Thursday, September 27, 2018

පුක


පිදුරංගල කේස් එක හිතුවට වැඩිය දුර ගිහින්.. කොල්ලො ටිකව රිමාන්ඩ් කරලා..  පුකක් පෙන්නීම ජාතික ප්‍රශ්ණයක් කරගන්න තරමටම නටන ලංකාවෙ දායක සබාවෙයි පොලීසියෙයි ආගමික ආයතනවලයි මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්..
ඕක ගැන මෙච්චරයි කියන්න තියෙන්නෙ..
ඔය ප්‍රශ්ණෙට විරුද්ධ වෙන්න ක්‍රම දෙකක් තියනවා.
1) සංස්කෘතියට ආගමට ඌයියා වීම
2) නෛතිකමය ආකාරයෙන්
ඔය ප්‍රස්නෙ මහාලොකු මෙව්වා එකක් කරගෙන නටන උන්ගෙ බේස් එක පළවෙනි එක. ඒ කියන්නෙ සංස්කෘතියට සභ්‍යත්වයට හානි උනා කියන එක..  උන් මේකට තියන නීතිය ප්‍රසිද්ධ ස්ථානවල අවිනීතව හැසිරීම මේකට ගේන්නෙ සංස්කෘතියට රිදුනා කියන එක ඩිෆෙන්ඩ් කරන්න..  සරල කතාව මේකනෙ.. පුකක් හින්දා මොකක් හරි ආගමක් හරි සංස්කෘතියක් හරි විනාස වෙනවනං උඹලා දෙපාරක් හිතන්න ඕනෙ උඹලා පුකකින් හානි කරන්න පුළුවන් මට්ටමට දාලා තියන උඹලෑ සංස්කෘතිය සභ්‍යත්වය ගැන.
ඒ වගේම නිරුවතක් දැකලා උඹලට ඌයියා වෙනවනං ඒක උඹලගෙ ගෝත්‍රිකකම.  ( ඔව් පාරෙ හෙලුවෙන් යනවද වගේ මොංගල් තර්ක දාන්නෙපා. දියුණු රටක උන්ට ගෑනියෙක්ගෙ කකුලක් දැක්කම අවුල් නෑ කියලා උන් හෙළුවෙන් පාරෙ යන්නෙ නෑනෙ. හෙලුවෙන් ගියත් උඹලා වගේ ඒක රටේ ජාතික ප්‍රස්ණයක් කරගන්නෑ.. දැන් අහන්නෙපා ජාතික ප්‍රස්ණ මොනාද කියලා. පුකක්නං ජාතික ප්‍රස්ණයක් වෙන්නෙ නෑ කියලා සරල අවබෝධයක් තියනවා මොළයක් තියනවනං උඹලට නැති උනාට. )
ඊළඟ එක තමයි ඔය මහරහතුන් අච්චර මෙච්චර හිටියා දෙයියනේ උන්නාන්සෙලටනේ මේ පුක පෙන්නලා තියෙන්නේ කියන කතාව.උදේ ඇහුවා ප්‍රශ්ණයක් බුදුහාමුදුරුවො පිදුරංගල හිටියනං මොකක් වෙයිද කියලා.. දායක සභාවෙ උන් ඇවිල්ලා ඒ උනත්, ඒත් මේත්, බ්ලා බ්ලා වැල් වටාරම් ලිව්වට උන් එකෙක්ටවත් කොන්දක් තිබ්බෙ නෑ බුදුන් හිටියනං කියන්නෙ අනුන්ගෙ පස්සවල් ගැන හොයන්නැතුව තමන්ගෙ දෙලොව දියුණුව සලසාගන්න සහ පුකකින් සාසනය විනාස වෙන්නේ නැති බවත් එය රැකීමට කල යුත්තේ පුක කූඩුවේ දැමීම නොව ධර්මය පිළිපැදීම බවත් කියන එක.


