Wednesday, October 9, 2019

මදුමාදව දේශප්‍රේමී ද ? දේශද්‍රෝහී ද ?


මිනුවන්ගොඩ දී ජාතිවාදය අවුස්සා ගිනි තියන විට අපි මදුමාදව නම් කාලකන්නි හනුමන්තාට විරුද්ධ වුණෙමු. ඌව බැඳ තබන්න කියා කීවෙමු.
එවිට අපි දේශද්‍රෝහීන්, NGO කාරයන් වීමු. දේශප්‍රේමීන්, ජාතිමාමකයන්, සැබෑ බෞද්ධයන් වූයේ මදුමාදවත්, පොදුජන පෙරමුණත් ය.
එකල ජාතිවාදය අවුලමින් රට ගිනි තියන විට, ලෙ ඉල්ලන විට එයට පොහොර දමමින් සිටි පොදුජන පෙරමුණට දැන් හදිස්සියේ මදුමාදවව හෙලා දැකීමට මතක් වී ඇත.
ඒ ඔවුන්ගේ මැතිවරණ සටන ඉදිරියේ තබාගෙන මදුමාදව පෙර සේම කළ ජාතිවාදී ප්‍රකාශයකින් සිංහලබෞද්ධ නොවන ඡන්ද කැඩේ යැයි බිය වීමෙනි.

Tuesday, October 8, 2019

අපිට ඕනෙ රොබින්හුඩ්ලා !



ඇයි ප්‍රේමදාසලා රාජපක්ෂලා ඉඳගෙන අනිත් අය හිටගෙන ඉන්නෙ..? අසනීප හින්දා හෝ වයස හින්දද..
ෆුට් බෝල් ගහන ප්‍රේමදාසයි, ඔලුවෙන් හිටගන්න රාජපක්ෂයි ආගමික වතාවත් කරනකොට විතරක් පුටුවක ඉඳගන්නෙ ඇයි.?
 මොකක්ද මේ නඩත්තු කරන්නෙ.? . තමන් මහජන සේවකයෙක්,..කරන්නෙ වෘත්තියක් කියලා තේරුම් නොගෙන ලංකාවෙ ඡන්ද දායකයො ඉල්ලන මහරජ මානසිකත්වය මේ නඩත්තු කරන්නෙ..
 එයාලම වන්දනීයයි පූජනීයයි උත්තරීතරයි කිය කිය වේදිකාවල බෙරිහන් දෙන ආගම ඉස්සරහම අනිත් උන්ව හිටවලා එයාලා ඉඳගන්නෙ ඇයි..

මේ පෙන්නන්නෙ උද්දච්ඡකම, බලය නිසා ඇතිවෙලා තියන කාලකන්නි ආඩම්බරකම , මාන්නය.

මීට අවුරුදු ගානකට කලින් කතා වල ඉන්න ආරච්චිලව, මුදලිලලව, ගම්පතියන්ව මතක් වෙන්නෙ නැද්ද මේක දකිනකොට.
රොබින්හුඩ් එකේ ෂෙරීෆ්ලව මතක් වෙන්නෙ නැද්ද..

උන් ෂෙරීෆ්නං උඹලා අපි කවුද ?
වැඩවසම් ප්‍රවේණි දාසයො..

මං කාගෙහරි ප්‍රවේණියක ප්‍රවේණිදාසයෙක්, වහලෙක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාධිපත්‍යය අයිතිය තියන පුරවැසියෙක්.

මට ඕනෙ නෑ කවදාවත් අපේ බදු සල්ලි කළමණාකරණය කරලා අපේ වැඩ ටික කරවගන්න පත් කරන සේවකයා මාව උගෙ වහලෙක් ගානට දාලා රාජාණ්ඩුවක් නඩත්තු කරනවා දකින්න. ඌ මාව උගෙ යටත් වැසියෙක් කියලා හිතන් ඉන්නවා දකින්න.

ඉතින් කරුණාකරලා මේ ආඩම්බරකාර, රාජාණ්ඩු, වැඩවසම් මානසිකත්වෙන් ඉන්න ලෙඩ්ඩුන්ව ප්‍රතික්ෂේප කරන්න.

ෂෙරීෆ්ට බලේ තියන හින්දා ෂෙරීෆ්ට අසාධාරණ බදු ගෙවන්නෙ මෝඩ ප්‍රවේණිදාසයො.
අපිට ඕනෙ රොබින්හුඩ්ලා !


  - චමල් අකලංක පොල්වත්තගේ

Sunday, October 6, 2019

හරිතැන හිටගන්න.!


මැතිවරණ සටනේ ගෝටාබය රාජපක්ස සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන ධාරාවන් ද්විත්වයම මේ මොහොතේ..

රාජ්‍ය ත්‍රස්තවාදය,
මිනීමැරුම් සංස්කෘතිය,
භීෂණය , මැරකම උත්කර්ෂයට ලක්කරමින් සිටියි. ප්‍රතිඵලයට පෙර සිටම භීතිය වපුරමින් සිටියි.

හොරකම , වංචාව, දූෂණය, මහජන මුදල් අවභාවිතය සාමාන්‍යකරණය කරමින් සිටියි.

