Saturday, April 30, 2016

වර්ජනේ කරපන් - කම්කරුවො නැති කම්කරු දිනය ( May Day )



කශේරුකාවක් තිබේද..?
ලැජ්ජාවක් තිබේද..?
එසේනම් හෙට මැයි පෙළපාලි වර්ජනය කරන්න...
.
අපේ ලොක්කා එන්නේ අහවල් තැනටය ආයෙ බලය අල්ලමු
අපේ ලොක්කා සමග අපි යන්නේ අහවල් පක්සය එතනය
අපේ ලොක්කා එන්නේ අතෙන්ටය අපේ ආණ්ඩුව දිගටම කරගෙන යා යුතුය..
අපේ එකට බස් පන්සීයක් එන්වය
උඹලෑ ග්‍රවුන්ඩ් එක පොඩිය අපේ එක ලොකුය..
අහවල් අහවල් පළාත් සභා නගර සභා වල උන් එන්නේ අපේ එකටය..
හා බලමු වැඩියෙන් සෙනග එන්නෙ කොහෙටද කියලා..
ඔට්ටුයි උඹලට දාහක් ගේන්න බෑ...
බලහන් අපේ එකේ ලස්සන සා සෝයි අපේ රැලිය තමයි පට්ට රැලිය..
.
දැන් මේ එකකවත් කම්කරුවෝ ඉන්නවද..?
පොඩි එකාට කොපි පොතක් අරන් දෙන්න බැරුව දහ අතේ කල්පනා කරන කම්කරුවො
කරවිල ඇට තම්බලා කන මිනිස්සු