Friday, August 12, 2016
ලංකාවේ ටෙලිනාට්ටි හිට් කිරීම ( 2 කොටස )
මෙහි පළමු කොටසේ ලින්කුව පහතින් දක්වා ඇත.....
පිට රටකින් ගෙන නාට්ටි හිට් කිරීම ගැන අපි පළමු කොටසින් සාකච්ඡා කළ බැවින් අද අප සාකච්ඡා කරන්නේ ලංකාවේ නිපදවා හිට් කිරීමයි...
1 . රජ කතා
මේ කතා සූර වීර බට්ටා., ලක්කම්මා, වංසෙ, හෝ අහවල් රජු හෝ අහවල් දේවී ලෙස නම් කළ හැක...
මේ සඳහා ඔබට මහාවංසයක් අවස්ය වෙව්... දැන් ඔබ කල යුත්තේ දෑස් පියාගෙන පොත පෙරලන අතර ක්ෂණිකව අහඹු ලෙස පිටු අතර අත දැමීමයි.. දැන් ඔබේ අත ඇති පිටුවට ආසන්නයෙන් ඇති රජතුමාගේ නම බලන්න... ඔබේ නාට්‍යයේ නම එයයි... බල්ලාටනාග, දප්පුල, ගැමුණු, හෝ සිරියාවතී වන් රැජිනක් වුවත් අවුලක් නැත...
ඔබ කළ යුත්තේ කොහේ හෝ ලෑලි ගසා මාලිගා කෑල්ලක් අටවා රූපගත කිරීමයි... මෙයට ඒ කාලයේ භාවිත කළ ආකාරයෙන්ම ඇඳුම් අවස්ය නොවන අතර පමුණුවෙන් පාට පාට රෙදි කෑලි ගෙන මූට්ටු කර අඩු වියදමින් සාදාගත හැක්..
නාට්ටිය ජනප්‍රිය කිරීමට අවස්ය වන්නේ ගැඹුරු හඬකින් මේ අපේ ලංකා අම්මා යකෝ... පරයන්ව එලෝනවා යකෝව්... කෑලි කපනවා යකෝව් වැනි පපුවට ගසා කෑ ගසනා වදන් ය....
උඩ පැන කරනම් ගසා හයේ හතරේ කොල්ලන්ට අංගම්පොර නෙලන, අයිබ්‍රෝ සාදා කොන්ඩෙ ස්ට්‍රේට් කළ හුරුබුහුටි කෙල්ලක් සිටීයි නම් වඩාත් උචිතය..
දවුලක් තම්මැට්ටමක් ගසා ඕ ඕ ගසා ගැඹුරින් කියනා ගීයක් තිබීමෙන්ද රේටින්ස් වැඩිවේ...
2. හත්වලාමේ පවුල් කතා
මේ කතා පවුලේ අවුල, අල්ලපුගේ, දරුවෝ මරුවෝ, ලොකු ගේ ආදී ලෙස නම් කළ හැක...
මේ කතාවක් නිස්පාදනය කරන්නේනම් ඔබට වැඩි මුදලක් වැය නොවන අතර මෙගා කිරීමෙන් පට්ට ආදායමක් ලබා ගත හැක..
මෙහි පළමු වර්ගය පොස් පවුල් කතාය..
මෙහි අම්මා තාත්තා අයියා, අක්කා, නංගී මල්ලී සීයා ආච්චී හෝ ලෙස අවම වසයෙන් දරුවන් 3ක් වත් සිටිය යුතුය...
කොල්ලෙක් සිටියිනං ඌ ස්කූල් කට් කරන යාලුවෝ පස්සේ යන අමු කුඩ්ඩෙක් විය යුතුය... එසේත් නැතිනම් ගෙදර සිටින වැඩකාර කෙල්ල හෝ ඇන්ටි සමග ලව් කිරීම අනිවාර්යෙන් විය යුතුය..
කෙල්ලක් සිටියිනං ත්‍රීවීල් රියදුරෙක්, කොන්දොස්තර කෙනෙක් හෝ ගේ ගාවට මාලු ගේන අයියා සමග හෝ යාලු වී පැන යාමට ඔන්න මෙන්න මට්ටමෙන් හැමදාම සිටිය යුතුය...
