Tuesday, August 2, 2016

ලංකාවේ ටෙලිනාට්ටි හිට් කිරීම



    පළමු දිගහැරුම

ඔබටත් නාට්ටියක් හදා  විකිණීමට අවශ්‍යද.... නැතිනම් ඔබේ චැනල් එකේ නාට්ටියක් ජනප්‍රිය කිරීමට අවශ්‍යද.... එසේනම් මේ ආකාරයේ විසඳුම් ඔබට ක්‍රියාත්මක කළ හැක..

මේ ලිපි පෙළේ පළමු පියවර ලෙස මෙය ගෙනහැර දක්වමි... එහිදී මෙම පළමු පියවරෙන් ඔබට චැනලය ජනප්‍රිය කිරීමට හඬකවා පෙන්වන විදේස නාට්ටි ලබා ගැනීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු පිළිබඳ අවබෝධයක් ලබා ගත හැක...

1) ඇන්ටි නැන්දම්මා ගහමරා පවුල් ටෙලි

   පහසුවෙන්ම ඔබේ චැනල් එක ජනප්‍රිය කර ගැනීමේ විකල්පය මෙයයි.. මුලින් කළයුත්තේ ඉන්දියාවේ විකාශය වන හින්දි මෙගා නාට්ටියක් සොයා ගැනීමයි..
එහි අනිවාර්‍යයෙන් එක ගෙදර වේ තුඹසක් සේ සූ ගා සාමාජිකයන් සිටින පවුලක් වටා එතී වෙලී ඇඹරී සිටින කතාවක් විය යුතුය...ගෑනු සියල්ලෝම මණිපුරි සාරි ඇඳිය යුතුය.. නිදාගැනීමේදී නයිටි ඇඳීම් නොකල යුතුය.. වැඩකාර කෙල්ල පවා ඩිස්කො දිලිසෙන සාරියක් ඇඳිය යුතුය.. තොල් රතු කර නිය පාට කර මේක් අප් උලා හෙයාර් ඉස්ටයිල් දමා සිටිය යුතුය.. අතේ කකුලේ මෙහෙන්දි ගා තිබීම යහපති..
පට්ට සුන්දර නොකිපෙන දෙවියන්ගෙන් ලද ආසිර්වාදයක් බඳු වූ බෝ පැලයක් වන් ලේලියෙක් සිටිය යුතු අතර.. අජිත් මුතුකුමාරණ ගේ සින්දුවක් අසා බසයෙන් බසින ලද ඔෆිස් ගිය එකෙක් මෙන් මුස්පේන්තු මළපනින නැන්දම්මෙක් සිටිය යුතුය.. බයිසිකල් පැදීම, රඹුටන් කැඩීම , සව්දොදොල් හැදීම, අග්ගලා ගුලි කිරීම, ටීවී රේඩියෝ හැදීම, අවකලනය යොදා අල්ලපු ගෙදර පොඩි එකාගෙ ගණිත ගැටලු විසඳීම , කාබියුරේටර් සුද්ද කිරීම, හොරු ඇල්ලීම ආදී සබ්බ සකල සාත්ත්‍ර ලේලි දැනසිටිය යුතුය... මේ නැන්දම්මාත් ලේලිත් ආ දා පටන් ගහගතයුතු අතර පුතා පියා හා පවුලේ බල්ලා පූසා ඇතුලු අනෙක් උන් මේ ගැටුම් වලට මැදි වී ඒ මේ අත පැද්දිය යුතුය...





ලංකාවේ මිනිස්සු ඉතා ප්‍රිය කරන මළගිය ප්‍රාණකාරයෙක් බූතයෙක් කුම්භාණ්ඩයෙක්, නයෙක් හෝ පොළඟෙක් වැනි සතෙක් යෙදීම මගින් ද තව දුරටත් ජනප්‍රිය කළ හැක...

2) චූචි බබා කුචි කුචි කුචි පවුල් ටෙලි

කලින් වර්ගයේම දිගුවක් වන මෙහි කොණ්ඩෙ දිග සුදු නර්මෝ මෙන් හුරතල්  අවුරුදු අටක නමයක ගෑනු දරුවෙක් සිටිය යුතුය.. මේ දරුවා ලොකු මිනිස්සුන්ගේ පවුල් ප්‍රස්ණ ආදී බක පණ්ඩිත කතා නිතර කිව යුතුය.. කොච්චර දත් ඇවිත් ද ඩිබෙටර් හි කතා කිරීම සුදුසු වුවත් චාත්තා.. මාමී.. අච්චූ අම්මීයෝ... සීයා තාත්තියෝ... බයියං.. කාල් එක.. චූචි කුකූ.. මත තීවී බලන්නෝනී... ආදී ලෙස  වචන උච්චාරණය කළ යුතුය... අම්මා හෝ තාත්තා මියගොස් සිටීනම් හිට්ස් වැඩිකර ගත හැකි අතර අනෙක් සියල්ල පළමු වර්ගයේ මෙන්මය...

3) චූචි බබා කුචි කුචි පවුල් ටෙලි ( පුවර් වර්ෂන් )

මෙහිත් කලින් වගේම පට්ට හුරතල් ළමේක් සිටිය යුතු අතර අතේ සතේ නැතුව සිටිය යුතුය.. මේ දරුවා පරණ හින්දි පිලුමක මෙන් දහඩිය මහන්සියෙන් වැඩ කළ යුතුය.. දෙවියන්ගේ රැස් වලල්ලක් සතියකට සැරයක් පෙන්විය යුතු අතර දෙවියන් මේ දරුවා බලා ගන්නවා ලෙස දැක්විය යුතුය.. ( දෙවියන් පොඩි එකාව කුලී වැඩේ යොදෝනවද ඇහුවොත් ඉස්ක්‍රිප්ට් එක එහෙමයැයි පවසන්න )
පෝසත් ගෙදර ගෑනිගේ එරවීම ගෙරවීම ගැස්සීම කෝටු පාර වැඩිවන තරමට හිට්ස් වැඩිකර ගත හැක...