ජාතිය, ආගම, වාර්ගිකත්වය මත පුරවැසියන් බෙදා වෙන් කරමින් අන්තවාදය   ව්කුණමින්, ජාතිවාදීන් අන්තවාදීන් හා ඩීල් දමමින් සිටියි.

Thursday, June 13, 2019

සිරා හොරා.. රනිල් බබා..?


ජනාධිපති වගකීම් පැහැරහැරීම, හිස්බුල්ලව, අසාද් සාලිලව හුරතල් කරන එක හා ඒවා හෙළිවනකොට පාර්ලිමේන්තු කාරකසභාව නවත්තන්න හදන එක, කැබිනට් රැස්වීම් වර්ජනය කරන එක ඔක්කොම හරි තමයි.

හැබැයි ඔය අස්සෙ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු කුණු ජනාධිපතිගෙ පිට දාලා අතපිහදගන්නවා කියන එක අමතක කරන්න එපා.

Sunday, June 9, 2019

ජාතික ආරක්ෂාව සහ පාස්කු ප්‍රහාරය


පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමේ දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන දේ කියවෙනවා කියා කවුරුන් හෝ කියනවානම් ඒ කමිටුව ඉදිරියේ කියූ දේවල් නොඇසූ අයෙක් විය යුතුය.

ඇරත් ඒ මහත්වරුන්ට අනුව ජාතික ආරක්ෂාව යනු,
ආරක්ෂක කවුන්සිල රැස්වීම් අත්තනෝමතික ලෙස විහිලුවට ගෙන , කලින් දැනුම් දී තිබූ ප්‍රහාරයක් වළක්වා ගැනීමට නොහැකි වීමෙන් කිසිවක් නොවන එකක් වන අතර,
පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ දෙන සාක්ෂි වලින් නැතිවන එකකි.

බම්බුව..!!

Wednesday, June 5, 2019

ඔවුහු එය දැනසිටියාහ !!



වගකීම් පැහැරහැරි ජනාධිපති, අගමැති ඇතුළු දේසපාලන බලාධිකාරය අමතකය.

ප්‍රහාරයෙන් පසුව ඔවුන් වෙත පැන නැගුන මහජන විරෝධය ඉතා සාර්ථකව වෙනත් බොහෝ පැති කරා හරවා දමා තනුක කර හමාරය.

ප්‍රහාරයේ වගකීම ගතයුතු දේසපාලන නායකත්වය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.
ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා සබඳතා පැවැත්වූ බවට චෝදනා ලැබූ දේසපාලඥයන්ට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.

වාර්ගිකත්වය ආගමිකත්වය මත පදනම් නොවූ එක නීතියක් සම්බන්ධයෙන් ගෙනා කථිකාව අහෝසි ය.

පක්ෂ විපක්ෂ සියළු දේසපාලන යාන්ත්‍රණයන් තම තමන්ගේ ඡන්ද ව්‍යාපෘතිවෙනුවෙන් මළවුන් විකුණමින් ජාතිවාදය ආගම්වාදය පෝෂණය කරමින් නිර්ලජ්ජිතව හැසිරෙමින් සිටියි.

Sunday, June 2, 2019

පාස්කු ප්‍රහාරයට සති 6 යි..!!



අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයට සති 6 යි..!!

( දින 42 යි )

මරණ 260+
තුවාල කරුවන් 400+

හිස්බුල්ලා, අසාද් සාලි ,සහ මෛත්‍රී ගුණරත්නලා තවම ආණ්ඩුකාර පුටු වල ය.
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බවට චෝදනා එල්ල වී බොහෝ කලක් ය.
හිස්බුල්ලා ඉවත් කරන්න කියා ත්‍රීකුණාමලයේ හර්තාල් ය. මෛත්‍රී ගුණරත්න යනු ළමා විවාහ තමන්ගේ අයිතියක් කියා උද්ඝෝෂණය කල sltj හි නීතීඥයා ය.
බල්ලන්ව පල්ලි ඇතුලට ගේන්න එපා කියා අසාද් සාලි කටමැත දොඩවයි..
බස්නාහිර , නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල විධායකයේ ප්‍රධානීන් ඔවුන් ය. පළාත් ආරක්ෂාව හා ඉදිරි සැලසුම් පිළිබඳව පළාත් බලධාරීන්, ආරක්ෂක අංශ සමග සිදුකරන රැස්වීම් වල මුලසුන දරන්නේ ඔවුන් ය.

අමාත්‍ය රිසාඩ් බදුර්දීන් හා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අතර ඉතා කිට්ටු සම්බන්ධතා ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ලවෙයි.  බහුතරයක් චෝදනා ප්‍රවෘත්ති සාකච්ඡා තියා ප්‍රකාශ කරන්නේ එස් බී දිසානායකය. එස් බී සිරිසේන ජනාධිපතිගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් ය.

Sunday, May 19, 2019

දින 28 යි !



පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෙවෙන් සිව්වැනි ඉරිදාවයි...!!
දින 28 යි !
මරණ 260+
තුවාල කරුවන් 400+

1)
Isia තහනම් කර නැත.

