Tuesday, May 23, 2017

කැබිනට් සංසෝදනේ තව කතාවක්



ඊයේ රෑ දැමූ චමලේ පොඩිකාලේ කතාවෙන් සිරිසේන මහතාගේ කැබිනට් සංසෝදනේ අපේ තුන වසරේ ටීචර් මාව කණ්ඩායමෙන් මාරු කළා වගේ වැඩක් කියා කෝචොක් කළද මේකේ තවත් පැත්තක් වන්නේ රවී කරුණානායකගේ ඇමති පුටු මාරුවයි.

ඔය ඉරිසියාකාරයෝ කොච්චර කතා කිව්වත් සිරිසේන ජනාධිපතිතුමා අපෘස්ටවංසියෙක් කියා.. ඊයේ එසේ නොවන බව නැවත ඔප්පු කළේය. එතුමා ආසියාවේ හොඳම මුදල් ඇමති වූ රවී කරුණානායකගේ ඇමති පට්ටම කිසි ගාණක් නැතුව මාරු කලේය. දැන් ඒක තෝරපු එවුන් ipl ෆයිනල් එකට මොකො උනේ කියා නාහෙන් අඬන පූනේ උන් මෙන් කල්පනා කරනවා ඇත. ඉතින් ජාත්‍යන්තරේ අදාලම නැති අපේ අතිගරු ජනාධිපතිතුමාට අනිත් උන්ව අදාලද.... නෑ..

Monday, May 22, 2017

චමලේ බබා කාලේ කතාවක්

==  ==
( කැබිනට් සංසෝදන කතාවක් නොවේ )

අනී පොඩි කාලෙට පියනගන්න ආසයි.. යාලුවෝ එක්ක වෙල් ඉපනැල්ලේ අල්ලන සෙල්ලන් කරන්න ඕනෙ අපෙ හාන්දුරුවනේ. පොත් බෑග්ගෙක එල්ලගෙන ආයෙ ඉස්කෝලෙ යන්න ඕනෙ.. සමනල රෑනක් සේ ඉගිලී අකුරට ගිය පාසල් කාලේ ඒකයි මේකයි කියා එක එකා කිව්වට මට එහෙම මෙව්වා එකක් නැත.. මොකද මට තටු නැති නිසා මම ඉස්කෝලෙ ගියේ බස්සෙකේ.. කෝච්චියෙ.. වෑන් එකේ. ඉස්කූල් බස්සෙකේය. ඒක නිසා ඉගිල්ලිලා ඉස්කෝලෙ ගිය උන්ට ආතල් උනාට මට එහෙම එකක් නැත.
  පොඩි කාලේ කිලෝ පහළවක් විතර බර බෑග්ගෙක පිටේ දාගෙන උදේ පාන්දර ඇහැරගෙන කබ කඩ කඩ ඉස්කෝලෙ යන්න කිසි ආසාවක් නැත. ඉස්කෝලෙ හැමදාම තියෙන්නේ දහයට ඇහැරිලා පරණ කොටකලිසමක් හොයාගෙන යාලුවො එක්ක සෙට් වෙලා සෙල්පි ගහන්න බැක්ටු ඉස්කූල් වගේ නං කමක් නැත.
 බෑග්ගෙක බර නිසා මම පොඩි කාලේ ඉස්කෝලෙට අච්චු පොත් ගෙනිච්චේ නැත. කොච්චර බරද කියනවානං මං මුලින් හිතුවේ ඉස්කෝලෙ ගිහින් ඉවර වෙද්දී කොන්ද නැවිලා නැවිලා නැවිලා නැවිලා අන්තිමේදි මූණ සපත්තුවේ ගෑවෙයි කියාය.

Saturday, May 13, 2017

මහින්දෝත්තම භාරත යක්ෂ දමනය කතාවත්තුව


==  ==

පෙරැ එක් සමයකැ ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිදානෝ අට සිල් ගන්නා ලද ගුණවතී ආච්චි මෙන් දැහැමෙන් සෙමෙන් සරලව රට පාලනය කරන්නාහ. පූර්වයේ දැමූ බල්බ නොනිවෙනා ලෙස කරන්ට් බිල ගෙවනා ගෘහපතියකු සේ පෙර මහින්දෝත්තම අධිරජාණෝ කරව ගියාවූ ශ්‍රී විභූතිය ඒ අයුරින්ම නංවාලමින් කෑම පිරවූ දොරදෙකේ ශීතකරණයක් මෙන්  බතින් බුලතින් ස්වයංපෝෂිත කරමින් පාලන කටයුතු මෙහෙයවනු ලද්දාහ..

