Monday, March 13, 2017

අන්තරේ ලොජික් පද්‍ය පන්තිය..!!


 ==
.
සයිටම් SLIT ද NSBM...........................වසනූ
රොටරිය සක්‍යා ටියුසන් කඩ.......හකුලගනූ
සිඟිති ලිට්ල් කිඩ්ස් පෙර පාසල්..........වහනූ
සමාජවාදේ එනකන් උන්...............අතුගානු

රජයේ යුනියෙ උන් පමණක්..........බුදුවේවා
අන්තරෙ එවුන් සැරියුත් මුගලන්........වේවා
ප්‍රයිවට් යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
නිදහස් මෙව්වා එක සැමදා..........සුරැකේවා

එක බංකුවේ හිඳ පහ වසරේ.............ඉඳලා
බත් පත කෑවාට උඹ හා.............පොරකාලා
ප්‍රයිවට් යුනිවර්සිටියට ගිය දා..............ඉඳලා
ධනපති කුමන්ත්‍රණ කාරිය උඹ..........විමලා

ලකුණු මදි වෙලා යුනි යන්නට..........බැරුව
ණය වී ගියා කියලා ප්‍රයිවට්................එකට
අදාල නෑ ඉගෙනගන්න බෑ...............තොපිට
ඕක වහලා බැහැපන් මහ..............පාරකට



සීයට දාහතයි උගතුන් ඉන්නෙ..............රටේ
කැම්පස් යන්න බැරිනං මෝඩයෙකි....මලේ
අටපාස් එවුන් කටවහගෙන බල්ලො..වගේ
මැරිලා පල කඹුරා තොපි අපි............යටතේ

අවුරුදු දහතුනම පිනටම.........උගන්නපන්
ඊළඟ සිව් වසර ඒ විදිහට................හිටපන්
පිකට් යන්න මහපොළ තව වැඩි.....කරපන්
එලියට ආවාම රස්සාවත්....................දීපන්

නිදහස් මෙව්වා එක රකිනට පණ......වාගේ
කන්නංගර කවුද රෝහණ , චේ..........වාගේ
අන්තරේට බැඳිලා පිස්සෙක්...............වාගේ
වීරයො වෙයන් ඩෝ කැඳවුම්කරු......වාගේ

දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............රකිනූ
සමාජවාදෙමයි පිළියම...............හැඳිනගනූ
එය රැක ගැන්මටම අන්තරයට.......බැඳෙනූ
බැරිනං අලයො වී කොන්වී කල්.......ගෙවනූ

සමාන වෙන්න කොන්ඩ රැවුල්.....කප්පවනූ
ඩෙනිම් ෆැෂන් හැර මල් ගවුමට........බසිනූ
නවක වදය දී පෞරුෂ................හැඩගසනූ
බැරිනං කුලී ගේකදි හෙළුවෙන්..........සිටිනූ

හොර උපාධි කඩ ඔක්කොම අපි.......වහලා
ඒවයෙ ඉන්න උන් එලියට ඇද...............දාලා
ලිප්ටන් වටරවුම ඇතුලට............කැඳවාලා
කඳුලු ගෑස් කමු බැරියර්...............පෙරලාලා

කන්නංගරලා ඇතුලත්මුදලිලා...........කවුද
විජේවීර චේ මාක්ස්ලා විය.................හැකිද
දිනක අපිත් වී උතුරේ..................කොරියාව
ලෝකෙට ටෝක් දෙමු කිම් ජොන් උන්..සේම


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

11 comments:

  1. කොලු කෙල්ලන්ගේ ඉරුවා රද වැඩි වෙන්නේ
    සමාජ වදේ යයි කිව්වට නොම දන්නේ
    ධනවාදෙන් පසු එයි කියලයි කිව්වේ
    ඒ එනකන් නිකන්බලා හිටිමු අනේ

    යුනිය බොහෝවිට වහලා ඇත සේමා
    ඉගෙන ගන්න ඉඩකුත් නැති වේ සේමා
    උගන්වන්න ගුරුවරු ටික නැත සේමා
    වමේ එවුන්ටත් ටියුෂන් ගැලපෙයි සෝමා

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මෙහෙම නැගල යන කවි පංතියක් කාලෙකින් කියෙව්වේ. ත්‍රිල් එකට ෆේස්බුක් එකටත් දැම්මා. අවසර නොගෙනම.