2)
හිස්බුල්ලා, අසාද් සාලි ,සහ මෛත්‍රී ගුණරත්නලා තවම ආණ්ඩුකාර පුටු වල ය.
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බවට චෝදනා එල්ල වී බොහෝ කලක් ය. 
හිස්බුල්ලා ඉවත් කරන්න කියා ත්‍රීකුණාමලයේ හර්තාල් ය. මෛත්‍රී ගුණරත්න යනු ළමා විවාහ තමන්ගේ අයිතියක් කියා උද්ඝෝෂණය කල sltj හි නීතීඥයා ය. 
බල්ලන්ව පල්ලි ඇතුලට ගේන්න එපා කියා අසාද් සාලි කටමැත දොඩවයි..
බස්නාහිර , නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල විධායකයේ ප්‍රධානීන් ඔවුන් ය. පළාත් ආරක්ෂාව හා ඉදිරි සැලසුම් පිළිබඳව පළාත් බලධාරීන්, ආරක්ෂක අංශ සමග සිදුකරන රැස්වීම් වල මුලසුන දරන්නේ ඔවුන් ය.

අමාත්‍ය රිසාඩ් බදුර්දීන් හා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අතර ඉතා කිට්ටු සම්බන්ධතා ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ලවෙයි.  බහුතරයක් චෝදනා ප්‍රවෘත්ති සාකච්ඡා තියා ප්‍රකාශ කරන්නේ එස් බී දිසානායකය. එස් බී සිරිසේන ජනාධිපතිගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් ය.
සැකකරුවන් නිදහස් කිරීමට බදුර්දීන් ඉල්ලා සිටි බව හමුදාපති කියයි.
මුජිබර් රහුමාන් හා මන්සූර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පාර්ලිමේන්තුවේ ද ඉන් පිටතද චෝදනා එල්ලවෙයි. මන්සූර්ගේ රියදුරා අත්තඩංගුවට පත්වෙයි.

Wednesday, May 15, 2019

පුරවැසියනි


ආණ්ඩුව ඇතුළු රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් සියල්ලම රට ගිනි තැබීමට හවුල් බව පැහැදිලි ය. එකිනෙකා වෙන වෙනම තමන්ගේ පාර්ශවය රකිමින් අනෙකාට චෝදනා කල ද සත්‍යය එහෙම ය.

දයාසිරි , නාමල් කුමාර සිරිසේනගේ ය.
කිරිඇල්ල රනිල්ගේ ය.
මදුමාදව මහින්දගේ ය.

නමුත් ගින්නේ වගකීම සම්පූර්ණයෙන් ජනාධිපති , අගමැති ඇතුළු වත්මන් ආණ්ඩුව භාරගත යුතුය.
කලින් මෙසේ වන බව දැන සිටීම, පෙර සිදුවීම් වල අත්දැකීම් , රාජ්‍ය ආරක්ෂාව තමන්ගේ භාරයේ තිබීම, වගකීම, අදාල සියලු ආයතන හැසිරවීමේ බලය, සිදුවීම් සිදුවන අවස්ථාවන් වල දී නිශ්චිත පියවර නොගැනීම හා ඉන් පසුවද ගැටුම් පිටුපස සිටින දේසපාලන ප්‍රභලයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම ආදී හේතූන් නිසා ආණ්ඩුවට සිය වගකීම අනෙකා පිට දමා අත පිහදාගත නොහැක. ආණ්ඩුව නොදැන යමක් සිදුවූවානම් එය ද ආණ්ඩුව භාරගත යුතු අතර ආණ්ඩුවට ඉහලින් වෙනත් යාන්ත්‍රණයකට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ නින්දාවෙන් ආණ්ඩුවට කිසිසේත්ම පැන යා නොහැක.

Friday, May 10, 2019

ඔබ දන්නවාද




මේ වන විට පළාත් ආරක්ෂාව පිළිබඳව පළාත් රජයේ නිලධාරීන්, දේශපාලන නායකයන් හා ආරක්ෂක අංශ එක්වී ඉදිරි සැලසුම් සහ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. ඒ රැස්වීම් වල ප්‍රධානත්වය උසුලන්නේ පළාත් රජයේ විධායකයේ ප්‍රධානියා වන පළාත් ආණ්ඩුකාරවරයා ය.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා අසාද් සාලි ය. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරයා හිස්බුල්ලා ය. ඔවුන් දෙදෙනාටම පසුගිය ප්‍රහාර හා තවුහිඩ් ජමාත් සම්බන්ධකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ කාර්‍යාලයේ ජීව උණ්ඩ හමුවීම, ඔහු යටතෙ සිටි අය අත්තඩංගුවට පත් වීම, ඔහු මීට පෙර සිදුකල ප්‍රකාශ ඇතුළුව ඔහු සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත.