 රටවැසි කතුන්ගේ කර මත දෑත කන් පෙති මත හෙට්ටිවීදියට බෝම්බ ගැසුවාක් මෙන් රනින් මැණිකෙන් පිරී ගියාහ. තරුණියෝ ආයි දාලා කරාඹූ කියමින් දෙකන් පුරා තෝඩු අරුංගල් ලෑවාහ.. මිලාධික පෑඩඩ් බ්‍රා ඇන්දාහ.. සකල සතම බොදු බැතියෙන් පන්සල් ගියාහ. ජනතාවෝ කෙතරම් යහතින් විසුවේද යත් මාලිංගයාණන් විකට් ගන්නා සේ ටසිරිලක පුරා මහ රහතුන් පහළ විය.. තව්තිසා දිව්‍ය ලෝකයද, ඇස්ගාඩය ක්‍රිප්ටෝනියාවාදී පිටසක්වල දීපද ටසිරිලක සමෘද්ධිය දැක ඇමැතියන්ට ප්‍රාඩෝ ජගුවරාදී මහා රථද ,  තරුණයෝ සඳහා දසලක්ෂයක් වෘත්තීන් පිටසක්වලින් ලබා දුන්නාහ.

මෙසේ ඉන්දිය සයුරේ බබලන සීඇෆ්එල් එකක් මෙන් ටසිරිලක බබලද්දී අල්ලපු ගෙදර දියුණුව දැක ඇහේ කටු ඇණෙනා සීසීටීවී ඇන්ටියෙකු මෙන් අසල මහාභාරතය ටසිරිලක මේ සමෘද්ධිය දැක ඊර්ෂ්‍යා වන්නට වන්නාහ..
මහාභාරතයෝ පෙර රාවණ සමයෙහි සිටම කුහකයෝමැය. ටසිරිලක සමෘද්ධියට අකුල් හෙලන්නේමයැ. ඉදින් අපට ශරීර කෘත්‍ය කිරීමෙහිලා වැසිකිලියක් පවා නොමැත්තේය.. ටසිරිලක වාසීහු රැකියාවට අභ්‍යාවකාශයට පවා යෙති. ඉදින් අප මොවුන්ගේ වස්තුව කොල්ලකෑවේනම් අපටද දියුණු විය හැක්කේයැයි පෙම්වතියගේ නිවසට කොටු පැනීමට සැරසෙන්නාවූ පෙම්වතකු සේ භාරත නායක තෙමේ සිය ඇමැතියන් හා කතිකා කර ගත්තේයැ.

අප පන්තියේ එකෙකුට ගැසූ අල්ලපු පන්තියේ එකෙකුගේ කර්ණ පටහ පටලය බිඳීමට බහිනා ගැන්සියක් සේ භාරත නායක නරේන්ද්‍ර සිං දෝණි රකුස් තෙමේ සිය සේනාවෝද සමගින්මැ ටසිරිලක බලා පිටත් වූවාහ..
ඉදින් මෙය කන වැකි මෙත්පලානෝ මෙසේ සිතන්නාහ.. භාරතය සමෘද්ධිමත් නොවුවද එහි සේනාවෝ සුවිසල් වූවෝමය...   අවුරුදු දා පමුණුව මෙන්
 ටසිරිලක වැසියන්ටත් වඩා සේනාවෝය. ඉදින් උන් පැමිණියෝනම් එක් දිනයක වුවද ටසිරිලක නතු කරගත හැක්කාහ.. මා කුමක් කරම්දැයි හිටන් කියා හෙතෙම සිය සරල මන්දිර පිලේ පැදුරේ සිටගෙන ගංවතුරට අසුවී කූඩාරමක් ගසා පැමිණි තැනට කුණුකන්ද කඩන් වැටුණ අයෙකු මෙන් තෙමේගෙන්ම විමසන්නාහ..

