Monday, December 31, 2018

2019


දකුනෙ ඇවිදලා ලංකාවම බලලා පේස්බුක් එන්න මග ඇරිලා යන්තං ඇවිල්ලා බලනකොට අවුරුද්දත් ඉවර වෙන්න ඇවිල්ලා.. මහින්ද මහත්තයා පන්සල් යන තරං මහානායක හාන්දුරුවොවත් බුදුගෙට ගිහින් නැති උනාට ඒ පන්සල් යාමට ගේමක් දෙන්න රනිල් පන්සල් ගිහිල්ලා බුදුපිලිම පොලේ ගහලා කියලා කසුකුසුවක් යන හින්දා විපරම් කරලා බලනකොට දැනගන්න ලැබුනෙ ඒ ලෙවල් ප්‍රතිඵල ඇවිල්ලා කියලා. පස්සෙ දැනගත්තෙ පොලේ ගහලා තියෙන්නෙ ඔලුව කියලා.   කියන්න බෑනෙ ඉතින් රනිල්ගෙ කෞරුහරි ඒලෙවල් කරලා බාරයක්වත් ඔප්පු කරන්න පන්සල් ගියාද කියලා. එහෙම බඩු නෙ. ඒ උනාට පස්සෙ හිතුනා ඒ රනිල්ගෙ කෞරුවත් වෙන්න බෑ කියලා. මොකද ටියුසන් සර්ලා දෙතුන් දෙනෙක්ම දාලා තිබ්බා අයිලන්ඩ් රෑන්ක් දාපු ළමයි ඔක්කොම බිහිකලේ එයාලා කියලා. අනේ මන්දා ඉතින් විධායක

Monday, December 17, 2018

රනිල්..!! යූඇන්පියන්ස්..!!




රනිල් වික්‍රමසිංහ අගමැතිතුමනි, එජාප පාක්ෂිකයනි..

 විජයග්‍රහණයේ අම්මටහුඩු පෙළපාලිය ය, පරමාධිපත්‍යය දිනාගත්තය, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගත්තේ රනිල් ය , අරකය මේකය කියා රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරමින් සිදුකරනා ගොං ආතල් එක දෙස බලාසිටින අතර මෙසේ ලියමි.

ජනවාරි 8, සිරිසේනව ජනාධිපති කලේ ද, මහමැතිවරණයෙන් රාජපක්සලා පරදවා  ආණ්ඩුව පිහිටුවාලූයේ ද රාජපක්ස රජ සමයේ සිදුවූ මනුස්‍ය ඝාතන , රාජ්‍ය ත්‍රස්තවාදය, භීෂණය, බිලියන ගණනින් සිදුවූ මහජන මුදල් මංකොල්ලය, මාධ්‍ය මර්ධනය , නීතියේ ආධිපත්‍යයට, අධිකරණ පද්ධතියට එල්ලව රාජාණ්ඩු මැදිහත්වීම්, ජාතිවාදය ආගම්වාදය , වළක්වා ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය ස්ථාපිත කිරීමට ය.  රටේ බහුතර මහජන විශ්වාසය වූයේ එයය.

Sunday, December 2, 2018

සිරාගෙ බාරේ | Siraage Bare


||

( මෙය, Drill team සංගීත කණ්ඩායමේ දෙවියන්ගේ බාරේ ගීතයේ තාලයට ගීතය අසමින් ගායනා කරන්න.
ගීය අසා නැති අය මේ link එකෙන් පිවිසෙන්න
  https://youtu.be/-Yj1At289rw )

========
සිරිසේන 2018

අහනවනං අහපන්..
නැත්තං..

මතකයි අද වැනි දවසක
ආවා පොදු අපේක්ෂක කියලා මම
මැරකමෙන් ද අඩුපාඩු හොරකම දූෂණ
උඹව අපි පත් කලේ දහයට නිදියන්නද
ජනපති කර ගිවිසුණු පෝරුව
බිඳ පොරොන්දු සිය දින කෝදුව
සිඳ දහසක් දේ ඌ ගියා සමග උගෙම මිනිමරු සමග පව පූරුව
ණයටත් ණයයි අවුරුදු තුනයි
තාම ගනිනවා බහුතරෙ නෑ තමයි
උගෙ මනස රටට කෙල කර කර අදත් ශාප ඒ තණ්හාව
අත හැරියා ජනතාව
සූදු කෙළින්නට උගෙ ආසාව
තක්කඩි ගොඩගහන් උත්සාහ
කළා රැවටිලි හොරු සමග හෙළුවෙන් හැමදාම

Thursday, November 22, 2018

පොඩි උන්ට බොරු උගන්නන එක නවත්තන්න



අපේ රටේ පොඩි උන්ට පොඩිකාලෙ ඉඳන් උගන්නන්නෙ බොරු.

ලෝකෙන් උතුම් රට ය. මේකෙ ඉපදෙන්න පිං කරන්න ඕනෙ ය. මාර අම්මටහුඩු මෙව්වා එක ය. ලොව අන් සියළු දිවයින් මේකට යට ය. අපි ඔය එකෙක්ටවත් පදිරි නැති ය. ඔක්කොටම ගේම ඉල්ලුව ය. සුද්දත් අපිට දෙකට නැමුන ය. අපිව යටත් කරගන්න එක කරන්න බැරි වැඩක් ය. ඔක්කොම සම්පත් තියෙන්නෙත් මේකෙ ය. අවුරුදු හැටහුටාමාරක අච්චර ඉතිහාසයක් තියනව ය. ඇමරිකාවට, ඔය ලෝකෙ ලොකුයි ලොකුයි කියන උන්ට එහෙම එකක් නැතිය. ඉතින් අපිට ඕකුන් අදාල නැති ය.  අපි උන්ට වැඩිය මාරය. උන්ව ගණන් ගත යුතු නැතිය. උන් වැද්දො ය. අපි පොරවල් ය. හොඳම ජාතියත් අපිය, හොඳම ආගමත් අපේ ය. මල් පිපෙන පොකුණු ය. කඳු ගං කැලෑ කුඹුරු ය.. ඔක්කොම තියෙන්නෙ මේකෙ ය. ඔක්කොම කෙරුමො ඉන්නෙ මේකෙ ය. පිංකෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වීවා.. බ්ලා බ්ලා..

දැන් ඔය හැම ලබ්බම තියනවනං. හැම මගුලටම වැඩිය මේක හොඳයි කියලත් කියනව නං ඕන එකෙක්ට හිතෙන්න ගන්නවා යකෝ දැන් මේ රටේ අපි ඉන්න තත්වෙ මේ කියනවා වගේ මාර මෙව්වා එකක්නං

Saturday, November 17, 2018

පුරවැසියනි..!!

"අඥේ අල රතෙත් ගාගන්නවා අඥේ.. ඌක මා එකක්‍යෑ අඥේ.. ඈමදාම පාලිමීන්තුවී ගාගන්නවඥී..." අරහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි එදත් ඒමයි බ්ලා බ්ලා ගා මීට පෙර පාර්ලිමේන්තුවල ගහගත්ත කතා කිය කිය දඟලන්නේ තක්කඩියන් ය.

ඒ ගහගැනීම් සහ මේ ගහගැනීම් අතර කිසිදු සමානකමක් නැත.

සිරිසේන සහ මහින්ද එකතු වී සිදුකලේ රටේ බහුතර බලයට, ජනතා පරමාධිපත්‍යයට පයින් ගසා ව්‍යවස්ථාව බල්ලට දමා රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමකි.

මිලිටරි ජුන්ටාවක් විසින් ජනාධිපතිවරයා අත්තඩංගුවට ගෙන සන්නද්ධව කරන රාජ්‍ය බලය පැහැර ගැනීමක් හා මෙහි ඇති එකම වෙනස වන්නේ සන්නද්ධ නොවීම හා මිලිටරිය මැදිහත් නොවීම පමණකි.

නමුත් සිරිසේන විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන හා පොලීසිය ගැසට් කර සියතට ලබාගෙන ඇත.
.

Saturday, November 10, 2018

ව්‍යවස්ථා විෂම චක්‍රය



මේ ව්‍යවස්ථා සීන් එකට අනුව,

ජනවාරියෙ ඡන්දෙ තියනවා

දිනන්නෙ පොහොට්ටුව නං

1)  මහින්දව සිරිසේන අගමැති කරනවා.

2) මහින්දව සිරිසේන අගමැති කරන්නෑ.
  ( ජනාධිපතිතුමාට හිතුනෙ නැත්තං බහුතරයක් තිබ්බට වැඩක් නෑනෙ. )

(1) උනොත්,

ටික දවසකින් මහින්දව එපා වෙනවා.
( 1)  ( අ ) පාර්ලිමේන්තුව කල්දානවා.
 (1)  (ආ )  පාර්ලිමේන්තුව විසුරෝලා ඡන්දෙකට යනවා.

Thursday, November 8, 2018

පාර්ලිමේන්තුව මොකටද



දැං බහුතරේ කැමැත්ත තියනවා කියලා ජනාධිපති හිතන කෙනානං අගමැති වෙන්නෙ,
ඒකට පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නන්න ඕනෙත් නැත්තං,
ජනාධිපති උත්තමයට එහෙම හිතෙන හිතෙන වෙලාවට අගමැති වෙනස් කරන්නත් පුළුවන්නං..

 පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා හෝ ඡන්දෙකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑනෙ..

ඒ තර්කෙන් බලනකොට පාර්ලිමේන්තුව කැඳවලා ජවිපෙ බහුතරේ පෙන්නුවත් ( හරි නිකමට එහෙම හිතමු ) අනුරට අගමැති වෙන්න බෑ..

උතුරෙ ඉඩං සහ බයි සහෝදරවරු


ස්‍රේස්ට ඔක්තෝබර් විප්ලවේට කලින් උතුරෙ මිනිස්සුන්ගෙ ඉඩම් නිදහස් කිරීම ගැන ඉස්සර වචනයක් කියන්න බැරුව හිටියෙ. නිදහස් කරනවා නෙමෙයි දැන් තියන ඉඩං වල ප්‍රස්ණයක් ගැනවත් කතා කරන්න බැරුව හිටියෙ. ඒ මිනිස්සු කොටි ය. ඒවා කොටි ඉඩම් ය. ඔය නිදහස් කරන ඉඩම් දෙන්න හදන්නේ කොටින්ටය. ඒවා හමුදාවේ ය. අක්කර දාස් ගණන් කඳවුරු තියාගෙන ඉන්නේ ජාතික ආරක්සාවට ය. බ්ලා බ්ලා බ්ලා.

එතකොට ඒ මිනිස්සුන්ගෙ පාරම්පරික ඉඩම් නැවත දෙන්න කතා කරනකොට මහින්ද මහත්තයා නිදහස් කරපු අක්කර 12000ක්ද කොහෙද ඇරුණාම එතනින් එහා අඟලක්වත් දෙන්නම එපා කියන තැන තමයි විමල් වීරවංශ උදය ගම්මන්පිලලා සහ අවසේස බයි ජනතාව හිටියෙ.

දෙන්න කතා කරන උන් , ඉල්ලන උන් ඔක්කොම කොටි කියලා හංවඩු ගැහුවෙ.

ඊට පස්සෙ හිරේ නඩු අහන්නැතුව අවුරුදු ගණන් තියාගෙන ඉන්න දෙමළ සිරකාරයො ගැන කතා කරනකොටත් එහෙමම තමයි කිව්වෙ.

Thursday, November 1, 2018

ඇමතිලා ඇමතිලමමයි මල්ලියෙ තාම


" පොඩ්ඩියේ "  ගීතයේ තාලයට ගායනා කරන්න
.
ඇමතිලා ඇමතිලමමයි මල්ලියෙ තාම
දින්නේ උන් තමයි පැරදුනේ අපි නේද
කෝටි ගණන් අරගෙන උන් පැන්නාම
ඡන්දෙදි කවදාද ඉල්ලුවෙ අපි ගේම...

කැමති පැත්ත පනි'නුන් පත්තිනි වේනං
අනේ සනී ලියොනුත් වර්ජින් එහෙනං
උන් පැන බලේ ගත්තම හැම විසඳේනං
ඡන්දෙ දෙන්නෙ මොකටද පාඩුවෙ හිටපං..

Tuesday, October 30, 2018

අතිගරු ජනාධිපතිතුමනි..!!




 #ඔබදඅගමැතිමමදඅගමැති වැඩසටහන සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන්

ඇත්තටම මේ මොහොත වන විට මම ඉතාම ව්‍යාපාර තත්වයකට පත්ව සිටිමි. ( edited 01 - අහ් සමාවෙන්න ව්‍යාකූල තත්වයකට.  මේ දවස් වල එහාට මෙහාට එකතු වෙන්න මිලියන් ගණන් වලින් එන ආරාධනා නිසා පැටලුනා.)

පෙර ජනාධිපති අපේක්ෂකකම බාර ගන්නැයි කී ලෙසින්ම චමල් අගමැති උනානං හරියි කියා යම් යම් යෝජනා සහ අදහස් සහ ඉල්ලීම් එකදිගට මා හට එල්ල වෙමින් පවතියි.

එමෙන්ම

Monday, October 29, 2018

ඝරසරප මහින්ද

ඔබ දන්නවාද පවත්නා දේසපාලන වාතාවරණය හා මහින්ද රාජපක්ස අගමැති වීම පිළිබඳව ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප චිත්‍රපටයේ " හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ " ගීතයේ සඳහන්ව ඇති බව..??

"හැම දෙයක් පෙනේ එක දෙයක් වගේ
මම විඳීම් සෙනේ මහ මෙරක් වගේ ..."

මහින්ද රාජපක්ෂගේ කෝණයෙන් බලන විට ඔහු අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් පසු  ජනාධිපති අගමැති ඇතුළු සියළු බලය සමග 2015 ට පෙර සිටි තත්වයෙන්ම සිටින බවත් දැන් අගමැති වුවත් ජනාධිපති අගමැති ඕනෑම තනතුරක බලය ද පාර්ලිමේන්තුව නොකැඳවුව ද එහි බලයද ඔහුගේ අතේ ඇති බව ද දැන් රටේ සියළු දේසප්‍රේමී ජනතාවගේ ආදරය මහ මෙරක් වගේ ලැබෙන බව මේ පද වලින් කියැවෙයි.

Thursday, October 25, 2018

ගුටිකන වහල්ලු එපා..



මට හොඳටම මතකයි මම එක වසරෙ දෙක වසරෙ ඉන්නකොට උගන්නපු ටීචර් වේවැල අතේ තියාගෙන ඉන්නෙ. මාර බයයි එයාට. අකුරක් වැරදුනොත් ගහනවා. අන්තිමේදි මම ඉස්කෝලෙ යන්න බෑ කියලා ගෙදර හිටියා.. ඉස්කෝලෙ ගියේ කලාතුරකින්. ඒකටත් මට බනිනවා. පන්තියෙ ඉන්නෙ පට්ට ප්‍රෙෂර් එකකින්.

 හැබැයි තුන වසරෙදි ඒක සම්පූර්ණයෙන් වෙනස් උනා. තිස් පහක විතර තරුණ මිස් කෙනෙක් හිටියෙ. එයා කතා කියනවා , ලස්සනට තාලෙට සින්දු කියනවා. කවදාවත් ගහන්නෙ බනින්නෙ නෑ. ළඟට ඇවිල්ලා කියලා දෙනවා වරදින ඒවා.  මම ඒ දවස් වල අසනීප උනත් ඉස්කෝලෙ යන්න ආසාවෙන් හිටියෙ. ටීචට ඕන දෙයක් කියන්න තරං සමීප බවක් විශ්වාසයක් තිබ්බා..

මේ ළඟදි  කුරුණෑගල පැත්තෙ අත් කකුල් වලින් ලේ පනින්න.. ඉදිමෙන්න.. ඉස්කෝලෙ යන පොඩි ළමයෙක්ට ගහලා තියෙද්දි, අනී අපිත් ගුටිකාලා තමයි මෙහෙම "තැනකට" ආවෙ කියලා කියන කැන්ද හැලපයො ටිකක් දැක්කා. උන් හිතාගෙන ඉන්නෙ උන් දැන් මාර තැනක ඉන්නවා කියලා.

Thursday, October 18, 2018

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම





පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කරන්නේ හැලප තැම්බීමට , දියවන්නා ඔයේ ගප්පි ඇල්ලීමට, ආච්චිට හාල් ගැරීමට, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පාලුවට යාමෙන් " වෙනත්" පෙරේත කුම්භාණ්ඩ පිසාචයන් අරක් ගැනීම වැලැක්වීමට නොව රටේ නීති සම්පාදනය කිරීමටය. රට සංවර්ධනය හා මහජන සුබසිද්ධිය උදෙසා තීන්දු තීරණ ගැනීමට හා සාකච්ඡා කිරීමටය..
*
2015 අගෝස්තු 17 පැවැත්වූ අවසාන මහමැතිවරණයේ වියදම කෝටි 400ක් පමණ වේ..
*
2018 ජනවාරි 01 සිට 2018 ඔක්තෝබර් 01 දක්වා පාර්ලිමේන්තුව දින 58 ක් රැස්වී ඇත..
*
එයින් කිසිදු දිනක මන්ත්‍රීවරුන් 224 දෙනා ( කතානායක හැර)  සම්පූර්ණයෙන් පාර්ලිමේන්තු පැමිණ නැත.
*

Tuesday, October 16, 2018

ආදරය තහනම් රටක්..!!



රටක සංස්කෘතිය
ආදරය තහනම් කරනවනං
ඒ සංස්කෘතිය කොහොමද දියුණු එකක් වෙන්නෙ...
රටක සංස්කෘතිය
සිප ගැනීමක් අපරාධයක් විදිහට දකිනවනං
ඒ සංස්කෘතිය කොහොමද උත්කර්ෂයට නගන්න කියලා කියන්නෙ..
ආදරය කිරීම බිත්ති හතරකට සීමා කරගන්න කියනවනං...
මහ පාරෙ ඝාතනයකට වැඩිය සිප ගැනීමක් අපරාධයක් වෙනවනං...
ඒක යහපත් සංස්කෘතියක්ද..??
ආදරය වාරණය කරන, නොඉවසන තැනක් රටක් ද..?
ආදරය තහනම් උනාම එතන මිනිස්සු ඉන්නෙ කොහොමද..
මම අරාබියක ජීවත් වෙන්න ආස නැහැ.
අරාබියට තෙල් තිබ්බට අරාබිය අඳුරුයි තාම..
මිත්‍රවරුනි
ඒ සංස්කෘතික අන්ධකාරය අපිට එපා...

