Monday, November 27, 2017

ඉතිහාසෙ ගැන ආඩම්බරද පද්මාවතී ?

දීපිකා පදුකෝන් රංගනයෙහි යෙදෙන පද්මාවතී චිත්‍රපටය හරහා හින්ෆ්හු ඉතිහාසෙට අපහස උනා කියලා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ, හර්යානා ප‍්‍රාන්තය නියෝජනය කරන හින්දු ජාතිකවාදී නායක සුරාජ් පාල් අමූ දීපිකා පදුකෝන්ගෙයි සංජය ලීලා බන්සාලිගෙයි හිස් වලට ඉන්දියානු රු.කෝටි 100ක මිලක් නියම කරලා..

ඕක අහලා ඉකේයියා ඉන්දියන් බයියො වගේ කියලා ගොඩක් අය හිනා උනාට ඒ හිනාවෙන ගොඩක් අයත් එහෙමම තමයි..

ඉතිහාසෙ කියන්නෙ කරේ තියාගෙන පම්පෝරි ගහන්න මෙව්ව එකක් නෙමෙයි.. ඒ ඒ කාලවල මිනිස්සු කරපු දේවල්. එච්චරයි.. ඉතින් ඒවා අපිට කිසිම අදාලත්වයක් නෑ..
ඒවා ලස්සනයි.. විඳින්න.. දැනුම ආදර්ශ ගන්න..
පහුර එගොඩ වෙන්න විතරක් පාවිච්චි කරන්න..
අනිත් එක අපේ එක ලොකුයි කියල පම්පෝරි ගැහුවට අපිට වැඩිය ලොකු ඒවා මේ ලෝකෙ ඕන තරමක් තියනවා.. ඒ වගේම රජ කාලෙ ඉතිහාස කොහොමත් ආඩම්බර වෙන්න දෙයක් නෑ.. රජවරු ඉතිහාස හැදුවෙ කඩුවෙන් ලේ වලින්.. කොච්චර නෑ කිව්වත් ඒක එහෙමම තමයි.
ඉතිහාසෙ කියන්නෙ ප්‍රබන්ධයක්. පුරාවිද්‍යාත්මක සාක්ෂි වලට බෑ ඇත්ත ඉතුහාසෙ සම්පූර්ණයෙන් ගොඩනගන්න.  මොකද ඉතිහාසෙ ලියන්නෙ ජයග්‍රාහකයා හින්දා..
ඒ වගේම තමන්ටම කියලා ආඩම්බර වෙන්න දෙයක් නැති අය තමයි තමන්ට අවුරුදු දාහකට විතර කලින් හිටපු අය හදපු ආගමක් ජාතියක් ඉතිහාසයක් හරි ගමක් හරි අල්ලගෙන දඟලන්නෙ..

ඔය ඉතිහාසෙ ගැන ආඩම්බර වීම ගැන මගේ මතය ඇහුවොත්..

දවසක් සුරේන් රාඝවන් සර් මට මෙහෙම කියනව අපි ඉතිහාසෙ ගැන කරපු සාකච්ඡාවකදි

චමල් මේ ලෝකෙ හැම සංස්කෘතියකටම මම කැමතියි.. ඒ හැම එකක්ම මගේ..

මගේ මතයත් ඕකම තමයි..
ලොකුයි කියලා උත්කර්ෂයට නගන්න දෙයක් නෑ.. හැම එකක්ම එකවගේ වටිනාකම් තියන සංස්කෘති.. ඉතිහාස. ඉතින් ඒවා එකක්වත් අපිට අයිති නෑ..

ඉතින් අයිති නැති දෙයක් වෙනුවෙන් අපි මරාගන්න ඕනෙද.. අයිති දෙයක් වෙනුවෙන් මරාගැනීමත් විසඳුමක් නොවන ලෝකෙක.. 

මතවාද හැප්පෙන්න ඕනෙ අලුත් ලෝකයක් හැදෙන්න. මේ ලෝකෙ හැම දේම ප්‍රශ්ණ වෙන්න වෙන්න ඕනෙ.. 

ගෞතම බුද්ධ බ්‍රාහ්මණ කුලවාදය ප්‍රශ්ණ නොකර හිටියනං අනේ අපේ ඉතිහාසෙ කියලා ඇතිවෙන තත්වය මොකක්ද..

ප්‍ෘථිවි කේන්ද්‍රවාදය ප්‍රශ්ණ නොකර හිටියනං. අපි අදටත් බයිබලේ ඇත්ත කියලා පිළිගන්නවා.. 

