Monday, October 17, 2016
සුජිතෝත්තම පෙම්දස් කෞමාරනුවානන්ගේ " කතාවත්තුව
එක් සමයෙක බෝ කලකටැ පෙර ලංකාපුරයේ රෞණාසිහ පෙම්දස් රජතුමාණෝ රාජ්‍ය කරන සමයේ එතුමාණෝට දාව පින්වත් පුත් කුමරෙක් උපන්නාහ... ඒ පින්වත් කෞමාරනුවානෝ උප්පතිය ලද්දාවූ දින ලංකාපුරයේ ගම් නොයම් ගම් සිසාරා අමිල නිධන් පහළ වී ජීවිත සරුසාර වූ නියා සුජිතෝත්තම ලෙස කුමරුන්ව නම් කළාහුය..
කෞමාරනුවානෝ ද සිය පිය රජුන් මෙන් රාජ්‍යට උරුම් කම් ඇත්තා බව නැකැත්කරුවෝ කී හෙයින් ශාස්ත්‍ර ග්‍රහණය පිණිසම විදේශ ගත කළාහුය..
මෙසේ පියරජුන්ගේ ඇවෑමෙන් විජයාංග රජුද, සැටලයිටානියා අධිරාජිනියද, ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම මහාධිරජාණෝද , පසුව සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් සිරිසන් රජුද රාජ්‍ය භාර ගත්තෝමය...
මේ සියළු අවධි වලදී මහාමාත්‍ය මණ්ඩලයේ කාර්යශූර මන්ත්රියෙක් ලෙස සුජිතෝත්තම පෙම්දස් කෞමාරනුවානෝ රාජ්‍ය සේවය පිණිසම කැපවීය... දහස් ගණනක් ජනතා මනාපයෙන්ම දිනෙන් දින වැජඹුනාහුය...
මේ කෞමාරනුවානෝ ගේ පින් මහිමය කෙතෙක්ද යත් එතුමාණෝ යන යන තැන් වල සිව්මහා නිධන් පහළ වන්නාහ.. කෞමාරනුවානෝ ද ඒවා එක් කර තම සැප පිණිස නොයොදා ගම් දනව් සිසාරා යමින් මහ ජනයා අතරේම බෙදා දුන්නාහ..
දුටුගැමුණු පුත් ශාලිරාජ කුමරුන් තමන්ට ලැබෙන සියළු වස්තු මහජනයාටම දෙන්නාක් මෙන් මෙතුමානෝ ද මහජන සේවයෙහිම යෙදුනාහ..
ගමෙන් ගමට දොරින් දොරට ජනේලයෙන්
ජනේලයට වඩිමින් තමන් එකතු කළ වතුර ගංවතුර ගලා නස්තාර් කර යට කර බෙදා හරින මල්වතු ඔය මෙන් තමන් ගේ ධනය පොලී රහිත ණයද, අම්බුජා සිමෙන්තිද ගල් ද වැලිද බල්ලා මාක් ටකරම් ද ආදී ලෙස මහජනයා අතර බෙදා දෙන්නාහ...
ඉතකින් නොනැවතුණු එතුමාණෝ තම පිනට පහල වූ ධනස්කන්දය මාගේ මේ ව්‍යායාමය කිසි කළෙකත් නිධන් එකතු කිරීම පිණිස නොව ආගමික සහජීවනය ඇතිකර සුඛිත මුදිත කිරීම සඳහාම ලෙස බව කියා අපෙ හාන්දුරුවනේ කියා පපුවට ගසා උඩ පනින මහින්දෝත්තම රජුන් මෙන් සිංහනාද කර කහවණු පනස්දහස බැගින් විහාර වලටද පල්ලි ද මස්ජිද්ද කෝවිල්ද දේවාලද භේද නොකර අනාථපිණ්ඩික සිටාණෝ මෙන් බෙදා දුන්නාහ...
මෙසේ කහවණු කෙළ කෝටි ගණනක් බෙද දුන්නද මෙතුමාණෝගේ පුන්‍ය මහිමයේ බලයෙන් එතුමාගේ භාණ්ඩාගාරය.. කෙතරම් සුද්ද කළද ගඳ නොයන බේරේ වැව මෙන් දිනෙන් දින පිරී ඉතිරී ගියා හුය.. කොළම්තොටටම එකතු කළ ගඳ බෙදන බේරේ වැව මෙන්ම ඒ කහවණුද මහජනයාට බෙදා දුන්නාහ...
