Wednesday, May 30, 2018

තාලෙට කියන්න ෆ්‍රෙන්ස්.. තාලෙට....


| තාලෙට කියන්න ෆ්‍රෙන්ස්.. තාලෙට....|

.
දන්න වංහුං අප මෙත්පලාන රාජධූරයේ..//
රාජධූර රාජධූර රාජධූරයේ..
දන්න වංහුං අප මෙත්පලාන රාජධූරයේ..//

රකී සකල සඟිස්කෘතිය වලීගේ මඩූ අතේ..//
අදර්මිෂ්ට වඳ බ්‍රෙෂියර් ගැලවිලා යතේ..//
ගැල විලා.. ගැල විලා ගැලවිලා යතේ..

දන්න වංහුං අප මෙත්පලාන රාජධූරයේ..//

දනී හැදුවෙ කවුද කියලා සීයේ දින වැඩේ... 
දනී කවුද... දනී කවුද... ද ද....

ඕයි.. ඕයි...

දනී හැදුවෙ කවුද කිය...

ඕයි. ඕයි...  ඒක දන්නෑ.. දන්නෑ.. ඕයි.. ඒක දන්නෑ.. ඒක දන්නෑ...හු@$@&*@-@ ඒක දන්නෑ...

ආ....

නොදනී කවුද හැදුවෙ කියලා.. සීයේ දින වැඩේ...
ඉතින් ප්‍රීතියෙන්ම යමව් ඒතුමා වෙතේ....

මොන ප්‍රීතියක්ද හු@$@**@@%@@.... තොපි ගංජා ගහලද...

නොදනී කවුද හැදුවෙ කියලා.. සීයේ දින වැඩේ...//
ඉතින් ඌම දන්නෙත් නෑ ලොක්කා ඌ රටේ..
ඌ රටේ ඌ රටේ.. ලොක්කා ඌ රටේ...

කැරකිලා...

ඔය රැප් එක දාපන් @&@*@*-@%%@

මහා ජනා call me හිටං.. my job රජකම කරං
When the people ask good governance අම්මට හු&ං
If you want ministry මල්ලි ඉඳා මෙන්න ගනිං
මිනිමැරුම් නඩු ඔක්කොම ෆයිල් මට නතිං
මහජනා අපිට කියන්නෙ බැංකු කඩපු හොරු
කවදාවත් අල්ලන්නෑ කලින් හිටිය හොරු
උන් ඔක්කොම සැපේ දැන් අපිත් එක්ක මරු
කිසිම දෙයක් මතක නෑ අන්න බලන් තරු...

මගෙ නම සිරි.. ලේකම් කම කලේ. ආප්ප පුච්චලා ජනාධිපති උනේ..
හිටං ඉන්නෙ සරලව එයාර් පෝට් වහන්නැතේ
පත්තරයක් අරන් කියවන්න අතේ සල්ලි නැතේ
පොඩි පොඩි ගේම් දීලා ලොකුවට කියවන්නෙ
මේ දවස් වල වැස්ස හින්දා ජීඩීපි නගින්නෙ
වලි සීන් ආවම දන්නෑ කියන්නෙ
අනිත් පිලේ කොල්ලො එක්ක ඩීල් ගේම් ගහන්නෙ
මට තියෙන්නෙ දෙන දේ අස්සං කරලා යවන්න
කුඩ්ඩෙක් හොරෙක් බාගෙන ඇමතිකමක් පුදන්න
මැරිච්ච උන් ගොඩගෙන ආයෙත් වලලන්න.
( ආ.. මිනීමෝරා.. මෙන්න රජකම තියාගන්න..)

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, May 29, 2018

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් කහවණු වර්ෂා ජාතිකාර්ථික නග්ග කතාවත්තුව

==  ==

මහාසියානුවාධිරාජ්‍යයයේ අඹෑටය වූද පෘථිවි ධාතුවෙන් උතුම්මාරට වූද ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රාජ්‍යය විචාරන්නාවූ සමයෙහි නිපොලැකා පනිට්ටුවට වැටි හේමමාලියක මෙන් බබලන්නාහ. ඉදින් රාජ්‍යය පෙර මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණන්ගේ සමයමෙහි මෙන්මැ යූඑසාධිරාජ්‍යද ජම්බුද්වීපයද යුරෝපාධිරාජ්‍යය ද ස්වාසීලන්තානු අධිරාජ්‍යාධී නේක නේක මාහාධිරාජ්‍යයෝ මැද අනෙක් පක්ෂාතර වැජඹෙන ජේවීපියක් මෙන් බබලන්නට වූවාහ.  මහජනතාවෝ සකල සතම බොධු බැතියෙන් පිනා දන්සිල් භාවනාදී පුන්‍යකර්මයන්හීම යෙදෙන්නාහ. පූර්වාත්මභවයේදී  මංකොල්ල කන්නට යෙදුනා වූ භාණ්ඩාගාරයක් සුරක්ෂිත කරන ලද්දවූ පුන්‍යකර්මයන්හී ආනුභාවයෙන් දසලක්ෂාදී කහවනු සිතු සිතු නොදන්නා මොහොතේදී පවා පහල වෙන්නාවූ සිරිදයා වින්සේකර මහාමාත්‍යයෝට මෙන්ම ටසිරිලක ජනීජනයා අතටද කහවණු පහල වන්නටම වන්නාහ. බදු නැතිවූ නියාවෙන් ජනතාවෝ බලහත්කාරයෙන්ම බදු ගෙනත් ගොඩගැසුවාහ. රාජ්‍යය සුඛිත මුදිතව සරලව සශ්‍රීක කරවන්නාවූ නියා මහජනතාවෝ විය මහරජු වූ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානන්ගේ රුව රැගත් පුවරූන් කිරෙන් නහවා ෂෙයාර් කරන්නාහ.

