Thursday, March 29, 2018

සිනාතොටක් විය ඔබ මා ළඟ සින්දුවට මම ලව් ඇයි

==  ==

ආදරය යනු තම වර්ගයාගේ පැවැත්ම උදෙසා ජීව විද්‍යාත්මකව සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන රැවටුමක් මිස වෙනත් යමක් නොවේය.

කියා කියන තැනම මිනිසා අනෙක් සතුන් අතරින් ඉක්මවීය. එය ඊට එහා එකක්ද මෙහා එකක්ද කියා තර්කය උපදින තැනම ද, වර්ගයාගේ පැවැත්ම උදෙසා නොවී පරම පිවිතුරු මොකක් හෝ එකක් විය හැකිද යන ප්‍රශ්ණය නගන තැනම මිනිසා ආදරයට වෙනස් අර්ථකතනයක් දී අවසන් ය. ජීව විද්‍යාත්මක අර්තකතනය 100% ක්ම නිවැරදි වුවත් නැතත් මා පෞද්ගලිකව මිනිසා තුල ඇතිවන ආදරය සම්බන්ධයෙන් වෙනස් කර සැලකීමට අතිශයින්ම කැමතිය. එය අධ්‍යාත්මිකද නැද්ද කියා ප්‍රශ්ණය නගන තැනම මිනිසා ආදරයේ අර්ථකථනය , අනෙක් ජීවීන්ගෙන් වෙනස් කර අවසන් ය.

බන්දුල නානායක්කාරවසම්ගෙ පද මාලාවට මම මාර ලව් මේ සින්දුවෙ. නීරෝෂගෙ කටහඬින් මේ සින්දුව කියනකොට කඳුළු එනකන් අහන් ඉන්න පුළුවන්.

මම පෞද්ගලිකව හිතාගෙන ඉන්නවා ඔය පූජනීය ආදර කතා , පරම පිවිතුරු ප්‍රේම, රාගයෙන් තොර අචින්ත්‍යයි කතා විහිළුයැ. එහෙම ආදරය කියා අමුතු මෙව්වා එකක් නැතිය කියලා.
හැබැයි කාන්තාවකගේ විප්‍රලම්භ ශෘංගාරය ගැන කියන මේ සින්දුව අහන් ඉද්දි ඒ මතවාද ඔක්කොම සින්දුව ඇහෙන විනාඩි කිහිපය ඇතුලෙ පැත්තකින් තියනව මම මාරම මාර කැමැත්තෙන්.
මේ සින්දුව ගැන එක එක අර්තකතනයන් දීලා තියනව මම අහලා තියනවා. යශෝදරා සිද්ධාර්ථ , ජනපද කල්‍යානි නන්ද , විශ්වවිද්‍යාල ප්‍රේමයක්, බන්දුල මහත්තයගෙ මිතුරෙකුගෙ අත්දැකීමක් ආදී විවිධ කතන්දර. දන්නෙ නෑ හරි එක මොකක්ද කියලා. මොකක් උනත් මට කමක් නෑ.. කොහොම හරි මුලින් පටන් ගන්නවා සරලව පෙම්වතෙකුගෙන් පෙම්වතියකට ලැබෙන දේ වලින්. හැබැයි සින්දුවෙ මැද ඉඳලා අග වෙනකන් යනකොට හරියට ලෞකික නිර්වාණයක් වගේ පීක් එකකට ගෙනියනවා.

කියන්නෙ තමන්ට අහිමි වෙච්ච පෙම්වතා ගැන. අර මම කලින් කියපු අපි සාහිත්‍යයේ යොදාගන්න විරහවේ ෆැන්ටසිය මේ සින්දුවෙ හොඳින්ම තියනවා. හැබැයි මේ වචන සහ හඬ ඒක එහෙම නෙමෙයි කියලම ඔප්පු කරනවා.
ආදරේ රාගයෙන් තොර අචින්ත්‍යයි කතාවට හිනාවෙලා එහෙම ලව් නෑ කියලා මගෙ හිත කියනකොට එහෙම ඒවා තියනවා කියලා මේ සින්දුවෙ වචන ඒක ඔප්පු කරන්න පුදුම ගේමක් ගහනවා මගෙ හිත පරදිනකන්ම. එහෙම වචන ලියන්න පුළුවන් ප්‍රතිභාව ව්‍යුත්පත්තිය සහ මනා සතතාභ්‍යාසයක් තියන රචකයෙක්ට විතරයි. මොනා හරි මගුල් ටිකක් ගලපලා බස්වල කෝච්චිවල යනගමන් ලියනෙකෙක් විදිහට මට මේ ලිවිල්ලට මාර ලව් ඒකයි. " සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී " කියලා නිරෝෂගෙ කටහඬින් අහනකොට අනිවාර්‍යයෙන් ඒ විනාඩි කිහිපය මගෙ පෞද්ගලික මතවාද ඔක්කෝම පැත්තකට දානවා.

පීක් එක අන්තිම පේළිය.