Monday, October 1, 2018

ආට් මිස්


සන්නස්ගලගෙ ගෙ භික්ෂු පරිච්ඡේදය කියවන්න පටන් ගත්තා.. පොතේ පිදුම ලියලා තියෙන්නෙ අත්වැඩ උගන්නපු පිසික්ස් ගුරුතුමාට.. ඇයි කියලා දැනගන්න පොත කියවලා බලන්න..

ඕක කියෙවද්දි මට මතක් උනේ මගේ චිත්‍ර ටීචව.
මගේ ජීවිතේ මතක හිටින ගුරුවරු හිටියෙ පොඩි දෙනයි. උපරිම පහක් ඇති. ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ මිරිහාන මිස්. මිස් කළුයි. ටිකක් මහතයි ඉස්කෝලෙ චිත්‍ර උගන්නපු ටීචර්. හය වසරෙ ඉඳන් ආට් ඉගැන්නුවෙ ඒ මිස්. පොඩි කාලෙ ඉඳන් චිත්‍ර අඳින්න ආස හින්දා චිත්‍ර තෝරගත්තා හය වසරෙ. චිත්‍ර පීරියඩ් එකේ ආට් රූම් එකට යන්න ඕනෙ. පන්තියෙ ඉඳන් ටිකක් දුරින් තියන හින්දා ඔය යන අතරෙ කැන්ටින් ගිහින්, බයිට් කාලා, පරක්කු වෙලා ආට් රූම් එකට ගියාම මිස් ගහලා නෑ. බැන්නත් තේරෙනවා තරහකින් බනින්නෙ නෑ කියලා. දවස් දෙක තුනක් මාට්ටු උනාම එලියට වෙලා ඉන්නව කියලා විනාඩියෙන් ඇතුලට ගන්නවා... ආ දැන්ද එන්නෙ කියලා අහලා චිත්‍ර අන්දනවා.. මිස්ගෙ පොත දීලා නෝට් එක ලියාගන්න කියනවා...  පන්සල් වල චිත්‍ර, චෛත්‍ය වල හැඩ, සැරසිලි මෝස්තර ඒවා මේවා.. ඉස්සර හිටපු චිත්‍ර ශිල්පියො ගැන, බුදු පිළිම, මැටි වගේ කර්මාන්ත ගැන තමයි සිලබස් එකේ තිබුණෙ. අදටත් ගොඩක් ඒවා මතකයි.

වෙන වෙලාවට පීරියඩ් එකක් කට් කරන්නෙ කොහොමද කියලා බලාගෙන ඉන්න මට ආට් රූම් එක පට්ට නිදහසක් දැනුනා.. ඔහොම 8 9 වසරවල් වලට එනකොට අන්තිමේදි මං වෙන සබ්ජෙක්ට් එකක් තියන වෙලාවට පවා කම්මැලි හිතුනම ආට් රූම් එකට යනවා.. එතන එක එක වැඩ වෙනවා. ඉස්කෝලෙ උත්සව වලට ඕන රෙජිෆෝම් කපන වැඩ, බෝඩ් අඳින අකුරු ලියන වැඩ, ඔය වගේ ගොඩක් ඒවා.. එක්කො සංගම් වල එක එක ඩේස් වල ආට් වැඩ වගේ ඒවා. මං ඉතින් ඕවත් බලාගෙන ඉන්නවා..

Thursday, September 27, 2018

පුක


පිදුරංගල කේස් එක හිතුවට වැඩිය දුර ගිහින්.. කොල්ලො ටිකව රිමාන්ඩ් කරලා..  පුකක් පෙන්නීම ජාතික ප්‍රශ්ණයක් කරගන්න තරමටම නටන ලංකාවෙ දායක සබාවෙයි පොලීසියෙයි ආගමික ආයතනවලයි මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්..
ඕක ගැන මෙච්චරයි කියන්න තියෙන්නෙ..
ඔය ප්‍රශ්ණෙට විරුද්ධ වෙන්න ක්‍රම දෙකක් තියනවා.
1) සංස්කෘතියට ආගමට ඌයියා වීම
2) නෛතිකමය ආකාරයෙන්
ඔය ප්‍රස්නෙ මහාලොකු මෙව්වා එකක් කරගෙන නටන උන්ගෙ බේස් එක පළවෙනි එක. ඒ කියන්නෙ සංස්කෘතියට සභ්‍යත්වයට හානි උනා කියන එක..  උන් මේකට තියන නීතිය ප්‍රසිද්ධ ස්ථානවල අවිනීතව හැසිරීම මේකට ගේන්නෙ සංස්කෘතියට රිදුනා කියන එක ඩිෆෙන්ඩ් කරන්න..  සරල කතාව මේකනෙ.. පුකක් හින්දා මොකක් හරි ආගමක් හරි සංස්කෘතියක් හරි විනාස වෙනවනං උඹලා දෙපාරක් හිතන්න ඕනෙ උඹලා පුකකින් හානි කරන්න පුළුවන් මට්ටමට දාලා තියන උඹලෑ සංස්කෘතිය සභ්‍යත්වය ගැන.
ඒ වගේම නිරුවතක් දැකලා උඹලට ඌයියා වෙනවනං ඒක උඹලගෙ ගෝත්‍රිකකම.  ( ඔව් පාරෙ හෙලුවෙන් යනවද වගේ මොංගල් තර්ක දාන්නෙපා. දියුණු රටක උන්ට ගෑනියෙක්ගෙ කකුලක් දැක්කම අවුල් නෑ කියලා උන් හෙළුවෙන් පාරෙ යන්නෙ නෑනෙ. හෙලුවෙන් ගියත් උඹලා වගේ ඒක රටේ ජාතික ප්‍රස්ණයක් කරගන්නෑ.. දැන් අහන්නෙපා ජාතික ප්‍රස්ණ මොනාද කියලා. පුකක්නං ජාතික ප්‍රස්ණයක් වෙන්නෙ නෑ කියලා සරල අවබෝධයක් තියනවා මොළයක් තියනවනං උඹලට නැති උනාට. )
ඊළඟ එක තමයි ඔය මහරහතුන් අච්චර මෙච්චර හිටියා දෙයියනේ උන්නාන්සෙලටනේ මේ පුක පෙන්නලා තියෙන්නේ කියන කතාව.උදේ ඇහුවා ප්‍රශ්ණයක් බුදුහාමුදුරුවො පිදුරංගල හිටියනං මොකක් වෙයිද කියලා.. දායක සභාවෙ උන් ඇවිල්ලා ඒ උනත්, ඒත් මේත්, බ්ලා බ්ලා වැල් වටාරම් ලිව්වට උන් එකෙක්ටවත් කොන්දක් තිබ්බෙ නෑ බුදුන් හිටියනං කියන්නෙ අනුන්ගෙ පස්සවල් ගැන හොයන්නැතුව තමන්ගෙ දෙලොව දියුණුව සලසාගන්න සහ පුකකින් සාසනය විනාස වෙන්නේ නැති බවත් එය රැකීමට කල යුත්තේ පුක කූඩුවේ දැමීම නොව ධර්මය පිළිපැදීම බවත් කියන එක.

Tuesday, August 28, 2018

|සමාන්තර ලෝකයක|



අව් රශ්මිය දැඩිය..
සළු වලින් හිස් ආවරණය කරගත් කාන්තාවෝ සල්පිල පුරා එහෙමෙහෙ ඇවිදිති. නීච ශුද්‍රයන් සිව් දෙනෙකුගේ කරමත තබාගත් දෝලාවක ගමන් කරමින් සිටිනා කුමරෙක් අව් රශ්මියෙන් විඩාපත්ව වේගය මද කල ශුද්‍රයන්ට කසයකින් තලමින් සිය හිතවතෙකුට අත වනයි..
මේ අතර කඩපිලේ උණු කිරි පානයක් පානය කරමින්..
අහ් කොහොමද ඉතින්.. කාලෙකින් දැක්කෙ..  දීපිකා සනීපෙන්ද..
අනේ ඔව්.. දරුවා ලැබෙන්න කියලා විශාලාවෙ අම්මලෑ ගෙදර ගියා..කොහොමද ඉතින් වැඩ..
දන්නැද්ද ඉතින්..  තාත්තගෙ කුඹුරු බලාගෙන ඉන්නවා...
ආ දන්නවද වැඩක්.. තමුසෙ අර හොඳයි කිය කිය හිටිය ඔටුන්න හිමි සිද්ධාර්ථ කුමාරයා...
ඔව් මොකක්ද වෙලා තියෙන්නෙ..
ගිහිගෙය හැර ගිහින් බුද්ධත්වයට පත් වෙලා කියලා අලුත් ධර්මයක් දේසනා කර කර ඇවිදිනවා..
ආ ඒක ඇත්තක්ද.. මට කනින් කොනින් ආරංචි උනා.. මං විශ්වාස කලේ නෑ..
නැත්තෙ මොකද.. අන්න අපේ ශ්‍රේෂ්ඨ බ්‍රාහ්මණ ධර්මයට අපහස කර කර ඇවිදිනවලු.. කෑම හිඟා කනවලු... ශුද්‍රයන්ගෙ මුඩුක්කු වලට පවා යනවලු.. උන්ට ආශිර්වාද කරවලු..
මොනවා..??