Sunday, April 14, 2019

අවුරුදු රතිඤ්ඤා කෑම පිඟං



මේ වන විට තත්වය යහපත් ය. ගෙවුනු හෝරා කීපයේ යෙදී තිබූ බලගතුම නැකත් කිහිපය තුල තත්වය වෙනදාට වඩා ඉතා සාන්ත ය. ලිප ගිනි නිවා දමා වැඩ අතෑරීම හෙවත් නොනගත නැකත ආ බව කියන්නට ලයිටර් හෝ ගිනිකූරු ගිනි දල්වා රතිඤ්ඤා පෙට්ටි කිහිපයක් දැල්වීම , වැඩ ඇල්ලීම, කෑම, ගනුදෙනු කිරීමේ නැකත් වලට ද එසේම රතිඤ්ඤා දැල්වීම හැරෙන්නට වෙනත් රතිඤ්ඤා ප්‍රහාරයකට ලක්වූයෙ නැත.
කෑම ගැනීමේ නැකතට කොකිසක් කටේ ඔබාගෙන කිරිබත් කෑල්ලක් උගුරෙන් පල්ලෙහාට යාමට කලින් සර්ව සකල වස්‍තරාබරණයෙන් සැරසී හතර අතම බලා පෝසිලේන් පිඟානකට අග්ගලා කැවුම් ආස්මි බඩෛරිඟු සව්කොල මාස් මෙලෝස් හෝ පුරෝගෙන ගෙදර බෙල් එක උඩ නගින උන්ද 

Saturday, April 13, 2019

සාරවිට


අද හවස 119 බස් එකට නැගලා ඉස්සරහට ඇවිදගෙන එනකොට තිබුණ හිස් සීට් එකක ඉඳගත්තා. ජනේලෙ අයිනෙ හිටිය මනුස්සයව දැක්කෙ ඉඳගත්තට පස්සෙ. ඒ මනුස්සයාගෙ ඔඩොක්කුවෙ සාරවිට පෙට්ටියක්..!

සාරවිට විකුණන මනුස්සයෙක් පාරෙ දි දැක්කොත් මිසක් බස් එකකදි දකින්න නොලැබෙන විශේෂ සිදුවීමක් හින්දා මම ඒ මනුස්සයා දිහා පොඩ්ඩක් බැලුවා.

කිළුටු කළු වෙච්ච තොප්පියක් දාගෙන ජනේලෙන් එලිය බලාගෙන හිටියෙ. තොප්පිය යටින් කනට උඩින් පේන කොණ්ඩෙ බොහෝ තැන් වලින් ඉදිලා. කොටටම කපලා. මූණ රැළි වැටිලා. සාරවිට පෙට්ටිය උඩින් අත තියාගෙන හිටියෙ. සාරවිට දහයක් පහළවක් පෙට්ටියෙ හිල් වල රඳවලා තිබුණා.

ඒ මනුස්සයා කලාතුරකින් කතාකරන්න ලැබෙන කෙනෙක් හින්දා මම කතාවට අල්ලගන්න ඇහුවා..

අංකල් පන්සලේ අද  උත්සවයක් ද..?

නෑනේ...

අහ් මං හිතුවෙ අංකල් පන්සල පැත්තට යන්නෙ කියලා..

Tuesday, April 9, 2019

අවුරුදු සොපිං



අවුරුදු කාලෙ දි විතරක් මිනිස්සු ඇඳුං ගන්න යන්නෙ සොපිං යන්නෙ ඇයි. මීට කලින් හෙළුවෙන් ද හිටියෙ වගේ දාහක් ප්‍රස්ණ ඇහුවට මහින්ද මහත්තයා බලන්න බස් අරං මැදමුලනෙ ගියා වගේ කිරිබත්ගොඩ, මහරගම , නුගේගොඩ , පිටකොටුව ආදී හංදි වල ජනකාය ඇත්තටම ඔය යන්නෙ ඇඳුං ගන්න නෙමෙයි.

ලංකාවෙ මිනිස්සුන්ට සතුටු වෙන්න , ආතල් ගන්න තියන අවස්ථා හරි සීමිතයි. මේ ගන්නෙ එහෙම අහිංසක ආතල් එකක්. පවුල් පිටින් හරි, කපල් කපල් හරි., සෙනග ගොඩේ තෙරපි තෙරපි මේ ගන්නෙ ඒ ආතල් එක. ඒ කියන්නෙ අප්‍රේල් මාසෙ අවුරුද්දට කලිං ෂොපිං කරන එක රෙදි ගන්න යන එක දැන් උප සංස්කෘතික අංගයක් වෙලා ඉවරයි. ඒක තවදුරටත් රෙදි ගැනීමක්, ෂොපිං යාමක් විතරක් නෙමෙයි.
මීට වැඩිය අඩුවට සහ කරදරේකින්

Thursday, April 4, 2019

ප්‍රකාශණයේ නිදහස තහවුරු කරනු !

.ඔය බුද්ධාගමට අපහස උනා කියලා කෙටිකතාවකට නඩු දාපු උන් කොච්චර මෝඩයොද කියනවනං උන් දන්නෙ නෑ කෙටිකතාවට අල්ලගත්ත පණතෙන්ම ඉස්ලාම් හෝ ක්‍රිස්තියානි හෝ වෙනත් ආගම් පිළිබඳව කරන ප්‍රකාශනයක දි ඔය සිද්දිය පූර්ව නිදර්ශනයක් විදිහට අරගෙන උන් ඇතුළු අනිත් ඕනම එකෙක්ට විරුද්ධවත් නඩු දාන්න පුළුවන් කියලා.