පරිණාමවාදය ගෙනාවෙ නැත්තං අපි තාම හිතන් ඉන්නෙ ලෝකෙ දෙයියො මැව්වා කියලා.

ඒක හින්දා සමහර දේවල් වලට රිදෙන්න පුළුවන් 

හැබැයි ඒකට විසඳුම ප්‍රචන්ඩත්වය නෙමෙයි.. මතවාද හප්පන එක.. එතකොට තමයි අලුත් අදහස් බිහිවෙන්නෙ. අලුත් ලෝකයක් හැදෙන්නෙ 

චිත්‍රපටය ගැන ගත්තම..

කලාව ඇතුලෙ.. තමන්ගෙ නිර්මාණය ඇතුලෙ.. මැවුම්කාරයා කලාකරුවා පමණයි.. දෙවියන්වහන්සේද මහාබ්‍රහ්මයාද කලාකරුවාම පමණයි.. ඊට ඉහලින් කිසිවෙක් නැත..

ඉතින් හින්දුන්ට තිබ්බා අර කෝටි සීය දාලා තමන් ඇත්ත කියලා පිළිගන්න ඉතිහාසෙට අනුව දීපිකාවම් දාලා පද්මාවතී එකක් අලුතෙ හදන්න.. එතකොට ඇත්‍ත මොකක්ද කියලා ප්‍රශ්ණ වෙයි.  අලුතෙන් ඉතිහාසෙ කතා වෙයි.. අලුත් මතවාද ගොඩනැගෙයි..

ඔබට ආඩම්බර වෙන්න ඕනෙමනං ඔබ අලුතෙන් ඉතිහාසය ගොඩනගන්න.. දැන් ඔබ ආඩම්බර වෙන ඒවා උත්කර්ෂයට නගන ඒවා අනුන්ගෙ.. ඒවා එයාලටම බාර දෙන්න..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Monday, November 20, 2017

හිතවත් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයනි..



 රනිල් වික්‍රමසිංහ මහතාව, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වූ විමර්ශනයට අදාල කොමිසමට කැඳවූ පුවත අසා මයිලෝ ෆැක්ටරිය ගිනිගත් පුවතක් ඇසූ මයිත්‍රීපාල ජනපතිඳුන් මෙන්..

ළමා විවාහ නැවැත්වීමට මුස්ලිම් පූජකයන් රජයට බල කර උද්ගෝෂණයක් කළා වගේ රනිල් කොමිසමට ආපු එක මාර ඓතිහාසික සිද්ධියක් ය..
කම්බි දාහක් විසිකර තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තාක් මෙන් මාර ජයග්‍රහණයක් ය.
මේක ලෝකේ පළමු වතාවය..
පෙර මෙවන් අගමැතියෙක් සිට නැත..
දීපිකා පදුකෝන් ලංකාවට ආවාක් මෙන් සැමරිය යුතුය..

ආදී ලෙස ඔබ සතුටින් ඉපිලී වඩිගපටුන නටනු දුටුවෙමි.

ප්‍රිය හිතවත් එජාප පාක්ෂිකයනි..

රනිල් මහතාව එතනට කැඳවූයේ බිලියන ගණනක මහජන මුදල් මංකොල්ලයක් සම්බන්ධයෙන් හෙවත් මහබැංකුවේ පට්ට හොරකම සම්බන්ධයෙන් කරුණු විමසීමට මිස කොමිසමේ නිලධාරීන් සමග කාඩ් කුට්ටමක් ගෙන ජෝඩු බැලීමට.., ආම්ස්ට්‍රෝන් සඳ මත පා තැබූ දිනයේ හාවා කරමින් සිටියේ කුමක්ද හා කොඩිය වැනුවේ කවුද යන්න සාකච්ඡා කිරීමට හෝ ගෝලීය ධනේශ්වරයේ දාහතරවෙනි කාර්තුවේ පශ්චාත්නූතන සන්ධර්භය තුල කුටුම්බයෙහි ගබඩා කළ යල කන්නයේ  බතල අස්වැන්නට ගුල්ලො ගැසීමට හේතුව අධ්‍යාපන පෞද්ගලීකරණය ද කාන්තාවන්ට වෙස් තට්ටුව පැළඳීමද යන මැයෙන් එතුමාගේ ජාත්‍යන්තර සබඳතා අනුසාරයෙන් දේසණයක් පැවැත්වීමට හෝ මිත්තණියට සහල් ගැරීමට හෝ නොවේ..