Tuesday, August 21, 2018

කලාව සාහිත්‍යයෙන් පණිවිඩ ??



අම්මී තාත්තී ලොකු අම්මී අනී බලන්නකෝ අනී ඊ මෙව්වා ඉකින් ෂමාජෙට දැයී දලුවන්ට මුකුත් පණිවිඩයක් නෑ අනී..අයියෝ දෙයිහාදුර්වනී.. සීවලං දෙයියනී ඉගෙනගන්නී දියක් ඊකෙන් නෑනී.. අයියෝ ඌවා තානං කලන්නෝනී.. මට මුකුත් තේලුන්නෑනී.. ෂමාජෙට පණිවිඩයාක් නැතීන්දා ඊවා පොතක්වාත් කලා නිල්මාණියාක්වත් නිමීයී....බ්ලා බ්ලා..
සමහර උන් හිතන් ඉන්නව  සාහිත්‍ය හෝ කලා නිර්මාණයක් නං ඒකෙන්  අනිවාර්‍යයෙන් උන්ට උන්ගෙ අම්මටසිරි ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මොකක් හරි පණිවිඩයක් ලැබෙන්න ඕනෙ කියලා. හොඳ දරුවෙක් වීමේ මග, ධනවාසනාව උදාකරගන්නා ආකාරය, ගෝලීය ධනේස්වරයේ තුන්වෙනි කාර්තුව හමුවේ පීඩිත පංතිය නැගීසිටින්නේ කෙසේද  ලොවේ ෂැමා එකම ඩැයේ ඩූ ඩරුවන්ඩ..? වාදම් ඉල්ලෙයි බේදම් ඉල්ලෙයි අලගිය උලහම් නාලෙයි මලහිරදූ,.. වගේ මොකක් හරි මගුලක් උන්ට ලැබෙන්න ඕනෙ කියලා.
ඒ වගේම උන්ට ඒක තේරෙනෙ නැත්තං ඒක වැඩක් නෑ ඒක කලා නිර්මාණයක් නෙමෙයි කියන   බහුබූත මානසිකත්වෙක ඉන්නවා. පණිවිඩයක් නෑනී ඉතින් ඊක වැඩක් නෑනී කියලා නහයෙන් අඬන නිර්මාණෙකත් උඹලට පේන්නෙ නැති මොකක් හරි තියෙන්නත් පුළුවන්.

Saturday, August 18, 2018

මාජ්ජවේජීන්, කීත් නොයාර්, මහින්ද රාජපක්ස


මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම සම්බන්ධ පරීක්ෂණයට අදාලව  cid එකට කටඋත්තර දීලා එලියට ආවම මීඩියා වලින් මහින්ද රාජපක්සගෙන් ප්‍රශ්ණ කරනවා.

කරූ ජයසූරිය මහින්දට කෝල් කරලා කියපු හින්දා මහින්ද රාජපක්ස අදාල පැහැරගෙන ගිය පාර්ශවයට කතා කරලා කීත් නොයර්ව නිදහස් කලාද කියලා..

ඒක මතක නෑ කියලා ආයෙ මහින්ද රාජපක්ස කියනවා..

" නිදහස් වෙලා යන එක වරදක්ද..?? "

 කියලා CID නිලධාරීන්ගෙන් එයා ඇහුවලු
.

දැන් ඔතන හිටපු මාධ්‍යවේදීන් කියලා කියාගන්න එකම එකෙක්ටවත් බැරි උනා අහන්න.

නිදහස් කලා කියල කියනව නං ඔබතුමා ඒ පැහැරගැනීම ගැන දැනුවත්ද..?

දැනුවත්නං ඔබතුමා පැහැරගෙන ගිය පාර්ශව එක්ක ඔබතුමාගෙ තියන සම්බන්ධය මොකක්ද..?

Friday, August 17, 2018

වාරණය ගෝත්‍රිකය



අදහස් හෝ කලාව හෝ වාරණය, තහනම කියලා කියන්නෙ ගෝත්‍රික මෝඩයො ගන්න ගොං ආතල් එකක්.  උන් හිතන් ඉන්නව මොකක් හරි උන් අකමැති අදහසක් වාරණය කලාම , තහනං කලාම උන්ගෙ මතවාදෙට අම්මටහුඩු අමරණීය පැවැත්මක් හම්බෙයි කියලා. මේ ලෝකෙ අන්තිම මනුස්සයත් වඳවෙලා යනකන්ම උන්ගෙ මතවාදෙ ඔලුව උඩ තියාගෙන ඉන්න හම්බෙයි කියලා.

අනේ බිමට බැහැපන් කරුණාකරලා..!!

 තමන් මාර ලොකුයි කියලා හිතන් ඉන්න ආගමික, දේසපාලනික, සංස්කෘතිකමය හෝ මොනයම්ම හෝ අම්මටහුඩු බඩකඩිත්තුවකට රිදෙනකොට තමයි රජයට හෝ වෙන කාටහරි හෝ අර රිදෙන අදහස වාරණය කරන්න , කරපු එකාව මරාගෙන කන්න හෝ කුණුහර්පෙන් බනින්න හෝ හිතෙන්නෙ.

ඉතින් හොඳට මතක තියාගන්න.. එහෙම වාරණය කරන්න හිතෙන මොහොත තියනව නේද.. එහෙම හිතෙන මුල්ම තප්පරය.. අන්න ඒ තප්පරේදි උඹලා හිතාගෙන ඉන්න අර මහා ලොකු ශුද්ධවූ බඩකඩිත්තුව කුඩුපට්ටම් වෙලා ඉවරයි කියන එක. උඹලා එක්කම උඹලගෙ අදහස් මැරිලා ඉවරයි කියන එක. අර උඹලා වාරණය කරපු එක කොච්චර ගොං පාට් එකක් උනත් උඹලා ඊට දක්වන්නෙ අර වගේ ගෝත්‍රික ප්‍රතිචාරයක් නං ඒක තවදුරටත් ඉස්සරහට යනව මිසක් නවතින්නෙ නෑ කියන එක..

Sunday, August 12, 2018

මහාමාත්‍ය ඓසූර්ය දේවප්‍රියාධාන ජන දුක්ඛ දුක්ඛිත පශ්චාත්භාග රක්තතප්ත ආසන කතාවත්තුව


|

මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණන්වාන්සේ රාජබලය අතෑර මන්ද මූලනයට බාවනාව පිණිස නික්ම ගියාවූ පසු සිංහාසනාරූඪවූ  සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ  ටෙලිවීසනායෙහි බියුටිකල්චරයෙහි යෙදෙන්නාවූ සැලෝනියක විසින් වැලි කරදාසියෙන් කපා ඔපමට්ටම් කර පොටි ගල්වන ලද්දාවූ බ්‍රයිඩියාවකගේ මුහුණතක් මෙන් නේක ශ්‍රීන් බබලවමින් ටසිරිලක රාජ්‍ය විචාරන සමයෝයැ. මෙකල් හී ටසිරිලක වැස්සෝ ධනයෙන් බලයෙන් සුවයෙන් සංතෘෂ්ඨියෙන් කෙසේ සිටියෝද කියතොත් උන් සිය නිවෙස් වෙත යාම නවතා රේල්ලුස්තානයන්හී ද බසාස්තානයන්හීද රැය පහන් වන තුරාවට ගී කියමින් කල් ගත කලාහ. නටන ලද්දාහ.
ඉදින් ටසිරිලක  බටහිර ජනපද ප්‍රාන්තය වනාහී ටසිරිලක ශ්‍රී සමෘද්ධියෙන් ආඪ්‍යට පත් ප්‍රාන්තයමැ විය. සෝබාව දේ මෙපුරය. සිරි විසිතුරු බලනා ඡන්ද දායකයෝමයැ. මග ප්‍රියකරුයැ. සුසුදු වලා කැරලි කොටුව දිගේ අතුරාය. අහස සූරන මැදුරුයැ. ජේත්තූකාර ලියන් ගත විලවුන් ලා මිටින් ගතෑකි ඉඟසුඟ නලවමින් ගමන් යති. ජිම් ගියාවූ පුරුෂයෝ පොළොවට බරාඩි තබමින් ඇවිදිති. ආස්චර්‍යයමත් කෝලම්තොට මෙහි අගනුවරයැ.
මේ මහා ප්‍රාන්තය පාලනය කලාහූ නම් ඓසූර්ය දේවප්‍රියාධාන නම් වූ මහාමාත්‍යයෝ යැ. 

Monday, July 23, 2018

රන්දියවර මංගල්ලය

අසේල බණ්ඩාරනායකගේ හඬින්...

ඔව් ප්‍රිය ටසිරිලංකා ඒකාධිපති ෆැසිස්ට්වාදී රාජාණ්ඩුවෙ වහලජනතාවනි. සුවහසක් ටසිරිලාංකේය ප්‍රේක්සක හිතෝතුන් සමග.. ආ සමාවෙන්න ඡන්දදායක හිතෝතුන් සමග උරෙනුර නොගැටී...