උදාහරණයක් විදිහට ඉස්ලාම් ආගමේ ළමා විවාහ වලට විරුද්ධව ලියපු වෙලාවක දි  ඔය විදිහටම නඩු දාන්න පුළුවන්.

එතකොට කතෝලික පූජකයො ළමා අපචාර කලා කියන සිදුවීමක්, හින්දු බිලි පූජා ගැනවත් උන්ටවත් කාටවත් ලියන්න ප්‍රකාශ නිකුත් කරන්න වෙන්නෙ නෑ කියන එකත් උන් මතක තියාගන්න ඕනෙ.

Sunday, March 31, 2019

දිලිත්ගේ රස්තියාදුව

අඩෝ මේහ්.. බුදුන්ගේ රස්තියාදුව කියලා පොත..

කෞද හු@%@% කෝ කෝ ඌ ඉන්නවද... පෙති ගහන්නෙ අහුවුනොත් උංගෙ අම්මගෙ @&@*- ඉඳන්...

නැ නෑ බං කලබල වෙන්නෙපා...

එහෙනං ?

නෑ බං උඹ ඒ දවස් වල ඕකට අවුලෙන් හිටපු හින්දා වෙන සීන්නෙකක් දැකලා උඹව මතක් උනේ..


Saturday, March 30, 2019

අවුරුදු ගමේ ?


මේ දවස් වල ටීවී එකේ යනවා අවුරුදු ලං වෙලා කියලා පෙන්නන්න එක එක වීඩියෝ කෑලි.  ඒ හැම එකේම වලව්වක්, එහෙම නැත්තං පොල්ලතු පැලක් , හේනක් , කමතක්, ආරච්චියෙක්, ඔසරියක් ඇඳපු හාමිනේ කෙනෙක්, රෙද්ද හැට්ටෙ ඇඳපු ගෑණුළමයි, සරං , එක අතක කර කපපු කමිස ඇඳපු කොල්ලො, ඉබ්බා කාර්, ගොං කරත්ත, පාරු තමයි තියෙන්නෙ..
ඒකෙන් කියන්න හදන්නෙ අවුරුදු තියෙන්නෙ ඔය කියන පරණ කාලෙ සිද්දි, පුද්ගලයො හෝ ස්තාන වටා විතරයි කියලද.. එතකොට දැන් ඕවා අඩු හින්දා එහෙම නැතුව අපාර්ට්මන්ට් එකක උඩ තට්ටුවක ඩෙනිමක් ෂර්ට් එකක් ඇඳපු මිනිස්සුන්ට අවුරුදු නැද්ද..?
ලංකාවෙ මිනිස්සුන්ගෙ විශ්වාසය අනුව  අවුරුද්ද කියන්නෙ ඉරේ ගමන් මග අනුව අලුත් වර්ෂයක ආරම්භය. එතකොට ඒ සංස්කෘතික උත්සවේ හරයට ගියාම තියෙන්නෙ මිනිස්සු අලුත් වෙන එක. කුණු අස් කරලා, තරහා අමතක කරලා ඊළඟට එළබෙන අවුරුද්ද සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක.

Wednesday, March 27, 2019

පවර් කට් සෝන්ග්ස්


|පොඩ්ඩියෙ ගීතයේ තාලයට ගායනා කරන්න|

කරුවල කරුවලලමමයි රවියෝ තාම
පෑව්වේ තුන් මසයි Vidyulya නෑ නේද...?
බක් මහේ වැසිත් නොලැබුනහොත් ඒම
කොල අතු ඇඳන් වැහි නැටුමක් නටනවද..?

වැස්ස බලං හිටියම කරන්ටෙක ඒනං
අනේ අරාබිය අද කලුවරේ නේ බං..?
නොරොච්චෝලෙ කිව්වම හැම විසඳේනං
රනිල් දැං යමං ඒකත් විකුණාපං....

"රවී" කියා නමේ මුලටම තිබුණාට
"රවී" කියන උන් සේරම එළියයිද..
යකා වැහෙන්නට පෙර මහජනයාට
කතන්දර එපා හදපන් බලාගාර....

වහිනා කාලෙ හයිඩ්‍රෝ එලියම පෙනිලා
පායන කාලෙ කලුවර අමතක කෙරුවා
ඉලෙක්ට්‍රොනික් ලෝකෙට කඳුළුත් පැන්නා
ජනපතිඳා බ්‍රෙසියරයක් උඩ නැටුවා...

රත්වුන අව්ව සෝලා පැනලුත් දැක්කා
පත්වුන එවුන් තෙල් ගල් අඟුරුම කෑවා
ඇත්තට රටට තොපි හැම කෙරුවෙද මොනවා
ඩිජිටල් පැනල් උඩ ඉටිපන්දම් ගැහුවා...

"රවී" කියා......

