Saturday, April 29, 2017
කඳුලු තවමත් එසේමය..
මීතොටමුල්ල සමූහ ඝාතනයෙන් විපතට පත් වූවන්ට රජයෙන් නිවාස ලබා දුන් කොලොන්නාව ලක්සඳසෙවණ නිවාස සංකීර්ණය වෙත ගියෙමි. එහි නිවාස 98 ක් රජයෙන් මේ සඳහා වෙන් කර තිබුණු නමුත් දැනට පදිංචියට පැමිණ ඇත්තේ පවුල් 30 ක් පමණි.
ලක්සඳසෙවණ දෙවන අදියරේ මහල් 11 කින් යුත් නිවාස සංකීර්ණයේ බිම් මහලේත් 9 වන මහලේත් ඇති නිවාස වල මේ පිරිස පදිංචිව ඇත.
මේ එක් නිවාසයක් සාලයක් කාමර දෙකක් , මුළුතැන්ගෙයක් හා වැසිකිලියකින් සමන්විත වෙයි.
නව නිවාස ලැබූ නිවැසියන් කිහිපදෙනෙක් සමග කතාබහ කරන්නට අවස්තාව ලැබුණි.
බිම් මහලේ නිවසක පදිංචි WAM බිස්වි මහතා අප එහි යන විට සිය පවුලේ අය සමග නිවස අලුත්වැඩියා කරමින් සිටියේය.
වැඩ කටයුතු අතර ඔහු කියා සිටියේ..
Thursday, April 27, 2017
සමනලීගේ කුණු කන්ද
=== ===
" අපි කුණු කන්ද ගැන කතා කරන්න චම්පික රණවක මුණගැහෙන්න ගියාම චම්පික සාකච්ඡාවෙදි එයාගෙ පම්පෝරිය කියවලා.. රට අස්තාවර කරන්න උද්ඝෝෂණ කරන්න විතරක් ලෑස්ති වෙන්න එපා.. " කියලා සාක්ච්ඡාව ඉවර කලා.. ""
මේ ඊයේ (26) දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ නීතිඥ නුවන් බෝපගේ මහතාගේ වචනයි..
ඕක ඔහොම මතක තියාගන්න
තමන්ගේ මොකකට හෝ අපහාසයක් වූවානං එයට විරුද්ධව නීතිය ඉදිරියට කවුරු ගියත් අපට ඇති මෙව්ව එකක් නැත.. එය හොඳය..
නමුත් මට හිතාගන්නට බැරි සිද්දිය වන්නේ shares 109 ක් ඒ නිර්මාණයට තිබියදී සමනලී share කිරීම පමණක් අර උරුමයේ උන්නාන්සේලාට පෙනුනේ මොන මාතාවගේ වස්ත්රයටද කියාය..
පැමිණිල්ලේ share කළවුන්ගේ ලින්ක් දානවානම් එය 109 ම දැමිය යුතුය. එයින් සමනලීගේ share වීම පමණක් සුවිශේෂ වීමේ පදනම ඩක්වත් ලුවිස් නියාය තරන්වත් මට තවම හිතාගත නොහැක.
සමාජ ජාල හා අන්තර්ජාලය පුරා සමනලී විසින් කුණු පිරවීමට කීවේයැයි අසත්‍ය මඩ ප්‍රචාර පතුරවා විකෘති අදහසක් සමාජගත කර ඇයට අපහාස කිරීම සම්බන්ධයෙන් අර උරුමය වගකීම බාර ගන්නවාද..??
ඒ අනුව සමනලීටද නඩු පැවරිය හැක..
සරලවම කියනවානම් ලංකාවේ උන්ට ඇත්තේ ලිංගික ඇරියස් එකකි. පින්තූරය දැමූ එකා පැත්තක තියා බොදු බැතිය දෝරෙ යවමින් සමනලීගේ අම්මා මුත්තා මතක් කර සිංහලබෞද්ධයන් ( තනිවචනයකි ) විසින් ජාතිය අමතන්නේ ඒකය.. ගෑනි කුනුමුල්ලේ හිටපිය. ළමයි හදාගෙන උයාගෙන කාපන්. දිගට ඇඳපාන්.. වහල්කන් කරපාන්.... මට්ටමේ ගෝත්‍රික අයියලාගේ ආතල් සමනලී කඩන නිසා උන්ට ඇත්තේ ඇරියස් එකකි.. වැලන්ටයි දාට පතිවත රැකපන් නංගී.. රූම් යන්නෙපා අක්කේ.. ගගා පටලයක් ඇති

Thursday, April 20, 2017
මීතොටමුල්ලෙම තවත් කතාවක්
=
= ==
( සත්‍ය සිදුවීමකි )
පහුගිය 18 වෙනිදා හවස මීතොටමුල්ලෙ ඝාතනය කරපු මිනිස්සුන්ගෙ අවසන් කටයුතු කරපු කොලොන්නාවෙ කනත්තට ගියා ඒ මිනිස්සු වෙනුවෙන් අවසන් ගෞරවය දක්වන්න.. ඒ කටයුතු ඉවර වෙලා ආයෙත් ටෙරන්ස් විද්‍යාලෙට ගිහින් විදුහල්පතිනිය මුණගැහිලා ඒ වෙද්දි ඕන කරල තිබ්බ ආදාර ලිස්ට් එකත් අහගත්තා. එදා ටෙරන්ස් එකට ස්වෙච්ඡා සේවයට ආපු මගෙ මිතුරියකට රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනෙ කියපු නිසා ඇයව ටවුන්හෝල් බස් නැවතුමට ඇරලවන්න කොලොන්නාවට ආවා .. එතකොට 6.30 ට විතර ඇති.. විනාඩි දහයක් විතර ගියත් ටවුන්හෝල් පැත්තට යන්න බස් එකක් ආවෙ නෑ.. තවත් රෑ වෙන හින්දා ත්‍රීවිල් එකක් නවත්තලා නැගලා යන්න හදනකොට හෝල්ට් එකේ ආච්චි කෙනෙක් ඉන්නව දැකලා ත්‍රීවිල් එක නවත්තලා මම ඇහුවා
"ආන්ටි කොහෙටද යන්නෙ..? "
"පුතේ මම බෝ ගහ ගාවට යන්නෙ .. "
"ඒ කියන්නෙ දෙමටගොඩ පැත්තට ද ..? "
"ඔව් පුතේ.."

Tuesday, April 11, 2017
සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් දිව්‍ය රථ කතාවත්තුව
== ==
පෙර එක් කලෙක ත්‍රී සිංහලාධිශ්වර ශ්‍රී මහින්දෝත්තම රාජපක්සාභිධාන මහෝත්තම රජාණෝ ලංකාපුරයේ රාජ්‍ය විචාරා "රාජ්‍ය ධනය බලය නම් නැතිවන සුලුය... මාගේ මේ ව්‍යායාමය කිසි කලෙක රජ සැප පිණිසම නොවන්නේය.. ලංකාපුරයේ චිරස්ථිතිය උදෙසාම වන්නේය" යැයි සිංහනාද කර ලංකාපුරයේ සිහසුන තම ඔටුන්න හිමි නීමල් කුමරුන් හට භාර නොදී " නීමල් නම් අත්දැකීනම් මදම වන්නේය.. එහෙයින් ඔහු නැවත සුදුසුකම් සපුරා රජ වන තෙක් රාජ්‍යයේ කටයුතු භාර කරමියි..." දාන පාරමිතාවට පෙරුම් පුරන හාවකු සේ අනුප්‍රාප්තික වෛද්‍ය කටයුතු භාර නිලදරුවා වූ මෙත්පල් සිරිසන් ඇමැතියා ට රාජ්‍ය භාර කර මන්ද මූලන ග්‍රාමයේ සුදු වස්ත්‍ර පොරවා බණ භාවනාදී පිංකම් කරමින් වෙසෙන සමයමැ විය....
පූර්ව කුශලයන්ගෙන් ලැබූ මහානුභාවයෙන් තව්තිසාවේ සක් දෙව් මෙන් දෙව් බඹ ආශිර්වාද ලැබ නෛකශ්රීන් විරාජමානවූ මහින්දෝත්තම රජුට උතුරටැ නැගෙනහිර.. එළියට අඳුර.. ආකාශයට මහීතලය මෙන් හාත්පස වෙනස් රජෙකුමැ විය මෙත්පල් නිරිඳුන්...
මහින්දෝත්තම රජුට මෙන් පෙර කුශලයන් නොමැත්තෙකු වූ නියාවෙන් එතුමාණෝ සැප සම්පත් නොලද්දාහුය..
එසේ හෙයින් පසු කළෙක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ලෙස ජනයා අමතන්නට විය..

