Sunday, October 9, 2016
මෙත්පල් සිරිසොන් පුත් යුවරජ "ක්ලබ් දෝහොම් සිරිසන්" කතා වත්තුව
එකල්හි ලංකාපුරයේ අපමහා ත්‍රී සිංහලාධිශ්වර මහින්දෝත්තම රාජපක්සාභිධාන නිරිඳානෝ සිය දිවියේ සැඳෑ සමය භාවනායෝගීව ගතකරන්නෙමිහියි සිතා සිය අනුප්‍රාප්තික අමාත්‍යා වූ මෙත්පල් සිරිසන් තෙමෙ හට රාජ්‍ය භාර කර මන්දමූලන ගම්මානයට නික්මීමෙන් පසුවැ මහින්දෝත්තම රජුන් කළාක් මෙන්ම සශ්‍රීකත්වයෙන් මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරන්නාහුය... එක් රත්තී මුලකින් කෝප්ප 40ක් හදනා මිසිස් පෙරේරා මෙන් රාජ්‍යයේ ධනය ඉතිරි කරමින් පොදු ප්‍රවාහනයේ එල්ලී ගමන් කර , හන්දියේ සුමනක්කා ගේ කඩයෙන් වන්ඩු ආප්ප කා ප්ලේන්ටී බී සරලව රට පාලනය කළ නියාවෙන් රටවැස්සෝ එතුමාණෝ ව සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් ගෞරවනාමයෙන් අමතන්නාහුය....
මෙසේ මහින්දෝත්තම රජුගේ සමයේ නිදුක්ව සුවපත්ව කල් ගත කළ අණබෙරවේදීන්, දිසාපාමොක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, රගර් පන්දු ක්‍රීඩකයෝ ද මෙන් මෙකල්හිද සියලු සත්වයෝ නිදුක්ව නීරෝගීව සුවපත්ව කල් ගත කරන්නාහුය...
මෙසේ සුඛිත මුදිතව ජනයා කල් ගෙවද්දී රටේ සදාචාරය සංස්කෘතිය ද වැවද
දාගැබද ගමද පන්සලද රැක්මෙහි ද මෙත්පල් නිරිඳානෝ වැඩ කටයුතුම කරන්නාහුය...
වරක් පරදේශයක සිට පැමිණි හෙන්දිරික් ඉලේපෙරුමාල් නැමැති ගායක තෙමේ නේක නැටුම් ගැයුම් සමගැ අගනුවර මන්මත්ව ගී ගයන්නට වන්නාහ... අප්පච්චී ගේ රැළියක් මෙන් කෝටි ගණන් ජනී ජනයාගෙන් ප්‍රසංග ක්‍රීඩාංගණය පිරී ඉතිරී ගියාහුය..
මින් රළ බේරේ වැවට රැස් වූහ... කොළඹ බල්ලෝ සිතියම් ලෙසින් සිටියෝය... මව් වරුන්ගේ ඇකයේ දරුවන් පියාගේ උරිස්සට වැටුණි... ඔහුගේ කඩවසම් පෙනුමට වශී වී වෙව්ලා ගිය තරුණ කාන්තාවන්ගේ තිසර පට
ගැලවී වැටුණි...
මෙය නම් මේ ධර්මද්වීපයට නොගැලපේමය.. අප මේ බැඳෙන්නේ අනිත්‍ය කාමයේමය.. නච්ච ගීත වාදන නම් අනිත්‍යයෝය... අප මෙත්පල් නිරිඳානන්ගේ ලංකාපුරය සභ්‍යත්වයේ රාජ්‍ය කිරීමේ වෑයමට අප සහය විය යුත්තෝමැයි කියා කෝප වූ තරුණියෝ සිය තිසර පට වලින්ම හෙන්දිරිකාණන්ට පහර දෙන්නට වන්නාහ.....!!