ඉදින් මෙසේ කලක් ගතවන්නාවූ කල්හී අල්ලපුගේ දියුණුව දැක හූල්ලනා සිසිටීවී ඇන්ටියෙකු මෙන් ටසිරිලකෙහි සමෘද්ධිය දැක අනෙක් රාජ්‍යයෝ ඊර්ෂ්‍යා කරන්නට වන්නාහ. ඉදින් ටසිරිලකට කුමක් කරන්දැයි කල්පනා කර සතරකන් ෂඩ්කන් අෂ්ටකන් දසකන් ආදීවූ විවිධ මන්ත්‍රණ පවත්වා අවසානයේ බටහිරාධිරාජ්‍යයෝද ජම්බුද්වීප රෝ ආදී වූ කුමණ්ත්‍රණකරුවෝ කථිකා කරගත්තේ නම්..

ඉදින් ටසිරිලක සිංහලේ.. අංගං මන්ත්‍ර, මහසෝනාදී සේනාවෝද , නාථාදී දේව මණ්ඩල කැඳවුම් කරුවෝද, යසෝසිතා කෞමාරනුවානෝ ද ඉන්නා නියා යුධයෙන් ජයගත නොහැක්කාහ.  රෞනීල විකුම්සිහාණන් ද රංගධරයෙක් නොව මස්තිෂ්කයකි. මෙත්පලානෝ ජාත්‍යන්තරය අතැඹුලක් සේ දන්නාහ. ඉදින් ප්‍රයෝගයෙන්ද ජනගත නොහැක්කාහ. එනිසාවෙන් අපි ටසිරිලක ස්වභාවික විපතින්ම නසාලමුයි මියුළු නුවර වටලෑමට මෙන් කථිකා කරගත්‍තාහ..

එසේ කථිකා කරාවසානයේ කුමණ්ත්‍රණකරුවෝ සිය නාසායතාණයෙන්  අභ්‍යාවකාශයානයක නැගී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙහි අඹ දඹ නාරං කෙසෙල් මැංගුස් ගස්ලබු ඇපල් කොමඩු කාමරංකා ගඩුගුඩාදී නේක් නේක පලතුරු වර්ඝ සිය දහස් ගණනින් හරිතාගාර තනවා වගා කරන්නට වන්නාහ. ඉදින් එය පිටින් බලන්නේනම් මහජනචීනයටත් වඩා සුවිසල් වූ අභ්‍යාවකාශ පලතුරු වනයකි. ඉන් මත්තෙහි සුබාසිරි බලන ලද්දවූ කලෙක මෙන් එහි වෙඩින් ස්පෙෂල් පෝරු සෙට් බැකාදීයද, ප්‍රී සූටයක් සඳහා සටල් සවාරිද, හනිමූනය සඳස ස්ප්‍රින් මෙට්ට ඩබල් යහනාදියද සවිකර පොටවල් හතරේ නැව් කඹයකින් ඇදගෙන ටසිරිලකට ඉහල අහසේ ස්ථානගත කලාහ.

කෙසෙල් කඳක් පීදෙන කලක් යාමට මත්තෙන් වැස්ස වලාහක දිව්‍යරාජයාණෝ ඒ අභ්‍යාවකාශ පලතුරු වනයෙහි සුවඳ දැනී පෙර පෝය දින බාරයට යන බේබද්දෙකු මෙන් ඇදී ආවාහ. ඉදින් එහි තුබූ සුවපහසුව දැක.. පුල් මාවලසය. මා මෙහිම මාගේ භවනය සදා වසමියි කියා සිය දේවියටද වට්ෂැපණිවිඩයක් දමා ගෙන්වා ගත්තාහ.. රාත්‍රිය උදාවිය. නින්ද ඇයි නොඑන්නේ.. වැස්ස වලා දේවීන්ද්‍රයෝ රථි කෙලියෙහි යෙදෙන්නාහ. ඉදින් දෙවියෝ පෙම් සුව විඳිනු වගේ ප්‍රීතියක් ඇත්තේ නැතිය. ගල මතුපිට මල පිපෙන්නාහ..මල මට බඹරිඳු නටන්නාහ.. වැහි වැහැලා ගඟ පිරෙන්නාහ.. ගඟ උතුරා හිත පිරෙන්නාහ.. වලාකුළු ගණීභවනය වෙන්නාහ. ටසිරිලක ඉහල අහසෙහි මහාමේඝයෝ වැස්සවලා දේවානුභාවයෙන් එක්වන්නාහ. ඉදින් මෝසම සක්‍රීයවියැ. මහවැසි ඇදහැලෙන්නට විය..

