Friday, August 19, 2016
මහා සිස්සත්ව පාස් ගණ දෙවි යන්ත්‍ර රාජයා
දිනූ අධ්‍යාපනය රැකගමු...
ඝණ දෙවියන් අධ්‍යාපන ඇමති කරනු...!!
==== මහා සිස්සත්ව පාස් ගණ දෙවි යන්ත්‍ර රාජයා ====
ඔබෙ දරුවා සිස්සත්වය සමත් කරවීමට පාසල් යාම නවත්වා කාටුන් බලන්නට ඉඩදී මේ සෙත් කවි කියා ගණ දෙයියන් පුදන්න...!!
සුරිඳ ගණදෙවි
සතට අධිපති
බලනු අප දෙස
පුදන බැතියෙන....
අපේ කොලුවගෙ
වැරදි උත්තර
හරි ඒවා මෙන්
මාක් කරලා...
අනඳ නාලඳ
රෝයලය වෙත
යන්න වරමක්
අරන් දෙනු මැන....
පොළොවෙ වැතිරී
ඔබව වඳිනා
අපේ කෙල්ලට
පිහිට වීලා....
සිරිමා දේවී
විසාකා වෙත
යන්න උත්තර
ලියලා දෙනු මැන...
පෑන මතුරා
කොළේ අතුරා
ලියන පේපර්
වෙතට වැඩලා....
සකල සිලබස්
එකට අමුණා
අපේ දරුවා
පාස් කළ මැන....
එක්සෑම් දවසේ
ලියන පන්තියෙ
හෝල් ලොක්කගෙ
ඇඟට වැහිලා...
අපේ පොඩි උන්
ලියන උත්තර
කොපි කරන්නට
වරම් දෙනු මැන....
ගණ දෙවි ප්‍රතිමාවක් ඉදිරියේ මතුරපු පෑන තබා කැවිලි 5ක් පලතුරු 5 ක පූජා වට්ටියක පාස් පේපර්ස් පොතක්, අනුමාන සිස්සත්ව පේපරයක් ද ද තබා ඔබේ දරුවාගේ හිස මත එය තබා මේ සෙත් කවි කියා....
සම්පූර්ණ විසය නිර්දේසය 108 වරක් දරුවා ලවා කියවන්න....!!
ප්‍රතිඵල අත්දුටුවයි
ප්‍රත්‍යක්ෂයි...!!
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
හෑ...
ReplyDeleteපිස්සු හැදෙයි :D
අහ්ම් අහ්ම් 😉
ReplyDeleteඅහ්ම් අහ්ම් 😉
ReplyDeleteඋඹ තම්බියෙක්ද අහ්ම් අහ්ම් කියනේ අරාබි වචන
Delete+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteඔන්න වැඩේ. මොන ටියුෂන්ද. ඕක කලාම හරි.
ReplyDeleteමූ පහ පාස් දෙයියෙක් වගේ. ... ඕ ලෙවල් ඒ ලෙවල් වලට වෙනම ඒවා ඇති
ReplyDelete