මේ උතුම් තරුණියන්ගේ වීර ක්‍රියාදාමය දසත පැතිරෙන්නට වන්නාහ මෙය දුටු මෙත්පල් නිරිඳානෝ දණ්ඩෙන් පහර ලත් නාගයකු සේ කෝපාග්නියෙන් වික්ෂිප්ත ව " මාගේ දේශයේ සංස්කෘතිය නම් 2500 ක් වටිනා පමුණුවෙන් ගත් රෙද්දක ඔතන ලද ඩේසි ආච්චිගේ මැණික් මල්ලක් මෙන් වටිනා එකකි... එය එක එක පරදේසක්කාරයන්ට විනාස කිරීමට නොදෙමියි හිටං " යැයි සිංහනාද කර සිය නිල නිවස වූ පුලතිසිපුර කටු මැටි ගෙදර බිත්තියෙ කොන්ක්‍රීට් ඇණයක එල්ලා තිබූ මඩු වලිගය ගෙන අමරෙ මල්ලිගේ ත්‍රීවීලරයේ නැගී කොළම්තොට පැමිණ හෙන්දිරිකාගේ පශ්චාත්භාගය සත්කඩකට පැලෙන තුරු මඩු වලිගයෙන් ගසා ගෝල්පේස් පිට්ටනියෙන් පිටුවහල් කළාහුය....
මෙසේ රටේ සදාචාරය රැක නිවුනු දැහැමි ධර්ම රාජ්‍යක් කරා ලංකාපුරය ගමන් කරන්නට වන්නාහ...
මෙසේ බෙංගාල බොක්ක දෙසට ලංකාපුරය ගමන් කරමින් සිටින සමයේ දිනක් රාත්‍රියේ රටවැස්සන්ගේ සුවදුක් විචාරනු පිණිස වෙස් වලා ගත් "දොහොම් සිරිසන්" යුවරාජකුමාරණුවෝ අගනුවර සැරිසරන්නාහුය... අයිස් වතුරත් ෆ්‍රිජ් එකේ දමා පානය කරන සිය පියා මෙන් දැහැමි නිවුණු තැන්පත් මේ කෞමාරනුවානෝ මෙලෙස බෝ දන හිත සුව පිණිස සැරිසරන්නාහුය....
මෙසේ එක් වීදියක ගමන් කරමින් සිටිනාතර විහිදෙන එළියක් දැක විපරම් ඇසින් බැලුවාහුය... අහෝ කිනම් විශ්මයක්ද... ධර්ම රාජ්‍යක් කරා ගමන් කරමින් සිටිනා ද්වීපයේ මේ නරිනාටක දැක ඔහුගේ හද ටැංකියෙන් ගොඩදැමූ ගෝල්ඩ්ෆිෂ් කෙනෙක් මෙන් ගැහෙන්නට විය...පුළුලුකුල ඇති අඩනිරුවත් ළඳුන් ඒ රාත්‍රී ශාලාව තුල නටති රඟති ගී ගයති...ගෝල්ඩ්ලීෆ් අත රඳවාගත් තරුණයෝ නාටිකාංගනාවන් සමග ආලිංගනයේ යෙදෙති... අත රැඳි ගෝල්ඩ්ලීෆ් නිසා ඔවුන්නම් මහා සිටුවරුන්ගේ පුතුන් බව යුවරාජකුමාරණුවෝ ගේ තියුණු නුවනැසට වැටහෙන්නාහුය... විවිධාකාර මත්පැන් ය... ටැබා ය,කේජි ය.. වොඩ්කාය, රම් ය, බීර ය , ජොනී වෝකර් ය.... තරුණියෝ ද තරුණයෝ ද මත්වී කිටි කිටියේ බදාගෙන නටති....
" අයුක්තිය අසාධාරණය රජ කරන සමාජයක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින යුවරජෙක් නෙමෙයි මං ගමේ කොල්ලෙක් හංසමාලී... " කියා සිංහනාද කර නිරිඳුන්ගේම අඩිපාරේ යමින් වහා එය නවත්වනු නියා ශාලාවට ඇතුල් වන්නට වන්නාහ...
