Thursday, June 13, 2019

සිරා හොරා.. රනිල් බබා..?


ජනාධිපති වගකීම් පැහැරහැරීම, හිස්බුල්ලව, අසාද් සාලිලව හුරතල් කරන එක හා ඒවා හෙළිවනකොට පාර්ලිමේන්තු කාරකසභාව නවත්තන්න හදන එක, කැබිනට් රැස්වීම් වර්ජනය කරන එක ඔක්කොම හරි තමයි.

හැබැයි ඔය අස්සෙ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එජාපය  පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු කුණු ජනාධිපතිගෙ පිට දාලා අතපිහදගන්නවා කියන එක අමතක කරන්න එපා.

Sunday, June 9, 2019

ජාතික ආරක්ෂාව සහ පාස්කු ප්‍රහාරය


පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විමර්ශන කමිටුව ඉදිරියේ සාක්ෂි ලබා දීමේ දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් සිදුවන දේ කියවෙනවා කියා කවුරුන් හෝ කියනවානම් ඒ කමිටුව ඉදිරියේ කියූ දේවල් නොඇසූ අයෙක් විය යුතුය.

ඇරත් ඒ මහත්වරුන්ට අනුව ජාතික ආරක්ෂාව යනු,
ආරක්ෂක කවුන්සිල රැස්වීම් අත්තනෝමතික ලෙස විහිලුවට ගෙන , කලින් දැනුම් දී තිබූ ප්‍රහාරයක් වළක්වා ගැනීමට නොහැකි වීමෙන් කිසිවක් නොවන එකක් වන අතර,
පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ දෙන සාක්ෂි වලින් නැතිවන එකකි.

බම්බුව..!!

Wednesday, June 5, 2019

ඔවුහු එය දැනසිටියාහ !!



වගකීම් පැහැරහැරි ජනාධිපති, අගමැති ඇතුළු දේසපාලන බලාධිකාරය අමතකය.

ප්‍රහාරයෙන් පසුව ඔවුන් වෙත පැන නැගුන මහජන විරෝධය ඉතා සාර්ථකව වෙනත් බොහෝ පැති කරා හරවා දමා තනුක කර හමාරය.

ප්‍රහාරයේ වගකීම ගතයුතු දේසපාලන නායකත්වය සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.
ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා සබඳතා පැවැත්වූ බවට චෝදනා ලැබූ දේසපාලඥයන්ට තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත.

වාර්ගිකත්වය ආගමිකත්වය මත පදනම් නොවූ එක නීතියක් සම්බන්ධයෙන් ගෙනා කථිකාව අහෝසි ය.

පක්ෂ විපක්ෂ සියළු දේසපාලන යාන්ත්‍රණයන් තම තමන්ගේ ඡන්ද ව්‍යාපෘතිවෙනුවෙන් මළවුන් විකුණමින් ජාතිවාදය ආගම්වාදය පෝෂණය කරමින් නිර්ලජ්ජිතව හැසිරෙමින් සිටියි.

Sunday, June 2, 2019

පාස්කු ප්‍රහාරයට සති 6 යි..!!



අවාසනාවන්ත පාස්කු ප්‍රහාරයට සති 6 යි..!!

( දින 42 යි )

මරණ 260+
තුවාල කරුවන් 400+

හිස්බුල්ලා, අසාද් සාලි ,සහ මෛත්‍රී ගුණරත්නලා තවම ආණ්ඩුකාර පුටු වල ය.
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ බවට චෝදනා එල්ල වී බොහෝ කලක් ය.
හිස්බුල්ලා ඉවත් කරන්න කියා ත්‍රීකුණාමලයේ හර්තාල් ය. මෛත්‍රී ගුණරත්න යනු ළමා විවාහ තමන්ගේ අයිතියක් කියා උද්ඝෝෂණය කල sltj හි නීතීඥයා ය.
බල්ලන්ව පල්ලි ඇතුලට ගේන්න එපා කියා අසාද් සාලි කටමැත දොඩවයි..
බස්නාහිර , නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල විධායකයේ ප්‍රධානීන් ඔවුන් ය. පළාත් ආරක්ෂාව හා ඉදිරි සැලසුම් පිළිබඳව පළාත් බලධාරීන්, ආරක්ෂක අංශ සමග සිදුකරන රැස්වීම් වල මුලසුන දරන්නේ ඔවුන් ය.

අමාත්‍ය රිසාඩ් බදුර්දීන් හා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් අතර ඉතා කිට්ටු සම්බන්ධතා ඇති බවට දිගින් දිගටම චෝදනා එල්ලවෙයි.  බහුතරයක් චෝදනා ප්‍රවෘත්ති සාකච්ඡා තියා ප්‍රකාශ කරන්නේ එස් බී දිසානායකය. එස් බී සිරිසේන ජනාධිපතිගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් ය.