මෙපවත් නොදන්නා වැස්සවලා දේවේන්ද්‍රයෝ පෙම්සුව විඳින්නාහ. ටසිරිලක තෙමෙන්නාහ.. කළු කැළණි නිල්වලා ගිං දැදරුආදී මහා ගංගා පිටාර යන්නට වන්නාහ.
දෙගොඩතලා ගඟ ගලා මෙගොඩ ගොඩේ ඈ තනිවන්නාහ. ජීවිතාරක්ෂක පහුරු නැත්තාහ. ඉදින් ටසිරිලක රාජ සභාව පවා දියෙන් ගලා යාමට ඔන්න මෙන්නව සිටින්නහ. නාය යාම් යැ. තැන තැන මරණය. සමෘද්ධියෙන් ඔද වැඩී තුබූ දේශය මළ ගෙයක් බවට පත්වන්නාහ.   අප්පච්චී පැරදුනු දා බයියෙකු මෙන් කම්පිතවූ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දැන් කුමක් කරම්දැයි කියා කල්පනා කර වහා සිය සරල මාලිගයෙන් නික්මී කරවටක් ගංවතුරට බැස්සාහ.

ඈත දෙගොඩ තලමින් ගලන රුදුරු ගංවතුරය
මෑත සිය මහජනයාට වූ විපැත්තියෙන් කම්පිතව සට සට ගා කඳුළු සලනා මෙත්පලානෝය..
වහා ඇමතුමක් ගෙන චාතූර්‍ය සෙනරතානෝ අමතන්නාහ.. එතුමාණන්ගෙන් ලැබුණු උපදෙස් මත
සිය නලලෙහි දෑත හොවාගත් සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ දිය මත පලක් බැඳ එරමිනියා ගොතාගෙන " මාගේ රාජ්‍යත් ජනතාවත් බේරා දෙන්නේනම් මා ටසිරිලක වටා මිරිවැඩි සඟල ගලවා පා ගමනින්ම හිටං යමියි..!! " කියා සිරිසඟබෝ රජුන් මෙන් සත්‍යක්‍රියා කරන්න්නට වන්නාහ.
තව්තිසාවය. බුදුඅම්මෝඕඕ කියා සක්දෙවිඳු බිම පතිත විය. ඩේටා ඔන්කරන ලද පෝනයක් මෙන් පඬුපුල් අසුන රක්තතප්ත වී ඇත.. දිව්‍යඥානයෙන් බැලූ සක්‍රදේවීන්ද්‍රයාණන්ට මෙත්පල් සිරිසන් නිරිඳුන්ගේ සත්‍යක්‍රියාව දැක දණ්ඩෙන් පහරලත් නාගයෙකු මෙන් කෝපාග්නියෙන් දැවී දැවී වහා සිය අධිෂ්ඨාන බලයෙන් ටසිරිලකට වැටෙන වැසි බිඳු කහවණු බවට හැරෙව්වාහ... කෝපාග්නියෙන් දැවුනේ පශ්චාත්භාගය පිළිස්සීම නිසාය.

වැස්සටහුඩු ජීඩීපී කිව්වලු..!!

.. මොරගෙඩි තරම් වැහිබිඳු වෙනුවට අන්තර් මෝසම් වැහිබිඳු රන්කහවණු වී වැටෙන්නාහ..
ඉදින් මෙත්පලාණන්ගේ සත්‍යක්‍රියා බලමහිමයෙන් දෙගොඩතලා ගිය දිය වෙනුවට දෙගොඩ තලා කහවණු ගලන්නාහ..
ඉදින් වර්ෂාව නිසා ජාතික ආර්තිකය ඉහළ ගොස් භාණ්ඩාගාරය පිරී ඉතීරිමැ ගියාහ.

මෙනිසාම සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ කහවනු වර්ෂා ආර්ථික සමෘද්ධි යන ගෞරව නාමයෙන් හඳුන්වන්නට වන්නාහ.

