Thursday, November 22, 2018

පොඩි උන්ට බොරු උගන්නන එක නවත්තන්න



අපේ රටේ පොඩි උන්ට පොඩිකාලෙ ඉඳන් උගන්නන්නෙ බොරු.

ලෝකෙන් උතුම් රට ය. මේකෙ ඉපදෙන්න පිං කරන්න ඕනෙ ය. මාර අම්මටහුඩු මෙව්වා එක ය. ලොව අන් සියළු දිවයින් මේකට යට ය. අපි ඔය එකෙක්ටවත් පදිරි නැති ය. ඔක්කොටම ගේම ඉල්ලුව ය. සුද්දත් අපිට දෙකට නැමුන ය. අපිව යටත් කරගන්න එක කරන්න බැරි වැඩක් ය. ඔක්කොම සම්පත් තියෙන්නෙත් මේකෙ ය. අවුරුදු හැටහුටාමාරක අච්චර ඉතිහාසයක් තියනව ය. ඇමරිකාවට, ඔය ලෝකෙ ලොකුයි ලොකුයි කියන උන්ට එහෙම එකක් නැතිය. ඉතින් අපිට ඕකුන් අදාල නැති ය.  අපි උන්ට වැඩිය මාරය. උන්ව ගණන් ගත යුතු නැතිය. උන් වැද්දො ය. අපි පොරවල් ය. හොඳම ජාතියත් අපිය, හොඳම ආගමත් අපේ ය. මල් පිපෙන පොකුණු ය. කඳු ගං කැලෑ කුඹුරු ය.. ඔක්කොම තියෙන්නෙ මේකෙ ය. ඔක්කොම කෙරුමො ඉන්නෙ මේකෙ ය. පිංකෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වීවා.. බ්ලා බ්ලා..

දැන් ඔය හැම ලබ්බම තියනවනං. හැම මගුලටම වැඩිය මේක හොඳයි කියලත් කියනව නං ඕන එකෙක්ට හිතෙන්න ගන්නවා යකෝ දැන් මේ රටේ අපි ඉන්න තත්වෙ මේ කියනවා වගේ මාර මෙව්වා එකක්නං

Saturday, November 17, 2018

පුරවැසියනි..!!

"අඥේ අල රතෙත් ගාගන්නවා අඥේ.. ඌක මා එකක්‍යෑ අඥේ.. ඈමදාම පාලිමීන්තුවී ගාගන්නවඥී..." අරහෙත් එහෙමයි මෙහෙත් එහෙමයි එදත් ඒමයි බ්ලා බ්ලා ගා මීට පෙර පාර්ලිමේන්තුවල ගහගත්ත කතා කිය කිය දඟලන්නේ තක්කඩියන් ය.

ඒ ගහගැනීම් සහ මේ ගහගැනීම් අතර කිසිදු සමානකමක් නැත.

සිරිසේන සහ මහින්ද එකතු වී සිදුකලේ රටේ බහුතර බලයට, ජනතා පරමාධිපත්‍යයට පයින් ගසා ව්‍යවස්ථාව බල්ලට දමා රාජ්‍ය බලය බලහත්කාරයෙන් පැහැර ගැනීමකි.

මිලිටරි ජුන්ටාවක් විසින් ජනාධිපතිවරයා අත්තඩංගුවට ගෙන සන්නද්ධව කරන රාජ්‍ය බලය පැහැර ගැනීමක් හා මෙහි ඇති එකම වෙනස වන්නේ සන්නද්ධ නොවීම හා මිලිටරිය මැදිහත් නොවීම පමණකි.

නමුත් සිරිසේන විසින් රාජ්‍ය මාධ්‍ය ආයතන හා පොලීසිය ගැසට් කර සියතට ලබාගෙන ඇත.
.

Saturday, November 10, 2018

ව්‍යවස්ථා විෂම චක්‍රය



මේ ව්‍යවස්ථා සීන් එකට අනුව,

ජනවාරියෙ ඡන්දෙ තියනවා

දිනන්නෙ පොහොට්ටුව නං

1)  මහින්දව සිරිසේන අගමැති කරනවා.