පරම පිවිතුරු ආදරේ තියනවා කියන පරිත්‍යාගය, වෙන්වීමෙන් පස්සෙ පළිගැනීම, වෛරය හෝ සියදිවි නසාගැනීම හෝ වෙනත් කිසිම සාපේක්ෂ  ඍණාත්මක හැඟීමක් නැතුව ආදරේ එලෙසින්ම පවත්වාගෙන වෙන්වීමට ඉඩදීම, රාගයෙන් තොර පවිත්‍ර ප්‍රේමය.. ඔය වගේ අපි අර ෆැන්ටසි කියලා හිතාගෙන ඉන්න හැම දෙයක් ගැනම සින්දුව ඇතුලෙ කියනවා. හැබැයි මේක මට විශේෂ වෙන්නෙ එහෙම ඒවා කියලා වෙන සින්දු ඉවර කරනවා.. චිත්‍රපටි ඉවර වෙනවා.
හැබැයි මේ සින්දුවෙ අන්තිමට

"මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..""

කියලා කියනවා.

ඒක මගෙ කන හරහා වදිනවා. අනිත් රචකයො ලියන්නෙ ආදරේ පිවිතුරුයි කියන එක පරම සත්‍යයක් කියලා හිතාගෙන. නමුත් මේ රචකයා දන්නව ඒ පිවිතුරු ආදරේ කියන්නේ ෆැන්ටසියක් ය.. ඒ වා තියෙන්නේ චිත්‍රපටි පොත් වල පමණි  කියලා කියන ලෝකයක් තියනව කියලා. අනිත් අය ඉර ගහලා ඉවර කරන තැනින් මේ රචකයා සාහිත්‍යයේ ෆැන්ටසිය කියලා අපි හිතන් ආතල් එකක් ගන්න හදන තැන අපි රියල් කියලා හිතාගෙන ඉන්න තැනට ගෙනල්ලා ඉර පන්නනවා. සරලවම ගේම ඉල්ලනවා.. වෙනදට උඹලා හිනාවෙනවා පිවිතුරු ආදරේ ෆැන්ටසියක් කියලා.. මම කියනවා නෑ එහෙම නෑ.. එහෙම හිතන උඹලා තමයි හිරකාරයො කියලා.. එතනින් එහා ලෝකයකුත් තියෙන්න බැරිද කියලා.. අහනවා..
ඔව් අපේ ආතල් කුඩු. ඒක හරියට අපි ආතල් එකේ මේක බොරුවක් කියලා දැනගෙන බලන ෆිල්ම් එකක බැට්මෑන් ටීවී එකෙන් අතදාලා අපේ කනට ගැහුවා වගේ..

එතකොට සින්දුව අහපු වෙලාවෙ ඉඳලා මම මගෙන් අහන්න ගන්නවා යකෝ මූ මට හිරකාරයෙක් කියලා කියනවා. අර සඳ කිඳුරු දා කව කවි වල කියෝපු චිත්‍රපටි වල දැකපු පිවිතුරු ආදරේ තියෙනවද එතකොට කියලා මගෙන්ම ප්‍රශ්ණ කරනවා..
අන්න ඒ පරිකල්පනයට තමයි මම ආදරේ.
ඒ විදිහට මගෙ පපුවට ගහන සාහිත්‍යට මම මාර ලව් ඒකයි.

සිනාතොටක් විය ඔබ පාමුල මා ලද සරදම්..
මහෝගයක් විය ඔබෙන් ලැබූ අපමණ අභිමන්..
නොහඩා ඉන්නම් ගිලිහුනු දා පෙම් ලොව මල්දම්..
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...//

බෝසත් ඔබ සිත ලඟ උවැසිය වී දැහැනට වී..
සිටියා මිස නොදනිමි කොහිසිටියාදැයි මලවී..
පුදසුන් මත මියයද්දී සහසක් මල් පරවී..
නොපිදූ මල තවමත් ඔබ ගැන බැති බරවී...

මගෙන් මිදුනු ලොව ඔබට මිහිරි නම් එය සැපකි..
ඔබට ලංව දුක බෙදාගන්න බැරිකම දුකකි..
මෙවැනි බැදුම් අදහනු බැරි ලෝකය සිරගෙයකි..
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකි...

සිනා තොටක් විය...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Wednesday, March 21, 2018

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මුහුණුපුත්ථකය කතාවත්තුව

==  ==

ඉක්බිත්තෙන් එකල්හී මුහුණුපුත්ථකය වාරණය කරන ලද්ධාවූ බව පුවත්පත්‍රයකින් නෙත්වැකුණු  අපමහා සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ එකදු අඩමස්සකදු නොලද්දාවූ කොන්දොස්තරයාණන් කෙනෙකු මෙන් කෝපාගෘහිතව හීරෝෂිමාවේ සිට සිය අග්‍ර පුරෝහිත ගලගොඩාත්ථාභිධාන මහ රහතන් වහන්සේ සමගමැ ටසිරිලකට සැපත් වූවාහ.
සැපත් වූ සැනම වැටි වැටි ඇවිදින්නාවූ පුංචි පුත්‍රයකු මෙන් දෙදණ බිම හොවා ටසිරිලක් භූමියට වැඳ නමස්කාර කර වහා සිය අග්‍ර අමාත්‍යාවූ රෞනීල විකුම්සිහාණන් කැඳවා.. 