මේ අතරේ ශාලා ආරක්ෂක හැඩි දැඩි පුරුෂයෝ කුමාරණුවෝට බාධා කරන්නට වන්නාහ.. ප්‍රභාකරන් මෘගයා මැරීමට අවි අතට ගෙන නන්දිකඩාල් කැලයට පැන තනිව සටන් කළ මහින්දෝත්තම රජුන්ගේ යසෝසිතා කුමාරණුවන් මෙන් බඹ හතක් අහසට පැන එක පා පහරින් පුරුෂයෝ සොළොසක් බිම හෙළාහුය... වහා අගුලු ලා තුබූ පළිඟු ද්වාර කඩා තූ තූ කර මැරයන් අතරට පනින ලද රජිනි කාන්ත් මෙන් ආරක්ෂක පුරුෂයන්ට පහර දී මත් වී දිවි විනාසයේ කටට පැමිණියාහූ තරුණ තරුණියෝ මුදවා බන්ධනාගාරයෙන් පිටතට පැමිනි බැසිළානන් මෙන් අත වනා ආචාර කරන්නට වන්නාහ...
මේ නම් පූරුවේ කරන ලද්දාහූ කුසකර්මාණුභාවයෙන් ලංකාපුරයේ ආනුභාවයට පහළ වූ කුමරුවෙකියි කියා රැස්ව සිටි ජනයා සාධුකාර දුන්නාහ...
මෙයින් පසු රටවැස්සෝ ශාලාවේ ද්වාර "ක්ලොබ්" හඬින් කුඩු කර සදාචාරය රැකගත් හෙයින්
" ක්ලබ් දෝහොම් " ලෙසින් කුමරුන් ආමන්ත්‍රණය කරන ලද්ධාහුය....
"ක්ලබ් දෝහොම්" කතාවස්තුව නිමියේය..
#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ
Subscribe to:
Post Comments (Atom)
පිස්සු හැදෙයි මැස්සො මැරෙයි..
ReplyDeleteඑතකොට එහෙමයි ක්ලොබ් දෝහොම් කෞමාර කථා වත්ථුව.....
නියමයි..නියමයි....:)
ඕ යැස්...! ��
Deleteස්තුතියි
අනේ මෙහෙම ලියන්න එපා යකෝ... හොඳටම අමාරුයි හිනා වෙලාම හීටං ... ඉළ ඇටත් ඔක්කොම ඇදිල !
ReplyDeleteSuperb writing!!
ReplyDeleteඉස්කෝතුයි අක්කෙ 😃😃
Deleteඅප්පට සිරිගජ සම්මාන ගැහුවට පස්සේ මේකිට සිංහලත් අමතකවෙලා
Deleteමේ බූරුවා ස්තුතියි කියන්න දන්නෙත් නෑ
hahahaha 😂😂
Deletehahahaha 😂😂
DeleteAmazing Writing..Awesome..Someone should be extremely 'bahusratha' to understand it to the best meaning..Good Job
ReplyDeleteHahaha
DeleteThnk U 😊😊
නියමයි මල්ලි
ReplyDeleteස්තුතියි අයියෙ 😊
DeleteEla kollo ela...
ReplyDeleteMama bukiyeth share kalaa hitan..
Ela ela 😉
Deleteමාත් දැම්මා . අත අරින්න පුළුවන එහෙම.
Deleteමරාගෙ රජකාලෙ නෙමෙයි දැන් මේ කාලේ
ReplyDeleteදැහැමි වුනත් සිදාදියේ නටන්න ලැබුනේ
හායි..
ජහුටා නටලා සොකරි බලල නයිට ගැහුව අපි
බවුන්සර්ගෙත් රිස්ස ඇරලා දැන් රඟදෙමු අපි
හායි..
මරාගෙ රජකාලේ නෙමෙයි දැන් මේ කාලේ..
පට්ට හොඳේ..! :D
😂😂😂😂
DeleteEla..
Maru sinduwa
This comment has been removed by the author.
Deleteපට්ටෙනුත් පට්ට.. :)
ReplyDeleteඉස්තූතියි 😋
Deleteදහම් කියන්නේ නිකංයැ හිටං ?