අනික මේ දායක සභාව පුකක් වගේ ලොකු සීන් එකකට විතරක් නැටුවා කියලද හිතාගෙන ඉන්නෙ.. නෑ.මිත්‍රවරුනි.. ඔතන ඩෙනිම් ඇඳන් හිටපු ගෑල්ලමයි දෙන්නෙක්ටත් නොසෑහෙන්න බැනලා තිබ්බා අම්මටහුඩු සංස්කෘතියට අච්චරක් හානි උනා කියලා.. සෙක්ස් සර්ච් කරලා එක වෙච්ච , දවසට ස්ත්‍රී දූෂණ විස්සක් වෙන, පුකක් හින්දා නැතිවෙන  රැකගන්නම වටින අම්මටහුඩු සංස්කෘතිය. අනේ බං.
අනිත් උන් තම සීගිරි චිත්‍රයි මේකයි සංසංදනය කරන්න බෑලු.. එව්වා ආට් ලු.. මෙව්වා රියල්ලු.. බම්බුව.. ඒ ඇඳලා තියෙන්නෙත් රියල් හිටපු ගෑනුන්ව බලාගෙන තමයි යකෝ. උඹලා හිතන් ඉන්නෙ මොනාලිසා ඇන්දා වගේ මල් වට්ටි උස්සන් පෝලිමේ ඉන්න කියලා උන්ව බලාගෙන ඇන්දා කියලද.. සාක්ෂි ඕනෙනං  දෙන්නං අනුරාධපුරේ නෙමෙයි මෑත මහනුවර යුගේ පවා දළදා වඳින්න ගෑනු ගියා උඩ ඇඳුම නැතුව.  එතකොට මෙතන කරන්නෙ ඒක කරපු හින්දා දැනුත් තං පෙන්නගෙන යන්නෝනෙ වගේ ගොං කතා දාන්න එපා. ඒකෙන් අහන්නෙ එතකොට තං පෙන්නනකොට මොකුත් නොවුන සංස්කෘතියට දැන් මොනවත් වෙන්නෙ කොහොමද කියලා..
ඊළඟට ඉන්නව සෙට් එකක් අනී මී බලන්නකෝ නීතියෙන් ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.. අපි උය සංස්කෘතිය ගැන නෙමේ කියන්නෙ අරකයි මේකයි කියන උපාසකෞත්තමයො ටික..
උන් අරුන්ටත් අන්තයි.. මොකද උන් සංස්කෘතිය රකින්න හදන දායකසබාවට අයිතියි කියන්නත් ලැජ්ජයි. ඒත් උන්ගෙ ඇඟ ඇතුලෙ  ඉන්න වැඩවසම් ජීවියට ඕනෙ අරකට මොනාහරි කියන්න.. උන් ඒකට අල්ලගන්නෙ නීතිය..
දැන් මේකනෙ සරල සීන් එක. උන් පතරංග විචාර නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ලියනවා.. හැබැයි බස් ස්ටෑන්ඩ් එකක ඔය පොටෝ එක ගහලා දැම්මනං දැන් ඔය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නටන උන් ඒවගේ පොටෝ එකක් ගහලා ඔහොම නටනවද.. නෑ දැක්කෙ නෑ වගේ ඉන්නවා.. දෙකම පොදු ස්ථාන, දෙකේම මිනිස්සු ඉන්නවා දෙකේම කලේ එකම වැඩේ.. හැබැයි අරුන් නටන්නෙ පිදුරංගල ට.. ඇයි ඒ.. ඒ ඒක පිදුරංගල හින්දා..
ඒ ලියන්නෙ උන් එලියට පෙන්නන්න අකමැති අර සංස්කෘතිය බදාගෙන ඉන්න ජීවියා..
ඔච්චරයි..
සරලවම බස් ස්ටෑන්ඩ් එකක ඔහොම කලානං මොකද වෙන්නෙ.. පොලීසියෙන් අල්ලලා ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය ලෙස හැසිරීමේ වරදට නඩු පවරලා අදාල දඬුවම් නියම කරනවා. ඒක අපරාධ වරදක් නෙමෙයි.. ඇප ලැබිලා එලියට එනවා..
..
අන්න ඔය දායකසබාවෙ හැම උපාසකෞත්තමයෙක්ගෙම ආනුබාවෙන් ලංකාවෙ පාක් වල කපල් අල්ලන පොලීසිය ඒ කොල්ලො ටිකව ඇතුලට දාලා පුරාවිද්‍යා පණත ප්‍රකාරව.