"එම්බල බය නැති අග්‍රා අමාත්‍ය තෙම.. මා ටසිරිලකෙහි නැති වේලේ කෞරුද මුහුණුපුත්ථකය වැහුවේ.. කෞරුද වැහුවේ.. මා හට එයට ලොග් විය හැක්කේය. නමුදු මා එන අතරතුරදී හායි ඩියර් හිටං ද කියා ඇසූ විට ඒන්ජල් විජ්ජුලතා නැමැත්තියක් හායි යාලු මං ඉඳන් කියා රිප්ලයි කලාහ. රටවැසියෝ කියන්නේ කිමෙක්ද..??

ලෙසින් අසාලූහ..

" මහරජාණන් වහන්ස මහා භාණ්ඩාගාර  බන්ධකාර සොරකමෙහිදී මෙන්මැ මා නම් කිසිත් නොදත්තෙමියි. මෙය නම් මාර්කාභිධාන සුක්‍රාභග්ග නම් සිටුවරයාණන්ගේ කූඨ උපායකියි. ඔබ වහන්සේට ජාත්‍යන්තරය දක්වන බය පක්ෂපාතීත්වය නිසා ඔබ වහන්සේව බ්ලොක් කර නැත්තාහ.  ඉදින් උන්ගෙන් අසවාපියාහූනම් නුඹට විස්තරයක් දත හැකයි.." කීහ.

වහා මාර්කාභිධාන සුක්‍රාභග්ග සිටුතෙමේට හංසයෙකු අත පණිවිඩයක් යවා ගෙන්වා ගත්තාහ.
ඉදින් මහා යූඑසාධිරාජ්‍යටම සිය බලය පතුරවාලූද.. ට්‍රම්පාණන් ආදී වූ අධිරාජ්‍යයන් පවා දණ නැමුවාවූද සුක්‍රාභග්ග සිටු තෙමේ මෙත්පල් නිරිඳාණෝ වෙත පැමිණියේ තවත් තරුණියකට යැවූ පණිවුඩ සහිත පෝනයක් තම පෙම්වතිය නිරීක්ෂණය කරනා කල වෙව්ලනා පෙම්වතකු මෙනි..

එම්බා මාර්කාභිධාන සුක්‍රාභග්ග ය. මා සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් සිරිසන් වෙමි.

ස්වාමීනි සිහිසන් වීමට ඔසු නොගත්තේ මන්දැයි සුක්‍රාභග්ගයන් ඇසූකල.

සිහිසන් නොවෙයි කොටළුව.. මම සිරිසන් වෙමි.. !!

තා වහා මාගේ මහජනයා අපාසුතාවයට පත්කරන්නට යෙදුණාවූ මුහුණුපුත්ථක දොරටු නැවත විවෘත නොකලහොත් මා තාගේ මුහුණු වල දැලි ගා පුත්ථකයෙහි පිටු එකින් එක ඉරා පෙර වදනක් වී තාගේ කතාවට පටුන ලියන්නට ඇට්ලස් චූටි පෑනක්වත් නැතිකරන්නෙමියි.. මා එය ලොවටම කියාලූකල තගේ කහවණු සිඳී බංකොලොත්ව යන්නාහ.
මෛලෝකපානය කර්මාන්තය බලව. මා කීවේ එක් වචනයකි. මේ මොහොතේ එහි හිමිකාර තෙමේ ලතා අක්කාගේ කසිප්පු පොට් එකෙහි වීදුරු හෝදන්නාහ.
සකල සොරුන් අල්ලා කූඩු කළෙමි. මාධ්‍ය මර්ධකයන්ට මඩු වලිගෙන් පහර දී දඟ ගෙයි දඬුවම් දුන්නෙමි.

ඩේයි විඩමාට්ටා.... මට තා පොරක් නොවේ හිටං යැයි මෙගාබ්ලාස්ටයක පූරකයාණන් මෙන් කියාහුය.

මෙබස් අසා පිස්තෝල වනිතාව දුටු රියැදුරෙකු මෙන් බියෙන් සලිතව මාර්කාභිධාන සුක්‍රාභග්ග තෙමේ

ස්වාමීනී සමාවුව මැන.. මා දැන්ම එහි බැඳි දම්වැල් ගලවා විවෘත කරදෙමියි කියා එවේලාවේම අඩි තුනහමාරක කුළුගෙඩියක් ගෙන්වා හිසට නුගපත්ද පයට කොහොඹපත්ද තබා සුබ මොහොතින් අම්බුජා සිමෙන්තියෙන් බැඳි පවුර කඩා මුහුණුපුත්ථකය විවෘත කරවාලීයැ..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Thursday, March 15, 2018

ෆේස්බුක් තහනම ඉවත් කරයි

== ==

ආයුබෝවේවා මහරජානෙනී ගීතයේ තාලයට ගායනා කරන්න
.
.
මෙත්පල් රජුන් දුන් විවරණින්
අපටත් පේස්බුක් පහලව ඇතේ
ඒ මහ රජුන් පෑ පෙලහරින්
මාක් සකර්බර්ග් සල්ලං වී ගියේ..//

ආයුබෝවේවා මෙත්පලාණනී....