Saturday, November 18, 2017

සුජී කෝල් ගීතය

===  ===

( මෙය ජෝතිපාල මහත්මයා ගේ දුරකතනයකින් මම ඔබ අමතමි ගීතයේ තාලයට ගායනා කරන්න )

                         =====

දුරකතනයකින් අර්ජුන අමතමි
හමුවිය නොහැකි නිසා
බැංකුවෙ හොරකම සිදුකල බව ගැන
ඇතමුන් කියන මුසා....

පෝන් එක ළමයට දී  ගංවතුරට
කෙහෙල් දෙන්න ගිය දා
කෝල් දෙසීයක් ඩයල් කරලා ඌ
ඔබෙ අංකය ඔබලා...

( පසුබිමින් - සු සු සු.. සුජී.. පෝන් එක දීපන් ළමයෙකුට..පෝ..පෝ... පෝන් එක දීපන් ළමයෙකුට.. )

මට තව මතකයි පොත ලියනට මට
කරුණු කියා දුන්නා
වට්සැප් වයිබර් ඇමතුම් අරගෙන
පසුපස පියමැන්නා...

අපි කෝල් කෙරුවේ උන් ටැප් කෙරුවේ
රෙදි ගැලවෙන පෙනුමයි
නිදුකින් ඉනු මැන පොලිසිය එනකන්
මගෙ ඉරණම එයමයි...

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Wednesday, November 15, 2017

මුගාබේගේ නිවසට විශේෂ ආරක්ෂාවක්

====

හරාරේ මගින් එන ආරංචි මාර්ග ප්‍රකාශ කලේ මේ වන විට හමුදාව මගින් බලයෙන් පහකරන ලද රොබට් මුගාබේ ජනාධිපතිතුමාගේ නික්මයාමේදී පවත්වන speech of the window හෙවත් ජනෙල් පඩියේ දේශණය සඳහා සියල්ල සූදානම් කර ඇති බවයි.

අනුප්‍රාප්තික ජනපති ලෙස එමර්සන් මංඥාවා මහතා පත්වීමට සූදානම් කර ඇති අතර ඔහුගේ දිවුරුම් දීමෙන් පසු සිය ගම වෙත පැමිණෙන මුගාබේ මහතාගේ  නිවසට උගන්ඩාවෙන් ආනයනය කරන ලද වල්ලාපට්ටා ජලෙන් පඩියක් යතු ගා වැලිකඩදාසියෙන් මැද තීන්ත ආලේප කර නිවසේ ඉදිරිපස සවිකර ඇති ආකාරයක් අපට දැකගන්නට පුළුවන්..

මුගාබේගේ පුද්ගලික ලේකම් නිල නොවන හිටපු ජනපති හා ඔහුගේ බිරිඳ වන ග්‍රේස් මුගාබේ මැතිණිය සඳහන් කළේ එමර්සන්ට පක්ෂ සියළු දෙනා හමුදා කුමණ්ත්‍රණ හා ඇමරිකන් හිතවාදී ඔත්තුකරුවන් බවට විශේෂ හෙලිදරව්වක් කිරීමට මුගාබේ බලාපොරොත්තු වන බවයි..

මුගාබේ නිවස හා ඒ අවට ප්‍රදේශය මේ වන විට මුගාබේ පාක්ෂිකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගොස් ඇති අතර..
ලේලන්ඩ් බස් රථ කුලියට ගෙන මුගාබේ බැලීමට හ්වාන්ගේ හා රුරෙන්ගා ආදී දුර බැහැර ප්‍රාන්ත වලින් පවා කෝටි ගණනින් මහජනතාව ඇදී එමින් තිබෙනවා...

අවර් ඩැඩී
ප්ලීස් ඩෝන්ට් ගෝ ඩැඩී
යූ ආර් අවර් මුගාබේ
කම් අගෙයින් ඩැඩී

ආදී පුවරු ඔසවා කෑගසන ආකාරයක් දකින්නට පුළුවන්..
මේ අතර

එමර්සන්ව ව මරලා හරි ගන්න තිබ්බනේ..
උපජනාධිපතිකමට ඉල්ලමු මුගාබේ ඩැඩී
පැරදුනේ අපියි ඩැඩී
යෝ නිග්ගා.. වී වෝන්ට් මුගාබේ..
අවර් කිංග්

ආදී කසු කුසුවක්ද යන්තමින් අසන්නට ලැබෙනව..