( උපුටාගැනීම ආරම්භය )
//
එයින් කියවෙන්නේ, ‘පුරා වස්තුවකට නින්දාවක්, හානියක් සිදු කිරීම‘ පිළිබද වරදකට රුපියල් 50,000 ක අවම දඩයක් නියම කළ හැකි බරපතල වරදකි.
වැදගත්ම දෙය එය නොවේ.  මේ පනත යටතේ මහෙස්ත්‍රාත් අධිකරණයට චූදිතයින්ට ඇප ලබා දිය නොහැකිය.  අවම වශයෙන් මහාධිකරණයට හෝ මේ ළමයින්ට ඇප ලබා දිය නොහැකිය.  තවත් එකකි, ඇප අයදුම්පත ඉදිරිපත් කළ හැක්කේ අභියචනාධිකරණය වෙතය.  නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ඇතුළු ප්‍ර‍වීනයින්ගේ තවත් අදහසක් වන්නේ මේ නඩුව අසා නිම කරන තුරු ලංකාවේ කිසිදු අධිකරණයකින් මේ ළමුන් තිදෙනාට ඇප ලබා දිය නොහැකි බවයි.  ( අභියාචනාධිකරණයෙන් පවා ඇප ලබා දිය නොහැකි බවයි)
පොලීසිය චෝදනා ගොනු කිරීමේ දී, මේ ළමයින් වැඩිම කාලයක් ඇප රහිතව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම අරමුණ කොට ඇත. //.  ( උපුටාගැනීම අවසන් )
දැන් සතුටුයි නේද.
කොල්ලො ගොං ආතල් එකක් ගත්තෙ.. ඒක කොහෙ කලත් නීති ප්‍රකාරව කටයුතු කරන එක ප්‍රශ්ණයක් නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කරන එකේ කිසිම ප්‍රශ්ණයක් නෑ..
හැබැයි ප්‍රසිද්ධ ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරීම යටතෙ අල්ලලා පුරාවිද්‍යා පණත යටතෙ නඩු පවරලා ඇප නොදි රිමාන්ඩ් කිරීමෙන් පොලීසිය මේ පෙන්නලා තියෙන්නෙ ලංකාවෙ සංස්කෘතිය හා ආගමික අන්තවාදය තලේබාන්කාරයෙක්ට ළඟා වෙමින් තියනවා කියන එක.. මොකද ඔය ප්‍රශ්නෙට සංස්කෘතිය හා අගම බේස් කරන් ගොඩනැගුන විරෝධය තමයි පොලීසිය පුරාවිද්‍යා පණත පිට දැම්මෙ.. නැතුව තවත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙච්ච කෝට්ටෙ කොටුබැම්මෙ ඉඳන් ඔය පොටෝ එකම දැම්මමනං උන්ව ඇතුලට දාන්නෙ ප්‍රසිද්ධ ස්ථානවල අසභ්‍ය ලෙස හැසිරීම යටතෙ.
දැන් තේරෙනවනෙ ලංකාවෙ නීතිය පවා සංස්කෘතියට ආගමික ගොංපාට් වලට යටයි කියන එක..
ඔය කොල්ලො අපරාධ වරදක් කරලා නෑ. උන් කරපු එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෙ. ඒත් ඔය විදිහට නෙමෙයි කියන්න ඕන දරුවෙක්ට තේරෙනවා..
තරුණ ජීවිතයක් රිමාන්ඩ් උනාට පස්සෙ ඌ එලියට එන්නෙ මොකක් වෙලාද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ..
මම හිතන්නෙ නෑ පුකක් පෙන්නීම උන්ගෙ මුළු ජීවිතේම කාලකන්නි වෙන්න හේතුවක් කියලා. අංගුලිමාටත් නිදහස දුන්න ආගමක් අදහන රටක් මේක.
එහෙනං ඔය සංස්කෘතිය උඩදාගෙන කෑගහපු හැම එකෙක්ම ඒ කොල්ලො දෙන්නට වෙච්ච දේට වගකියන්න ඕනෙ.. උන්ගෙ ජීවිත කාලකන්නි වෙන එකට , උන් අසාධාරණ විදිහට රිමාන්ඩ් වෙලා උන්ගෙ ජීවිත වලට වෙන බලපෑමට ඒකට වචනයක් හරි දායක වෙච්ච හැම එකෙක්ම වගකියන්න ඕනෙ. කොච්චර නෑ කිව්වත් ඒක ඒම තමයි..