2) මහින්දව සිරිසේන අගමැති කරන්නෑ.
  ( ජනාධිපතිතුමාට හිතුනෙ නැත්තං බහුතරයක් තිබ්බට වැඩක් නෑනෙ. )

(1) උනොත්,

ටික දවසකින් මහින්දව එපා වෙනවා.
( 1)  ( අ ) පාර්ලිමේන්තුව කල්දානවා.
 (1)  (ආ )  පාර්ලිමේන්තුව විසුරෝලා ඡන්දෙකට යනවා.

Thursday, November 8, 2018

පාර්ලිමේන්තුව මොකටද



දැං බහුතරේ කැමැත්ත තියනවා කියලා ජනාධිපති හිතන කෙනානං අගමැති වෙන්නෙ,
ඒකට පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නන්න ඕනෙත් නැත්තං,
ජනාධිපති උත්තමයට එහෙම හිතෙන හිතෙන වෙලාවට අගමැති වෙනස් කරන්නත් පුළුවන්නං..

 පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා හෝ ඡන්දෙකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑනෙ..

ඒ තර්කෙන් බලනකොට පාර්ලිමේන්තුව කැඳවලා ජවිපෙ බහුතරේ පෙන්නුවත් ( හරි නිකමට එහෙම හිතමු ) අනුරට අගමැති වෙන්න බෑ..

උතුරෙ ඉඩං සහ බයි සහෝදරවරු


ස්‍රේස්ට ඔක්තෝබර් විප්ලවේට කලින් උතුරෙ මිනිස්සුන්ගෙ ඉඩම් නිදහස් කිරීම ගැන ඉස්සර වචනයක් කියන්න බැරුව හිටියෙ. නිදහස් කරනවා නෙමෙයි දැන් තියන ඉඩං වල ප්‍රස්ණයක් ගැනවත් කතා කරන්න බැරුව හිටියෙ. ඒ මිනිස්සු කොටි ය. ඒවා කොටි ඉඩම් ය. ඔය නිදහස් කරන ඉඩම් දෙන්න හදන්නේ කොටින්ටය. ඒවා හමුදාවේ ය. අක්කර දාස් ගණන් කඳවුරු තියාගෙන ඉන්නේ ජාතික ආරක්සාවට ය. බ්ලා බ්ලා බ්ලා.

එතකොට ඒ මිනිස්සුන්ගෙ පාරම්පරික ඉඩම් නැවත දෙන්න කතා කරනකොට මහින්ද මහත්තයා නිදහස් කරපු අක්කර 12000ක්ද කොහෙද ඇරුණාම එතනින් එහා අඟලක්වත් දෙන්නම එපා කියන තැන තමයි විමල් වීරවංශ උදය ගම්මන්පිලලා සහ අවසේස බයි ජනතාව හිටියෙ.

දෙන්න කතා කරන උන් , ඉල්ලන උන් ඔක්කොම කොටි කියලා හංවඩු ගැහුවෙ.

ඊට පස්සෙ හිරේ නඩු අහන්නැතුව අවුරුදු ගණන් තියාගෙන ඉන්න දෙමළ සිරකාරයො ගැන කතා කරනකොටත් එහෙමම තමයි කිව්වෙ.

Thursday, November 1, 2018

ඇමතිලා ඇමතිලමමයි මල්ලියෙ තාම


" පොඩ්ඩියේ "  ගීතයේ තාලයට ගායනා කරන්න
.
ඇමතිලා ඇමතිලමමයි මල්ලියෙ තාම
දින්නේ උන් තමයි පැරදුනේ අපි නේද
කෝටි ගණන් අරගෙන උන් පැන්නාම
ඡන්දෙදි කවදාද ඉල්ලුවෙ අපි ගේම...

කැමති පැත්ත පනි'නුන් පත්තිනි වේනං
අනේ සනී ලියොනුත් වර්ජින් එහෙනං
උන් පැන බලේ ගත්තම හැම විසඳේනං
ඡන්දෙ දෙන්නෙ මොකටද පාඩුවෙ හිටපං..