කුමරිය සහ මායා කැඩපත
අහෝ කැඩපත
සත්‍යයේ..
පෙන්වන්න
මා හට
කවුද මේ ලොව
සොඳුරු තරුණිය
කියා හැමදා
අසන කුමරිය.....
අදත් ඇසුවා
සිනාසී
මායා කැඩපත
දෙස බලා......
මගේ මුහුණින්
පෙනෙයි කුමරිය
ඔබ ඇසූ ඒ
සොඳුරු
තරුණිය.....
කැඩපතින් එය
ඇසූ කුමරිය
වෙනද මෙන්...
ඇසුවාය නැවතත්
මගේ දිවියේ
අනන්තය දෙස
බලා පෙන්වන්
එතැනදිත් මම
උසස්දැයි
මේ ලෙසින්
කිවමැන....
සොඳුරුතම
තරුණිය
වුවත් ඔබ...
මහ බලැති
කුමරිය
වුවත් ඔබ...
නගර කෙළවර
දුගී කම්මල්
මුව පිළිස්සුණ
දැරිය වුව ඔබ...
දිවිය කෙළවර
පොදුය හැමටම
කියා කැඩපත
එළිය විහිදා...
කුණුව දුගඳව
ඉහඳ පණු පිරි
මළකුණක්
පෙන්වීය ඇය හට....
.
''ටාං....''
No comments:
Post a Comment