අකලංකාරයෙහි එන සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් කහවණු වර්ෂා ජාතිකාර්ථික නග්ග කතාවත්තුව නිමියේයැ.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Saturday, May 26, 2018

මහාබ්‍රහ්මයා


අඩෝ උඹලා දන්නවද මහා බ‍්‍රහ්මයගේ කටෙන් උපන් හින්දා බ්‍රාහ්මණ උන් තමයි උසස්ම... ක්ෂත්‍රිය උන් ඉපදුනේ මහා බ‍්‍රහ්මගේ බාහුවලින්..
එතකොට වෛශ්‍ය උන් මහා බ‍්‍රහ්මගේ කලවාවලින්.. අන්තිම අඩුකුලේ පරහැත්ත ශුද්‍ර උන්..  උන් ඉපදුනේ මහා බ‍්‍රහ්මගේ යටි පතුලෙන්. ඒක හින්දා තමයි උන් අඩුකුලේ වෙලා තියෙන්නෙ..

ඉතින් මචං මහාබ්‍රහ්මයා කියලා එකෙක් ඉන්නවද එතකොට.. අනික බං එහෙම එකෙක් හිටියත් උගෙ කටින් මිනිස්සු ඉපදෙන්න නං කටේ යෝනියක් තියනවද ඌට..

උඹෙ අම්මට @&&@**@%@3@.. අනේ නිකන් බොරුවට රැඩිකල් වෙන්න යන්නෙපා ඕයි. හැම එකම නෑ කිව්වම තෝ රැඩිකල් වෙන්නෑ.. විද්‍යාවෙන් ඔප්පුවෙලා නැති කොච්චර දේවල් මේ ලෝකෙ තියනවද..උඹේ පුකේ රැඩිකල්කම තියලා ඉඳගනින්.. දැන් විද්‍යාවෙන් කියනවනෙ පිටසක්වල ජීවියො ඉන්නව කියලා.. අන්න ඒ වගේ මහාබ්‍රහ්මයත් ඉන්නවා. ඇයි උඹ දැකලා නැද්ද සමහර මාළු උන්ගෙ කටේ තියාගෙන පැටවු රකිනවා. අන්න ඒ වගේ මහාබ්‍රහ්මයත් මිනිස්සු මවන්න පුලුවන්..

එතකොට මචං සියුස් ඇතීනා එහෙමත් ඉන්නවද..

පිස්සුද යකෝ තොට.. ඒවා මිත්‍යාදෘශ්ඨික මීහරක් කියන ගොං කතා.. ඊයා යකෝ තෝ ඕවත් විස්වාස කරනවද. එහෙම ඉන්න පුළුවන්ද යකෝ දේව මණ්ඩලයක්. මොන ගොං කතාවක්ද ඒක. බුහහ්හහහ්හහහ්හා.. මහාබ්‍රහ්මයා තමයි යකෝ එකම මැවුම්කාරයා..

#රැඩිකල්ගොංකතා
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Sunday, May 13, 2018

නයිට් ලයිෆ්

මේ ළඟදි ගාලු පාරෙ කටුබැද්ද පැත්තට බස්සෙකේ එනකොට හිතුනෙ හවස හයාමාර හත වගේ වෙලාවට පාර දෙපැත්ත කොච්චර ලස්සනද කියලා. කොල්ලුපිටියේ ඉඳන් බම්බා වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස ඔය  දෙපැත්ත. එක එක පාට පාට ලයිට් එලි පත්තු වෙනවා. මිනිස්සු ඇවිදිනවා. පිරිමි ගෑනු කලිසම් සරම් සාරි ඇඳපු, කොල්ලො කෙල්ලො, පොඩි උන්, සිංහල දෙමළ මුස්ලිම් හැම ජාතියකම මිනිස්සු,.එක එක ජාතියෙ කඩ හැමතැනම. එක එක ජාතියෙ කෑම සුවඳ.. ගල්කිස්ස වෙරළෙ ඉඳන් ඉර බැහැලා යන ලස්සන. කිලෝමීටර් දහයක් එහායින් තියන කොළඹ පේන විදිහ. ටික ටික රෑ වෙනකොට ලයිට් පත්තු වෙන විදිහ. WTC එක , අල්ටෙයාර් එක, නෙළුම් කුළුණ, ඇතුළු ගොඩනැගිලි, වරායෙ දොඹකර එලිවල ලස්සන. සැරින් සැරේට සද්දෙට කල්පනාව කඩලා දාන කෝච්චි පාර.

ඉතින් මම කල්පනා කලේ යුද්ධෙ එන්න කලින් ලංකාවෙ තිබ්බ සිනමා කල්චර් එක. රෑ ෂෝ එක බලලා ගෙවල් වල යන්න මිනිස්සුන්ට බස් පවා දාලා තිබ්බලු. සමහර කොල්ලො කෙල්ලො සීයලා ආච්චිලා අම්මලා තාත්තලා බයිස්කෝප් එක බලලා පයින්ම යනවලු ගෙවල් වලට විහිළු කර කර කියෝ කියෝ. කඩල බඩ ඉරිඟු සාරවිට කාරයන්ට හොඳට බිස්නස්ලු.

මම නිසාචරයි. රෑට ඇහැරිලා ඉන්නව අදටත් පාන්දර වෙනකන්. මහ රෑ ඇවිදින්න  පුදුම ආසාවක් තියෙන්නෙ.

ලංකාවෙ එහෙම වාතාවරණයක් තියනවද.. සරලවම ලංකාවෙ මිනිස්සුන්ට නයිට් ලයිෆ් එකක් තියනවද.. අඩු තරමෙ ප්‍රධාන වානිජ නගරය වෙච්ච කොළඹ පවා රෑ නමය වෙද්දි පාලු මූසල පුදුකුඩුඉරිප්පුවක් වෙනවා. අච්චර ලස්සන ගාලු පාර කලුවර වෙලා බල්ලෙක්වත් නැතුව යනවා. ලංකාවෙ මිනිස්සු ඔක්කොම තාම රෑට බයයි. රෑ කියන්නෙ අඳුරු මූසල බිල්ලෙක් හොල්මන් යක්කුන්ට හොරුන්ට ගණිකාවන්ට විතරක් ඇවිදින්න හදපු වෙලාවක් කියලම හිතන් ඉන්නෙ.  ඇයි අපිට බැරි නයිට් කල්චර් එකක් පටන් ගන්න. ලෝකෙ නොනිදන නගර කොච්චර ලස්සනයි ද.
පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙසක් කාලෙට කොළඹ කොච්චර ලස්සනද කියලා. ගංගාරාමෙ පැත්ත, ගෝල්ෆේස් එක, බෞද්ධාලෝක මාවත , නයිට් ලයිෆ් එකක් කිව්වම ගොඩ දෙනෙක්ට මතක් වෙන්නෙ ගණිකාවො ඉන්න රෙඩ් ස්ට්‍රීට් එකක්. එහෙම නැත්තං කැසිනෝ හෝ නයිට් ක්ලබ්ස්. නෑ ඒවා විතරක් නෙමෙයි. ඒවා දැනුත් කොළඹ තියනවා නිල හෝ නොනිල විදිහට. මේ කියන්නෙ ඒක නෙමෙයි හැම වයසකම හැම සමාජ පන්තියකටම විඳින්න පුළුවන් නයිට් කල්චර් එකක්..
වෙසක් දා රෑක මිනිස්සු කොච්චර සතුටු වෙනවද.. ළමයි දරුපවුල් පිටින් ඇවිල්ලා ඇවිදලා.
හැබැයි දැන් මම කැමතියි කියල එහෙම පාරක රෑට ඇවිදින්න බෑනෙ. මට කරන්න දේකුත් නෑ.. කන්න බොන්න තැනක්වත් නෑ.ඇරත් එන්න වෙන්නෙ ඇඳිවතත් නැතුව, සමහරවිට නොකරපු වැරැද්දකට කූඩුවෙ ඉන්නත් වෙයි.

එහෙම කල්චර් එකක් හදනවනං මිනිස්සුන්ගෙ ආරක්ෂාව තහවුරු කරලා මිනිස්සුන්ට එන්ටර්ටේන් කරන්න අවස්ථා හදලා දෙන්න ඕනෙ. ඕනම කෙනෙක්ට. කානිවල්ද කන්නද බොන්නද නටන්නද සින්දු කියන්නද ෂොපින් කරන්නද චිත්‍රපටි නාට්ටි බලන්නද කැසිනෝ නයිට් ක්ලබ් සියලුම දේ ඕනම සමාජ පන්තියක ඕනම වයසක කෙනෙක්ට විඳින්න පුළුවන් අවස්ථා හදන්න ඕනෙ.
මම හිතන්නෙ ඒක ටුවරිසම් වලටත් ලොකු උදව්වක් වෙයි.
එහෙම මිනිස්සු තමන්ගෙ ජීවිතේ විඳින සමාජයක ගැටුම් කෝලහාල ඇතිවෙන්න තියන ඉඩකඩත් බොහොම අඩුයි. හිරවෙලා ඉන්නකොටම තමයි මරාගන්න හිතෙන්නෙ පීඩනේ පිටකරන්න. ඇරත් ඍජු වක්‍ර රැකියා කොච්චරක් ලැබෙනවද. පවුල් පිටින් ඇවිල්ලා මිනිස්සුන්ට ස්ට්‍රෙස් රිලීස් කරන්න තමන්ගෙ ආදරණීයන් එක්ක ආදරණීය වෙලාවක් ගත කරන්න කොච්චර අවස්ථාවක් ලැබෙනවද.
පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට කොළඹ පටන් ගන්න පුලුවන්.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Tuesday, May 8, 2018

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් රාජ සැප අත්හැරුම් කතාවත්තුව