තෙල්දෙණියෙන් දිගනින්
අම්පාරෙන් වඳපෙති ගින්නෙන්
නැගුනු දුක් සෝ සුසුම් නිවමින්
බුකිය බ්ලොක් කරමින්...

දෙස් විදෙස් ඇස් මවිත කරවයි
මෙත්පලාණෙනී...
ආයුබෝවේවා.. මෙත්පලාණෙනී....

මැසේන්ජරය වයිබර්
වට්සැප් උදානය ගෙන දුන්
මීඩියා ෆ්‍රීඩම් උදාකර දී
බුකිය දිනු දෙවිඳුන්...

දෙස් විදෙස් අභියෝග බිඳහල මෙත්පලාණෙනී
ආයුබෝවේවා.. මෙත්පලාණෙනී..

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, March 13, 2018

සෝෂල් මීඩියා මර්දනය හා සංවර්ධිත චීනය

චීනෙ ෆේස්බුක් සෝසල් මීඩියා නැත්තෙ එකම මූණ තියන චීනෙ දැයේ දරුවො ෆේස්බුක් ඇවිල්ලා හායි ඩියර් කියන හින්දවත් , ඉවුම් පිහුම් ගෲප් එකේ ඉසාරාංජන ක්‍රමයට පරිප්පු වලට නිවිති යි ටිංකිරියි දාලා පොළොස් උයලා වැසිකිලි අර්බුදේ උග්‍රවෙන හින්දවත්, ආදර සිහිනෙන් චීන්නු සෙට් වෙලා උන්ගෙ ජනගහනය වැඩිවෙන හින්දවත් , පෙංසුයි පේජ් බලලා පාං ගෙඩි හිල් කරන්න ගිහින් චීන්නුන්ට කන්න නැතිවෙන හින්දවත්., පේජ් ඇඩ්මින්ලගෙ ටූතව්සන්ඩ් ෆයිව්තවුසන්ඩ් ටෝක්ස් බලලා හොටු පෙරන්න අරන් බෞමිකඅකන්ඩතාවයෙ ගොටුකොල වැවෙන හින්දවත් නෙමෙයි අයිසේ..


 රාජ්‍ය විරෝධී මත හැදෙන එක නවත්තන්න..


චීනෙ කියන්නෙ ආර්තිකෙන් අම්මටහුඩු සංවර්ධිත මෙව්ව එකක් උනාට මිනිස්සුන්ට නිදහස තියන රටක් නෙමෙයි.


එක පක්සයයි. 

එහේ උද්ගෝසන වානා.. ඔය අන්තරේ උන් සමාජවාදී චින්තනෙන් ගිරිය කඩාගෙන පොරටෝක් දුන්නට සමාජවාදී චීනෙ හොර උපාධි කඩයක් වහන්න සී ජිං පිංට විරුද්ධව පාරට බැස්සනං විප්ලවයේ නාමයෙන් කෝටි ගණන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන් කියලා කස්ටියටම යුද්ධ ටැංකි පේලියක ස්කන්ධය ඉල ඇට කූඩුවකට දක්වන ප්‍රතික්‍රියාවෙන් මිනිස් සිරුරේ තන්‍යතාවයට කෙබඳු බලපෑමක් ඇතිවේද කියා මැනගෙන සිසුවිරුවො වෙන්න තිබ්බා. ( ඔව් දැන් කියන්නෙ ඒක සෝක් කියල නෙමෙයි හරිය.. ) 


චීනෙ මිනිස්සුන්ට තමන්ගෙ අදහස් ප්‍රකාස කරන්න කොච්චර නිදහසක් දීලා තියනවද කියලා තවත් දැනගන්න ඕනෙනං තියැනාන්මෙන් චතුරශ්‍රයේ (tiananmen square) උද්ඝෝෂණය මර්දනය කරපු හැටි බලන්න සර්ච් පාරක් දාලා. ( tank man වීඩියෝ එක ).  සිද්දවෙන සිය දහස් ගණනක් මාධ්‍ය මර්දනය අස්සෙ ඒක එකක් විතරයි.  ඉතින් ඔය පේන බම්බු නිදහසක් චීනෙ නෑ. 

  මලක් කඩාගෙන, රෙද්දක් වනලා සෙල්පියක් ගහගෙන පාඩුවෙ හිටහල්ලා කියලා උන්ගෙම මෙව්වා එකක් හදලා දීලා තියනවා ආණ්ඩුවට ඕන වෙලාවට වාරණය කරන්න පුළුවන් එකක්.


 ඉතින් තොපිට ඕනෙ චීනයක් වගේ සංවර්ධිත රටක් නං අනේ මෙන්න වැන්දා මේ ඉන්න තුන්වෙනි ලෝකෙ බඩකඩිත්තුව අපිට හොඳා..

