== ==
( මාස්ටර් සර් ගීතයේ තාලයට ගායනා කරන්න )
බුලට් වලින් වැලිකඩ හැඩ කෙරුව
එක අණින් මහ කෙරුමො දණගා වැටිච්ච..
මාස්ටර් සර් අපෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් සුදුවෑනුත් යලි ඒදෝ....
උඹලාගේ රට ගැනිල්ලේ තරඟෙ මේ
නිම වෙද්දී අපෙ පණ යයි දෝ...
අනේ සර් රතුපස්වල වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ....///
මට මතක් වෙනවා ටැංකියෙ මෝරුන්ගෙ හැටී..
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී..
මාස්ටර් සර් පාඩුවේ ඉන්නට දෙන්න...
අනේ සර් සුදු වෑන් නම් නොඑවන්න...
උඹලාගේ රට ගැනිල්ලේ තරඟෙ මේ
නිම වෙද්දී අපෙ පණ යයි දෝ...
අනේ සර් රතුපස්වල වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ....///
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
ඊලඟ සැරේ ජනාධිපති වෙච්චි ගමන්
ReplyDeleteඑවනවා සුදු වෑන් එකක් මේ දරුවට දවසක් සැපට යන්න
ඔව් බලාගෙන ඉන්න
බාලගෙන සුදු වෑන් එයි
ReplyDeleteඅම්මෝ ! බලාගෙන ...
ReplyDeleteරතුපස්වලවල් ගොඩක් ඕන කියලයි නිර්මාල් සෑර් කියන්නෙ නං...
ReplyDeleteගෝඨාට විරුද්ධව තියෙන චෝදනා අධිකරණය ඉදිරියේ විභාග කරලා අවශ්‍ය දඩුවම් දුන්නා නම් 2020 ගැන බය වෙන්න ඕනේ නැහැ.
ReplyDeleteඅනේ සර්.. අපි මිතුරන් නොවෙදෝ.. :)))
ReplyDeleteඅනේ සර්.. අපි මිතුරන් නොවෙදෝ.. :)))
ReplyDeleteබුදු අම්මෙ
ReplyDelete