====

පෙර එක් සමයමකැ මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරාජ්‍යාණන් වහන්සේ රාජ්‍ය විචාරන්නාවූ අවධියේ ටසිරිලක පෙයාරන්ලෞලි බූලිකට වැටෙන ලද හංසමාලියක මෙන් සෞභාග්ගයෙන් සමෘද්දියෙන් ආශ්චර්‍යාත්මකව සොරකමෙන් අතුරුදමෙන් ධවල රථයෙන් මිදී බබලන්නාහ.
"ඉදින් මා මෙසේ ටසිරිලක ණයෙන් මුදවා සංවර්ධනය කරවාලූයෙමි.. ලෞකික රජ සැප නම් පෝනයට දැමූ ඩේටා මෙන් වහා නැතිවන සුළුයැ. සදා රජකම් කළ බලපෙරේතකමෙන් ඇති ඵලය කිම.. ලෝකෝත්තර සැපනම් එසේ නොවී මතු අත්භවයකද වැඩකමැ වෙයි අපෙ හාන්දුරුවනේ..."
ලෙසින් සිංහනාද කර ටසිරිලක කිරුළ සිය අනුප්‍රාප්තික මෙත්පල් සිරිසන් වෙදැ ඇමැතියාට භාර කර සමවත් සුවෙන් භාවනාකරනු පිණිස මන්දමූලන නියම් ගමටැ නික්මුණාහ..

ඉදින් ඉන් පසු ටසිරිලක කිරුළ සිය දෑතට ගෙන මෙත්පල් සිරිසන් නිරිඳානෝ රාජ්‍ය විචාරන්නාහ. පෙර සිටි රජුන් මෙන් නොවැ රාජභාණ්ඩාගාරයේ මහජන කහවනු ඉතිරි කරමින් මා...ලිග දොරටු වසා.. රන්මසු නෑ කියා.. උපන් බිමේ අඟලක් නැත ඔහුගේ කියනු රිසි අතරමං වූ දුප්පත් ද මගෙ ආදරේ කියා හඬනා අසරණ ප්‍රේමවන්තයකු මෙන් සරලව රාජ්‍ය විචාරන්නාවූ නියාවෙන් රටවැසියෝ එතුමාණන් වහන්සේව සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ ලෙස අමතන්නට වන්නාහ.

ඉදින් රජවූ දිනයේ මහින්දෝත්තම මහරජුන් මෙන්මැ

" රජසැප නම් එන්‍රිකාණන් දැක ගැලවෙන බ්‍රේෂියරයක් මෙන් නැතිවන සුළුයැ. මා ඔබේ සේවකයා වෙමි. ඉදින් මා හට කිරුළේ ආශාවක් නැතිය. නැවත රජ නොවී පස් වසින් කාරිය නිමකර පිටවෙමියි..." කියා ජීවිතාසාව අතැරි සිරිසඟබෝ මෙන් ජාතිය ඇමතූවාහ.

මෙසේ එතුමාණෝ රාජ්‍යයෙහි ධනය ඉතිරි කිරීමෙහිලා ඖදි දිපෙන්දර බෙන්ෂාදී රාජ රාජ මහාර්ඝ රථ ප්‍රතික්ෂේප කර සයිටමාය වැසීමට කැම්බලයට පැමිණෙනා සිසුවිරුවෙකු මෙන් පයින්ම ගම් නියම්ගම් සිසාරා වැඩියාහ. වෙනත් මහාමාත්‍යයෝ මදුරු දස්ටනයක් වූ විටත්  ක්වීනෙලිසබෙතාරෝග්‍යසාලාවට යන්නාවූ නමුත් අපමහා මෙත්පලානෝ කොහේ හෝ ඉඳ නොගෙන හිටංම සිට කකුල් කඩිත්තුව හැදුන කල්හී මරදන්කඩවල වෑල්ඩින් වෙදමහතාට කියා සරල පත්තු බැන්දාහ. පා ගමනින් යාමටම නොහැක්කේමනම් සිය නිල මාලිගය වූ පුල්තිසිපුර පිදුරු සෙවිකල පැල්පත සමීපයෙහි ත්‍රීවිල පාකයේ කිලිරාජා මල්ලීව අමතා හයර් ගියාහ.  සිය වැටුප මිස එකදු අඩ මස්සකදු නොගත් අප මහා මෙත්පලානෝ වෙනත් රජුන් සිය දූ පුත් අල්ලපු ගෙදර ගෑනි නෑසියන්ට කහවණු වංචාවෙහි යෙදෙන්නට ඉඩ දුන් නමුත් සිය නෑසියන් එකෙකු හෝ රාජ්‍ය පාලනයට කැඳවා නොගෙන පෞල් පාලන නැතැයි කියා අභීතව යමෙක් වේ නම් එය සුදුස්සාටම ලැබ දුන්නාහ.
ඉදින් පැමිණි දින සිට මෙගා නාට්ටියක දියණියක් මෙන් අහිංසකත්වයෙහි ඩේවිඩ් ප්‍රථිමාව මෙන් වනේ වන දළපූට්ටුවෙකුට හිංසාවක් පීඩාවක් නොකර රහතකු මෙන් සිටිය නමුදු දූෂණය සොරකම අපරාධ හමුවේ අප්පච්චීට ඇහැ තබනු දුටු බයියෙකු මෙන් කෝපාවිෂ්ඨව " අයුක්තිය අසාධාරණය රජ කරන ටසිරිලකක යුක්තිය සාධාරණය පහයාලනය වෙනුවෙන් සටන් වදින සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මම වෙමි.. ජයන්තීඊඊඊඊඊඊ මං ගොවියෙක්ගෙ පුත්‍රයකු වන්නහ. නමුදු මා පත්තරද බලමී..." කියා සොළොස් බඹක් දිගුවූ සිය මඩුවලිගය ගෙන මුහුද දෙබෑ කළ නීලමහා යෝධයා මෙන් මිනීමරුවන්ද සොරුන්ද වංචාකරුවෝද ස්ත්‍රී දූෂකයෝද පැහැරගත්තෝද අතුරුදන් කලෝද ධවල රථ භීෂකයෝද කප්පම්කරුවෝදැ අධිකරණ කෙලෙසූවෝදැ ගමේ පන්සලේ පල්ලියේ ලොතරැයි කූඩුවෙ හෑන්ඩ් පෝන් ලෑන්ඩ් පෝන් වලට කෝල් කරමින්ද එක් නියෝගයෙන් අල්වා නාන් ඔරු දඩව සොල්ලාර්.. නූර් දඩව සොල්ල මාද්‍රී හිටං.. කියා නඩු අසා දඟගෙයි දමා එදා රෑ ගුවන්තොටුපල වසා අලුගෝසුවනේ එල්ලා දැමූහ..