ඇයි යකෝ චීනෙ ගන්නෙ.. ගනින්කො ස්විට්සර්ලන්තෙ, ඕස්ට්‍රේලියාව වගේ රටක්.. උබලා පට්ට ලිබරල්නෙ.. 


අවසාන වසයෙන් කියන්න තියෙන්නෙ මිත්‍රෝරුනි..


කලින් ආන්ඩුව කාලෙ මාධ්‍යවේදීන් පාරවල් මැද්දෙ බල්ලො වගේ මැරුවා, මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, අතුරුදන් කලා, සිරසට ගිනි තිබ්බා, අධි ආරක්ෂිත කලාපෙ තිබ්බ සියතට බෝම්බ ගැහුවා.. පත්තර කන්තෝරු ගිනිතිබ්බා වෙබ් වැහුවා..


මොකද උනේ.. ජනෙල් පඩියෙ එල්ලුනා..


ඔව් අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනතා සේවකයාණන් වහන්සේ, රනිල් වික්‍රමසිංහ බය නැති අගමැති තුමා එව්වා විකුණලා ආවා.. එව්වා ඇල්ලුවද.. යුක්තිය ඉස්ට කලාද නෑ..

ඉතින් දැන් එයාලා කොහොමත් ඒවට යුක්තිය ඉටුනොකල හින්දා ඒ අපරාධ වලට අනුබල දුන්නා හා සමානයි..

දැන් සෝසල් මීඩියා වාරණය කරලා මාධ්‍ය නිදහස නැති කරලා මේක චීනයක් කරනව කියලා එක එක උන් තැන් තැන්වල කිය කිය ඇවිදිනවා..


මෙන්න වැන්දා.. ජනෙල් පඩිය පේන්ට් කරලා පොලිෂ් කරගන්න..!!


දැන් කියයි සිකුරාදාට අයින් කරනවා අනී යික දවසයි බ්ලා බ්ලා බ්ලා.. මතක තියා ගන්න.. ලබ්බට තියපු අත පුහුලට කෙහෙල් ඇවිරියට පතෝල මැස්සටද තියන බව..


මේ මාධ්‍ය මර්දනයට විරුද්ධ වෙන්න. භාෂනයේ නිදහස ඔබේ මූලික අයිතිවාසිකමක්.. එය ඔබට අයිතිවන්නේ ඔබේ උපතත් සමගයි. කිසිවෙකුට එය ඔබෙන් උදුරාගත නොහැක.


#අකලංකාරය 

  - චමල් අකලංක පොල්වත්තගේ 

සෝෂල් මීඩියා මර්දනය හා සංවර්ධිත චීනය

චීනෙ ෆේස්බුක් සෝසල් මීඩියා නැත්තෙ එකම මූණ තියන චීනෙ දැයේ දරුවො ෆේස්බුක් ඇවිල්ලා හායි ඩියර් කියන හින්දවත් , ඉවුම් පිහුම් ගෲප් එකේ ඉසාරාංජන ක්‍රමයට පරිප්පු වලට නිවිති යි ටිංකිරියි දාලා පොළොස් උයලා වැසිකිලි අර්බුදේ උග්‍රවෙන හින්දවත්, ආදර සිහිනෙන් චීන්නු සෙට් වෙලා උන්ගෙ ජනගහනය වැඩිවෙන හින්දවත් , පෙංසුයි පේජ් බලලා පාං ගෙඩි හිල් කරන්න ගිහින් චීන්නුන්ට කන්න නැතිවෙන හින්දවත්., පේජ් ඇඩ්මින්ලගෙ ටූතව්සන්ඩ් ෆයිව්තවුසන්ඩ් ටෝක්ස් බලලා හොටු පෙරන්න අරන් බෞමිකඅකන්ඩතාවයෙ ගොටුකොල වැවෙන හින්දවත් නෙමෙයි අයිසේ..

රාජ්‍ය විරෝධී මත හැදෙන එක නවත්තන්න උන්ගෙ මාධ්‍ය දැඩිව වාරණය කරන හින්දා..

චීනෙ කියන්නෙ ආර්තිකෙන් අම්මටහුඩු සංවර්ධිත මෙව්ව එකක් උනාට මිනිස්සුන්ට නිදහස තියන රටක් නෙමෙයි.