( මේ අතර රූපවාහිනියේ මල්ටි බැරල් තොප්පිගල පොලොව ඉඹින දර්සන., වේල්ලට උඩින් ඇඟ කිලිපොලා යන ඩ්‍රෝන් කැමරා දර්සන  )

අපගේ මහරාජාණන් වහන්සේ සිය අක්කර දසදහසක පොල් ඉඩම සහ සිය පාරම්පරික වලව්ව සින්නක්කරව චීනෙට ලියා දී ලබාගත්තාවූ ඩො.. ඩොර.. ඩොල.. ඩොරල්.. ඩො.. ආ ඇමරිකන් මුදල් ඒකකය.. යොදවා නිමකලාවූ මේ යෝද ජලාසයේ වාන් වසා නාමල් මිටක් සුදු දෝතින් අරන් ඉස.. රන් දියවර පිරවීමට පෙර මා ආරාදනා කරනවා එක් ගීත කෝකිලාවියකට..

ඩූම් ඩූම් ඩූම්.. ටක්කර ටක්කර ටිං..ඩිෂ්....

ඇගේ නමට... අකුරු තුනා...යි.. අකුරු තුනට රටම නටා....යි...

ආයිබොන්නෑ කියා සිව්බඹ විහරණෙන්.. ආ ආ මොකක්ද.. ආ සමාවෙන්න.. ආයුබෝවන් කියා සිව් බඹ විහරණෙන් යාපා පටුනෙන් උතුරෙන් ආ ඇගේ නමින්  පටුමගවල් පවා නම් විය..

පිළිගන්න... ජලාස පතුලේ දිය පිරවෙන ඉසව්වේ සිට..
සහේලි... හේලී හේලී ලී ලී...!!

ආයුබෝවේවා..... මහරජානෙනී......

( අතවනන බබාලා වඩාගන්නා විසුවල් එක.. )

ඒ මදුර මනෝහර හඬින්.. ඔබේ දෙතන්.. ආ  ඔබේ දෙකන් පිරවූ පසු ඔබේ දෙනෙත් පිරවීමට මේ ආරාධනය....
කාටද කාටද... ටද.. ටද.. ද... ( පසුබිමින් - කියනව ඕයි ඉක්මන්ට.. දාඩියයි )

ඔහුගෙ නමටත් අකුරු තුනා...යි.. ඒ අකුරු තුනටත් රට ඇත්තටම නටා..යි.. ඔහුත් නට...යි..
පිළිගන්න.. සාම්ප්‍රදායික කලාකෙත අතික්‍රමණය කරමින්  නගුනෙල් ට්‍රැක්ටරෙන් සුනාමි බූතයා දක්වා ටසිරිලක නර්..තනය.  ලෝකෙට ඔසවා තැබූ කන්ථක පිටින් ආ..

ඡන්න.. න්න.. න්න.. න.. න.. සමග

අතුල සමිතා , සනත් මල්කාන්ති, විජය මාලනී, ජෝති පාල ට පසුව හෙල සිංහල භාෂාවට එක්වූ සදාදරණීය යුගල පදය.. උන්ගෙ නමට අකුරු හතා....යි අකුරු හතට ලොවම නටා...යි..

මනුසත්කුලේ මනුසතුන්ගේ හොයියා හෝයියා නාදයෙන් උන්මාදනී ෂැංග්‍රිලා.. ආ සමාවෙන්න.. උන්මාදනී හැංගිලා නෙරිය ළඟින් ඉඟ පෙන්නා බයිලා රී මික්ස් කල අපේ යුගල පදය..
පිළිගන්න.. දැන් වේදිකාවේ....
ආ.. ජලාස පතුලේ... බාතිය... සංතූ....ස්..තූස්..තූස්...ස්ස්ස්ස්ස්ස්...

( ජලාස පතුලේ මඩ පාගමින් සර්පෙක්සෙල් චික්ක චිකා නර්තනයක් සමග ලංකා මාතා ගීතය  ) ...

ඔව් මා පිය ප්‍රේක්සක හිතෝතුනි.. මින් අනතුරුව අපගේ ගෞරවනීය පූජනීය නමස්කාරපූර්වක අති උතුම් මහරාජාණන් වහන්සේට මේ උත්සව සභාව ආමන්ත්‍රණය කිරීමට ආරාධනා කිරීමට මා ගෞරභහුමානයෙන් යුතුව ආරාධනා කරනවා හෙළයේ මහා සිංහලේ සිනමා වංශකතාවේ ප්‍රවීණ රංගදර ඉතිහාසඥ ජැක්සන් ඇන්තනී ශ්‍රීමතාණන්ට..

හ්ම්.. ( උගුරෙන් බර වොයිස් එකෙන් ) ස්තූතියි නිවේදක මහතාණෙනි.. මේ.. ලක් ධරණී තලය සිසාරා දීඝඝාමනී පරපුරේ.. ඒ... යක්ඛ ලේ ධාතුවෙන් උත්කර්ෂයට නංවන ලද්දාවූද පූර්වයේ ලාට රට සිංහ රාජයෙකුට... මහා මිඟිඳෙකුට දාව සුප්පා නම් වූ රාජෝත්තමීවහන්සේගේ කුසින්  උත්පත්ති පූර්ණය ලද්දවූ සිංහබාහු නම්වූ මහා මිනිස් සිංහ මහා පුරුෂයාගේ පරපුරෙන් පැවතෙන විජයෝත්තම කුමරුන්ගේද රාජ උරුමය ලබමින් සිව් ගෝත්‍ර එක්කර ගොඩනැගූ සිංහලයේ ත්‍රීසිංහලාධීශ්වරයාණන් ඉදිරියේ සිට පැරකුම් සමුදුර නේවසංඥානාංඥායතනය කරවන මේ මහා උත්තුංග ජලධාතුව කම්පණය කර මයික්‍රපෝනය අනුනාදය කරන්නට ලැබීම මහා භාග්‍යයක්.. අපෙ හාමුදුරුවනේ ඒ දඹදිව් තලයෙන් විශ්වයම ත්‍රී සහස්සී ලෝකධාතුවටද පරම පූජනීය වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආර්‍ය පරපුරේ ඥාතීත්වයක් පවතින්නා  වූ ගැමුණු කුමර පරපුර රෝහණයෙ මාගම සිය බලකේන්ද්‍රය කරගත්තා. මේ පරපුරේ ඥාතී රාජකීය රුධිරය තමයි අදටත් මාගම බෙලිඅත්ත ගිරුවාවපත්තුවේ පවතින්නෙ.. ඉතින් ඒ ශ්‍රී රෝහණ ජනරංජන අතිගරු අපේ මහරජාණෝ මේ සිද්ද කරන්නට යෙදුනේ එසේ මෙසේ කර්තව්‍යයක් නෙමෙයි.. හ්ම්...

අපරදිග අතික්‍රමණය කල රණශූර මහා පැරකුම්බා රජු පවා විශ්මයට පත්වන්නාවූ අතිශය ශ්‍රේෂ්ඨ සියුම් වාරි කර්මාන්තයක්..

ඉතින් මා කියා සිටිනවා.
අතිගරු මහරජානෙනී..

මේ මහා දිය කඳ.. මෙතුන්ලෝකයටම බලපවත්නා වූ විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ආදි කොට ඇත්තාවූ සතරමහා දෙවිදේවතාවුන් වහන්සේලා  විශ්ණු කතරගම ආදී අප රකින්නාවූ ලෝකපාලක දෙවිදේවතවුනි.. අපත් අප රජයත් රැකදෙත්වා.. ආවඩා... අයුබෝ වේවා..

මා ඉල්ලනවා මේ රටේ සුවහසක් ජනී ජනයාගේ ඉල්ලීම.... මේ මහා වාරි කර්මාන්තය කල මහ රජාණෙනී.. මේ රටේ ජනයා ඉල්ලාසිටිනවා.. පෙර රජදරුවන් ලෙසම තුන් සිංහලය එක්සේසත් කලාවූ ඔබ වහන්සේගේ නමින් මෙය නම්කරන ලෙස...

පැමිණෙන්න මැතිඳ මේ වේදිකා මස්තකයට....

( පැමිණ සිටින සම්භාවනීය අමුත්තන්ගේ අත්පොලසන් නාදය ඇසෙද්දී කැමරාව ජලාසයේ නාම පුවරුව දෙසට නාභිගත කරයි. )

" මොරගහකන්ද චමල් අකලංක පොල්වත්තගේ අන්තර්ජාතික ජලාසය "

.
.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, June 26, 2018

මස්තිෂ්කාභිධාන රෞනීල විකුම්සිහ තැපැල් පක්ෂි වර්ජන කතාවත්තුව

ඉදින් පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ සංගීතයෙහි සප්ත ස්වර සංකලනයෙහි ගාන්ධර්ව අජිතෝත්තම මුත්තුකෞමාරණුවාණෝ නේක නේක බසයෙහි සිය හඬ පෞරුෂය පතුරන්නාක් මෙන් ටසිරිලක උත්තර කොණ සිට දක්ෂිණයට නේක නේක ගෘහයට වාසනාවද සෞභාග්‍යාවද කැන්දමින් පාලනය කරන්නාහ.මහජනතාවෝ සිය සිය සිය ගණනින් පමු පමු පමුණුවෙහි සරමින් සරම්ද කම්බාද ලෙගින් ඩෙනිමාදිය තෝරමින් නිසැක ධාතු නැරඹුමෙහි පැමිණියාක් මෙන් සරන්නාහ. සරා සලෙලු දන සුරා පාන කලාහ..  අඟනෝ නේක නේක පාටියාදියෙහි සකල ලෝක වස්ත්‍රාභරණයෙන් සැරසී දස දිසාව බලා හිසට සිවිලිමද පයට ඩෑන්සින් ෆලෝරයද කනට ඩීජේද දමා දියෙහි බැස පැමිණ ට්‍රාන්ස්පෝමරයක් වෙලාගන්නා ලද පොළඟෙකු මෙන් නර්තනයෙහි යෙදෙන්නාහ.

