Monday, November 7, 2016
හිලරි උපහාර ගීතය
ට්රම්ප් උපහාර ගීතය ලිවීමෙන් පසු හිලරි පාක්ෂිකයන්ගෙන් එල්ල වූ බලවත් විරෝධතා හා ඉල්ලීම් මත ලියූ...
#හිලරි_උපහාර_ගීතය..
( මෙය ආයුබෝවේවා මහරජාණෙනී ගීතයේ තාලයට ගායනා කළ හැක )
.
.
ආයුබෝවේවා....//
ක්ලින්ටන් රජුන් දුන් විවරණින්
අපටත් රැජිනක් පහළව ඇතේ
ඒ රැජිනියන් පෑ පෙළහරින්
ජනපදය එක්සේසත් කළේ....//
ආයුබෝවේවා...
හිලරි රැජිනියනි....//
මිනසෝටා උතුරින්
ටෙක්සාස් ප්රාන්තය දකුණින්
නැගුණ දුක් සෝ සුසුම් නිවමින්
ට්රම්ප්ව පරදවමින්....
චීන රුසියා ඇස් මවිත කරවයි
මහ රැජිනියනි...
ආයුබෝවේවා
මහා රැජිනියනි.....
සිරියාවද අභිමන්
ලිබියා උදානය ගෙනදුන්
අරාබියටම වසන්තය වී
ලොවම දිනු ක්ලින්ට...
Isis දණින් වැටිලා
මහා රැජිනියනී....
ආයුබෝවේවා
හිලරි රැජිනියනී....//
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
හිලරි බෝ වේවා.....නියමයි චමත්
ReplyDeleteඑලහ් 😃
Deleteචමල්
😉
Patta
ReplyDeleteකිලින්ටගෙ නොයෙක් අවල කෙලි,
ReplyDeleteදැක නොදුටුවසේම උන්,
හිලරි කුලකතුනි ඔබමයි,
මුලු ලොව එක්සේසත් කරමින්,
ආයිබෝ වේවා,
ආයිබෝ වේවා,
හිලරි මහ රැජිණියනි,
ආයිබෝ වේවා,
නියමය. ලඟින් යන්නේ ප්රතිඵල.
ReplyDeleteහිලරි ගහයි නේ
DeleteCrazy Vs Crafty
ReplyDelete😃
Deleteමරු.
ReplyDelete