රජයේ මිනිසුන්ගේ නිවහන් භාර අමාත්‍යා වු මෙතුමාණන් සිය පිය රජුන් මෙන්ම මාලිග ඉදිකලාහුය..
මෙතුමාණන්ගේ ප්‍රාර්ථනාවෙන් පිය රජු කළාක් මෙන් මහජනයා සඳහා සහසක් මාලිගා රට පුරා ඉදිවුණාහ..
මෙසේ දිනක් මෙතුමාණන් දියකෙළියට යන අතරතුර හොම්බෙන්තොට පෙදෙසේ තරුණ තරුණියන් පිරිසක් නිකරුණේ ඇවිදිනු දැක හේතු විමසාහ..
තමන් දිසාපාමොක් විශ්ව විද්‍යාලවල ඉහළින්ම සමත් නමුත් විරැකියාවෙන්ම පෙලෙන බව ඔවුන් කීවාහ..
මෙය අසා මවට බැනීමෙන් කෝප වූ චිලී මෙන් වහා රථයෙන් ඉවතට පැන
මා සිටිනා කල් කිසිවකු විරැකියාවෙන් සිටින්නේ කෙසේද යකෝව් ගා කබාලි නාටකයේ රජීනී කාන්ත් මෙන් හය වරක් රථයේ දොර වසා පිටියට පිවිසෙන සංගාණන් මෙන් ඒ අසල හිස් බිමකට පැමිණියාහුය...
එතැන තුබූ සියඹලා ගසක් යටට පැමිණි එතුමාණෝ පැනවූ අසුනක හිඳගත් හ..
නිල ඇඳුම් නොමැතිව අමුඩය හා සාළුව පිටින්ම පැමිණ මහජන සේවයට කැපවූ කුමරාණන් දැක සාධුකාර දුන්නාහ...
කුමරාණෝ ගුණපාල මෙහෙ එන්න.. ඔන්න මං අද සියල්ලන්ටම රැකියා දෙමියි කියා ඇට්ලස් චූටා පන්හිඳෙන් අත්සන් කල මෙත්පල් නිරිඳු මෙන් පුස්කොළ පත් වල රැකියා ලියාහුය...
රෝගී නොසා උස නොගොස් උසින් වියත් අටක තරුණයෙක් දැක විචෑරූ විට දැනගන්නට ලැබුණේ උස මද නිසා රාජ පුරුෂ සේවයට පත්වීම් නොලැබුණු බවයි...
මද කිපී ගිය නාලාගිරි මෙන් කෝප වූ කෞමාරනුවානෝ
තොපේ උස නිසා ඔවුන් එය නොදුන්නානම් මා එය දෙමියි කියා.. ගුණපාලය මොහුට කම්මකාර රැකියාව මාගේ ආයතනයේම වහාම දෙනු කියා සිංහනාද කළෝය...
මෙසේ උසස් අධ්‍යාපනය ද ලබා සිටි තරුණ දරුවන් දැක
වෙනද ඇමතියෝ නම් රැකියා දෙන්නේ මැතිවරනද රාජ්‍ය සේවකයන්ටද ගොටුද වළං ද මුට්ටිද ඇල්ලූ උන්ට පමණි.. මා එසේ නොව සියළු දරුවෝ දරුවොය.. පක්ෂ බේද නැත.. මාගේ රටේ සියල්ලෝම මාගේ ඥාතියෝය.. ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ කියූ විටරත්නායකානන් මෙන් අභීතව කියා සියළු දුවා දරුවන්ගේ විරැකියාව දුරු කළාහුය...
උස දරුවන් කැඳවා රාජ පුරුෂයන් ලෙසද.. මිටි දරුවන්ට කම්මකාර දූරද,,.. මහත දරුවන්ට බර එසැවීමටද... කෙට්ටු දරුවන්ට ලියුම් කියුම් බෙදීමට ද... සුදු දරුවන්ට කජු සංස්ථාවද.. . කළු දරුවන්ට නොරොච්චෝලෙට ගල් අඟුරු පැටවීමටද... ආදීලෙස මහෞෂධ පඬිඳුන් මෙන් හැකියාවට රැකියා බෙදා දුන්නාහ..
මෙසේ අමුඩය පිටින් ඒ ගම්මානයේ දහසක් දරුවන්ගේ විරැකියාව අයිඑස් උන්ට ගසා නැසූ පුටින් මෙන් දුරු කළ එතුමාණෝ නරේන්ද්‍ර මෙත්පල් රජුන්ටද සිය පිය රජුන්ටද ආඩම්බරයක්ම වෙමින් සියලු සතුරන් පොළොවේ ගැසූ ජෝන්සීනා මෙන් සියඹලා ගස යටින් නික්මුණාහුය...
මේ පුදුම සිදුවීම පසු කලෙකැ සුජිතෝත්තමයන්ගේ අමුඩ සියඹලා රැස්වීම ලෙස පරසිදු වූවාහ.. මෙය මතක් කර පෙදෙස් ජනයා රැකියා දී බඩගිනි නිවූ හෙයින් කෙම්මුර දිනවල පහන් දල්වා සුජිතෝත්තම දේවාලයක් සාදා මෑණියන්ටද පියාණන්ටද පින් දෙන්නාහ...
සුජිතෝත්තම පෙම්දස් කෞමාරනුවානන්ගේ කතාවත්තුව නිමියේයැ.....
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ
Hakiyavata Rakiyavak....!!
ReplyDeleteFollowing you since this morning..
Keep it up bro..
All the best!
Thank you very much bro 😊
DeleteHakiyavata Rakiyavak....!!
ReplyDeleteFollowing you since this morning..
Keep it up bro..
All the best!
තව ලියහං... මෛත්‍රී ගේ සීනුත් ලියහං
ReplyDeleteKalin post wala tynw dekak thunak.. blnnooo 😊😊
Deleteඔබැගේ උපමා උපැමේයෝ ක්ෂීර රුකටැ මෝල් රුකෙනැ ඇන්නේක් මෙන් මනැ වඩී.
ReplyDeletehaha
Deleteස්තුතියි
This comment has been removed by the author.
ReplyDeleteපළවෙනි පාර බ්ලොග් එකට ආවෙ.පෝස්ට් කිහිපයක් තියෙනව.
ReplyDeleteහොඳ ලිවිල්ලක් තියෙනව.....
Keep it up
ස්තුතියි අයියෙ
DeleteThis comment has been removed by the author.
Deletepatta patta patta
ReplyDeleteThis comment has been removed by the author.
Deleteහෙහ් මේ සීරීස් එකනම් මරු මචෝ
ReplyDeleteස්තුති බ්‍රෝ
Delete"මවට බැනීමෙන් කෝප වූ චිලී මෙන් වහා රථයෙන් ඉවතට පැන"
ReplyDeleteClassic.. :)
Keep up the nice work !!!
සුප්පා හොදෙ
ReplyDeleteලෙසටම එලයැ සුපිරියැ පට්ටයැ! ,කීප් ඉට් අප් යැ :D
ReplyDeleteනාපුප් ,දැමි ,මාලකයාණන් ඈ නැතක් කෞ මාර වරුනගේ වස්තූන් අසා එසඳ ලො වැ උතුම් මැ දිව්හි ජනයා ලද චිත්තප්‍රීතිය මේ කුමරුවාණෝ ද්විගුණ කළාහුය!!! රජ සබය බැබලෙනුයේ මොවුන් වැන්නන් නිසාම යැ .
ReplyDelete[දිගටම ලියන්න .ජය !]
Saadhu saadhu saadhu...!! 😂😂😂
ReplyDeleteස්තුතියි
පන්සිය පනස් ජාතක පොතම ලියන් පුළුවන් මේ විධිහට ගියොත්. :)
ReplyDeleteඔව් ඔව් 😂😂😂
Deleteඑල බන් දැන් තෙරේනෙව මහවන්සෙ අපි කොච්චර අන්දලද කියල
ReplyDeleteHahahah 😂😂
Deletesuperbbbbb
ReplyDeleteස්තුතියි
Deletekiyala wadaknaaa..........niyamai........
ReplyDeletekiyala wadaknaaa..........niyamai........
ReplyDeleteMe taboo neda
ReplyDeleteMe taboo neda
ReplyDeletesupiri..............
ReplyDeletethank you
Deleteමා මේ සිතා අහවර වුවා පමණයි. පෙම්දස් දස්කම් ගැන "සන්නි මලයා " ලියන්නට නියමිත බව. සන්නි අඩවිය වෙත ගොස් බලනාකල මෙන්න පෙම්දස් කතා වස්තුව .... ජයවේවා !!!
ReplyDeleteHahah
DeleteElah.. isthuthi😊😊