එක පක්සයයි.
එහේ උද්ගෝසන වානා.. ඔය අන්තරේ උන් සමාජවාදී චින්තනෙන් ගිරිය කඩාගෙන පොරටෝක් දුන්නට සමාජවාදී චීනෙ හොර උපාධි කඩයක් වහන්න සී ජිං පිංට විරුද්ධව පාරට බැස්සනං විප්ලවයේ නාමයෙන් කෝටි ගණන් බිහිවේවා මගෙ පුතු වැනි තව පුතුන් කියලා කස්ටියටම යුද්ධ ටැංකි පේලියක ස්කන්ධය ඉල ඇට කූඩුවකට දක්වන ප්‍රතික්‍රියාවෙන් මිනිස් සිරුරේ තන්‍යතාවයට කෙබඳු බලපෑමක් ඇතිවේද කියා මැනගෙන සිසුවිරුවො වෙන්න තිබ්බා. ( ඔව් දැන් කියන්නෙ ඒක සෝක් කියල නෙමෙයි හරිය.. )

චීනෙ මිනිස්සුන්ට තමන්ගෙ අදහස් ප්‍රකාස කරන්න කොච්චර නිදහසක් දීලා තියනවද කියලා තවත් දැනගන්න ඕනෙනං තියැනාන්මෙන් චතුරශ්‍රයේ (tiananmen square) උද්ඝෝෂණය මර්දනය කරපු හැටි බලන්න සර්ච් පාරක් දාලා. ( tank man වීඩියෝ එක ).  සිද්දවෙන සිය දහස් ගණනක් මාධ්‍ය මර්දනය අස්සෙ ඒක එකක් විතරයි.  ඉතින් ඔය පේන බම්බු නිදහසක් චීනෙ නෑ.
  මලක් කඩාගෙන, රෙද්දක් වනලා සෙල්පියක් ගහගෙන පාඩුවෙ හිටහල්ලා කියලා උන්ගෙම මෙව්වා එකක් හදලා දීලා තියනවා ආණ්ඩුවට ඕන වෙලාවට වාරණය කරන්න පුළුවන් එකක්.

ඉතින් තොපිට ඕනෙ චීනයක් වගේ සංවර්ධිත රටක් නං අනේ මෙන්න වැන්දා මේ ඉන්න තුන්වෙනි ලෝකෙ බඩකඩිත්තුව අපිට හොඳා..

අවසාන වසයෙන් කියන්න තියෙන්නෙ මිත්‍රෝරුනි..

කලින් ආන්ඩුව කාලෙ මාධ්‍යවේදීන් පාරවල් මැද්දෙ බල්ලො වගේ මැරුවා, මාධ්‍යවේදීන් පැහැරගෙන ගියා, අතුරුදන් කලා, සිරසට ගිනි තිබ්බා, අධි ආරක්ෂිත කලාපෙ තිබ්බ සියතට බෝම්බ ගැහුවා.. පත්තර කන්තෝරු ගිනිතිබ්බා වෙබ් වැහුවා..

මොකද උනේ.. ජනෙල් පඩියෙ එල්ලුනා..

ඔව් අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනතා සේවකයාණන් වහන්සේ, රනිල් වික්‍රමසිංහ බය නැති අගමැති තුමා එව්වා විකුණලා ආවා.. එව්වා ඇල්ලුවද.. යුක්තිය ඉස්ට කලාද නෑ..
ඉතින් දැන් එයාලා කොහොමත් ඒවට යුක්තිය ඉටුනොකල හින්දා ඒ අපරාධ වලට අනුබල දුන්නා හා සමානයි..
දැන් සෝසල් මීඩියා වාරණය කරලා මාධ්‍ය නිදහස නැති කරලා මේක චීනයක් කරනව කියලා එක එක උන් තැන් තැන්වල කිය කිය ඇවිදිනවා..

මෙන්න වැන්දා.. ජනෙල් පඩිය පේන්ට් කරලා පොලිෂ් කරගන්න..!!

මේ මාධ්‍ය මර්දනයට විරුද්ධ වෙන්න. භාෂනයේ නිදහස ඔබේ මූලික අයිතිවාසිකමක්.. එය ඔබට අයිතිවන්නේ ඔබේ උපතත් සමගයි. කිසිවෙකුට එය ඔබෙන් උදුරාගත නොහැක.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Saturday, March 10, 2018

ඔබ මිනීමරුවෙක්

ජාතිවාදය ආගම්වාදය පැතිරූ එක සිංහල දෙමළ මුස්ළිම් තිරිසනෙක්වත් හතරවන ඊළාම් යුද්ධෙට ගියේ නැත.  උතුරේද දකුණේද බෝම්බ වලින් වෙඩි වලින් මැරුම් කෑවේ යුද්ධෙට වචනෙකින් හෝ දායක නොවුන සිංහල දෙමළ මුස්ලිම්  අහිංසකයන් ය. සොල්දාදුවන් ලෙස ශ්‍රී ලංකා හමුදාවේද ltteයේද උතුරේ ද දකුණේද ජාතිවාදයේ කාලතුවක්කු උණ්ඩ බදාගෙන මියගියේ එසේ යුද්ධයට කිසිදු සම්බන්ධයක් නොමැති අහිංසක මිනිස්සුය.

ඔබ දැන් වන්දනාමාන කරන දේසපාලුවන් කලේ යුද්ධෙට පොහොර දැමීමය.. යුද්ධය විකුණගෙන කෑමය. යුද්ධයෙන් ජීවත් වීමය බලය තබා ගැනීමය. දැන් උන් කරන්නේද ඒකමය.
ඔය තමන්ගේ ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නා සිංහ ලේ, දෙම ලේ, මරක්ක ලේ අම්මටහුඩු සංවිධාන සියල්ල දේසපාලන ගේම් ය. බලය උදෙසා එක එක දේසපාලුවන් විසින් සිදුකරනා ගොනාට ඇන්දවීම් ය. එයට අසුවී තම ජාතියේ ලේ රත් කරන් මන්න අතට ගන්නා ඔබ සියල්ල ඒ ගේම් එකේ ඉන්න ගොන්නුය. උන් ඔබෙන් ගන්නේ ආතල් එකකි.