"මම දශක ගණනක් පුරා පැවති බ්‍රිතාන්‍ය පාලනය නිමා කරමින් සිම්බාබ්වෙට නිදහස ගෙනල්ලා දුන්නා අපේ පූජක තුමනී..තිස් වසරක් පුරා මේ රට ප්‍රජාතන්ත්‍රවාදීව පාලනේ කලාට මුන්ට කලගුණ මතක නෑ.. මට කියලා මොකක්ද කරගත්තේ.. ඔය ගෙවල් දහපහළවක් ස්විස් එකවුන්ට් දෙක තුනක් කාර් විස්සක් තිහක් ගෑනිට නිල නොවන ජනාධිපතිකමක් ඉඩං අක්කර ලක්සයක් දෙකක් ගන්නැති පඩිය එකතු කරලා වැඩිම උනොත්...
රටට වින කරපු උන් හිරේ දැම්මා.. ඇමරිකන් උන්ට අල්ලගන්න හිතෙන් නැති විදිහට සල්ලි හංගලා විශ්‍රාම සුවෙන් ඉන්නෙ නැතුව දුක් විඳගෙන අවුරුදු 94ක් වෙනකන් රට සංවර්දනේ කලා..
දැන් මුං මට ඒකාධිපතියලු.."

කියා නිවාස අඩස්සියේ සිටින විට හමුදා සෙබලෙක්ට මුගාබේ මහතා කියූ බව සඳහන් වේ..

මුගාබේ දේශණය ඇසීමට මුගාබේ ඩැඩීගේ ක්‍රිප්ටෝනියානු පුතා සුපර් මෑන් ඇතුළු පවුලේ සැම, ඇස්ගාඩ් වලින් තෝර් ලෝකි ඇතුළු පවුලේ සැම , ඔලිම්පස් වලින් සියුස් ඇතීනා ඇතුළු දේව මණ්ඩලයද අඟහරු බ්‍රහස්පති ඇතුළු ග්‍රහලෝක වලින් හා ෆොක්සිමා සෙන්චූරි මන්දාකිනියෙන්ද පිටසක්වල ජීවීන් පැමිණ ඇත. ස්වාසිලන්තය., උගන්ඩාව,සෝමාලියාවෙන්ද රාජ්‍ය නායකයන්ද පැමිණීමට නියමිතය.. පිටසක්වල ජීවීන් පැමිණි පිටසක්වල යානාවක් අනතුරට පත් වීම නිසා මුගාබේට වඩා ගැනීමට බබාලා දීමට පෝලිමේ සිටි මියා කලීෆා හා ලීසා ඈන් නම් මව්වරුන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.. බබාලා නිරුපද්‍රිතව බේරා ගෙන ඇත.

නිවස අවට පොත් හල් වලට දැඩි පොලිස් ආරක්ෂාවක් දී ඇති අතර

ප්ලැටිග්නම්
සිම්බාබ්වේ ප්‍රාන්ත සිතියම්
අඩිරූල්
පැන්සල්

ආදී ලිපි ද්‍රව්‍ය හා උපකරණ කොල්ලකෑම් කිහිපයක්ම වාර්තා වී තිබෙනවා..

මුගාබේ නිවස අවට වැලි කුණාටු තත්වයක් ප්‍රකාශ කර ඇති අතර.. පරිසරයේ අඳුරු වීම්.. මුගාබේ නිවස පිටුපසින් එක්වරම හිරු සැඟවීම. හෘදයාබාධ.. විදුලි කෙටීම.. පාක්ෂිකයන්ට උදරාබාද වමනය හිස කැක්කුම පාචනය හා කක්කල් කැස්ස තත්වයන්ද වාර්තා වන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා..

ස්තුතියි

ජනපති දිවුරුම් දීමේ විශේෂ අවස්තා සමග #චමලේnews සමගින් එහි සිටින අපේ විශේෂ වාර්තාකරු ප්‍රලිර චා. සමග නැවත හමුවෙමු

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

Monday, November 6, 2017

තෙල් ගීතය 2


==== තෙල් ගීතය 2 ====

( " හීන තිබුණට කෝටියක් " තාලයට ගායනා කරන්න )

කොරවෙලා හැඳිගෑවිලා ඉන්නවා ඔහෙ පෝලිමේ...
නැවුත් නෑ බව්සරුත් නෑ පෙට්‍රලුත් නෑ
දැන් රටවටේ...

