" අප්පච්චී මට තැලුවට " ගීතයේ තාලයට ගායනා කරන්න.. ( තනුව පහත ලින්කුවේ )
.
.
අප්පච්චි මළා කිව්වට දිගට හරහට
සන්තකටම මට තිබුණෙත් නුඹගෙ දයාව
යහපාලනෙ කැන්දාගෙන ආව දසාව
දිව හැරුණා අප්පච්චී වෙනදා වගේම.....
ඇමති වෙලා කරපු කෙරුම් බැහැ මතකෙන් යවා ගන්න
ඉන්නට බෑ මට නම් තව ඇමති කමක් නැතුව මෙහෙම
දෙපා වඳින්නම් වැතිරී අප්පච්චියෙ සමාවෙන්න
අවසර දෙනවද සොයිසට සිරිසේනගෙ ළඟට යන්න....
අප්පච්චි මළා කිව්වට දිගට හරහට....
මගේ ෆයිල් FCID යනවා බෑ බලන්න
ඒ හින්දයි දෙයියො ළඟට ආවේ මං වැඳලා යන්න
අනේ මගේ අප්පච්චී එපා වෛරයෙන් බලන්න
ආයේ බලේ ගත්තෝතින් ඇමති කමක් මටත් දෙන්න..
අප්පච්චි මළා කිව්වට දිගට හරහට....
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
https://youtu.be/riuMgrnNCP4
No comments:
Post a Comment