Sunday, May 19, 2019

දින 28 යි !



පාස්කු ප්‍රහාරයෙන් පසුව ගෙවෙන් සිව්වැනි ඉරිදාවයි...!!
දින 28 යි !
මරණ 260+
තුවාල කරුවන් 400+

1)
Isia තහනම් කර නැත.

2)
හිස්බුල්ලා, අසාද් සාලි ,සහ මෛත්‍රී ගුණරත්නලා තවම ආණ්ඩුකාර පුටු වල ය.
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බවට චෝදනා එල්ල වී බොහෝ කලක් ය. 
හිස්බුල්ලා ඉවත් කරන්න කියා ත්‍රීකුණාමලයේ හර්තාල් ය. මෛත්‍රී ගුණරත්න යනු ළමා විවාහ තමන්ගේ අයිතියක් කියා උද්ඝෝෂණය කල sltj හි නීතීඥයා ය. 
බල්ලන්ව පල්ලි ඇතුලට ගේන්න එපා කියා අසාද් සාලි කටමැත දොඩවයි..
බස්නාහිර , නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල විධායකයේ ප්‍රධානීන් ඔවුන් ය. පළාත් ආරක්ෂාව හා ඉදිරි සැලසුම් පිළිබඳව පළාත් බලධාරීන්, ආරක්ෂක අංශ සමග සිදුකරන රැස්වීම් වල මුලසුන දරන්නේ ඔවුන් ය.

අමාත්‍ය රිසාඩ් බදුර්දීන් හා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අතර ඉතා කිට්ටු සම්බන්ධතා ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ලවෙයි.  බහුතරයක් චෝදනා ප්‍රවෘත්ති සාකච්ඡා තියා ප්‍රකාශ කරන්නේ එස් බී දිසානායකය. එස් බී සිරිසේන ජනාධිපතිගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් ය.
සැකකරුවන් නිදහස් කිරීමට බදුර්දීන් ඉල්ලා සිටි බව හමුදාපති කියයි.
මුජිබර් රහුමාන් හා මන්සූර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද පාර්ලිමේන්තුවේ ද ඉන් පිටතද චෝදනා එල්ලවෙයි. මන්සූර්ගේ රියදුරා අත්තඩංගුවට පත්වෙයි.

Wednesday, May 15, 2019

පුරවැසියනි


ආණ්ඩුව ඇතුළු රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් සියල්ලම රට ගිනි තැබීමට හවුල් බව පැහැදිලි ය. එකිනෙකා වෙන වෙනම තමන්ගේ පාර්ශවය රකිමින් අනෙකාට චෝදනා කල ද සත්‍යය එහෙම ය.

දයාසිරි , නාමල් කුමාර සිරිසේනගේ ය.
කිරිඇල්ල රනිල්ගේ ය.
මදුමාදව මහින්දගේ ය.

නමුත් ගින්නේ වගකීම සම්පූර්ණයෙන් ජනාධිපති , අගමැති ඇතුළු වත්මන් ආණ්ඩුව භාරගත යුතුය.
කලින් මෙසේ වන බව දැන සිටීම, පෙර සිදුවීම් වල අත්දැකීම් , රාජ්‍ය ආරක්ෂාව තමන්ගේ භාරයේ තිබීම, වගකීම, අදාල සියලු ආයතන හැසිරවීමේ බලය, සිදුවීම් සිදුවන අවස්ථාවන් වල දී නිශ්චිත පියවර නොගැනීම හා ඉන් පසුවද ගැටුම් පිටුපස සිටින දේසපාලන ප්‍රභලයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීම ආදී හේතූන් නිසා ආණ්ඩුවට සිය වගකීම අනෙකා පිට දමා අත පිහදාගත නොහැක. ආණ්ඩුව නොදැන යමක් සිදුවූවානම් එය ද ආණ්ඩුව භාරගත යුතු අතර ආණ්ඩුවට ඉහලින් වෙනත් යාන්ත්‍රණයකට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ නින්දාවෙන් ආණ්ඩුවට කිසිසේත්ම පැන යා නොහැක.

Friday, May 10, 2019

ඔබ දන්නවාද




මේ වන විට පළාත් ආරක්ෂාව පිළිබඳව පළාත් රජයේ නිලධාරීන්, දේශපාලන නායකයන් හා ආරක්ෂක අංශ එක්වී ඉදිරි සැලසුම් සහ මෙහෙයුම් පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි. ඒ රැස්වීම් වල ප්‍රධානත්වය උසුලන්නේ පළාත් රජයේ විධායකයේ ප්‍රධානියා වන පළාත් ආණ්ඩුකාරවරයා ය.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාරයා අසාද් සාලි ය. නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරයා හිස්බුල්ලා ය. ඔවුන් දෙදෙනාටම පසුගිය ප්‍රහාර හා තවුහිඩ් ජමාත් සම්බන්ධකම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. ඒ වගේම හිස්බුල්ලා ආණ්ඩුකාරයාගේ කාර්‍යාලයේ ජීව උණ්ඩ හමුවීම, ඔහු යටතෙ සිටි අය අත්තඩංගුවට පත් වීම, ඔහු මීට පෙර සිදුකල ප්‍රකාශ ඇතුළුව ඔහු සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත.