Thursday, February 28, 2019

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ජම්බුද්වීප පාකිස්තානාධිරාජ්‍ය යුධ නිමා කතාවත්තුව



ඉදින් පෙරදිග මහා බලවත්හු වූ මහා ජම්බුද්වීපානු අධිරාජ්‍යය ද පාකිස්තානා නුවර ද විශ්වයේ අවසන් බඩෛරිඟු කරල දක්න ලද්දාවූ දානා සෙළඹුවන් දෙදෙනෙකු ලෙසින් සහන් කශීරට අත්පත් කරගැන්ම උදෙසා යුධවදින්නට වන්නාහ. උතුරින් එවන එවනා අග්නි ජාලා පන්දු තු තූ කරමින් පහර පිට පහර දෙන්නාවූ  ක්‍රීකපිත්ථ යගධාව දෑතින් ගෙන "මෙරා නාම් ඊම්‍රාණ්ඛාන්.. බටායම් නොත්ථ තේරරිස්ථා..."  යයි ගිගුම් දෙන මහා ඉම්‍රාණාඛාන් අධිරාජ්‍යයාය. දකුණින් ගංගා නදියේ ගිලී හෝරාවක් හිඳ දුනු දිය හැද මහාරාවණයන් ගින්නෙහි දවා හළු කර ඉෆ් යූආර් බෑඩ්.. ඇයාම් යුවර් දෑද්.. ජෛ හින්ද්...". යැයි ගුගුරවනා මහා නරේන්ද්‍ර මෝධෛභිධානාධිරාජ්‍යාණෝයැ..

ඉදින් කශීරය අත්පත් කරගැන්මෙහිලා යුධයට රාජ්‍යයෝ ද්විත්වයම සිය ඇත් අස් රිය පාබල ගුවනාධී සේනාංකයෝ අලි වැට ගැහුවාක් මෙන් සීරුවෙන් ද හකා නටන්නට සැරසෙන රගරයෝ කණ්ඩායමක් මෙන් මුහුණට මුහුණලා සිවුවා තබන්නාහ. පහසුවෙන් සිටියේනම් ඒ ආතරයිටීස් සේනාංකයෝ පමණක් යැ. මෙසේ එළිමහනක බත් පතක් ගිලිනට සැරසෙන්නාවූ විටකැ කරපිංචා නැට්ටකට පවා කෙළ හලා හිස ළඟින් සරනා කපුටන් මෙන් දෙපාර්ශවයේ ගගන යාත්‍රාවෝ ඒ මේ අත පියාඹන්නාහ..භාරතීය සේනාවේ මහ සෙනෙවි වූ රජ්ණී කාන්තයෝ සිය සන්නාය දරා ගෙන ලක ලක ලක ලක ලක ලක ලක ලක

බුහහහහ්හ්හ්හහහහහහහාආආආඅහ් ගගණද දෙරණද ගුගුරුවමින් කශීරයට පා තබන්නාහ. දූවිලි පොළොවෙන් නික්මෙයි. හේ වටා සුළං කැරකෙයි. එක්වර සූසැට ජවසම්පන්න සෙබලුන් ගුවන් ගත කළ හැක්කාවූ කාය ශක්තියකින් හෙබි හෙතේමේ දුටු පාකිස්තානාධිරාජ්‍යයේ බලමුළු තැති ගෙන පසු බැස්මට සැරසෙත්මැ සිය දිගු යගධාව දරා පිටියට පිවිසෙන ශාහිඩ්ඩාෆ්‍රද්ධී සෙන්පතියෝයැ. මුව පුරා විල්පත්තුවක් මෙන් වවාගත් රැවුළෙන්ද පච්ඡ වර්ණ සන්නාහයන් දරාගෙන භූම් භූම් භූම් භූම් භූම් භූම් භූම් භූම් ශබ්ධය නිකුත් වන ලෙස යගධාව වනමින් සතුරු හිස් කඳින් වෙන් කට බෞන්ඩ්‍රිලයිනයෙන් එපිටට විසි කරමින් අසු මෙහෙයවමින් සපැත් වෙන්නාහ.

ඉදින් සේනා සමබලය. ජම්බුද්වීපාණු සේනාවෝ එක් පහරකින් තුන් සියයයක් ප්‍රතිමල්ලව හිස් කඳින් වෙන් කරන ලද්දාවූ සැනෙහිම පාකිස්තානාධිරාජ්‍ය සේනාවෝ සුවිසල් ජම්බුද්වීපාණු යාත්‍රාවෝ බිම හෙලා තු තූ කලාහුය.

ඉදින් ඇවිලුණු ගිනි දැල් නොනිවී යද්දී ගිනි මලක් පිපුණාය දොරකඩ. අසල්වැසි රාජ්‍යයෝද පෙර කී දෙරාජ්‍යයන්හී වැසියෝද බල තණ්හාවේ අරුමයෙන් මියැදෙමින් , කෙළවෙමින් හැඳිගෑවෙමින් කලාපයම යුධ බියෙන් දෙදරුම් කන්නට වියැ.

අහෝ පුදුමයක්මයැ..!!
මේ අතරතුර දී යාබද ටසිරිලක මහාධිරාජ්‍යයේ සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳාණන්ණන් සිංහාසනය මත හිඳගත් වහාම හේ බුදාම්මෝ... කියා හිටගත්තාහ. ඒ දේවිය සරල පොල්කටු අඟුරු ස්ත්‍රික්කයෙන් රෙදි මැද අවසානයේ සිංහාසනය මත ස්ත්‍රික්කය තබා සරල බත් මුල එතීමට කෙහෙල් කොල කැඩීමට ගොස් සිටි නිසායැ. ඉදින් සිටගත් වහාම එතුමාණෝ රූපපෙට්ටියේහි යන යුධය දැක  ඉරිඟු යායම ගින්නෙහිලනු දුටු සේනා දළඹුවෙකු සේ කම්පිතව වහා සිය අතවැසියන් කැඳවා යුධය නවත්වන්නැයි කියා ජම්බුද්වීපයද පාකිස්තානාධිරාජ්‍යයටද ඒකාබද්ධ විපක්ෂ නිවේදනයක් නිකුත් කරන්නාහ.

අහෝ ශෝකයක ආලෝක වර්ෂය.. ඛාණයෝද මෝධියෝදැ අලුයම ලූ චුවින්ගමයක් මෙන් එම විධානය නොසැලක්කාහ..

දණ්ඩෙන් පහරලත් කිං කෝ බ්‍රා යෙකු මෙන් කෝපාග්නියෙන් දැවි දැවී සීතලෙන් උපන් ගින්නක් මෙන් සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ වහා සිය සේනාව කැඳවාපීයැ..
දකුණින් කෙළක් පරයන් නැසූ නම ඇසූ සැනින්ම ලොවම දණ නමන එක්ස් ත්‍රීසිංහලාධීශ්වර මහින්ධෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණෝයැ..
බටහිරින් ආසියානු මහා මස්තිෂ්කාභිධාන රෞනීල විකුම්සිහාණන් යැ. නමෑසූ සැනින් පිටසක්වලද බටහිර මහා ඇමරිකානාධිරාජ්‍යද වෙව්ලා යන විමල වංශාභිධාන මහා. හෙළ බුද්ධි බලකා ප්‍රධානී බෙංගමුවේ නාලකාභිධානයෝයැ. විප්ලවවාදී රක්ත සේනා ජෙනරාල් අනු කෞමාරනුවානෝ යැ. හිටං 225 අන්තර් හැම නියම් ගම් බැලැස්ටික මිසයිල රොකට නිර්මාතෲ හෙළයේ රොකට් පීතෲ රෞහිත රාජපක්සාභිධාන කෞමාරණුවානෝයැ. මහා භාණ්ඩාගාර මංකොල්ලයේ රණවිරුවා වූ රවිචන්ද්‍ර කාරුණිකයෝයැ. කෙලක් පරයන් නසාගෙන දැයට පණ දුන් මහසෝං බලකායයැ. යකදුරෝයැ. ෆෙංෂුයියෝයැ. ධනලක්ස්මි වාලම්පුරි දැරුවෝයැ. නාථ දෙවියෝයැ. ඕනෑ ජීවියෙක් අන්ත්‍රස්දාන් පොලීසියයැ. ධවල රථයැ.  අන්තරේයැ. වන්ෂොටාණන්‍යැ.
ඉදින් හොම්බෙන්තොටින් වහා නැව් නැග ද, මත්තලින් ගුවනට නැගද , චිත්ථ බලයෙන් ඍර්ධියෙන්ද සියල්ලෝම දිග හරින ලද්දාවූ බත් මුලක ඇති බිත්තරක ගෙන පලා යන සිසුවෙකු පසුපස යන බත්මුල වටා හුන් උන් මෙන් කශීරටට නික්මුණාහුය.
ඉදින් මෙකී සියල්ලෝම ගුවණින්ද , මුහුදින්දැ, ගොඩින්ද මඩින්ද ඍධියෙන්ද කශීරයට බසින්නාහ. බැස කශිරට දේස සීමාව මධ්‍යයේ ප්‍රේමවන්තයෝ දෙදෙනෙකු අතර සිටගන්නා රාලහාමියෙකු මෙන් සන්නද්ධව සිටගත්තාහ.
දෙරාජ්‍යයේ සේනාවෝ  සීයට අනූ නමයක් විසබීජ ඉවත් කරනා සබන් කැටයක් දුටු විසබීජ මෙන් මිලිනව ගියාහ. පාද වෙව්ලන්නාහ.