සිය රාජ්‍ය සමයෙහි මහාභාණ්ඩාගාරයේ  කහවණු මංකොල්ලය කළ බටහිර කුමන්ත්‍රණකරුවෝද එන්ජීයෝ රෝත්තුකරුවෝ ආදිය අල්ලා උන්ගේ ධනය රාජසන්තක කළාහ. ඉදින් පෙර අකලංකාරයෙහි ලියන ලද්දාවූ පරිද්දෙන්මැ ඒ සොරුන් හා සටන් කොට භාණ්ඩාගාරය ගලවා ගන්නා ලද්දාවූ රෞනීල විකුම්සිහාණන් ද රවිචන්ද්‍ර කාරුණිකාණන් ද මහේන්ද්‍ර සිං දෝණි අරෞජුනයෝටද ඇතෙක් බරට වස්තුද තනතුරු නම්බුනාමද පුදකර කලගුණ සැලකූහ.

ඉදින් මෙත්පලානෝ මෙසේ  රාජ්‍ය විචාරන්නාවූ නියාවෙන් ටසිරිලක පෙම්වතියට පැම්ණාවෙන් චීත්ත දෙයාරයක් ගෙන දුන්නාවූ පෙම්වතකු මෙන් ලොව මහාධිරාජ්‍යයන්ගේ පැසසුමට ලක්වන්නට වියැ. සිය මේස් ආදී අන්ඩර් වස්ත්‍ර ගලවා මෙත්පලාණන්ට වන්දනා කරන්නට වන්නාහ.
ටසිරිලක කුසගින්න නම් සහරාවට වැලිමෙන් වියැ. යමෙකු කුසගින්නේ මියගියේ නම් ඒ කෑමට අමතකව නින්ද යාමෙනි. කිසිත් නැත්තේමනම් වට්ටක්කාහෝද තිබිණි. ටසිරිලක කතුන් මුත්තුකරුප්පන් චෙට්ටියාර් සේප්පුවකට වැටුණාක් මෙන් රනින් සැරසී පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා මැදියම් රැයෙහි කිසිදු අන්තරායකින් තොරවැ නිරුපද්‍රිතව දිපෙන්දර පිරිවරා ගමන් කලාහ. ටසිරිලකම අමද්‍යප වන්නට යෙදුනාවූ අතර චාතූර්‍යිකා දේවීන් වහන්සේ තිතටමත ව්‍යාපාරය හරහා සුරා දූර්ත කතුන් පුනරුත්ථාපනය කර සිය අවන්හලෙහි ඉඳි ආප්ප තැම්බීමට කැඳවා ගත්තාහ.
බතින් බුලතින් පුවකෙන් ස්වයං පෝසිතමැ විය. මහජනයා සිය ලියන කොල හුළඟේ නොයෑමට තැබීමට කහවනු යොදාගැන්මට තරම් පොහොසතුන්මැ විය.

ඉදින් මෙසේ ටසිරිලක හාපික් දැමූ කොමඩයක් මෙන් බබලන්නාවූ කල්හී දිනෙක රන්සළු නොපළඳා සඳ ඇති වේලාවක මෙත්පලානෝ ජාතිය අමතන්නාහ.