    ReplyDelete
  4. //අන්තරේට බැඳිලා පිස්සෙක්...............වාගේ
    වීරයො වෙයන් ඩෝ කැඳවුම්කරු......වාගේ// :))))

    ReplyDelete
  5. සයිටම් එකට බඩගාගෙන කඩේ .........යනු
    නෙවිල් හාමුගේ පා ලෙවකා පිස.......... දමනු
    රජයේ යුනිවසිටි විකුණනු හෝ .........වහනූ
    සමාජවාදේ කුමකටදැයි ..............අසනු



    නෙවිල් මුදලාලි හෙට දින ..............බුදුවේවා
    පැරකුම් හෙන්රි සැරියුත් මුගලන්........වේවා
    රජයේ යුනිවර්සිටි හැඳිගෑවී..............යේවා
    නිදහස් අද්දියාපනේ ..............මක බෑ වේවා



    අවුරුදු දහතුනක් නොමිලේ ............උගන්නලා
    තව සිව් වසක් සරසවියෙත්....................තියලා
    රුපියල් පහ නැතිව බත් පත .........අඩු ගහලා
    සයිටමයට ආවඩයි අයියෝ .................උඹලා



    එස් තුන නැතිව සරසවි යන්නට..............බැරිය
    එස් තුන නැතත් ප්‍රයිවට් එක ...............අපිටමය
    ශත පහ අතේ නැති උන් ඇත ...............සරසවිය
    මකවා දමනු නිදහස්..................... අද්දියාපනය



    සීයට දෙක තුනයි ඒ එල් ලකුණු .........ඇතේ
    නෙවිල් මුදලාලි අපි ගොඩ දානු .............ඇතේ
    දුප්පත් හිඟන ‍රැල සරසවි පිරිලා .............ඇතේ
    තොපට උරුම කැඹිරීමයි අපි................යටතේ



    අවුරුදු දහ හතක් පිනටම.............ඉගෙන ගෙන
    රජයේ ‍රැකියාවකුත් තව කල් ........කොරාගෙන
    නෙවිල් හාමුගේ මුදලට ලොල් ......... අමන දන
    පිකට් කරොත් වෙඩි තියනුලු ලෙසින් ......හෙණ


    නිදහස් අද්දියාපනේ මොකටද අපිට.... අඩෝ
    කන්නංගරයා මොන පිස්සෙක්ද .........අඩෝ
    චේලා ‍ෆිඩෙල් ලා තිබ්බොත් පෙලට ......අඩෝ
    අපේ සමීර මහ වීරයා තමයි .................අඩෝ



    දැයේ දරුවන්ගේ අධ්‍යාපනෙ..............නසනු
    සමාජවාදේ මොන ලබ්බද ................අසනු
    අන්තරේ කලේ මොන මගුලද ...........අසනු
    නෙවිල් මුදලාලි ලඟ බෑවී වැඳ ........වැටෙනු



    කොන්ඩ රැවුල් ඇත්නම් උන් හම.......... ගහමු
    ජෙප්පෝ කුරුට්ටෝ කියලා වද........... දෙවමු
    නවක වදය කියමින් තව මඩ.............. ගසමු
    නෙවිල් සර් ලඟ හෙලුවෙන්................ සිටිමු



    හොර උපාධි කඩ වෙත ලයිසන් ............. දීලා
    ඒවයෙ ඉන්න උන් හට උපාධි............විකුණාලා
    ලිප්ටන් වටරවුමේ වද කඳවුරු ............ ...හදලා
    සරසවි සිසුන් මඩවනු එහි හිර.................කරලා


    සයිටම අපේ අරමයි රජ දහන........... එය
    නෙවිල් අපේ අති උත්තම............. සාදුමය
    දුන්නොත් අපිට රුපියල්.............. ගෙඩිය
    කන්නන්ගර වුනත් විකුනාගෙන........ කමුය

    ReplyDelete
    Replies
    1. Kavi tika patta bn.. 😁
      Satam ekata mn kamathi kiyala na.. math wiruddai saitam ekata.. okkoma privet campus wahanna hadana ekata wirudda. Photo ekata liyala tyenne.. saitam ekata nemei.
      Eka hinda kabi tika lassana unata topic eken pita 😏😏

      Delete