ටෝක්ස් තිබුණට කෝටියක්
පොම්පෙ නෑ තෙල් බින්දුවක්..//

පාර මැද වාහනේ ඉන්නට
එන්ජිමට කෙල වෙලා යන්නට
බාල තෙල් හරි මෙහෙ ගෙනල්ලා
අප්පච්චී බෙදුවොත් මිසක්...

අදත් නෑ.... හෙටත් නෑ.....
අපිට පෙට්‍රල් ලැබෙන්නෑ......

ටෝක්ස් තිබුණට කෝටියක්
පොම්පෙ නෑ තෙල් බින්දුවක්..//

ඇමති මීඩියා ටෝක්ස් දුන්නට
බූලි අරගෙන බලන් හිටියට...
පොම්පෙ උදුරන් සෙඩ් එකාගෙන්
අපිම ගහගත්තොත් මිසක්...

අදත් නෑ.... හෙටත් නෑ.....
අපිට පෙට්‍රල් ලැබෙන්නෑ......

කොරවෙලා හැඳිගෑවිලා........

#තෙල්ගී
#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

තෙල් ගීය

====  ====

( සංගීත් විජේසූරිය ගේ මල් පෙරහැර යන්නා සේ ගීතයේ තාලයට ගායනා කරන්න )
================

තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී
හයිබ්‍රිඩ් උන්ගේ කින්ඩි හිනා බලමී
ගැල් කරත්තෙ තිබුණානං හිතමී
ඇමතිගේ ඉඳන් ලොක්කො ඒකෙ බඳිමී...

කිව්වට වැඩක් නැතී
තාමත් තෙලුත් නැතී
පත්තර දෙකක් ගමී
රටකජු ගොටු ඔතමී
ලොක්කන්ගේ මව්ලට සෙත් පතමී...

ඕ ඕ... ඕ ඕ....

තෙල් පෝලිමෙ ඉස්කූටියෙ තනිවී
ඔබෙ නෙතු සඟලේ ඇති දුක මම විඳිමී
තෙල් ගහන්න ආවාදැයි අසමී
නෑ හැලප ගන්න ආවා කියා ඇසුනී...

හෝඕඕඕඕඕ......

තෙල් බව්සර් නාවට නෑ හදිසී
අපි වෙනුවෙන් නැව හැරවුන බව දනිමී
තෙල් පෝලිම තව හැදියන් සිතුනී
ඔබ ඉන්නවනං රෑ වෙනකන් හිඳිමී

ඒ සැප නිමක් නැතී තෙල් නැත කමක් නැතී
ඔබ හා සිනාසෙමී
පෝලිමෙ මම හිඳිමී
යහපාලනෙ එනකන් හෝ හිඳිමී..

ඕඕඕඕඕඕ...

දීපිකා මෙහෙ ආවා කියා සිතුනී
තෙල් බව්සරේට වැඩියෙන් පෙම් කරමී
පෝලිමෙ ඔබ ළතැවෙන බව විඳිමී
ඔබ කියනවනං සෙඩ් එක ගිනි තියමී...

හෝඕඕඕඕඕ....

ඔබ රවනා මුහුණ දිහා බලමී
පෙර හොර තෙල් දැමු එන්ජින් සිහි කරමී
ඉස්කූටිය හැරගිය බව දුටිමී
ඒකිට විතරක් තෙල් දෙන බව පෙනුනී.....

ඒ දුක නිමක් නැතී
එනමුදු කමක් නැතී
හරවන් ගෙදර යමී
ගවුමක් ඇඳන් එමී..
ඇඳන් එමී තෙල් ගහගෙන දුවමී...

ඕඕඕඕඕඕඕ....

හරවාගෙන තේ බොන්නට ආවා
ඉස්කූටිය එහි ඇති බව මම දුටුවා
ආ අයියාහ් තෙල් ගැහුවද ඇහුවා
උඹෙ ආච්චිගෙන් අහගනින් කියා ආවා...

ඕඕඕඕඕඕඔ....

තෙල් පෝලිමෙ කොනකින් මම හිදිමී.....

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Thursday, November 2, 2017

දෙමළාට දෙමළ වීම නිසා....

දෙමළාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්ණය වන්නේ දෙමළට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්ද කියා සිංහලෙන් ඇසීම කියා ද කිව හැකිය. ඒ උන්ට සිංහල නොතේරීම හා වෙන එකෙකුගේ ප්‍රශ්ණයක් ගැන තවත් උන් වාද කිරීමය.