"මා දයාබර ටසිරිලක වැසියනි. ඔබේ ආදරණීය ජනතා සේවක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මම වෙමි. ඉදින් වත්මනෙහි ටසිරිලක වීට් කරන ලද කිම් කාඩේසියාණන්ගේ කකුලක් මෙන් දියුණුවේ ආස්චර්‍යෙන් බබළන්නාහ. මා තවත් මේ රජකමෙහි යෙදී පලක් නම් නැත. රජ සැපට මාගේ ආසාවක් නම් නැත්තේමයැ. මා පැමිණි කාර්‍යය නිම කළෙමි.ඔබට සතුට උදා කළෙමි..ආයෙත් වරක් මට වඩා හොඳ රජෙක් හමුවේවා කියා ඔබට මා පතනවා..!!""

කියා සිය කිරුළ උණ බටෙන් තැනූ සරල මේසයෙහි තබා මඩුවල්ගය වරිච්චි බිත්තියේ ගැසූ ටින්ටස් ඇණයේ එල්වා සරම වලාපට ගසාගෙන පැරකුම් සමුදුර අසල අක්කර බාගෙ සීසාගෙන ඉතිරි කාලය ගෙවමියි කියා චාතූර්‍ය සෙනරතාණන්ට රාජ්‍යය බාර දී අභිනික්මනෙහි යෙදුනාවූ සිදුහත් කුමරුන් මෙන් මාලිගයෙන් නික්මෙද්දී.. අවසන් වරට සිය සෝනි කළුසුදු රූපවාහිනියට බැල්මක් හෙලා අද අවසාන කිටස නේදැයි අසා සිඳූ බලන්නට නැවතුනාහ. ඉදින් එවිට සෝරත සාමනේරයෝ එදිරිමුණි පාර්ශවයේ මහානායක දෙරණාගම සෝරත ලෙස අනූවස් පිරී උන්නාහ. උන්වහන්සේගේ අත කුඩා පූස් පැටවෙකු සිටි අතර පසුපසින් එල්ලූ ඡායාරූපයන්හී අතෙහි සිටිනා "මිලියන්සරණ" ගේ ඥාති පූසන් සිටි අතර පළමු ඡායාරූපයෙහි සිටියේ මිලියන්සරණ ගේ පූර්වජ ආදි මී මුත්තා වූ පළවෙණි සරණයෝ යැ.

මෙත්පලානෝ රජකම අතැර යන පවත් අසා ටසිරිලක වැසියෝ කම්පිතව අඬ අඬා නිසැක ධාතු බැලීමට එන්නාක් මෙන් බස් රථ ගෙන නිල මාලිගයට පැමිණෙන්නාහ. ඔවුන් ඇඬූ කඳුලින් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම හරහා ජලගැල්මක් දැ ඇතිවූ අතර වික්ටෝරියාවෙහි වාන් දිරටු තුනක් විවර කළාහ.
සක් දෙවිඳුන්ගේ පඬුපුල් අසුන කොත්තු තැටියක් මෙන් රක්ත තප්ත වූ සැනෙහි විමසා බලා පැමිණ නැවත රාජ්‍ය බාරගන්නැයි ඉල්ලා සිටියාහ.

එම්බා සක්‍රය.. මා තා මෙන් සැමදා රජකමෙහි විසීමෙහි ප්‍රේතයෙකු හෝ ගෙවලයකු නොවෙමි. ඔබමය ආවේ ඔබමයි යන්නේ. මා එතනම එහෙමය.. ඉදින් නිදුකින් ඉනුමැන මට වඩා කල් මගෙ පණත් ගෙන. නමුත් මා නික්මෙමි. පැමිණි කාර්‍යය නිමකෙලෙමි..

කියා නික්මුණාහ.

මෙපවත් දැක සාතිශය සන්‍තෝසයට පත්වූ සක්‍රයාණෝ සසර බිය දුක් බැමි බිඳහෙලනා අරහත් සමන්තභද්‍දරයෝ මෙන් රාජ සැප ඉවතලා කුඹුර බලා පානගනා මේ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානන්ව සිහිවීමට පැරකුම් සමුදුර මත්තෙහි ගලෙහි ප්‍රථිමාවක් මවාලීයැ. සරල බවත් රජසැප අතෑරීමේ උතුම් ගුණයත් සිහිවනු වස් පමුණුවෙන් ගත් එකසිය විස්සේ සරමකුත් උඩුකය නිරුවත්වත් තබා රාජ භෝජන ඉවතලා දුගියාගේ ආහාර වැලඳූ නියා සිහිවනු වස් ගස්ලබු බෑයකුත්  මවාලීයැ..

අකලංකාරයෙහි එන සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් රාජ සැප අත්හැරීම් කතාවත්තුව නිමියේයැ.

# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