Friday, April 7, 2017
රාත්‍රිය | ගීත | කෝපි
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දි ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා....
කසුන් කල්හාරගෙ ප්‍රේමණීය කටහඬ රාත්‍රියෙ නිහඬබව අතරින් හදවත විඳිනවා..මෙහි අරුතට ගැලපෙන අත්දැකීම් නැතත් මේ ගීතය මට මෙතරම් සමීප ඇයි දැයි කියා මම නොදනිමි. අලුයම එක පසුවී එළඹෙන්නෙ නව ලෝකයකි. එය උදේ හිරු නැගෙනවා වැනි අලුත්ම සිදුවීමකි.. රාත්‍රියේ ඇරඹුනු යාමයේ ගුප්ත බව.. නිහඬ බව.. අඳුර.. වෙනමම තලයකට හදවත අරන් යන අපූර්ව කාලයකි.. සාන්ද්‍රණය වැඩි උණු කෝපි උගුරක් එක්ක ආයෙත් නියුරෝනයක් ගානෙම ජීවිතය අලුතෙන් පණ ලබයි.. දැහැන බිඳින්න ඈතින් පේන විදුලි පහනක ආලෝකයත් ඉඳලා හිටලා පියාඹන වවුලෙකු හෝ යම් නිශාචර සතෙකුගෙ හඬක් හැරුණම හදවතට කතා කරන වෙන කිසිම ශබ්දයක් නැති තරම්..
දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසිඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා...
මතකය එහෙම්මම ආපස්සට ගමන් කරනවා. හවස බස් එකට ගොඩවුණ වෙලාව.. පේව්මන්ට් වල ඒ මේ අත ඇවිදින මිනිස්සු. සුදු ඉරවල් වල සුදු වෙන්න බලන් ඉන්න කහ ඉරවල් උඩ ඒ මේ අත මාරු වෙන මිනිස්සු.. ජීවිත ගමනේ එක අමාරු දවසක හවස
Monday, April 3, 2017
2020 ජාතික ගීය
== ==
( මාස්ටර් සර් ගීතයේ තාලයට ගායනා කරන්න )
බුලට් වලින් වැලිකඩ හැඩ කෙරුව
එක අණින් මහ කෙරුමො දණගා වැටිච්ච..
මාස්ටර් සර් අපෙ හිමි තැන දෙනවාදෝ
අනේ සර් සුදුවෑනුත් යලි ඒදෝ....
උඹලාගේ රට ගැනිල්ලේ තරඟෙ මේ
නිම වෙද්දී අපෙ පණ යයි දෝ...
අනේ සර් රතුපස්වල වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ....///
මට මතක් වෙනවා ටැංකියෙ මෝරුන්ගෙ හැටී..
අපි කතා කලේ පණ ගැහි ගැහි දණින් වැටී..
මාස්ටර් සර් පාඩුවේ ඉන්නට දෙන්න...
අනේ සර් සුදු වෑන් නම් නොඑවන්න...
උඹලාගේ රට ගැනිල්ලේ තරඟෙ මේ
නිම වෙද්දී අපෙ පණ යයි දෝ...
අනේ සර් රතුපස්වල වෙයිදෝ..
එදා දවස උදා වේවිදෝ....///
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
Saturday, April 1, 2017
නිශා
දිවා මාගේ නීත්‍යානුකූල බිරිඳය.. ඇයව හඳුනාගත් දින පටන් ඇය දිවිය ආලෝකමත් කළාය.. සැබැවින්ම ඇය තම වගකීම් ඉටුකරන සම්ප්‍රදායික කීකරු බිරිඳකි. ගුණයහපත් ය. මම ද ඈ සමග සතුටින් කල් ගෙව්වෙමි..
මෙසේ ඈ සමග දිවි ගෙවන විට දිනක මට අහම්බෙන් නිශා මුණගැසුනි.. දිවාට වඩා රුවෙන් හාත්පසින්ම වෙනස් ඇය ගුප්ත ස්ත්‍රියකි. වැඩි කතාබහක් නැත. කතා කරන්නේම නැති තරම් ය. හැසිරීමද එසේමය.. මේ නිසාම මම ඇය ගැන වඩාත් සෙව්වෙමි.. ඇයව හඳුනන්නන් පැවසූ පරිදි ඇය අමුතුය.. කතා බහක් නැත. භයානක විය හැක..මට හැඟුනු ඔවුන්ගේ නිර්දේශය වූයේ ඇය