Monday, February 19, 2018

මහාරාග්‍රාම මාමයිටා ජනපද ආක්‍රමණ කතාවත්තුව

====

පෙර ටසිරිලකාධිරාජ්‍යයේ මහාරාග්‍රමය නම් ප්‍රාන්තයක්වීයැ. අගනුවර වූ කෝලම්ඹා නුවරටද ජයවද්දන පුරවරයටද බෝරලැස්සග්‍රාමයටද කඩුවේලා නුවරද හෝමාග්‍රාමයට දැ මායිම්ව පිහිටියාවූ වූ මනරම් වූ පුරයක්මැ විය.
ඉදින් මේ පුරය නම්  ශුද්ධ නගර නිවියෝර්ක් සහ ලාස්වේගාස් පැරණී මෙන්මැ නේක ශ්‍රීන් විරාජමානව සුපරිස්ටාරයක් මෙන් වැජඹෙන්නාහ. නාවල අන්නාසිද කෝට්ටේ දොඩම්ද කොංපඤ්ඤවීදීයේ ඉඳියප්පන්ද රුහුණේ අප්පච්චිද දියවන්නාව නම් මංකොල්ලකරුවන් මෙන්ම මහාරාග්‍රාමය නම් සළු පිළියෙහි කිරීටයමැ ලෙස පරසිද්ද වීයැ. පැම්ණා නම් මග දෙපසෙහි දැ නගර මධ්‍යයේ මසක රෙදි දිනක සෝදා වැනුවාක් මෙන් නේක නේක සළු පිළිය. අභරණය. සාරිය සල්වාර් ය. කුර්තාය. සරම් ය කමිසය. කම්බාය. රන් සළු ය. මිරිවැඩි සඟල් යැ. තරුණ කාන්තාවෝ සැලෙල ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා ඉදි "ඉදින් අපි රෙදි ගැනුමට පැම්නා යන්නෙමුයි.." කියති. නෝලිමිට්ටා, පැසනාභග්ග, ආදී වූ නේක නේක සළු පිළි හල්ද ඇත්තාහ. ඉදින් උත්සව සමයෙක් වී නම් පෙර රෙදි නොහැඳ හෙළුකුරිට්ටෙන් සිටි පරිද්දෙන්දැ... පෘථිවි ධාතුවට එදින සළු පහළ වූ කලෙක මෙන්ද නාළිකාවකින් නිසැක ධාතු වැඩම්මුවාක් මෙන් ජන ගංගාවෝ ගලායෙති. එය දෙවන වන්නේ නම් එන්‍රිකා ඉග්ලේෂියාසාණෝ හෝ අප්පච්චී හෝ පැමිණි සංදර්ශනයක්ටම පමණක්මයැ.
නැගෙනහිරින් දක්ෂිනාධිවේගී පිවිසුමයැ. එතැනින් එතුණු හැකරැල්ලකු මෙන් පිටත වටරවුම් මගයැ. කෝළඹා නුවර සිට පොළගෙකු පරිද්දෙන් එති එතී ඇදෙනා කළ්‍යාණ වල්ලි දුම්රිය මහ මගයැ. බස් නැවතුම්පළය. ඇමිටි ලයිටය.. නල ජලයයැ. තෙකලා විදුලියයැ. පුළුල් මගයැ. ගුරු විද්‍යාලයයැ. මහා පිරිවෙන් විහාරයෝයැ.මහා පඨශාලවෝයැ. රෝහලයැ. පොලීසි රාජපුරුෂයෝමයැ. මද දුරක් ගිය පසු හමුවන සිසිල් ග්‍රාමයෝමයැ. මන නන්දනීය බන්දනීය නින්ද පාවෙලා නෙතදර දුම්රිය මොහොතක් නතරකරවන සුළු තරුණියෝයැ.. අකලංකාර  රචකෝත්තමයාණන් මෙන් කඩවසම් මහා පුරුෂයෝයැ..
ඉදින් වෙනත් ග්‍රාමයන්හී මෑනියෝ තම දියණියන්ට කියන්නේ " පුත තී සරණ යන්නේ මහාරාග්‍රාමයෙහි මානවකයකු හා සමගනම් පොල් ලෙල්ලක් වුවද කම් නැත ය" කියාය..

එසේම මෙහි වැසියො සාමකාමී යැ. නමුදු අයුක්තිය අසාධාරණය හමුවේ දණ්ඩෙන් පහරලත් නාගයන් මෙන් තම ප්‍රාන්තය වෙනුවෙන් සටනෙහි යෙදෙන්නාහ. දෙල්කඳ සමුද්‍රය, බෙලන්විල ගංගාව ආදියෙන් ස්වභාවිකව ආරක්සාව ලද නියාවෙන්ද බෙල්ල කපාපු හංදිය වැනි ග්‍රාමයන්හි තරුණයන්ගේ වීරත්වය නිසාම සතුරෝ යුධයෙන් මහාරාග්‍රාමය දිනීමට බිය වූවාහ..

පෙරව සඳ කිරණ හයිවේ....හෝල්ටෙකෙන්
පරව තඹර පෙති දෙල්කඳ ඇල........අසලින්
තරව සිහි ඇතිව පමුණුව......දකින ලෙසින්
කරව පියාසර සකි තොප..........මහරගමින්

කියා අකලංකාරයෙහි මහාරාග්‍රාම වර්ණනයෙහි ලියා ඇත..