මෙසේ සකල ටසිරිලක ජනී ජනතාවෝ  ප්‍රීති ප්‍රමෝදයෙන් කල්ගතකරන්නවූ සමයමෙහි දිනෙක පණිවුඩ ගෙනයන්නාවූ පක්ෂීහු එක් වරම පණිවුඩ ගෙනයාම අතැර සිය කූඩු තුලටම වී කල් ගත කරන්නට වන්නාහ. සැළලිහිනියෝද, කොමන් පරෙයියෝද, හැරීපොටර බස්සෝද, ආදී වූ නේක නේක තැපැල් පක්ෂීහු හසුන් ලිපි ගෙනයාම නවතා මල්වර වූ ලමිස්සියන් මෙන් කූඩු තුලට වී කල් ගත කරන්නට වන්නාහ. අහෝ ඛේදයකි.. ඉරකි, සඟල වරහනකි..
මෙයින් ටසිරිලක මහජනයාගේ ලිපි හුවමාරුව නොකරන්නාවූ නියාවෙන් සැණකෙලි අවසන ඉතිරි වූ කුණු කන්දක පරිද්දෙන් ලිපි පත් සිය දාස් ගණනින් හසුන්පත් මධ්‍යස්ථාන වල ගොඩගැසෙන්නට වන්නාහ.

ඉදින් ක්ලැරන්සයා නම් එක් තරුණයකු හට සිය අක්කණ්ඩිය ගමෙන් එවන ලද්දාවූ ලිපිය නොලැබී ගියාහ.. ආයෙත් මොනවත් ලියන්නේ නෑ ඔබ වෙනුවෙන්..ළමාතැනී මං උඹට ලියූ හොර ලියුම් අපරාදේ.. කියා ලිපි ප්‍රමාදය ගැන නොදත් තරුණයෝ සිය පෙම්වතියන් තමන්ට රිප්ලයි නොඑව්වයි සිතා බැණ වැදුනාහ.. මේ හේතු නිසාම පෙම්වතියෝ සිය පෙම්වතුන්ට දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි ලිපි ලියා සමනලයෙකු අතේ යවන්නට වන්නාහ. ඉදින් පෙම්වතුන් වෙත යන සමනලයෝ උන් හා හාද වී පෙම් පළහිලව් බිඳී යන්නට ද වන්නාහ.. මධුමල ලෙස මුදු ඔහුගේ ප්‍රියාදර මිහිරාවියට ලිපි ලිවීම මිල්ටන් නම් තරුණයකු අතහැර දැම්මාහ. පසුව ඔහුට මුණුබෙරෙකු ඉපදී ලියූ පද බෝජනය කරනු සිහිනෙන් දැක විවාහ නොවී සිටීමට සිතා ගත්තාහ. සතීෂ නම් පුරුෂයාණෝ කියවා හැඬුවත් මටනම් කම් නැත කියා අවසන් ලිපිය ලියුවාහ. ලිපි හුවමාරු නොවන බව දැනගත් වේරලියැද්දාණම් වූ එක් පුරුෂයෙකු කියාගන්න බැරි තරමට.. ලියාගන්න බැරි තරමට අන්ත අසරණයි මා කියා හඬා වැළපුණාහ. ආරක්ෂක කඳවුරු වල තරුණයෝ ආදරණීය අම්මාට බාල පුතාව බාර කරන්නැයි ලියාගැන්මට නොහැකිව ලතැවුණාහ. ඇතැම් ප්‍රේමවන්තයෝ ලිපි නොලැබීමෙන් සිත් තැවුලෙන් සමාවෙයන් මම නෑ ලියුම් දෙන්නෙ ආයේ.. කියා කෑගැසුවාහ. සැළලිහිණියන් පණිවිඩ නොගෙනයන්නා වූ නියාවෙන් සිය සංදේසය විභීෂණ දේවේන්ද්‍රයාණන් වහන්සේට යවාගත නොහැකිව උලකුඩය දේවියට දරුවකු ලබාදෙන්නේ කෙසේදැයි කියා කල්පනා කරමින් තොටගමුවේ සිරිරහල් හිමියෝ වැලි මලුවේ සක්මන් භාවනා කරන්නට වන්නාහ. පියුම් පක්ෂියා එනතුරා බලාසිටි තරුණියෝ ළය පැලී මියගියාහ.

ඉදින් මෙයින් තුටින් ඉපිලී ගියෝනම් බැංකුණය කරුවෝ, විභාග ලිපි ප්‍රතිපලාදිය ලැබෙනතෙක් බලා සිටිනා දරුවෝ, විවිධාකර බිල් ආදී කොටවූ ගෙවීම් හසුන් ලිපි ලැබෙන්නට නියමිතව සිටියාවූ ජනතාවෝ පමණක්මයැ. මුද්දරාදිය නැති නියාවෙන් රාජ සේවයද ඇණහිටියාහ. කුරියරයෝද සිරව ඇති නියාවෙන් ඒවා තුල දිනකින් යැවීමට නියමිතව තුබූ වම්බටු මෝජුද, ගස්ලබු අච්චාරුද, මාළු ඇඹුල්තියල්ද කුණුවී දුගඳ හමන්නට වන්නාහ.

ඉදින් මේ පවත් පුවත්පතෙන් දුටු  සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දණ්ඩෙන් පහරලත් නාගරාජයෙකු මෙන් කෝපාග්නියෙන් දැවී වහාම සිය මහාමාත්‍ය දූරන්ධර රෞනීල විකුම්සිහාණන් කැඳවූවා මේ ගැටළුව  නිරාකරණය කරන්නැයි උවදෙස් ලබා දී සිය පලතුරු වනයට මැහිතෙල් ගැහීම පිණිස සරල ග්‍රැමක්සෝං ටැංකිය පිට බැඳ නික්මුණාහ.

රෞනීල විකුම්සිහ මහාමාත්‍යයෝ නම් රංගධරයෙකු නොව මස්තිෂ්කයකි.  සෞතාශියාවේ මහා ප්‍රාඥයාය. මහා භාණ්ඩාගාරයේ ගණකාධිකාරීයැ. දසමාර සේනාවට වුවද බිය නැති මහාමාත්‍යයෝ යැ. එතුමාණන්ගේ මස්තිෂ්ක කපාල ධාරිතාව අක්කර අඩි අටලොස් අකෞෂණියකට දහතුන්දහසක් වැඩියැ.  ඉදින් එය නම් රාජාංගනය ජලාසයද වාන් දමන මට්ටමයැ. අයින්ස්ටයිණානන්ද භාවිත කලේ කපාල ධාරිතාවෙන් කොටසක් වුවද මෙතුමාණන්ගේ දැනුම් සම්භාරය අමතර හාඩ් ඩිස්ක් දෙක තුනකද ගබඩා කර තැබූයේ ඉඩ මදි නිසාය. ඉදින් එතුමාණෝ සිය මහා මස්තිස්කය ද, අපර කපාල කණ්ඩිකාවද, හයිපොතැලමසයද, කුඩා මස්තිෂ්කයද , සුෂුම්නා ශීර්ෂකයද, ශ්‍රෝණි මේඛලාවද යොදා මේ ගැටළුව පිළිබඳ සිතා වහාම ගොස් පණිවිඩ හුවමාරු බලගණයේ ප්‍රධාන වර්ජක තැපැල් පක්ෂියා වූ සැලලිහිණියා හමුවුණාහ.

රෞනීල විකුම්සිහාණන් - කිචි බිචි කිචි කිචි කිචි බිචි..

සැළලිහිණියා - කිචි බිචි. බිචි කිචි බිචි කිචි.. කිචි බිචි.. .

රෞනීල විකුම්සිහාණන් - කිචි බිචි කිචි කිචි කිචි බිචි.. කිචි බිචි කිචි.. කිච්‍යෑව්.. බිචික්‍යාවි...

සැළලිහිණියා - මට සිංහල තේරෙනව @හු&@*@**&@%%@
.. .....

බීප් බීප් බීප් බීප්.. ( මාධ්‍යට වාර්තා කිරීමට ඉඩ නොදෙන ලදී )

ඉදින් මේ සංවාදාවසානයෙහි රෞනීල විකුම්සිහාණෝ ශතකයක් වාර්තාකල ඡන්දිමාලාණන් මෙන් සැලලිහිනි කූඩුවෙන් නික්මී පිටතට පැමිණ දෑත් වනා ආචාර කරන්නට වන්නාහ..
මහජනතාවෝ සිය දහස් ගණනින් රැස්ව පොදිකමින් සිදුවූයේ කුමක්දැයි අසන්නාහ.
ඉදින් රෞනීල විකුම්සිහාණෝ සිංහරාජයෙකු මෙන් සිය හඬ අවදි කරන්නාහ.