 ඒන්ජල් ඉෂිතෙකුට යවන ලද හායි ඩියර් මැසේජයක් දුටු පෙම්වතියක මෙන් කෝපාග්නියෙන් දැවි දැවී වමතින් මඩුවලිගයද, දකුණතින් තොණ්ඩුවද ගෙන හිමාලය මතට නැග ස්වරාලය කම්පිතව යන පරිද්දෙන් විරහ ගීයක් ගයනා බස් ගායකයෙකු ලෙසින් කෑගසා...

  "එම්බා ඛාන ය..! නරේන්ද්‍රය.. නාන් ඔරු දඩව සොල්ලාර් නූර් දඪව සොල්ල මාද්‍රී.. යූ මස්ඨ මස්ඨ ඉස්ථෝප දීස් වෝර්. ඇන්ඩ් යූ හෑව් සෆර අ ලොඨ්...!!  අකෝඩියන් ටු දි සිංහල කොන්ස්තන්තිනෝපල්. අයි ඕල් සෝ කැන් කෝල් අ වෝ ඕ රෙස්ට් ඉන් පීසස්..!! අයි යෑම් මෛත්‍රී... ඩෝන් මේක් මී වෛරී..."

දිල්වාලේ දුල්හානියා ලේ ජායිංගේ.. සී මයි ආමී. ඩෝ ඩෝන්ට් මේඩ් මයි ඇන්ග්‍රී...!!
බුහහහහ්හ්හ්හහහහහහහාආආආ..... ඕල්සෝ අයි හෑව් නියුක්ස්.. සිට් ඔන්  ප්ලැනට් මාස්.. මේඩ් බයි කිං රාවණා.. ඔහ් අයි මීන් බී වයි බයි.. නොට් ඔපසිට් ඔෆ් ටොයි. මහින්දෝත්තමයාර්ස් බයි.. එනිවේ ඉෆ් අයි මෙගා බ්ලාස්ට් දෝස් නියුක්ස්.. යූ වී ඇන්ඩ් ඕල් අදර්ස් ගෙඩ් ඩෙඩ්..  බිෂිකෑව් බිෂිකෑව්..බිසිකෑව්...
බීඑස්. ටීසී.

කියා වහා පය පොළොවේ ගසාපියාහුය.

ඉදින් සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පලාණන්ගේ වදන් ඇසූ සුවාසූදහසක් දෙරාජ්‍යයේ මහා සේනාවෝ වහ වහා කලබලවී අවි ආයුධ බිම තබාලීය. ගුවනේ සිටි ප්‍රහාරක යානාවෝ තිබූ තැනම නැවතුනාහ.  ඩබ්ලිව් පීසියාවන් දුටු අන්තරය මෙන් ගත මිලිනව. සිත සලිතව. කඳුල ඉතින් සමාවෙලා හිත හදාගන්න එකම වරක් ඔබේ දෙපා වැඳ බුදුන්ගෙන් පවා ඉල්ලුවේ මායිම් ගමේ කුණ්ඩුමනී අපෙ හාන්දුරුවනේ කියා හිස් ලුලූ අත පලා ගියාහ. අවසානයේ දෙරාජ්‍යයේ අධිරාජ්‍යයෝ ප්‍රෙස් කොන්ෆරන්සයක් කැඳවා වහා යුධය නිමවා සාමය ප්‍රකාශ කළාහුය.

බාරාවසානයේ සියළු බෝතල් නිමවා නිවස් බලා ඇදෙනා බේබද්දන් පිරිසක් පරිද්දෙන් සියල්ලෝම සංතුෂ්ඨියෙන් යුධය නිමවා නැවත ටසිරිලකට පැමිණියාහුය.

අවසන මාලිගා කරා නික්මෙන ඉම්‍රාණ්ඛානයෝද නරේන්ද්‍රයෝ ද දුඨු සෙන්පතියෙකු වහා ඔවුන් වෙත පැමිණ.

මහාධිරජාණෙනි.. මට යම් පැනයක් ඇත්තාහ. ඉදින් දහස් ගණන් දිවි අහිමි වෙත්දී , ලොවම හඬගා කියද්දී නොනැවතුණු යුධය සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පලාණන්ගේ එකදු වදනකින් නවතන්නට හේතු කිමද..?

එම්බා සෙනෙවිය. තොප ගසට නැගි උම්මත්තකයාගේ කතාව අසා ඇත්ද.. දොස්තර ගස කපනවා කී විට නොබැස්ස ඔහු තවත් උම්මත්තකයකු ගස කැපීමට සැරසුණු විට බසින ලද්ධාවූ හේතුව සොයා බලව.. යි කියා දෙදෙනාම නික්මුණාහුය...

අකලංකාරයෙහි එන සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ජම්බුද්වීප පාකිස්තානාධිරාජ්‍ය යුධ නිමා කතාවත්තුව නිමියේයැ...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

7 comments:

  1. මස්ඨ මස්ඨ ඉස්ථෝප දීස් වෝර්.

    ++++++++++++++++ 5*

    ReplyDelete
    Replies
    1. ඉයන් හොද වැඩේ පඩි ටෝක් දෙනවට මහින්ද අමරවීරයට, ඌ දන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ රටේ නීතිය ! ඌ නියමෙටම ගැලපෙනවා අර පොලොන්නරුවේ මහා මෝඩ ගොන්ගමයාට. මන්ත්‍රී වෙන්න කලින් අමරවීර ප්‍රයිවෙට් බස් එකක කොන්දොස්තරවරයෙක් ය කියලා කවුද කියන්වා ඇහිලා තියෙනවා, ඉතින් එයා සොරිසේනට හැමවෙලේම ඉස්සරහට යන්න ඉස්සරහට යන්න කියා උපදෙස් දෙනවා ඇති. කොහොම උනත් ජනතාවට කොකා පෙන්වපු වත්මන් අන්ත දූෂිත අසික්කිත කම්බ හොර එජාප ආණ්ඩුවේ සිටින සහ හිටපු ඇමති හොර රැලටත් මෙලෝ රහක් නැති මන්ත්‍රී අපතයින් හැත්ත බුරුත්තටත් කොහෙන් හරි කෙළවෙන්න ඡන්දයක් ඇවිත් ඉක්මනින් ම ජනතාව ඉදිරියට යන්න උනොත් තමයි ලස්සන වැඩේ? එහෙම නේද?

      Delete
  2. භූම් භූම් භූම්

    ReplyDelete
  3. ලබන සඳුදා උදයවරුවේ ගම්මන්පිලාභීධාන උතුමා ප්‍රෙස් එකේ කියයි මේක නැවැත්තුවේ එතුමාය කියල

    ReplyDelete
  4. ++++++++++++++++++++++++++

    අපේ පොර කිව්වලු යුද්දෙ නැවැත්තුවෙ නැත්තං එතන ඉඳලම වන් හවර් ඉන්ග්‍රිස් ලැච්චර් එකක් දෙනව කියල යුද්දයේ ආදීනව ගැන කියල..

    ඒ පාර කාන් ගොයියගයි මෝඩි ගොබිලගෙයි කකුල් සට සට ගාල වෙවුලන්ට අරගෙන "ඕ මයි ගෝඩ් ප්ලීස් ඩෝන්ට් ඩූ දැට්..." කියල මරහඬ තියල යුද්දෙ නවත්තල දැම්මලු...

    ReplyDelete
  5. ඇන්ඩ් යූ හෑව් සෆර අ ලොඨ්...!!

    හැක්.. අර ඩබල ඒකනං අගේට තේරුං ගන්න ඇති.

    -Praසන්ன-

    ReplyDelete