ReplyDeleteආන්නේකයි 😂😂
Deleteඉස්තූතියි 😊😊
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete😊😊😊
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteපට්ටයැ...
ReplyDeleteඉස්තූතියි
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක බලපන් මචෝ
ReplyDeletehttps://youtu.be/9b-XAm9xBfE
ඔය කතාව ඇහුවා බං..
Deleteවිශ්වාස කරන්න අමාරුයි
මොකද මෛත්‍රීගෙ සෝෂල් මීඩියා කැම්පේන් එක කරපු පේජ් ඔක්කොම යෝසිතයව ඈඳලා දාලා තිබ්බා පැරඩි පෝස්ට් මේකට..
අනිත් එක මීඩියා වල මේක කියන්නෑ..
කරපු උන් ඇල්ලුවද නැද්ද කියලා දන්නෙ නෑ..
හොස්පිට්ල් එකේ එකාට ගාඩ් එක දාලලු...
මොකද නාමල්ලත් ඔහොමනෙ ඉස්සර කිව්වෙ අපිම ගහගත්තා කියලා
(ක්)ලබු දෝහොම් හිටියේ නෑලු ඔන්න!කොයි හරකත් එකයි!තමන්ගේ එකා පශ්චාත් බාගෙ ගහගෙන හරි රැකගන්නයි බලන්නේ!අපි ගිහින් ඔය ලබ්බ කුඩුකරානම් මෙලහකට අපේ ජොකත් එක්ක හිරේ විලංගුවේ!
ReplyDeleteඅම්මපා
DeleteExcellent work!
ReplyDeleteනියමයි👌🏽
ReplyDeleteස්තුතියි 😊
DeletePatta, excellent !!!
ReplyDeleteස්තුතියි 😊
DeleteSupiri
ReplyDeleteඑලහ් 😊
Deleteනියමයි. කියන්න වචන නෑ.
ReplyDeleteස්තුතියි 😊
DeleteExcellent....!
ReplyDeleteThnk you 😊😊
Deletemonawa unath demawpiyan monawa karannada daruwange weradi walata. hema daruwama demawpiyan kiyanade ahanne ne
ReplyDelete
Deleteවැඩේ කියන්නෙ අනිත් මිනිස්සු ගුටි කන එකනෙ
Niyama katha wasthuwa =D>
ReplyDeleteස්තුතියි 😊
Deletehttp://www.dialog.lk/crowd/?question=the-samsung-galaxy-note-7-is-now-discontinued-death-of-the-note
ReplyDeleteLoved reading it. Love to read more :)
ReplyDeleteThnk you 😊
DeleteLoved reading it. Love to read more :)
ReplyDeleteMaxa machan. Thoroughly enjoyed this. :)
ReplyDeletethnx bro 😊
Deletewow
ReplyDeletethnx 😊
Deleteithama watinawa obe bhashawa hasiraweeme kusalathawaya. Awankawa oba dakshayek.. ithama sathutu una me katha wasthuwa kiyawala.jaya
ReplyDeletegodak sthuthi 😊
Deleteithama watinawa obe bhashawa hasiraweeme kusalathawaya. Awankawa oba dakshayek.. ithama sathutu una me katha wasthuwa kiyawala.jaya
ReplyDeleteThanx bro.. ELA
ReplyDeleteelah thnx 😊
DeleteThis comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteමෙත්පල් සොරි සේනෝ - රජරට මෙත් පල් සොරි සේනෝ ( තාලය : මේත් මල් පිපිදෙවා සිත් තුල මේත් මල් පිබිදේවා )
ReplyDelete😂😂😂
DeleteJaya wewa, ela kiri....
ReplyDeleteඉස්තූතියි
DeleteThis comment has been removed by the author.
Deleteඑළ, එළ !!!:-)
ReplyDeleteඑළ, එළ !!!:-)
ReplyDeleteස්තුතියි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅගෙයි !! ජය !
ReplyDelete