවනං අම්මප ස්පිල්බර්ග් රාවණාගෙ ෆිල්ම් එකක් ගහනව. දවසක් උතුරු කොරියාවෙ ඉන්න සුදු බූතයා නියුක්ලියර් මෙව්වා එකක් අත්හදා බලපු නිව්ස් එකකට මූ කියපි අඩෝ උඹ දන්නවද රාවණා රජතුමා තමයි මුලින්ම රාමට ගහන්න නියුක්ලියර් වෙපන්ස් හැදුවෙ කියලා.. ඒ කතාව අහලා හිනාවෙන්න හොඳ නැති හින්දා මං ඉතින් ඇහුවා යුරේනියම් එහෙම කොහෙන්ද බං හොයාගත්තෙ කියල.
සිංහරාජෙ ඇතුලෙ තියෙන්නැතිලු. අර පුස්කොළ පොතේ තියනවලු හදන විදිහ. ඒව එලියට දෙන්න බෑලු. මං ඉතින් හා කියලා හිටියා..
පාරෙ බයික් එකක් ගියත් කාර් එකක් ගියත්, අහසෙ ප්ලේන් එකක් ගියත් ඒ පසුපස සැඟවී ඇති රාවණා ටෙක්නොලොජිය ගැන විදග්ධ දේශනයක් අහන්න මට සිද්ධවුණා ඉතින්.
රාවණා ලෝකෙම අල්ලගෙනලු හිටියෙ ඒ කාලෙ. අත්ලාන්තික් කියන්නෙ ඇත් + ලංකාව කියන එකලු..‍රාවණාගෙ ඇත් ගාලක් තිබ්බලු එහෙ.

Saturday, January 28, 2017

එදා රෑ ගුවන් තොටුපලේදී මා...



===ගීතයක අරුත දැනගමු " ගීතයටාරුතක්"===

වෙබ් අඩවි කිහිපයකම ගීත වලට අරිසෙන් අහුබුදු පරදන අර්ත විවරණ දී තිබූ නිසා අද අකලංකාරයෙහි ගෙනෙන විශේෂාංගය වන්නේ "ගීතයටාරුතක්" වැඩසටහනයි..

ඒ සඳහා අද මා තෝරා ගන්නේ මිල්ටන් මල්ලවආරච්චි මහතාගේ " එදා රෑ ගුවන් තොටුපලේදී මා " ගීතයයි..

ඔව් මේ ගීතය ගැන කියනවනම් මෙය තුල පිටින් පෙනෙනවාට වඩා බඹ ගණනක ඉතාමත් ගැඹුරු අර්ථයක් ගර්භාෂ ගත වී තිබෙනවා..

හොඳයි අපි එය විමසමු...

'"
එදා රෑ ගුවන් තොටුපොළේ දී මා
වෙන් වී ගියේ සිතකින් නොවේ...//

නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ....

එදා රෑ...

ඒ වන තුරු ‍රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුණා
එය කීමටයි ලතවුණේ....

එදා රෑ....
                      ""

මේ ගීතය ලියැවෙන්නේ තරුණයන් රට රැකියා වලට යාමට පටන් ගත් මුල් අවධිය තුලයි.. මේ ගීතයේ කියැවෙන තරුණයාද කොරියාවේ රට රැකියාවකට යාමට පෙරුම් පුරා සිටි අයෙක්..

 ඔහුට පෙම්වතියක් සිටි අතර සිටි  ඇගේ නිවසින් ඔහුට බලපෑම් කෙරුණේ රැකියාවක් නොමැති නිසා වහාම විවාහයට පෙර රැකියාවක් සොයා ගන්නා ලෙසයි.. නැතහොත් දුව කැන්දාගෙන යාමට ඉඩ නොදෙන බවයි..
මෙයින් බොහෝ සිත් තැවුලට පත් වී සිටි ඔහු රැකියාවක් සොයා වෙහෙසුනා..