එසේම තාත්තා බිල් ගේට්ස් මෙන් සල්ලිකාරයෙක් විය යුතු අතර කෙල්ලව බැඳීමට ෆැමිලි ප්රෙන්ඩෙක් කලින්ම සෙට් වී තිබිය යුතු අතර ඒ කොල්ලා අර දුප්පත් කොල්ලාට සිරියාවේ බෝඩ් උනාක් මෙන් වද දිය යුතුය... ප්‍රධාන නලුවාට නිවාඩු නැත්තං කෙල්ල පස්සේ එන එකා ලවා අර කොල්ලාට වෙඩි තබා කෝමා වී කෙල්ලගෙ සල්ලි වලින් ඩර්ඩන්ස් එකේ නවත්තා නාට්ටිය ඇදගෙන යා හැක...
එසේම තාත්තාද ඔපිස් එකේ ඇන්ටි කෙනෙක්, ප්‍රයිවට් සෙකට්‍රි කෙල්ල, හෝ අල්ලපු ගෙදර මනුස්සයා සමග පටලැවිල්ලක් තිබිය යුතුය... නිතර නිතර කෙස්වලු පටලවා ගැනීම්... මාස ගණං සිහිනැති වීම්, වෙඩි තබා හැත්ත දෙකෙන් බේරීම් , පොලීසියට මාට්ටු වීම් තිබිය යුතුය...
මේ කතාවේ අම්මා උදේ නැගිට බෙඩ් සීට් එක නැවීමේ සිට රෑට නයිටිය ඇඳීම දක්වා ටිසියු පේපර්ස් ටොන් ගණනින් පිසිමින් මල මූසල ලෙස කතාවේ කොටස් පන්සීයෙම හූල්ල හූල්ලා ඇඬිය යුතුය...
3) හිඟන් කෙල්ල කතා...
මේ කතා, පොමනේරියන් බල්ලෙකුට පෙම්බැඳී දඩාවතේ යන බලු කික්කිය..
හුබා, වලී , ඉස්නේහෝ, ආදී ලෙස නම් කළ හැක..
මේ කතාවල කෙල්ලගේ කකුල හිල් හැදුන සෙරප්පුවෙන් පාරේ ගෑවෙන...
මූට්ටු කළ චීත්ත ගවුම අඳින, ඉස්ට්‍රේට් කොන්ඩය අමාරුවෙන් දෙකට බෙදා පීරන ( ඉස්ට්‍රේට් නොකෙරූ නිලියන් නැති නිසා ) ලෑලි මුඩුක්කුවක වහලෙන් වැටෙන වතුරට බාල්දි තබන, විස්කිරිඥ්ඥා එකක් ගැනීමට අතේ සතේ නැති විය යුතුය...
මේ කෙල්ල පත්තිනි මෑණියන් මෙන් අහිංසකත්වයේ ප්‍රතිමූර්තිය විය යුතුය...
මේ කතා දිගටම ඇදගෙන යාමට කෙල්ලට පට්ට පෝසත් කොලුවෙක් සෙට් විය යුතුය... පාරේ පයින් යන විට උගේ BMW එකට හැප්පී... පුස්තකාලෙ එකම පොත තෝරා හෝ ඔෆිස් එකේ දැක හෝ සෙට් වීමෙන් හිට්ස් වැඩිවේ...
කෙසේ හෝ විය යුත්තේ එක්කෝ අර කොල්ලා පස්සේ එන පෝසත් කෙල්ලක් මේ කෙල්ලට වද දීම හෝ කොල්ලාගේ ගෙදර උන් කෙල්ලව මැරීම නොකර ( මැරුවොත් කතාව ඉවර වෙන නිසා ) දෙන්න පුලුවන් අනිත් හැම වදයක්ම දීමයි.....
4 ) හාමු මහත්තයා කතා
මේ කතා ටයිටේනියම් වලව්ව, පෙරේත වලව්ව, බූත වලව්ව, අංගම්මන වලව්ව, ආදී ලෙස නම් කළ හැක...
වට දාහතරකට වැවුල කරකවා මේස් බැනියම , සරම බඩට ඇඳි උස මහත හාමු මහත්තයෙක්... නිදාගනිද්දිත් ඔසරිය ඇඳ මාල හත දැමූ හාමිනේ කෙනෙක්, ගෙදර ළමයි, හා වැඩකාරයන් සිටිය යුතුය.. මොරිස් මයිනර් එකක් තිබිය යුතුය.. පට්ට කැලෑ ගමක රූපගත කළ යුතුය.. ලොකු මිදුලක් එක්ක ලොකු කණු කොරිඩෝවක් ඇති ගෙයක්ද අවශ්‍යය..