කලාකාරයො ලොකුද




අනී මම අවුරුදු හත්සිය දාහතරක් සින්දු කිව්වා මට තාම ගෙයක් නෑ
මං චිත්‍රපටි එක්කෝටි දාහතරලක්ස තිස් හතරදාස් පන්සීය දෙකක රඟපෑවා දැන් මට සලකන්න කවුරුත් නෑ.
අහවල් නාට්ටිය කළා.. අහවල් සින්දුව ලිව්වා.. මේ රටේ කලාකාරයන්ට සලකන්නෙ නෑ.. අනී මට ඉන්න ගෙයක් නෑ..රටට කොච්චර රඟපෑවත් අපි කුලියට ඉන්නෙ.. ගමටම ණයයි ලොකු අම්මේ..

ලංකාවෙ කලාකාරයන්ගේ මේ ආකාරයේ නොයෙක් හීල්ලීම් හොටු පෙරීම් දැක මේක ලියන්න හිතුනෙ.

අසරණ මනුස්සයෙක් ඉන්නවනං ගෙයක් හදල දෙන එක., බෙහෙත් ටිකක් අරන් දෙන කිසිම වැරැද්දක් නැත. රජයට බැරිනං අපි හරි කරලා දෙනවාය.
ඒක නිසා අසරණ මනුස්සයෙක්ට පිහිට වීමයි අපි අහවල් කාලයක් කලාව කලා ඒක හින්දා උදව් කරපන් කීමයි පටලවා ගැනීමෙන් වළකින්න.

Friday, May 12, 2017

වෙසක්

==  ==

සින්දුවක් කියාගෙන ගෑල්ලමයෙක් දිහා බලාගෙන හෝ කොල්ලෙක් නම්බරයක් දෙනකන් බලාගෙන රාත්‍රී කාලයේ යාලුවො හෝ පවුලේ අය සමග වෙසක් බැලීමේ  වින්දනයක් තරුණ උන්ට ලැබිය හැකි මුත් වැඩිහිටි පාර්සවයට එහි ප්‍රතිඵල ලැබෙන්නේ වෙසක් කලාප දිගේ හෝ දන්සල් පෝලිම් වල හිටගෙන සිට පහුවෙදා කකුල් අමාරු කොන්දෙ අමාරු හැදුන විටය. කොට්ටාවේ බත් දන්සලේ පෝලිම හැකරැල්ලෙක් ඇකිලුනා සේ දිගය. බත් එකක් කෑමට හයිබ්‍රිඩ් වලින් මොන්ටේරෝ වලින් පවා පැමිණි උවැසි උවැසියෝ ද අක්කලාද නංගිලාද හිටන් සිටිනු දැක අම්මප මගේ හද පතුලෙන් ගලන ශෝකේ කැළණි ගඟෙන් මහ මුහුදට ගලනවා වාගේය.. ඒ පෝලිමේ දන්සලට යාමට කලින් ඇතිවෙන බඩගිනි නිවීම සඳහා මැද්දෙන් තව බත් දන්සලක් ලබන අවුරුද්දෙ සම්මාදන් එකතු කර ඇරඹීමට හිතා ගත්තෙමි.. එතකොට ඒ පෝලීමේ සිටිද්දී බඩගිනි වූ විට අපේ දන්සලෙන් බත් කා බඩගිනි නිවා අර දන්සලට යාමට හැක..
අයිස්ක්‍රීම් දන්සල් වල පෝලිම් ද එසේමය. අම්මප දන්සල් වල ඉන්න වෙසක් බලන උන් තරමට ජනාධිපතිතුමාවත් හිටං සිටින්නේ නැතුව ඇතිය.
මෙතන පොරටෝක් දුන්නාට පහුගිය දවස් දෙකේ මා ද දන්සල් දහපහළවකට වග කිව්වෙමි.
හැබැයි එක දන්සලක පැය ගණන් හිටං හිටියේ නං නැත. ඒ ඉතින් දාර්සනික මෙව්වා එකක් නිසා හෝ.. මාගේ තත්වයට නොගැලපෙන විලි ලැජ්ජාවකින් මා එතී කෑලි කැඩී බිඳී රෙදි ගැලවී නිල් දිය රැල්ලේ ගසාගෙන යන මංගල්ලයක් නිසා නොව., එක දන්සලක පැය ගාණක් හිටගෙන සිටිනා විට අනිත් දන්සල් ඉවර වෙන නිසාය..