Friday, October 14, 2016
මන්දිර බැසිලාණන්ගේ කතා වත්තුව
පෙර ලංකාපුරයේ ත්‍රී සිංහලාධීෂ්වර මහින්දෝත්තම රාජපක්සාභිධාන අධිරජාණෝ රාජ්‍ය කරන සමයෙහි ලංකාපුරය සීඑෆ්ඇල් පහනින් ආලෝකමත් කළ කේතුමතී පුරය මෙන් බබලන්නාහ.. එතුමාණන්ගේ පූර්වයෙහි කරන ලද ආනුභාවයෙන් රාජ්‍ය දිනෙන් දින ඉදුණු පොල්වල්ලක් මෙන් ඉසුරින් බර විය..
මෙකල ලක් පුරයේ සකල කහවණු කටයුතු භාණ්ඩාගාර භාරව සිටි අමාත්‍යා වූයේ ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම මහාධිරජාණන්ගේ මළනු බැසිළානෝ ය... හෙතෙමද මහා පුන්‍යවන්තයෝ ය.. පූර්ව ආත්ම භාවයකදී අධ්‍යාපනය හදාරන භික්ෂූන්ට පොහෝ කටයුතු දැනගනු වස් ඈපා ලිත් ලක්ෂයක් තම දෑතින් සත් වසක් මුළුල්ලේ ලියා පූජා කළ පිනෙන් දහස් වසක් දෙව්ලොව සිට මෙහි ඉපිද ඒ පුන්යානුභාවයේ මහිමයෙන් මෙහිද බැබළෙන්නාහ...
මෙතුමාණෝ බෝ දන හිත සුව පිණිස ගම් දනව් නියම් ගම් ග්‍රාමසේවා වසම් සිසාරා සැරි සරමින් සකල ලක්වැසි දණන්ට උපකාර කරන්නාහ.. දිනක් මෙතුමාණෝ දුෂ්කර ග්‍රාම සංචාරයක නිරත වෙද්දී එක් විහාරයක පෙහෙවස් සමාදන්වූ උවැසියන් පිරිසක් දුටුවාහ..
ඒ උවැසියන්ගේ සුදු වන් උතුරුසළු වෙදර්ෂීල්ඩ් නොගා කලක් වැස්සට හසුව දිය සෙවල බැඳි තාප්පයක් මෙන් කහවන් වී අවපැහැ වී තිබුණ.. මෙය දුටු බැසිලාණන්ගේ සිත පෙට්‍රල් බඳුනකට දැමූ රෙජිපෝම් කැබැල්ලක් මෙන් උණු වන්නට වන්නාහ..
මා සුදු හැඳ සිටියදි මේ පින්වත් උවැසියෝ අවපැහැ පිරුවට දරති.. අහෝ මහත් ලැජ්ජාවකියි...!! සිතා සුනාමියට ලක්වූ කෝච්චිය මෙන් කම්පාවට පත්ව සිය හැඳ සිටි සුදු සරම ගලවා
මුලින්ම පූජා කළාහුය.. පසුව සිය බිරිඳටද ඇගේ සොයුරියන්ටද.. බිරිඳගේ සොයුරාගේ බිරිඳටද තම දියණි වරුන්ටද ඔවුන්ගේ යෙහෙළියන්ටද, ඒ යෙහෙළියන්ගේ යෙහෙළියන්ටද තමන් සතු සතු සියළු රන් රිදී මැණික් අභරණ විකුණා කහවණු රැගෙන එන ලෙස අණ කළාහුය.. එලෙස ගෙනෙන ලද කහවණු වලින් මාලිගාවේ සළු හෝදන ඩෝබි මෙන් ලක් දිව සියළු උවැසියන් සඳහා සිල් රෙදි මීටර දස ලක්ෂයක් තම දෑතින්ම ගෙන පූජා කළාහුය... මේ පුණ්යකර්මානුභාවයේ මහිමයෙන් සත් දිනක් ලංකාපුර අහස රින් දීවා ඩිටර්ජන්ට් සර්ෆ් එක්සෙල් ගා සෝදා නිල් බෝතලයක් හලා වේලා ගත් කමිසයක් මෙන් සුදු පැහැයෙන් බැබළුනාහුය...