#powercutseason
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Thursday, February 28, 2019

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ජම්බුද්වීප පාකිස්තානාධිරාජ්‍ය යුධ නිමා කතාවත්තුව



ඉදින් පෙරදිග මහා බලවත්හු වූ මහා ජම්බුද්වීපානු අධිරාජ්‍යය ද පාකිස්තානා නුවර ද විශ්වයේ අවසන් බඩෛරිඟු කරල දක්න ලද්දාවූ දානා සෙළඹුවන් දෙදෙනෙකු ලෙසින් සහන් කශීරට අත්පත් කරගැන්ම උදෙසා යුධවදින්නට වන්නාහ. උතුරින් එවන එවනා අග්නි ජාලා පන්දු තු තූ කරමින් පහර පිට පහර දෙන්නාවූ  ක්‍රීකපිත්ථ යගධාව දෑතින් ගෙන "මෙරා නාම් ඊම්‍රාණ්ඛාන්.. බටායම් නොත්ථ තේරරිස්ථා..."  යයි ගිගුම් දෙන මහා ඉම්‍රාණාඛාන් අධිරාජ්‍යයාය. දකුණින් ගංගා නදියේ ගිලී හෝරාවක් හිඳ දුනු දිය හැද මහාරාවණයන් ගින්නෙහි දවා හළු කර ඉෆ් යූආර් බෑඩ්.. ඇයාම් යුවර් දෑද්.. ජෛ හින්ද්...". යැයි ගුගුරවනා මහා නරේන්ද්‍ර මෝධෛභිධානාධිරාජ්‍යාණෝයැ..

ඉදින් කශීරය අත්පත් කරගැන්මෙහිලා යුධයට රාජ්‍යයෝ ද්විත්වයම සිය ඇත් අස් රිය පාබල ගුවනාධී සේනාංකයෝ අලි වැට ගැහුවාක් මෙන් සීරුවෙන් ද හකා නටන්නට සැරසෙන රගරයෝ කණ්ඩායමක් මෙන් මුහුණට මුහුණලා සිවුවා තබන්නාහ. පහසුවෙන් සිටියේනම් ඒ ආතරයිටීස් සේනාංකයෝ පමණක් යැ. මෙසේ එළිමහනක බත් පතක් ගිලිනට සැරසෙන්නාවූ විටකැ කරපිංචා නැට්ටකට පවා කෙළ හලා හිස ළඟින් සරනා කපුටන් මෙන් දෙපාර්ශවයේ ගගන යාත්‍රාවෝ ඒ මේ අත පියාඹන්නාහ..භාරතීය සේනාවේ මහ සෙනෙවි වූ රජ්ණී කාන්තයෝ සිය සන්නාය දරා ගෙන ලක ලක ලක ලක ලක ලක ලක ලක

Friday, February 15, 2019

කෘතිම බුද්ධිය සහ මිනිස් හැඟීම්




තාඕ දර්ශනය කියවීමේදී යම් තැනක සඳහන් වෙනවා යම් ද්‍රව්‍යමය දේවල් වලට අපි ආශා කලාට එකතු කලාට ඒ දේවල් අහිමි වීමේදී ඒවට ආදේශක තිබුණත් අපි ආදරය කරන ජීවී දේවල් වලට එසේ නොවන බව.
උදාහරණයක් විදිහට යමෙක්ට කාර් එකක් තිබිලා ඒක නැති උනාම කාර් එකක් මිලදී ගන්න පුළුවන් උනාට., ආදරය කරපු ගැහැණිය හෝ පිරිමියා අහිමි උනාම ඒකට ආදේශ නෑ කියන එක.
ඊයෙ opportunity රෝවරය ගැන ලියපු සටහනත් එක්ක ( 1st comment ) මේක ගලපනකොට මට හිතෙන්නෙ නිශ්චිතවම අපිට එහෙම කියන්න බෑ කියලා.

Opportunity Rover

නාසා ආයතනයෙන් අඟහරු ගවේශණය සඳහා 2003 දී යවන ලද  Opportunity රෝවරය පසුගිය 13 වෙනිදා අක්‍රීය උනා. දූවිලි කුණාටුවකින් සිය සූර්‍ය කෝෂ පද්ධතියට සිදුවූ හානි නිසා විදුලිය නොමැතිව අක්‍රීය වීමට පෙර රෝවරයෙන් එවන ලද අවසන් පණිවිඩය ලෙසින් සටහන් වූයේ My battery is low and its getting dark ලෙසින් ය. වසර පහළවක සිට අඟහරු මතු

විදෙස් සහ දේශීය මාධ්‍ය වල පලවී තිබූ මේ ප්‍රවෘත්තියට පලවී තිබූ ප්‍රතිචාර වලට අනුව බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් කණගාටුව පලකර තිබුණා. සාමදානයේ සැතපෙන ලෙස වගේම , සුබ ගමන් කියා ද ප්‍රාර්ථනා කර තිබුණා.

