Wednesday, October 9, 2019

මදුමාදව දේශප්‍රේමී ද ? දේශද්‍රෝහී ද ?


මිනුවන්ගොඩ දී ජාතිවාදය අවුස්සා ගිනි තියන විට අපි මදුමාදව නම් කාලකන්නි හනුමන්තාට විරුද්ධ වුණෙමු. ඌව බැඳ තබන්න කියා කීවෙමු.
එවිට අපි දේශද්‍රෝහීන්, NGO කාරයන් වීමු. දේශප්‍රේමීන්, ජාතිමාමකයන්, සැබෑ බෞද්ධයන් වූයේ මදුමාදවත්, පොදුජන පෙරමුණත් ය.
එකල ජාතිවාදය අවුලමින් රට ගිනි තියන විට, ලෙ ඉල්ලන විට එයට පොහොර දමමින් සිටි පොදුජන පෙරමුණට දැන් හදිස්සියේ මදුමාදවව හෙලා දැකීමට මතක් වී ඇත.
ඒ ඔවුන්ගේ මැතිවරණ සටන ඉදිරියේ තබාගෙන මදුමාදව පෙර සේම කළ ජාතිවාදී ප්‍රකාශයකින් සිංහලබෞද්ධ නොවන ඡන්ද කැඩේ යැයි බිය වීමෙනි.

Tuesday, October 8, 2019

අපිට ඕනෙ රොබින්හුඩ්ලා !



ඇයි ප්‍රේමදාසලා රාජපක්ෂලා ඉඳගෙන අනිත් අය හිටගෙන ඉන්නෙ..? අසනීප හින්දා හෝ වයස හින්දද..
ෆුට් බෝල් ගහන ප්‍රේමදාසයි, ඔලුවෙන් හිටගන්න රාජපක්ෂයි ආගමික වතාවත් කරනකොට විතරක් පුටුවක ඉඳගන්නෙ ඇයි.?
 මොකක්ද මේ නඩත්තු කරන්නෙ.? . තමන් මහජන සේවකයෙක්,..කරන්නෙ වෘත්තියක් කියලා තේරුම් නොගෙන ලංකාවෙ ඡන්ද දායකයො ඉල්ලන මහරජ මානසිකත්වය මේ නඩත්තු කරන්නෙ..
 එයාලම වන්දනීයයි පූජනීයයි උත්තරීතරයි කිය කිය වේදිකාවල බෙරිහන් දෙන ආගම ඉස්සරහම අනිත් උන්ව හිටවලා එයාලා ඉඳගන්නෙ ඇයි..

මේ පෙන්නන්නෙ උද්දච්ඡකම, බලය නිසා ඇතිවෙලා තියන කාලකන්නි ආඩම්බරකම , මාන්නය.

මීට අවුරුදු ගානකට කලින් කතා වල ඉන්න ආරච්චිලව, මුදලිලලව, ගම්පතියන්ව මතක් වෙන්නෙ නැද්ද මේක දකිනකොට.
රොබින්හුඩ් එකේ ෂෙරීෆ්ලව මතක් වෙන්නෙ නැද්ද..

උන් ෂෙරීෆ්නං උඹලා අපි කවුද ?
වැඩවසම් ප්‍රවේණි දාසයො..

මං කාගෙහරි ප්‍රවේණියක ප්‍රවේණිදාසයෙක්, වහලෙක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාධිපත්‍යය අයිතිය තියන පුරවැසියෙක්.

මට ඕනෙ නෑ කවදාවත් අපේ බදු සල්ලි කළමණාකරණය කරලා අපේ වැඩ ටික කරවගන්න පත් කරන සේවකයා මාව උගෙ වහලෙක් ගානට දාලා රාජාණ්ඩුවක් නඩත්තු කරනවා දකින්න. ඌ මාව උගෙ යටත් වැසියෙක් කියලා හිතන් ඉන්නවා දකින්න.

ඉතින් කරුණාකරලා මේ ආඩම්බරකාර, රාජාණ්ඩු, වැඩවසම් මානසිකත්වෙන් ඉන්න ලෙඩ්ඩුන්ව ප්‍රතික්ෂේප කරන්න.

ෂෙරීෆ්ට බලේ තියන හින්දා ෂෙරීෆ්ට අසාධාරණ බදු ගෙවන්නෙ මෝඩ ප්‍රවේණිදාසයො.
අපිට ඕනෙ රොබින්හුඩ්ලා !


  - චමල් අකලංක පොල්වත්තගේ

Sunday, October 6, 2019

හරිතැන හිටගන්න.!


මැතිවරණ සටනේ ගෝටාබය රාජපක්ස සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ ප්‍රධාන දේශපාලන ධාරාවන් ද්විත්වයම මේ මොහොතේ..

රාජ්‍ය ත්‍රස්තවාදය,
මිනීමැරුම් සංස්කෘතිය,
භීෂණය , මැරකම උත්කර්ෂයට ලක්කරමින් සිටියි. ප්‍රතිඵලයට පෙර සිටම භීතිය වපුරමින් සිටියි.

හොරකම , වංචාව, දූෂණය, මහජන මුදල් අවභාවිතය සාමාන්‍යකරණය කරමින් සිටියි.

ජාතිය, ආගම, වාර්ගිකත්වය මත පුරවැසියන් බෙදා වෙන් කරමින් අන්තවාදය   ව්කුණමින්, ජාතිවාදීන් අන්තවාදීන් හා ඩීල් දමමින් සිටියි.