Saturday, April 30, 2016

වර්ජනේ කරපන් - කම්කරුවො නැති කම්කරු දිනය ( May Day )



කශේරුකාවක් තිබේද..?
ලැජ්ජාවක් තිබේද..?
එසේනම් හෙට මැයි පෙළපාලි වර්ජනය කරන්න...
.
අපේ ලොක්කා එන්නේ අහවල් තැනටය ආයෙ බලය අල්ලමු
අපේ ලොක්කා සමග අපි යන්නේ අහවල් පක්සය එතනය
අපේ ලොක්කා එන්නේ අතෙන්ටය අපේ ආණ්ඩුව දිගටම කරගෙන යා යුතුය..
අපේ එකට බස් පන්සීයක් එන්වය
උඹලෑ ග්‍රවුන්ඩ් එක පොඩිය අපේ එක ලොකුය..
අහවල් අහවල් පළාත් සභා නගර සභා වල උන් එන්නේ අපේ එකටය..
හා බලමු වැඩියෙන් සෙනග එන්නෙ කොහෙටද කියලා..
ඔට්ටුයි උඹලට දාහක් ගේන්න බෑ...
බලහන් අපේ එකේ ලස්සන සා සෝයි අපේ රැලිය තමයි පට්ට රැලිය..
.
දැන් මේ එකකවත් කම්කරුවෝ ඉන්නවද..?
පොඩි එකාට කොපි පොතක් අරන් දෙන්න බැරුව දහ අතේ කල්පනා කරන කම්කරුවො
කරවිල ඇට තම්බලා කන මිනිස්සු

අයිතිවාසිකම් ඉල්ලලා උද්ඝෝසණේ කරලා වෙඩි කාපු කම්කරු කොල්ලො
එදා වේල හොයා ගන්න නින්දක් නැතුව වැඩකරන මිනිස්සු
ගෙදර නංගිලා මල්ලිලට කන්න අඳින්න දෙන්න සොච්චම් පඩියට මැසිම පාගන දහස් ගාණක් ගෑණු ළමයි
පිට රටවල එක එකාගෙන් ගුටි කකා  ඇණ බස්සන් මිනී පෙට්ටි අලින් ගෙදර එන රටට වැඩියෙන් හම්බ කරලා දෙන ගෘහ සේවිකාවො..
පතල් වල පාරවල් වල දූවිලි කකා වැඩකරන මිනිස්සු
සොච්චම් දවස් පඩියට තේ කඩලා පරිප්පු හොද්දයි පාන් බාගෙයි දරුවන්ට කන්න දීලා නොකා නොබී නිදියන මිනිස්සු..
.
වගේ දහස් ගාණක් උන් ගැන මුන් එකෙක්වත් කතා කරනවද..?
නෑ..
උන්ට ඕනෙ බලය..
මොලේ නැති බේබද්දො ටිකක් බස්වල දාගෙන උස්සන් ඇවිල්ලා විරුද්ධ පස්සෙ උන්ට පේන්න හුරේ පාරක් දාල ලොකු ටෝක් එකක් දීලා ආතල් එකක් ගන්න එක තමයි උන්ගෙ මැයි රැළිය කියන්නෙ..
.
උන් එකෙක්වත් උඹලා අපි ගැන කතා කරන්නෙ නෑ...
.
ටීවී එකේ අනිත් මීඩියා වල උන්ගෙ කතා වලින් බලපන්.. උන් කතා කරන්නෙ උන්ට බලේ ගන්න විදිහ ගැන.. සෙනග ගෙනල්ලා පිට්ටනිය පුරෝන විදිහ ගැන.. පක්සෙ බලේ අල්ලන විදිහ ගැන..
.
රටේ ජනතාව ඌන එකක් උනාවෙ කියලා හිතලා ඉන්නකන් උන් ඔය ආතල් එක ගන්නවා..
උඹලට තේරෙන්නෙ නැද්ද කම්කරු දිනය ඉස්සරහට දාගෙන මුන් කරන්නෙ උන්ගෙ බලේ ගන්න අපිව බයිට් කරනවා කියලා..
.
ස්වාධීන වෙයන්
පක්ස අතෑරපන්..
කඩේ යන එක නවත්තපන්..
.
අපි උන් මොනා කළත් කටවල් වහන් දූවල ගිහින් කතිරෙ ගහනව කියල උන් දන්නකන්... 
කැපුවත් අහවල් පාට දේසපාලනේ තියනකන්..
අපේ මුත්තගේ ඉඳන් අහවල් පස්සෙ..
අරූ තමා අපේ ලොක්කා දේසපාලනේ තියනකන්..
උන් අපි ගැන හිතන්නෙ නෑ..
.
හෙට ඉඳන් අපි ඔක්කොම ආයෙ වැඩියෙන් සෙනග ආවෙ අරකට මේකට කියලා බුකියෙ මරා ගනී...
හැබැයි කම්කරු දිනේ කම්කරුවා ගැන නොහිතා එක එක පක්ස ගැනයි දේසපාලුවො ගැනයි අපි හිතුවෙ කියලා කාටවත් මීටර් නෑ..
මීටර් වෙනවට ලොක්කො කැමතිත් නෑ..
.
ඒක හින්දා උන්ගෙ බලේ ගන්න කම්කරුවව බයිට් එකට අරන් කරන ගොන් ආතල් එකට විරුද්ධ වෙයන්..
රටේ වැඩකරන ජනතාව වෙනුවෙන්
අනාගත දරුපරපුර වෙනුවෙන්
ටොයි බයි ජේවීපී අරක මේක භේද අතෑරලා...

No comments:

Post a Comment