Saturday, February 2, 2019

නිදාස් පෙළපාළිය




ඔව් අපි මේ වසරේදීත් අබිමානවත් නිදහස සැම රීමට සැදී පැහැදී සිටිනවා. අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ මහාසංගරත්නේ, අන්‍යාගමික පූජකයාණන් වහන්සේලා ඇතුළු සම්භාවනීය අමුත්තම් පෙරටුකොටගෙන බෞමිකඅකන්ඩතාවයෙන් යුතුව සමරන මේ උළෙලේ සන්නද්ධ පෙළපාළිය සමගයි ඔබ සැම මේ එක්වී සිටින්නේ..

මෙවරත් පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ තනපටය වටකෙරූ මඩුවලිගය සිය ලාංඡනය කරගත් ටසිලාංකේයාබිමානය ලොවටම විදහා පෑ HI-TAN2020 අන්තර් ග්‍රාමසේවාවසම් බැලැස්ටික මිසයිල පද්ධතියයි. ජනේරු චෞර මර්ධන සටන, සේස්ට ඔක්තෝබර් විප්ලවය ඇතුළු සංග්‍රාම භූමියේ සුවිසේසීය මෙහෙයුම් සඳහා සිව් වසරක සිට අනභිභවනීය දායකත්වයක් ලබා දෙමින් පෝරකයේ සංග්‍රාමය සඳහා මේ වන විටත් සූදානමින් සිටිනවා.

පෙළපාලියේ මීළඟට ගමන් කරන්නේ  කුලියාපිටියේ ඉංජිනේරු සේවා අංගනයේ නිශ්පාදිත  RA-BLUE වොක්ස්වැගන් යුද්ධටැංකි බලකායයි. සතුරා වික්ෂිප්ත

Tuesday, January 29, 2019

ගින්නෙන් උපන් සීතල නැරඹීමි.



යම් සත්‍ය සිදුවීමක්, චරිත කතාවක් සිනමාවට නැගීමේ දී එය වාර්තා වැඩසටහනක් ලෙසින් ඉදිරිපත් කිරීමේ ලංකාවට ආවේණික ඛේදවාචකයට ගින්නෙන් උපන් සීතල ද මුහුණ දී තිබුණි. නමුත් කමල්ගේ සහ සුලෝචනාගේ රංගනය, කැමරාකරණය සහ සංගීතය විසින් වාර්තා වැඩසටහන සිනමාත්මක කිරීමේ දැඩි උත්සාහයක නිරත වී ඇති බව පෙනුණි.
සිතාමතා හෝ එසේ නොමැතිව හෝ චිත්‍රපටයේ කේන්ද්‍රය වී ඇත්තේ චිත්‍රාංගනී විජේවීර ය. සුලෝචනා විසින් එම චරිතයට කරන සාධාරණයට පිටපත ඇතුළු අවශේෂ සාධක විසින් ලබා දෙන සහයෝගය සීමිතය. නමුත් ඒ සියල්ල මැද ඈ චිත්‍රපටය ඇය වටා දෝලනය කිරීමට සමත් වෙයි.
කමල්ගේ රංගනය ද වෙනදා මෙන්ම සතුටුදායකය. නමුත් පිටපත විසින් ඔහුව සිරකර ඇති ආකාරයක් දුටුවෙමි. රටපුරා දහස් ගණනක් සාමාජිකයන් මහමග ඝාතනය වෙමින් දරුණු වදබන්ධනයන්ට ලක්වෙමින් තිබෙන මොහොතක ඔහු ඊට දක්වන ප්‍රතිචාර ස්වභාවික විය හැකිද යන ගැටළුව මතුවෙයි. උදාහරණයක් ලෙස හිට්ලර් වටා ගොඩනැගූ චිත්‍රපට වලදී ලෝක යුද්ධයේ අවසාන දිනවල ඔහුගේ මුහුණෙන් සහ ඉරියව් වලින් පෙන්වූ හැඟීම් ප්‍රකාශනයන් සමග කමල්ගේ රංගනයේ සැසඳීම නිරායාසයෙන්ම සිදුවිය.

 නමුත් සැබැවින්ම රෝහණ විජේවීරට සංවිධානය සමූල ඝාතනය වන විට එය හිට්ලර්ට මෙන් පීඩනයක් නොවූවා නම්...? පිටපත සහ කමල් එය හදාරා රංගනය ඉදිරිපත් කලා ද.. සැබැවින්ම ඔවුන් එය සිතාමතාම නිරූපණය කලා ද යන ගැටළුවද ඒ සමගම පැන නැගෙයි.. එය එසේනම් අධ්‍යක්ෂකවරයා සහ කමල් විසින් එම සිදුවීම් නිරූපණයට යෙදූ උපක්‍රමය ඉතා විශිෂ්ඨ එකක් වනු ඇත.

ප්‍රධාන චරිත කිහිපය හැරුණු විට අවශේෂ චරිත වල රංගනය පිළිබඳ සතුටුදායක තත්වයක් නැත. උදාහරණයක් ලෙස කබ්රාල්ගේ චරිතයේ අධි රංගනයක් දුටුවෙමි. පොලිස් සහ හමුදා නිලධාරීන් ඇතුළු අනෙක් බොහෝ චරිත වල රංගනය සතුටුදායක මට්ටමක නැත.

දිල්හානිගේ රංගනය අමතක නොවන එකකි.

ඇඳුම් නිර්මාණයේදී ඇතැම් තැන් කාලය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ඇති බවක් පෙනුනි. දිල්හානිගේ සාරි විලාසිතාව, ඇතැම් තරුණයන්ගේ ඩෙනිම් කලිසම් , සමහර තැන් වල දකින්නට ලැබුණ චෙක් ෂර්ට්ස් නවීන විලාසිතාවන් ය.

ඇතැම් සිදුවීම් නිරූපණය සතුටුදායක නැත. උදාහරණයක් ලෙස නගරයක ( කොළඹ ? )  පෙළපාලියකට එල්ලවන මැර ප්‍රහාරය රූපගත කර තිබුණේ රන්මිනිතැන්නේ විය යුතුය. එම වීදියේ වෙනත් කිසිදු පුද්ගලයෙක් වාහනයක් හෝ කඩ පේලියක්වත් නොතිබුණ අතර සිටියේ පෙළපාලිය පැමිණිවුන් සහ පහරදීමට පැමිණි මැරයන් පමණි.

චිත්‍රපටයේ ප්‍රබලතම අඩුපාඩුව වූයේ එකල භීෂණය පිළිබඳව නිරූපණය ඉතාම ප්‍රාථමික වීමයි. සරලවම කියනවානම් භීෂණ සමය පිළිබඳ ඉතිහාසය නොදන්නා යමෙකු චිත්‍රපටය බලන්නේනම් එවැන්නෙකුට හැඟී යන්නේ ගම් දෙකක ආරවුලක් වැනි සිදුවීමක් ලෙසය. රටපුරා රාජ්‍ය දේසපාලන යාන්ත්‍රණය, හමුදාව, පොලීසිය, ජවිපෙ, නිල නොලත් වෙනත් ඝාතක කල්ලි විසින් ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් සියල්ල යටපත් කරමින් භීෂණය මුදාහැර, මහමග දහස් ගණනක් ඝාතන සිදුකළ, ටයර් සෑයවල් වල ගිනිබත් කල, වදකාකාර වල දී අති අමානුෂික වදබන්ධනයන්ට ලක් කල, කිසිදු පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳ කිසිදු වගකීමක් වගවීමක් දැරිය නොහැකි නීතියක් නැති කාලපරිච්ඡේදයක ලංකාවේ සිවිල් සමාජයට, දේසපාලන යාන්ත්‍රණයට, ජවිපෙට සහ අනෙකුත් පද්ධතීන් වලට  ඇතිවූ පීඩනයේ නිරූපණය කිසිසේත්ම ප්‍රමාණවත් නැත. විජේවීරගේ සහ අනෙකුත් ජවිපෙ සාමාජික චරිත වලින් හෝ පෙන්වූ වෙනත් සිදුවීම් මගින් හෝ එය ඉටුකර ගැනීමට කිසි ලෙසකින්වත් හැකිවී නැත..

නමුත් මෑතකදි නැරඹූ සත්‍ය සිදුවීම් සහ චරිත කතා කේන්ද්‍ර කරගත් යශෝදරා මැතිව් වැනි චිත්‍රපට සමග සසඳන විට ගින්නෙන් උපන් සීතල උත්සාහය සතුටුදායක මට්ටමක ඇත.

ගින්නෙන් උපන් සීතල යනු රෝහණ විජේවීරගේ කතාව නොව චිත්‍රාංගනී විජේවීරගේ කතාවය.

  - චමල් අකලංක පොල්වත්තගේ

Wednesday, January 2, 2019

ගෙවල්


රටේ ඉඩං තියනවනං, මිනිස්සුන්ගෙ බදු සල්ලි තියනවනං, ගෙවල් හදන්න ඇමතියෙක් ඕනෙද.. . විවෘත කරන එක විතරයිනෙ කරන්න තියෙන්නෙ.

එහෙනං මොකටද නිවාස ඇමතියෙක්..?

රටක නිවාස ප්‍රතිපත්තියක් කියන්නෙ විද්‍යාත්මකව වෙන්න ඕනෙ දෙයක්.

ඒක ඒ රටේ ජනගහනය, ජනගහන වර්ධන වේගය,නිවාස අවශ්‍යතාවය කොපමණ ද, ඊළඟ දශක කිහිපයක් තුල  ඒකෙ වැඩි හෝ අඩුවීම් වෙන්නෙ කොහොමද, අවශ්‍ය නිවාස ඒකක ප්‍රමාණය කොපමණද, ඊළඟ අවුරුදු වල ඒක වැඩි වෙන්නෙ හෝ අඩුවෙන්නෙ කොහොමද, වගේ බොහෝ දේවල් එක්ක..

 රටේ ප්‍රශස්ත වනාන්තර අවශ්‍යතාවය, මුහුදු වෙරළ , ජලාශ , ගංගා, වනසතුන්, ආදී ස්වභාවික පරිසරය සඳහා අවශ්‍ය භූමිය, කාර්මික හා කර්මාන්ත අවශ්‍යතා සඳහා අවශ්‍ය ඉඩම්, කෘෂිකාර්මික ඉඩම්,