මෙසේ කලක් ගතවන්නාවූ විට ග්‍රාමපංචයට නුදුරු මාමයිටා ජනපදයෙහි වැසියෝ මහාරාග්‍රාමයෙහි සුවය කෙරෙහි ලොබ බැඳ ගත්තාහ.. ඉදින් මේ මහා පුරය අල්ලා ගත්තේ නම් අපට සුවෙන් වාසය කරනු හැක්කාහ..අපගේ සකල දෝශ ඩේටා කඩ් එකක් ලද ශිෂ්‍යත්ව දරුවකු මෙන් දුරුව යන්නාහ.අප කුමක් කරම්දැයි කියා කථිකා කරගන්නාහ.
ග්‍රාමයෙහි ඇත්තෝ රැස්ව බොහෝ කන් මන්ත්‍රණයෙහි යෙදී අවසන් තීරණයක් ගත්තාහ. මහාරාග්‍රාමය නම් කිසිදා අපට යුධයෙන් දිනිය නොහැක්කේමයැ. එය පෙම්වතියගේ මිතුරියට හායි ඩියර් කිව්වාක් මෙන් භයානකය. ඉදින් අප දිනිය යුත්තේ ප්‍රයෝගයෙන්මයැ කියා කථිකා කරගෙන සැට රියනක් විශාල නෙළුම් පොහොට්ටුවක් සාදන්නාහ.
මාමයිටා ජනපදයෙහි සියළු වේවැල් කෝටු නාරං සියඹලා අතුද. ලී ඉරනා පලංචිද, ලෑලිද ගෙණ ඇණ ගසා සැට රියන් උසින් යුතු පොහොට්ටුවක් සාදා ලා රත් පැහැයෙන් ආලේප කර නිමවන ලද්දාහ. කෙලින් සිටවන ලද බබා මෝටාරයක් මෙන්ද කෙහෙල් මුවක් මෙන්ද දිස්වන දිදුලන පොහොට්ටුව දිනෙක රාත්‍රියෙහි සොරෙන්ම මහාරාග්‍රාමයෙහි උත්තර වාසල් දොර අසල තැබුවාහ.
පසුදා පහන්ව මහාරාග්‍රාමයෙහි වැසියෝ පොහොට්ටුව දැක පුදුමයට පත්ව මෙයා කවුරුන් විසින් ගෙනාවේදැයි විමසන කල්හී හිමිකරුවෙකු නොමැති බව දැන මහාරාග්‍රාමයෙහි නගර සභා මධ්‍යට ගෙනාවාහ. මහාරාග්‍රාමයෙහි බොහෝ වැසියෝ නම් බුදුන් කෙරෙහි ආල ඇති සැදැහැවත් බොදුණුවෝයැ. ඉදින් නෙළුම් පොහොට්ටුව නම් බොදු සංකේතයක්මැ වූ නියාවෙන් මේ නම් අපගේ පූර්වයෙහි කරන ලද්දාවූ කුශල කර්මයේ ආනුභාවයෙන් ලද්දක්‍යැයි කියා තබා ගත්තාහ.
රාත්‍රිය උදාවිය.
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමෙහි ඇති විට හැංගිලා හොරෙන් බලා සිටියේ කවුරුන්ද..
අහෝ පොහොට්ටුව තුල සැඟව සිට ඇත්තේ මාමයිටා ජනපදයේ අති ශූර සෙබළෝමයැ. ඉදින් මැදියම එළඹි කල්හී ඔවුන් සඟවා ගෙනා යතුරු පැදි මත නැගී පොහොට්ටුවෙන් පිටතට පැමිණ හොරෙන්ම සෙබළුන් මරා ගෙල සිඳ මහාරාග්‍රාමයෙහි නාගරසභා අංගනය අත්පත් කරගත්තාහ.සියතින් පාලනය ගිලිහුණ  නියාවෙන් ජනයා සිසී කඩ දුවති. හේවායෝ සිදුවූ දේ අදහාගත නොහැකිව අණ නොලැබෙන නියාවෙන් බලා සිටිති. හිස් ලු ලූ අත දුවති.

ඉදින් මාමයිටා ජනපදිකයෝ මෙසේ යුධයෙන් ජයගනු නොහී මහාරාග්‍රාමයෙහි බලය කේලාම් කියා බිඳවා වෙනත් අයෙකුගේ පෙම්වතිය දින්නාක් මෙන් ප්‍රයෝගයෙන්මයැ අත්පත් කර ගත්තාහ.
අවසන බලය මෙතෙකින් ගනු නොහැකි බව දත් මහාරාග්‍රාමයෙහි වැසියෝ සිය දේපළ අතැර යාබද පුරයන්හි සැඟව ගියාහ. ඉදින් ඔවුහු නැවත සිය පුරය අත්කර ගන්නෙහිද...?? ඉරණම කෙසේ වේද..මීළඟ කතාවත්ථුවෙන්....

මහාරාග්‍රාම මාමයිටා ජනපද ආක්‍රමණ කතාවත්තුව නිමියේයැ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Friday, February 2, 2018

ලැප් වන්නම


====
තාන තනා තම්දේ ...නා තම්දේ නා නා
තෙතන තනා තම්දේ ...නා තම්දේ නා නා//

අහසට පිඹිනා acer  ලැපේයා
පොළොවට පිඹිනා HP ලැපේයා
අසු අනු දහසක් වටින ලැපේයා
අපට කොයින්දෝ apple ලැපේයා

ටික ටික ගෙවනට ලැප ගෙන්වා ගෙන
නොගෙවා ලෝකෙට සොෆ්ට්වෙයා දම්මාගෙන
අත නෑරම ලැප  නැටුමට තෝරාගෙන
සිත් සතොසින් ළඳ ලැප නටන්න එන

  තාන තනා තම්දේ... නා තම්දේ නා නා
  තෙතන තනා තම්දේ... නා තම්දේ නා නා //