ඔබ අද පැල කරන ජාතිවාදයේ ආගම්වාදයේ බීජ මහා ගස් වන්නේ තව කාලයකින් ය.
ඒ මහා ගස් කඩා වැටෙන්නේ මේ කිසිදු දේකට සම්බන්ධයක් නොමැති අහිංසකයන්ගේ ඔලු මතටය.

ඒ නිසා ඒ සාපයේ කොටස්කරුවකු නොවන්න.
ඔබ සිංහල වුවද දෙමළ වුවද මුස්ළිම් වුවද මොන ආගමේ වුවද අදාල නැත. ඔබ ජාතිවාදය ආගම්වාදය පතුරයි නම්.ප්‍රචන්ඩත්වය සැකය වෛරය වපුරයි නම් අනාගත ලේ සෙලවීමකදී ඒ සියළු මරණ වල වගකීම ඔබ බාර ගත යුතුය. ඔබ මිනීමරුවෙකි...!! ඇත්ත ඒකය.

ගැටළුැ ඇතිවීම මනුෂ්‍ය සමාජයක ස්වභාවික ය. ඒවා විසඳීමට විධිමත් ක්‍රියා පටිපාටියක් ඇත. නීතියට එය සිදු කිරීමට බාර දෙන්න. නීතිය අතට ගෙන ඔබ අර පොලිටිකල් ගේම් එකේ ගොනා බවට පත් නොවන්න.අනාගත ලේ සෙලවීමක කොටස් කරුවෙක් නොවන්න. ඔබේ ආත්මයට කිසිදාක ඒ ශාපයෙන් ඒ විලාප වලින් ගැලවීමට නොහැකි වනු ඇත..

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

විමුක්තිය ලැබුණද..?

හමුදාවෙ 13 ක් ව මැරුවා.

විමුක්තිය ලැබුණද..?

83 දි පළිය ගන්න ඒකට කිසිම සම්බන්ධයක් නැති කොළඹ දෙමල්ලු දහස් ගාණක් මැරුවා.. උන්ගෙ දේපළ ගිනිතිබ්බා.  මිලියන ගානක දේපල මංකොල්ල කෑවා.. යාපනේ පුස්තකාලෙ ගිනිතිබ්බා..

විමුක්තිය ලැබුණද ?

ප්‍රභාකරන් දකුණෙ බෝම්බ තිබ්බා. යුද්ධෙට කිසිම සම්බන්ධයක් නැති අහිංසක සිංහල දෙමළ මුස්ළිම් උන් දහස් ගාණක් මැරුවා.. දේපල බිලියන ගානක් විනාස කලා..

විමුක්තිය ලැබුණද..?

තලේබාන්ලා ඇමරිකාවට ගැහුවා.. ඇෆ්ගන් ඉරාක් යුද්ධෙට කිසිම සම්බන්ධයක් නැති දහස් ගාණක් මැරුවා.

බිල් ලාඩ්න්ට විමුක්තිය ලැබුණද.. ?

වාහනේ ඉස්සර කලා කියලා එකෙක්ට ගහලා මැරුවා.

විමුක්තිය ලැබුණද..?

දැන් තොපි උන් කරපු වැරැද්දට අහක ඉන්න අහිංසක උන්ගෙ දේපළ ගිනිතියලා විනාස කරනවා.. මරාගෙන මැරෙන්න සංවිධානය වෙනවා..

තොපිට විමුක්තිය ලැබෙනවද..

නෑ

එකෙක් කරපු වැරැද්දකට පළිගන්න අහක ඉන්න අහිංසක උන්ව මරාගෙන කන්න හදන තොපෙයි ප්‍රභාකරන්ගෙයි කලු ජූලිය කරපු උන්ගෙයි බිල් ලාඩ්න්ගෙයි වෙනසක් තියනවද..?

ප්‍රස්න විසඳන්න ලේ හොල්ලන්න හදන ප්‍රචන්ඩත්වය පතුරන එකෙක්වත් වීරයො නෙමෙයි.. ප්‍රශ්න විසඳන්න ප්‍රචන්ඩත්වය ප්‍රතික්ෂේප කරන උන් විතරයි වීරයො වෙන්නෙ..

යුද්ධයක් පටන් ගන්න ඕන බූරුවෙක්ට පුළුවන්. පල්ලියකට පන්සලකට එක ගලක් ගහන්න පුලුවන් ඕනම එකෙක්ට යුද්ධයක් පටන් ගන්න පුළුවන්

හැබැයි යුද්ධයක් නවත්තන එක ඒ බූරුවට කරන්න බෑ..

මතක තියාගනින්..