මාගේ ටසිරිලක නැගනියනි.. මලනුවනි.. අපගේ තැපැල් පක්ෂි සංසදයේ කැඳවුම්කාරෝත්තම නායක සැලලිහිනි මළනුවන් පැවසූ පරිද්දෙන් වට්සැපා වයිබරා පේස්බුකා ට්විටරා නම් බටහිර සංක්‍රමණික පක්ෂි විෂේෂයන් අපගේ තැපැල් පක්ෂීන්ගේ ලිපි බෙදාහැරීමට අකුල් හෙලන ලද්දාහුලු.   ඒ නියාවෙන් ඔවුන්ට හාල් ඇටයකදු නොලැබෙන්නේලු. ඉදින් එය නම් බොහෝ අවැඩක්මයැ. මා මාගේ උත්තුංග දේහධාරී මස්තිෂ්කය සහ බය නැති ශුෂුම්නා ශීර්ෂකය භාවිත කර වහාම එතුමාණන්ට පොරොන්දුවක් ලබාදුන්නා සිය දිනක් ඇතුලත ඒ සියළු පණිවිඩ සොරුන් අල්ලා කූඩු කර දමා වීපීඑනාදිය ද සොයා තහනම් කර සැඟවූ කඩු මුගුරු සෙවීමට රැගෙන යන බව. ඒ අතරම එතුමාණන්ලාගේ මේ පැරණි කූඩු වෙනුවට පිලියාකුටියෙන් නව කූඩු දහසක් ඉදිකර දෙන බවටත් මා ප්‍රතිඥා දෙන්නෙමි..

ඒ අසා කූඩුවෙන් පිටතට පැමිණි දහස් ගණන් තැපැල්පක්ෂියෝ සිය මුඛයෙන් ලිපි ගෙන ගුවනට නික්මී ආචාර කර වහා පණිවිඩ හුවමාරුව පිණිස නික්මෙන්නට වන්නාහ. වර්ජන අහවරැ. නැවත ලිපි බෙදේමයැ. ඒ එක් පක්ෂියෙකුගෙ හිසට වට වර්චස් පිඩක් පිටි අත්ලෙන් පිසලමින් මස්තිෂ්කාභිධාන රෞනීල විකුම්සිහාණෝ ටසිරිලක මහජනතාවගේ ඔල්වරසන් ප්‍රීති ගෝෂා මධ්‍යයයේ සිය මැදුර කරා නික්මුණාහ. එපුවත අකලංකාරයෙහි මෙසේ ලියා ඇත්තාහ.

ලිපි තැවුලේ තැපැල් හලේ ගොඩ....ගැවසී
නොයැවූයේ මහජනයේ හඬන..........නිසී
සැලලිහිනේ වර්ජනයේ කර...........සැලසී
රෞනීලේ ආ සැනකේ පියඹා...........ගොසී

අකලංකාරයෙහි එන මස්තිෂ්කාභිධාන රෞනීල විකුම්සිහ තැපැල් පක්ෂි වර්ජන කතාවත්තුව නිමියේයැ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

තැපැල් වර්ජනය ගැන දැඩි තීරණයක්

ජනාධිපතිතුමා තැපැල් වර්ජකයන් හමුවීමෙන් අනතුරුව සිදුකල කතාව..

""මම තැපැල් සේවකයන් හමුවුනා.. එයාලා හිටියෙ මගෙ මූණට මූණ බලාගෙන.. ජනාධිපති ලේකම් කාර්‍යාලෙ සාකච්ඡා මේසෙ ඉඳගෙන..  එයාලයි මගෙයි අතර අඩි කිහිපයක පරතරයක් තිබ්බෙ. මම එක්ක තවදුරටත් සටන් කරනවද.. නැත්තං පරාජය බාරගන්නවද කියලා එයාලා තීරණයක් ගනිමින් හිටියෙ.

මම එයාලා එක්ක කතා කලා..  කතා කරලා තෝරා ගැනීම් දෙකක් දුන්නා. වැඩට ඇවිල්ලා ලියුම් බෙදන්න පටන් අරන් මේ සෙල්ලම නවත්තනවද.. නැත්තං ගෙදරට වෙලා ඉතිරි ජීවිතකාලෙ ගතකරනවද කියලා..

මේ වර්ජනය මගේ රට සතියකට වැඩි කාලයක් තිස්සෙ ආපස්සට ගෙනිච්චා. රටේ වැඩ ඇණහිටලා. උසාවි වල මුද්දර ගාස්තු ගෙවාගන්න විදිහක් නෑ. මිලියන ගණනක් මහජන මුදල් අපතේ යනවා. රාජ්‍ය සේවයෙ වැඩ හිරවෙලා. ළමයින්ට විභාග වල ලියුම් යවාගන්න බෑ. මහජනතාවගෙ ලියුං ලක්ෂ විස්සක් ගොඩ ගැහිලා. දැනගන්න ලියුං ලක්ෂ විස්සක්..!!

"ඔබලා කැමතිනං මේක දිගටම කරගෙන යන්න. ලියුම් බෙදන එක නතර කරගෙන ඉන්න. හැබැයි හොඳින් මතක තියාගන්න. මම මගේ රටේ මහජනතාව එක්ක එකතුවෙලා හොඳ පාඩමක් උගන්නනවා. මම මහජනතාව එක්ක අලුත් තැපෑලක් පටන් අරන් හරි ඔය හැමෝටම ගෙදර යන්න වැඩ සලස්වනවා.

එහෙම නැත්තං ඔයාලට පුළුවන් අද ඉඳලා සේවයට වාර්තා කරන්න. ඔව් ඔයාලට පුළුවන් වැඩ කරන ගමන් මම එක්ක සාකච්ඡා කරන්න. ඊට පස්සෙ අපි තීරණයක් ගමු. මුලින් විනයගරුක වෙන්න.
එයාලා තේරුම් ගත්තා තවදුරටත් මම එක්ක සටන් කරලා පලක් නෑ කියලා. එයාලා පැයකදි නැවත ලියුම් බෙදන්න තීරණය කලා.
එයාලා දැනගත්තා එයාලා නැතුව මට තැපෑල කරගෙන යන්න පුළුවන් කියලා. මම තැපෑල අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරලා හරි නැවත රටේ වැඩ යතාතත්වෙට ගේනව කියලා එයාලා දැනගත්තා. මගේ හැකියාව ගැන එයාලට තේරුනා. මෙ රට පාලනය කරන ඕනම නායකයෙක්ට ඒ හැකියාව තියෙන්න ඕනෙ. ඒ හයිය තියෙන්න ඔනෙ. බැරිනං දාලා යන්න ඕනෙ." මේ රට හදන්න මගේ ජීවිතයම කැප කලා. මේක එහෙම එක වර්ජනේකින් වැටෙන්න දෙන්න බෑ.. මේ අපේ ජීවිතය. මේක අපේ රට.."

නෑ නෑ නෑ අයියෝ.. මෙහෙ කරපු කතාවක් නෙමෙයි ඔය.  ඕකෙ තැපැල් වර්ජනය වෙනුවට ගුවන් නියමු වර්ජනය දාලා ආයෙ කියවන්න. "මම" කියන්නෙ සිංගප්පූරුවෙ හිටපු අගමැති ලී ක්වාන් යූ මහත්තයට.
එයා සිංගප්පූර් එයාර්ලයින්ස් එකේ ගුවන් නියමු වර්ජනේ වෙලාවෙ කරපු සුප්‍රසිද්ධ කතාව ඔය. මේ ලින්ක් එකෙන් කතාව අහන්න පුළුවන්.
https://youtu.be/ytMXSLeqFMY

-----

හෝ හෝව් හෝව්.
ඕකුන්ව මරලා හරි වර්ජනේ නවත්තන්න ඕනෙ කියලා හිතුනද. නෑ මේ එහෙම එකක් නෙමෙයි කියන්නෙ. නියම නායකයා කියන්නෙ මරලා ගහලා බීසනේ පතුරලා අතුරුදන් කරලා රටේ වැඩ කරන කෙනාට නෙමෙයි. එයාලට කියන්නෙ ත්‍රස්තවාදියො කියලා. ඒක කෙලින් වැඩ කිරීම නෙමෙයි. ඒක බලුකම. ඒක හින්දා දෙක පටලගන්න එපා. නායකයා කියන්නෙ ත්‍රස්තවාදියට නෙමෙයි.. මේ ආණ්ඩුවට කොන්ද පණ නෑ. වැඩ කරගන්න බෑ. ඔව් අනිවා මුං ෆේල්. ඒකෙන් කියවෙන්නෙ නෑ ත්‍රස්තවාදියො ඕනෙ කියලා. පටලගන්නෙපා.

අහ් අපේ ජනාධිපතිතුමාගෙ පොටෝ එකද.. ඒකෙයි මේකෙයි සම්බන්ධයක් නෑ. එතුමා සිරියාවන්ත හින්දා දැම්මෙ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Friday, June 22, 2018

අයියනායක පද්‍ය පන්තිය

විමලරත්න කුමාරගමයන් ගැන ashan weerasinghe එක්ක ටික දවසකට කලින් කෙරුණ සංවාදෙකට පස්සෙ හිතුන දේවල් ටිකක් ලියන්න හිතුනා..