නමුත් දෙමළාට දෙමළ වීම නිසාම ඇතිවී ඇති ප්‍රශ්ණය කුමක්ද කියා දෙමළාගෙන් දෙමළෙන්ම ඇසුවොත් දෙමළා දෙමළෙන් දෙන උත්තරේකුත් නැත..
ඒ උන්ට දෙමළ ද නොතේරීම නිසා ය..

 සිංහලයාට සිංහල වීම නිසා ම ඇති වී ඇති ප්‍රශ්ණය වන්නේ සිංහලයාට සිංහල වීම නිසා ම ඇති වී ඇති ප්‍රශ්ණය කුමක්ද කියා දෙමළෙන් ඇහුවොත් උත්තර දෙන්න දෙමළ දන්නේ නැත.

නමුත් සිංහලයාට සිංහල වීම නිසා ම ඇති වී ඇති ප්‍රශ්නය කුමක්ද කියා සිංහලයාගෙන් සිංහලෙන් ඇසුවොත් සිංහලයා සිංහලෙන් දෙන උත්තරේකුත් නැත..
ඒ දෙමළාට දෙමළ නොතේරෙනවා මෙන් සිංහල උන්ට සිංහල නොතේරීමයි..

මුං දෙගොල්ලෝම දන්නා බම්බුවක් නැත.

Wednesday, November 1, 2017

ඡන්දදිනනමග

වත රතු මල් කොහාට වත රතු මල්  කොහෙකු වීම නිසා ම ඇති වී ඇති ප්‍රශ්ණය කුමක්ද න්‍යාය භාවිත කර ඡන්ද ලබා ගන්නා ආකාරය..

අවශ්‍ය ද්‍රව්‍ය.=
ළඟ එන ඡන්දයක්
ජාති දෙකක දෙදෙනෙක්.
ගොං කතාවක්
මයික් එකක් හෝ ෆේස්බුක් ලයිව් එකක් හෝ මාධ්‍ය සාකච්ඡාවක්
සෝෆාවක්
ටීවී එකක්
ස්මාට් පෝන් එකක්
සාදාගත් පොප්කෝන්

( එක් ජාතියක එකෙක් දෙමළ හා අනිකා සිංහල ලෙස සලකමු..
තම ජනවර්ග වැඩි පළාතට යන්න.. )

ෆේස්බුක් ලයිව් එකක්, මීටිමක හෝ මාධ්‍ය සාකච්ඡාවක
උතුරේ  දෙවනි වතරතු මල් කොහා රජු දෙමළ රජෙක් කියා ටෝක්ස් එකක් දීම.. අපේ අයිතිවාසිකම් නැතිවෙලා.. ආයෙ ඕව ගන්න මං එක්ක සෙට් වෙයල්ලා කියා ටෝක්ස් එකක් දීම

(ඕක අසා දකුණේ හරක් කුලප්පු වීම)

අනිකා දකුණට ගොස් එහෙම වෙන්නෙ කොහොමද ඩෝ වත රතු මල් කොහා සිංහල ඩෝ.. තොපිව මරාගෙන කනවා ඩෝ.. මං ඉන්නකං ඕවා බෑ ඩෝ. මං එක්ක සෙට්වෙයල්ලා අපෙ හාන්දුරුවනේ ආදී ටෝක්ස් එකක් දීම..

(ඕක අසා උතුරේ හරක් කුලප්පු වීම )

නාමයෝජනා බාරදී ඡන්දෙට ඉදිරිපත් වීම

දෙදෙනාට පහසු තැනක සෙට් වී සාදාගත් පොප්කෝන් කමින් ෆේස්බුක් යමින් දෙදෙනාට බැනගන්නා අතර ඡන්ද ප්‍රතිපල බැලීම..

දෙදෙනාම ඡන්දෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු හෝ පලාත් සභාවට යාම..

පොප්කෝන් ඉතුරු වී ඇත්නම් කුලප්පු වූ හරක් පට්ටි මරාගන්නා ආකාරය දෙස බලා විදේස සංචාරෙක නිරත වී සැපේ සිටීම.

( ප.ලි - ඔබේ ජනප්‍රියත්වය අඩුවේයැයි හැඟෙන සෑම විටකම ඔය ආකාරයේ ජිල්මාට් එකක් දමා නැවත නැවත සිදුකරමින් මැරෙනකන් බලේ සිටිය හැක )

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