සිංහල දෙමළ මුස්ළිම් හෝ මොන ආගමක උන් හෝ වේවා උඹලා අද පතුරන වෛරය සැකය ප්‍රචන්ඩත්වය හින්දා කවදහරි ඇතිවෙන යුද්ධෙක වගකීම තොපි ඔක්කොම බාරගන්න ඕනෙ කියලා.. ඒ මැරෙන හැම අහිංසක දරුවෙක්ගෙම මරණවලට තොපි වගකියන්න ඕනෙ කියලා.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, March 6, 2018

ශාක්‍ය කෝලිය යුද්ධය

ශාක්‍ය, කෝලිය ජනපද මැද්දෙන් ගලා බැස්සේ රෝහිණී ගංගාව. ජනපද දෙකේම ගොවියෝ රෝහිණී ගං දියෙන් ගොවිතැන් කලා. . මේ ජලය බෙදා ගැනීමට නොහැකිව ගොවියන් අතර ඇතිවූ කලහය අවසානයේ දෙරටෙහිම යුද්ධයක් දක්වා දීර්ඝ වුනා. අදූරදර්ශී වූ ඒ රටවල් දෙකේම පාලකයෝ මහ සටනකට සූදානම් වූහ. ආයුධ සන්නද්ධ ව රෝහිණී ගඟ දෙබඩ රැස්‌වුණා......
............

බුදුරජාණන් වහන්සේ මහනුවරට වැඩම කළ සේක.. දෙපක්‍ෂයම බුදුරජාණන් වහන්සේ දැක සන්සුන් වූහ. මහාකාරුණික බුදුපියාණන් වහන්සේ,

"මේ මහා සටනකට සූදානම් වන්නේ කවර දෙයක්‌ අරමුණු කැරැගෙන ද " යි ඇසූහ.

බොහෝ දෙනා ඒ මහ සටනේ හේතුව වත් දැන සිටියේ නැත. එහෙයින් දෙපක්‍ෂයම ඔවුනොවුන් මූණ බලන්නට වූහ. ඔවුනොවුන් කසු කුසු ගා යම්තම් කාරණය දැනගෙනැ

" ජාතිය නිමිති කරගෙනය" යි කීහ.

මහා කාරුණික බුදුපියාණෝ " ජාතිය කොපමණ අගනේ දැ යි"

දෙපක්‍ෂයෙන් ම ඇසූහ.

"ඉතා ස්‌වල්පයක්‌ අගනේය" යි පිළිතුරු ලැබිණි.

"  මනුෂ්‍යයෝ කොපමණ අගනාහු දැ"

යි නැවතත් බුදුරජාණන් වහන්සේ ඇසූහ.

" ස්‌වාමීනි, මනුෂ්‍යයන්ගේ අගය, වටිනාකම නොකිය හැකිය" යි ඔවුහු කීහ.

"ඉතා ස්‌වල්පයක්‌ අගනා ජාතිය නිසා අගය කළ නොහැකි මනුෂ්‍ය ජිවිත නැති කැරැගන්නට සූදානම් වන්නහුදැ"යි මහා කාරුණිකයන් වහන්සේ ඇසූහ.
ඔවුහු කාරණය වටහාගෙන ලඡ්ජාවට පත් වැ බිම බලා ගත්හ.

වෛරයෙන් වෛරය නොසන්සිදේ
අවෛරයෙන්ම වෛරය සන්සිඳේ

කම්මනා වසලෝ හෝතී
කම්මනා හෝතී බ්‍රාහ්මණෝ

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Saturday, March 3, 2018

වඳ පෙති ගීය

"මියයන්න සූදානම් පැරදුම දරන්...".. ගීතයේ තාලයට ගායනා කරන්න

මොනවත්ම වෙන ආයේ මට ඕනෑම නෑ
වඳ වී යනවනං දැන් දුක ඇත්තෙ නෑ
හැමදේම විසඳන්න කොන්ඩම් වලට බෑ
ජාතිය රැකගන්න උන් ඉඩ දෙන්නේ නෑ

වඳ වෙන්න සූදානම් පැරදුම දරන්
අම්පාරෙ එනවාද පෙත්තත් අරන්...//

කිව්වාට අපි නැතුව බෑමයි කියා
සහජීවනේ නොදැනී ගෙවිලා ගියා
සීට් කවර වඳ ජෙල් ද බ්‍රෙෂියර් තියා
ඇයි අපිව වඳ කෙරුවෙ නානා ඔයා...

වඳ වෙන්න සූදානම් පැරදුම දරන්
අම්පාරෙ එනවාද පෙත්තත් අරන්...//

කාටවත්ම දොස් දෙන්න බෑ දැන් යලී
වඳ වූයේ අපෙ වැරදි හින්දයි අපි
මට වැඩිය සිය ගුණයකින් පණ ඇති
ඩයිනෝසරුත් තම්බි වඳ කෙරූ හැටී...

වඳ වෙන්න සූදානම් පැරදුම දරන්
අම්පාරෙ එනවාද පෙත්තත් අරන්...//

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