රටේ මහ ජනයාට අවැසි කර්තව්‍ය ව්‍යාපෘති සිද්ධ කරද්දී ඒ සඳහා කහවණු නොමැති වුවහොත් බැසිළාණන්ගේ ආනුභාවයෙන් අවැසි දේ පහළ විය..
ගම් දනව් වල දුගී ජනී ජනයා සඳහා අවැසි වූ විට ගැනීමට කහවණු තැන්පත් කළ භාණ්ඩාගාර දස දහසක් ගම් දනව් පුරා පිහිටුවාහුය..
"දීවං නග්ග භාණ්ඩාගාර " ලෙස නම් කළ මේවායේ තැන්පත් කර මහජනයාට බෙදා දීමට කහවණු හිඟ වූවිට බැසිලානෝ විහාරයේ සෑ රදුන් අභියසට ගොස් දසසිල් සමාදන්ව හිස භූ ගා එරමිණියා ගොතා සුදු සළු හැඳ රන්වැලි සෑ ඉදිවේවා කියා පැතූ දුට්ඨගාමනී රජුන් මෙන් මාගේ යම් පිනක් ඇත්නම් මේ මහජනයාගේ දීවං නග්ග භාණ්ඩාගාර කහවණුවෙන් ඉතිරීයේවායි ලොව අයුක්තිය අසධාරණයට අධිරාජ්‍යවාදයට විරුදව ලෙමන් පෆ් එකක් වත් නොකා උපවාස කළා වූ විමළාණන් මෙන් සත් දිනක් අඛණ්ඩව සත්‍යක්‍රියා කළෝය.... අහෝ පුදුමයකි මේ පින්වත් උතුමාණන්ගෙ ආනුභාවයෙන් දීවං නග්ග භණ්ඩාගාර වල කහවණු මිල ඉහල යන ගෝල්ලීප් එකක් මෙන් දස ගුණයකින් ඉහළ ගියාහුය... සාධුකාර දුන් මහජනතාවෝ එතැන් පටන් "මිස්ටර් දස ගුණම්" ලෙස බැසිළානෝ ඇමතුවාහුය...
මෙලෙස පින් මහිමයෙන් බැබලෙන බැසිළානන් වෙනුවෙන් මහා පරිවාරයෝද විය.. එතුමානෝ ගේ පින් ආනුභාවයෙන් දේවියගේ සැට්ටයේ කට්ට ගැසීමට, බල්ලා නෑවීමට පවා එපා කියද්දී වැල නොකැඩී ජනී ජනයාද රාජ පුරුෂයෝ ද ඇදී ආහ...
එතුමානෝ යම් ව්‍යාපෘතිය ක් ඇරඹූයේ ද එයට අවශ්‍ය සියළු යන්ත්‍රෝපකරණ රන්වැලිසෑය හැදීමට විස්කම් දෙව්පුත් මැවූවාක් මෙන් මනම්පිටියෙ වැලිද අම්බුජා සිමෙන්තිද, වැලි ද ගල් ද සවල් ද උදළුද ඩෝසර්ද කැටපිලර්ද ලක්දිව නා නා පෙදෙස් වල මැවුණෝය...
කෙතෙක් කහවණු අතරම සිටියද එක් අඩමස්සක් හෝ අතින්වත් ස්පර්ශ නොකළ එතුමානෝ සියල්ල රටවැසි දනන්ගේම යහපත පිණිසම යෙදුවාහුය..
දහස් ගණන් නිවාස ගොඩනැගිලි ඉදිවිය.. එක් වරෙක දුගී දුප්පතුන් පිරිසක් දුටු බැසිළානන්ගේ සිත උණුවී තම මාළිගය ඔවුන්ට පුද කළාහුය...
මෙසේ ජීවත් වීමට තැනක් නොමැතිව අංගම්මන ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන කටුකව රාජ්‍ය සේවය කරන බැසිළානන් දුටු සක් දෙවිදුගේ පඩුපුල් අසුන කොත්තු තැටියක් මෙන් රත් වූවාය. විමසූ සක්දෙවියෝ අහෝ මේ පින්වත් පුරුෂාට මා පිහිට විය යුතුමැයි සිතා අහවල්මැතිණියාරාමේ හස්ති ආල තෙරුන්ට ඇත් පැටවෙකු මැවූවාක් මෙන් බිල්ඩින් කොන්ට්රැකාණන් නම් මහා පෙදරේරුවාගේ උණුඩුක පුච්ඡයට අධිගෘහිතව වල්මාන ප්‍රදේශයේ තව්තිසාවෙ බකින්හැම් මාලිගය මෙන් මහා මන්දිරයක් පස් දිනකින් කරවාලූය...
බබලන ගැනයිට් පොළොවය, පූල් ය.. මහා ප්‍රාකරය... විදුලි බුබුළින් අලංකෘතය... ලක්ස් ගෑ සනීලියෝනාගේ සම මෙන් සුමුදු සුසිනිඳු බිත්තිය...
මේ මන්දිරයේ තතු සිහිනෙන් බැසිලානන්ට පැවසූ සක් දෙවියෝ තව්තිසාවට නික්මුණාහුය..
පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමෙ කෝ මහ මන්දිරේ කියා බැසිලානෝ මුළින් සිතුවද සක් දෙව් අණට මා කෙසේ පිටුපාන්නදැයි සිතා පවුල පිටින් ගොස් මන්දිරයේ නවාතැන්ගත්තාහුය...
මෙලෙස ලක්වසි දනට සේවය කරමින් සිටිනාතර බුදුන්ටද දේවදත්ත සතුරු වූවාක් මෙන් බැසිළානන්ගේ ඉරිසියාකරුවෝ මේ මන්දිරයට ලොබ බැඳ එය ලබා ගන්නට කුමන්ත්‍රණ කර මේ මන්දිරය නම් රාජ්‍ය කහවණු සොරා සාදන ලද්දකැයි කියා රාජපුරුශයන් ට කේලාම් කියන්නට වන්හ...
බැසිළානන්ගේ කැඳවූ රාජපුරුශයෝ මෙය විමසූ කල්හී සක් දෙව් මවා දුන් මාලිගයට ඔප්පු කොයින්දැයි.. මෙය මගේ නොවන මගේම මන්දිරකියි.. මට මන්දිර සඳලුතල සල්පිල් වලට ලොබයක් නැත.. තොප නීතියම කරවයි... අභීතව සිංහනාද කර අධිකරණය ගුගුරවමින් කීවාහුය...
රාජපුරුශයෝ එය පිළිගතනොහීය.. අහෝ කොතෙක් පින්කම් කළද පූර්වයෙහි කරන ලද අකුශල කර්ම තම සෙවනැල්ල මෙන් පසුපස එන බව දෙසූ බුදුවදන පසක් කරමින් මන්දිරය රාජ සන්තක වන්නාහ... එතුමාණෝව සිරගත කළාහුය.. අමාත්‍යදූර අහිමි වන්නාහ.. මෙයින් කම්පාවට පත් එතුමාණෝට භගන්දරාභාදය නම් උදරාබාධයක් වැළඳී රෝහල් ගත කෙරිණ.. පුද්ගලාරෝග්යශාලාවලට යන මුදල් මහජනයා වෙනුවෙන්ම යොදවන්නැයි කී එතුමානෝ බන්ධනාගාර රෝහලේම නවතාලීය... භාවනා කර මනසින්ම සුවපත් වූ එතුමානෝ...
" මහජන සේවයට තනතුරු නම් කිමැයි...මාගේ පණ නැසෙන තුරු ලෝවැසි හිත සුව පිණිසම සටන් වදිමියි අපෙ හාන්දුරුවනේ.."
කියා අකුශලයටද අභියෝග කර පිපෙන නෙළුම් පොහොට්ටුවක් මෙන් පාගමන් යමින්... රටවැසි දනන් වෙනුවෙන්ම දහඩිය හෙලාහුය...
මන්දිර බැසිළානන්ගේ කතාවත්තුව නිමියේය...
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
එවන් බැසිලානෝ පුර හඳ මෙන් තවමත් බබලන්නේ වන්නේය. පිස්සු හුටං රජා උන්ට බයේ අමු කෑ එකෙකුන් සේ උඩු බුරලන්නේය.
ReplyDeleteජහමනයා මෙලෝ සංසාරයක් නැතිව ඔහේ සිටින්නාහ
Deleteලංකාපුරයේ වාසය කරන්නා වූ ජහමනයා ලෙමන් පෆ් විමලානන් සහ රුපියල් සියයේ ගෙම්බන්පිලයානන් ගේ ජාති වාත්සල්‍යයෙන් යුත් කතා අසා අවදිවන්නේ මන්දිර බැසිලානාන් නැවතත් භාණ්ඩාගාර අදිගෘහිත කරන්නේමුයි වහසි බස් දොඩන්නෝය . එසේ කියමින් උහු බලයේ සිටියා නම් අඩුම තරමේ සිල් රෙද්දක් වත් "නිකන් ලැබෙන්නේ " නොවේදැයි බඩ උලාන , බකන් නිලා සිටින්නෝය..
ReplyDeleteබයියෝද මනුෂ්‍යයෝය
Deleteබැසිලාණනේ නුඹ මැරුණා නොවේ,
ReplyDeleteනෙළුමක් වෙලා යලි පිපුණා ලකේ,
මැදුරත් අරං ගහගං XX,
රැඳිලා ඉඳී ඔබ හැමදා ළයේ,
😂😂😂
Deleteහැක්.. හැක්.. නියමයි.
ReplyDeleteඉස්තූතියි
Deleteඅහෝ කෙතරම් ආශ්චර්යයක්ද සාදු කියන්න පිංවතුනි :D
ReplyDeleteපට්ට !
සාධු සාධු සාධු...
Deleteමන්දිර බැසීලාන - ඔබ නැති මුදමැලන.//
ReplyDeleteනැග මගුමයි - නැම ගමුමයි දස ගුනම් නැතිව ලතවෙයි..
තාලය පෙම්බර කුමරාන - ඔබ නැති සඳපාන //
Deleteදෙබරා ගී නේද.. 😊
Deleteබැසිල්ගේ මල්වාන
ReplyDeleteගනිංකෝ රනිලාන
සියල්ල ගොඩදාන
කුමාර නඩෙසාන...........
එක එකාගේ ඩීල් එක එකාට අමතක වෙලා.
හි .. හි . අපි දෙන්නගේ කයි පද පොඩි "... ට්ටියේ මුකදාන" වගේ සෘතියක් අනුගමනය වෙනවා වගේ පේනවා නේද අනුර ???
Deleteඒ සෘතියෙම තමයි මාත් ඇල්ලුවේ :D
Deleteසොරි වෙන්න ඕනේ .. නම "අරුණ " ලෙස වෙනස් වෙන්න ඕනේ.. මේ සන්නි මල්ලියා නම් එළ කොල්ලෙක් හැබැයි
Deleteසන්නි මලයා 😂😂
Deleteනමකුත් දාලා
නුඹගේ රචනයන් සූත්‍රිකා විදුලි බුබුලු මැදැ ඇල්ලීඩී සැනෙලියක් මෙනැ. මහත්වැ බබලන්නේයැ. එනයින් බැලූ කලැ නුඹ පෙරැ රජ දවසැ ජතක කථා වත්තුන් ගල් කටුවෙන් ටයිප් කොටැ මහජන ගල් (මෙය පහනට කියැවෙන වෙනත් පදයෙකැ දතයුතුයැ) සංවේගය දැනෙවූ කලාකරුවෙක්මැ
ReplyDeleteඔබතුමාණන්ගේ ප්‍රශංසාව මහත් ගෞරවයක්මැයි...
Deleteඅලවු ඉසි සැබී හෙළ යන් වැනි යුග පුරුෂයෙක් මැය.
ReplyDeleteඑසේය එසේය
Deleteකොම්පිවුටරේටද කෙලවී පෝන්නෙකටද කෙලවී මටත් කෙලවී ඉස්පිතාලේ ඇඳ උඩ යාලුවෙග්ගේ පෝන්නෙකෙන් කියෙව්වෙමි... සුපිරිය... තව ලිය..
ReplyDeleteස්තුතියි
DeleteThis comment has been removed by the author.
ReplyDelete+++++
ReplyDeleteSanni Male ... Athi Vishishtai Sir..!
ReplyDeleteස්තුතියි බ්‍රෝ
DeleteAlso Ravi gei Kawindu gei kavi panthi Nam superb ..😉
ReplyDeleteඅඩෝ පට්ට ආ...
ReplyDeleteස්තුතියි බ්‍රෝ
DeleteThis comment has been removed by the author.
Deleteඅඩෝ පට්ට ආ...
ReplyDelete