සුද්දියෙක් බුදුන්ගෙ රූපෙ පච්චයක් කොටාගෙන ආවා කියලා නැටුවා.
මාලිමාවක් ධර්ම චක්‍රයක් කියලා පටලගෙන නැටුවා.
මිලියන් ගණන් මිනී මැරුම් වලට වගකියන්න ඕනෙ පල්ලිය නියෝජනය කරන කාදිනල් ඒ ගැන වගේ වගක් නැතුව මානව හිමිකම් ආගම ඇතුලෙ තියනවා පිට අයට ඒවා අදාල නෑ කියලා නටනවා.
හොඳට මතක තියාගනින්. උඹලෑ මහලොකු සංස්කෘතිය සභ්‍යත්වය කියන්නෙ පුකකින් නැතිවෙන ලබ්බක්නං ඕක රෝල් කරලා ගහගනින්..
ඇරත් නිරුවත දැක්කම ඒක ඉවසනවා කියන එකම සංස්කෘතික දියුණුවේ මිම්මක්.  දැන් නටන්නෙපා එහෙමයි මෙහෙමයි කියලා. කෙල්ලෙක්ගෙ දණිස්සක් දැකලා බඩවෙන මෙහෙ ඉන්න ගෝත්‍රික බයියන්ට හරියන්නෙ අරාබිය.. උනුත් දැන් හැදෙනවා තොපිට වැඩිය ඉක්මන්ට. ( ආ දැන් නටන්නෙපා එහෙනං සීගිරියේ ගෑනු හෙලුවෙන් හිටපු හින්දා උන් දියුණුයි ගගා.. අන්තඃපුරේට බලෙන් ඇදන් ඒම, නීතියෙන් උඩට අඳින්නෙපා කීමයි සමාජයක් විදිහට නිරුවතට ෆයර් නොවීමයි දෙකක් )
ඔය පහල පොටෝ එකේ තියෙන්නෙ සුද්දියෙක් ගහපු සහ තව උන් ගහපු පොටෝ.. අල්ලපන් උන්වත්.. අල්ලලා කූඩුවෙ දාපන්.. දාලා මදිනං ගල් ගහලා මරපන්.. තොපියි.. තොපේ කෙහෙල්මල් ආණ්ඩුයි විපක්සයි පොලීසියි ඔක්කෝම එකතු වෙලා   නීති හදාගෙන, ගල් ගහලා මරාගෙන පිදුරංගල තියාගෙන සංස්කෘතිය රැකපිය.. තොපි බෞද්ධ නෙමෙයි යකෝ. තොපි තලේබාන්..
ඇත්තටම උඹලා හිතෙන් අහපන් බුදුහාමුදුරුවො ඔතන හිටියනං ඔය කොල්ලො දෙන්නට මොකක්ද කියන්නෙ කියලා..
ඔව් ඊළඟ ප්‍රස්නෙ. මං පුකක් අල්ලගෙන මොකක්ද මෙච්චර ලියන්නෙ නේද..
තොපේ පුකක් හින්දා කන්‍යාබාවෙ විනාසවෙන අම්මටහුඩු සංස්කෘතියට වැඩිය., සංස්කෘතික ආගමික අන්තවාදය හින්දා කරපු වරදට අසාධාරණ විදිහට දඬුවම් ලැබිලා ඉන්න කොල්ලන්ගෙ ජීවිතේ මට වටිනවා.. !!
  - චමල් අකලංක පොල්වත්තගේ

8 comments:

  1. 100% agreed, this is just beating deer skin at home. This is clearly a case of covering govt's ass by prosecuting a trivial offence. Faxxxng idiots. Is there anyone with common sense in this govt?

    ReplyDelete
  2. සුපිරියි බං. ආයෙ තවත් කියන්න දෙයක් ඉතුරු කරලා නෑ. රෙස්පෙක්ට්!

    ReplyDelete
  3. රෙස්පෙක්ට් බ්‍රෝ...❤️

    ReplyDelete
  4. පට්ට! පුක නැති වෙන්නම ලියලා තියෙන්නේ!!

    ReplyDelete
  5. Thada thada ban.kollo set ekata podak nondi wena daduwamak deela pukawal palenna gahala yawwa nam hari. Okata echchaa loku seen danna giyama wenne kollo thawa thawa damarika wena eka.

    ReplyDelete