අයියනායක පද්‍ය පන්තිය කියන්නෙ එතුමගෙ කවි වලින් මම ඉතාමත් ප්‍රිය කරන කවි පන්තියක්. මේ කවි පන්තිය ඇතුලෙ හඬක් නැති මිනිස්සු වෙනුවෙන් විමලරත්න කුමාරගමයන් තමන්ගෙ පෑන මෙහෙයවන විදිහ වගේම ඒ ඇතුලෙ රාජ්‍යට කරන අභියෝගයට මම මාර ලව්..

බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

නිතරම ඔබ පුදන මේ අය හැඳින  ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින  තැන
මීමුන් මදින් මත්වී අං මදින  තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද  දැන
මේ අය රකිනු මැන යන එන සියලු  තැන

මේ අයියනායක දෙවියන්ට ගමේ මිනිස්සුන්ව බාර කරලා විමලරත්න කුමාරගම මහත්තයා කරන්නෙ රාජ්‍යයට වගේම පවතින සිස්ටම් එකට අබියෝග කිරීමක් කියලා මට හිතෙන්නෙ.

එතුමා රාජ්‍ය නිලධාරියෙක්. රාජ්‍යයේ වගකීම තමයි තමන්ගෙ පුරවැසියන්ව ආරක්ෂා කිරීම., නමුත් වන්නියෙ මේ මිනිස්සුන්ට ඒ ආරක්ෂාව විතරක් නෙමෙයි , මූලික අවශ්‍යතා වෙච්ච ජලය ,ආහාර පවා සපුරන්න රාජ්‍යය අසමත් වෙනවා. වසංගත වලින් මිනිස්සු මැරෙන එකට රාජ්‍යට උත්තර නෑ. අදටත් ලංකාවෙ ඈත ගම්මාන කොච්චරක් තියනවද අන්ත දුශ්කර.රාජ්‍යය තමන්ගෙ පුරවැසියො සුරක්ෂිත කරන්න අසමත්වීම කුමාරගම කවියෙන් උපහාසයට ලක් කරලා ඒ මිනිස්සුන්ව රකින්න නොපෙනෙන බලවේගයක් වෙච්ච දෙවියන්ට බාර කරනවා. රාජ්‍යයයේ හැකියාව අභියෝගයට ලක් කරනවා.. දෙවියන්ට බාර කරන්නෙ රාජ්‍යට බැරි හින්දා. එතුමා නිලධාරියෙක් විදිහට වගකියන්නෙ රාජ්‍යයට. නමුත් එතුමා තමන්ගෙ කවි ඇතුලෙ ගම්වැසියන්ව අයියනායක දෙයියන්ට බාර කරලා රාජ්‍යයේ නොහැකියාව පෙන්නනනවා.

ඒ වගේම අනිත් අයට කියනවා..

සාගත වසංගත හා එන නියං වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙලින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්

කියලා.

සරලවම මේකෙන් කියන්නෙ උඹලා ඒ මිනිස්සු වෙනුවෙන් කරපු මගුලක් නෑ. ඒ මිනිස්සුන්ට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවත් සපුරලා නෑ. එහෙම තත්වෙක ඉන්න අහිංසක මිනිස්සුන්ගෙ අහිංසක ඇදහිල්ලක් ගැන හොයන්න කලින් උඹලා උඹලගෙන් වෙන්න ඕන දේ ගැන හොයලා හිටපන් කියලා.  හැබැයි අමතක කරන්න එපා ඒකෙ කියලා නෑ නුවණ මලින් සැරසීම කල යුතු නෑ කියලා. හැබැයි මේ ගම්වාසීන්ට එසේ කරන්න එන අය ඒ මිනිස්සු ඉන්න තත්වෙ ගැන හිතලද එහෙම කරන්නෙ කියලයි අහන්නෙ.

ආගම් ඇදහිලි විශ්වාස ගැන කරන සංවාද වලදි බොහෝ දෙනෙක් උපුටා ගන්න හෝ අනිත් අයට කියන කවියක් තමයි විමලරත්න කුමාරගම මහත්තයගෙ

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකලමි එය ගැරහීම

ඔය කවිය.

ඕකෙත් අන්තිම පද දෙක.

ඇත්තටම කුමාරගම මහත්තයා කියලා තියෙන්නෙ මොකක්ද..

මේ වන්නිය. එතුමා ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරි විදිහට එහෙ වැඩකරන කාලෙ අදටත් දුශ්කර ඒ පැති ඒ කාලෙ කොච්චර දුශ්කරද කියලා හිතාගන්න පුලුවන්. මිනිස්සු ජීවත් උනේ ගොවිතැනෙන්. ඒකත් හරියට වතුර තිබිලා නෙමෙයිනෙ.

"සාගත වසංගත හා එන නියං වලින්.."

ඔය අයියනායක කවි පන්තියෙ එක පදයක්. එතකොට ඒ වගේ හරියට කෑමවත් නැතුව, නිතරම මැලේරියාව වගේ වසංගත වලට ගොදුරු වෙවී, නියඟ වලින් පීඩා විඳිමින් වතුරවත් නැතුව වේලිච්ච කර්කශ පොලොව එක්ක ඔට්ටුවෙමින් ජීවිත ගතකලේ.
ඔය හරහා ගොඩනැගෙන සමාජ ආර්ථීක මානසික ගැටළු කොච්චරක් ද. හරියට අධ්‍යාපනයක් නැහැ. සමාජ දැනුවත්භාවයක් නැහැ.  ලෝකෙට විවෘත නැති හින්දා ඒ මිනිස්සුන්ගෙ දුක අහන්නවත් එයාලට දුක කියන්නවත් කවුරුත් නැ. තමන්ගෙ ලෙඩකට බෙහෙත් ගන්න හරිහමන් වෛද්‍ය පහසුකම් නැති හින්දනෙ සංහිඳ ළඟට එන්නෙ. ඉතින් ඒ නොදැනුවත්වකම අසරණකම හින්දා නිරායාසයෙන්ම ඒ මිනිස්සු පෙළඹෙනවා නොපෙනෙන බලවේගයක් හරහා තමන්ගෙ පීඩනය පිටකරගන්න සහ ගැටළු වලට උත්තර හොයන්න. සහනයක් ලබා ගන්න. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අයියනායක දෙවියන්ගෙ පිහිට ආරක්සාව ඉල්ලන්නෙ.
ඒක අතිශයින්ම සාධාරණ තත්වයක්. 
එතකොට එහෙම තත්වෙක ඉන්න අහිංසක මිනිස්සුන්ට ගරහන්න එපා කියලයි විමලරත්න කුමාරගම මහත්තයා කියන්නෙ.

නැතුව ලෝකෙ මෙච්චර දියුණු කාලෙ අධ්‍යාපනය දැනුම ලබන්න ඕනතරන් අවස්ථා තියන කාලෙ දෙයියො ලෝකෙ මැව්වය, දෙයියො බූතයො ලෙඩ හොඳ කරනවය, විබාග පාස් කරනවය,දරුපල දෙනවය, පාංගෙඩි වලින් අපල නැතිවෙනවය, හක්ගෙඩි වළලලා සල්ලි හම්බෙනවය, අරකයි මේකයි කියල හිතාගෙන ඉන්න උන්ගෙන් ඒ ඇදහිලි විස්වාස ගැන ප්‍රස්ණ කරන්නෙපා කියලා නෙමෙයි.
ඒ ලොජික් එක දැම්මනං බුදුහාමුදුරුවො බ්‍රාහ්මණ මැවුම්වාදය ප්‍රස්න කරනකොට බ්‍රාහ්මණයන්ගෙන් අහන්නෑනෙ මහාබ්‍රහ්මයා කටින් බ්‍රාහ්මණයො මැව්වනං මහාබ්‍රහ්මයාගේ කටෙත් යෝනියක් තිබ්බද කියලා.. අනේ මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම කියලා සද්ද නැතුව ඉන්න තිබ්බනෙ.
ඒක හින්දා තමන්ට මොකකට හරි උත්තර දෙන්න බැරි උනාම තමන්ගෙ මතවාදයක් අභියෝගයට ලක්වෙනකොට කුමාරගම මහත්තයගෙ කතාව කියලා මාරුවෙන එක දැන් වලංගු නෑ.

ඒ වගේම එතුමා කියනවා

මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

කියලා. දැනුම බුද්ධිය තියනවා කියලා සම්මත තැන් වලදි ලෝකයෙ සුවය නැතිවෙලා තියන වෙලාවකදි ඒ අහිංසක මිනිස්සු කාටවත් කරදරයක් නැතුව කරන දේ ගරහන්නෙ මොකටද කියලා.

( දැන් වරදවා වටහාගන්න එපා දැන් දියුණු හින්දා ඇදහිලි ප්‍රතික්ෂේප කරන්න කිව්වා කියලා. අනේ නෑ අදහන්න. හැබැයි අර ලොජික් එක දාලා ඒවා ප්‍රශ්ණ කිරීමෙන් වියුක්තයි කියන්න එපා. )

සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කොණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ‍ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙනේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැනේ

බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් වල
මේ සන්හි‍‍‍ඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල් වල

වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත

දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින  බලය ඇඟ ලොම් කුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

සාගත වසංගත හා එන නියඟ   වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ   මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්

ගංගොඩ ව‍ටා මෝරන වන ලැහැබ  මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු  වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

මා පිල් පිඹුරු නයි පො‍ළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන

#අකලංකාරය
  - චමල අකලංක පොල්වත්තගේ