දැන් කල යුත්තේ හාමු මහත්තයා බලේ පාවිච්චි කර ගමේ උන්ට වෙඩි තැබීම.. දඩයමේ යාම , ගමේ ගෑනුන්ට බැල්ම දැමීම ආදිය පෙන්වීමයි, මෙහි කොල්ලෙක් සිටියිනං වැඩකාර කෙල්ලට හෝ ගමේ පට්ට දුප්පත් කෙල්ලෙක්ට ලව් කල යුතුය... කෙල්ලක් සිටියිනං පොල් කඩන සිරිපාලට , පියුම් කොල්ලාට හෝ ගමේ වෙනත් හිඟන කොල්ලෙක්ට පෙම් කළ යුතුය.. ඔවැනි ක්‍රියාවක් නැවැත්වීමට කතාව පුරා හාමු මහත්ත්යා අඩි පොලොවේ ගැසීම්, බෙහෙත් කොටන තුවක්කුව උස්සා දිවීම, ආදී ජවනිකා තිබිය යුතුය.. එමෙන්ම දුප්පත් කෙල්ලගේ අයියා හෝ දුප්පත් කොල්ලා ," අයික්තිය අසාධාරණය රජ කරන සමාජයක යුක්තිය සාදාරණය වෙනුවෙන් සටම් වදින රාජ කුමාරයෙක් නෙමෙයි මං ගමේ කොල්ලෙක් කාංචනා.... " කියා හාමු සමග සරම වලාපට ගසා මරා ගැනීමෙන් රේටින්ස් වැඩි කර ගත හැක..
5 ) හූනියං කතා..
කුම්භාණ්ඩයෝ, සුදු බූතයා, කළු කැලෑව, මූසල රාත්තිය, වාලම්පුරියේ පෙරේතිය, එවන්ඩද මාපිලා වැනි නමක් සුදුසුය...
මේ කතාව පුරා තිබිය යුත්තේ තොවිල්, යන්තර මන්තර හදි හූනියන් බූතයො, පෙරේතයො, කුම්භාණ්ඩයො කළුකුමාරයන් ය.. අතරින් පතර පත පොළඟෙක්, නයෙක් මාපිලෙක් හෝ කරවලෙක් පෙන්වීමෙන් හිට්ස් වැඩි වේ...
නයි දස්ට කර මරු විකල්ලෙන් දඟලන කෙල්ලන් , විසාල බංගලාවකට අරක්කත් මල පෙරේත දිස්ටියක්, මහා බලැති මැනිකක් හක්ගෙඩියක් හෝ මොන කෙංගෙඩියක් හෝ තිබිය යුතුය...
කතාව කළු පාට විය යුතුය...
නරි උඩු බිරීම, බල්ලන් කෑ ගැසීම, හූ කීම, තොවිල් සද්ද වැනි භයානක දේවල් මගින් වැඩි ආදායම් ලැබිය හැක...
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
පළමු කොටසේ ලින්කුව
http://18sanniya.blogspot.com/2016/08/blog-post.html?m=1
හුකෑස්! ෆට්ට බං
ReplyDeleteඑල එල
ReplyDeleteමාරයි ආාා
ReplyDeleteඅඩේ ඉතිං උපදෙස් දිදී ඉන්න වෙලාවෙ මේ ඔක්කොම අන්නපාන අඩුවැඩිය දාල කතාවක් ලියහංකෝ...:)
ReplyDeleteniyamayi
ReplyDeletefollower gadget pl
thank you and Done 😊
Deletethank you and Done 😊
Deleteනරකද ලොක්ක බ්ලොගර් ෆලෝවර් එක දාගත්තනං. අපිට මේ පැත්තෙ එන්න ලේසිනෙ.
ReplyDeleteSettings > Layout > Add a Gadget > More Gadgets > Followers
ඔන්න gadget එක දැම්මා 😊😊
Deleteස්තුතියි
හූනියම් කතාවක් ඇතුළට හුරතල් පොඩි එකෙක් ඇතුල් කරොත්? දැන් එහෙම එකක් හිට් වීගෙන යනවා පෙනෙනවා . අපි ටෙලිනාට්‍ය ගැන ලියපු පොස්ට් එකකුත් ඇති කියවන්න.. ජයවේවා !!!
ReplyDeletehttp://helmalu.blogspot.com/2016/02/blog-post_26.html
ඇත්තට ටෙලි වල රජ කාලෙ ගැමි කාන්තාවක් වත් නෑ නොවැ අයිබ්‍රෝ නොහදපු :D
ReplyDeleteWell done!! Keep on writing!!
ReplyDeleteස්තුතියි හැමෝටම ����
ReplyDelete