4 ) මහරජානෙනී කතා

මෙහි පට්ට රජෙක් හෝ පැටියෙක් සිටිය යුතු අතර රජ පැටියෙක්නං ඌ අලි අල්ලා දලෙන් ඇණ මෙල්ල කිරීම...  මාලිගා වහලෙයෙන් බිමට පැන කොන්ද නොකඩාගෙන බේරීම, හමුදාවේ පට්ට දුනුවායන් පයින් ගසා එලවිය හැකි ලෙස අර ඈත පේන කන්දෙ චූටි කූඹියෙකුට දුන්නෙන් විදීම.. පොළේ කඩේ ගිනිගන්නා විට ගින්නට පැන අලු ටිකක්වත් නොගාගෙන බල්ලෙකු බේරා ගැනීම ආදී වීරක්‍රියා කළ යුතුය.. සික්ස්පැක්ස් තිබිය යුතුමය....

මහ රජෙක් නං ඌට තිබෙන එකම ප්‍රස්ණය විය යුත්තේ අන්තඃපුරේ ගෑනුන්ගේ ප්‍රස්ණයි.. රටේ අනිත් එවුන්, වෙන රටවල්වල ප්‍රස්න , යුද්ධ , රට පාලනය හෝ වෙන මොන උලව්වක්වත් පෙන්වීම නොකළ යුතුය.. අන්තඃපුරේ උන් රජා බෙදා ගැනීමට කෙස්වලු පටලවා සැලෝන් තුල ගහමරා ගැනීම , බබා ලැබී ඇති උන් තමන්ගේ පොඩි එකා රජ කිරීමට පණ දාගෙන රජාගේ කකුල් හේදීම, දිය යටින් ටෝච් ගෙනයාම ආදී කුමන්ත්‍රණ සිද්ධ විය යුතුය..
අවශ්‍යනම් ඒ පොඩි එකෙක්ව ප්‍රධාන චරිතය කර කලින් ආකාරයේ රජ පැටියා වර්ෂන් එකෙන් ඉදිරියට ගෙන යා හැක...

5) චිං චොං ජී ජොහ් කතා

 මෙය කලින් ආකාරයන්ට වඩා වෙනස් ය.. කලින් ආකාරයන් ඉන්දියන් වුවත් මේවා චීන ජපන් කොරියන් ආදී නැගෙනහිර ආසියාවෙන් ලබා ගන්නා ඒවා වෙයි... මේවාගේ නව පරණ ලෙස වර්ග දෙකකි..
නව ආකාරය නම් අඟල් හතරේ සාය අඳින කොණ්ඩෙ කැපූ කෙට්ටු කෙල්ලන්...  සාය පමණක් වෙනස් වන කලිසම් කෝට් අඳින සියුමැලි සුකොමාල කොල්ලන් සිටිය යුතු අතර.. සියල්ලන් ඇපල් අයි පෝං, බීඇම්.ඩබ්ලිව් කාර් පාවිච්චි කළ යුතුය... මරු විකල්ලෙන් දඟලන නැන්දම්මා , මෙලෝ සංසාරයක් නැති දඟලන හූ කියා කොණ්ඩෙ කඩා දුවනා කෙල්ලක්... ඉගැන්වීම හැර අනිත් හැම එකම කරන පාසලක් තිබීමෙන් හිට්ස් වැඩි වේ...

අනිත් එකනම් ඕල්ඩ් වර්ෂන් එකයි..  මෙය අංක 4 හි මහරජානෙනී කතා වලට තරමක් සමානය.. යටි පතුලේ සිට තව අඩි හතරක් දිග සාය උස්සා ඒ මේ අත යන ගැහැණුන්... නිතර දෙවේලේ ඊතල පාරවල් කඩු පාරවල් කන කුමණ්ත්‍රණ වලට ලක් වෙන රජවරු... තම පොඩි එකා රජ කිරීම හැර වෙන වැඩක් නැති බිසෝවරු.... දකින දකින බල්ලට පූසට පවා හැට්ටය තුළට අත් දෙක දමා කොන්ද නවා වඳින කාන්තාවන් ද සිටිය යුතුය... රජ තුමා මැටි වැඩ, මුට්ටි හැදීම, බෙහෙත් හැදීම වැනි දේ කිරීම මගින් අමතර වෙළඳ දැන්වීම් ලබා ගත හැකිය...

මේවා කොටස් දාහ දෙදාහ ආකාරයෙන් ලබා ගෙන හඬ කවා විකාසය කළ විට සුපිරි හිට්ස් ලබා ගත හැකිය...

මීළඟ කොටසෙන් හිට් වෙන නාට්ටියක් ලංකාවේ නිස්පාදනය කිරීම ගැන කතා කරමු...

#අකලංකාරය

 - චමල් අකලංක පොල්වත්තගේ

16 comments:

  1. ලංකාවට ආ විට එහෙන් මෙහෙන් වත්මන් ටෙලි නාටක් දැක ඇති නිසා මේ ලිපිය රස විඳිය හැකිවිය.

    වෙල් රිට්න්.

    ReplyDelete
  2. මුලින්ම ආපු කොරියන් ලව් ඉස්ටෝරියක් දෙකක් නම් වින්දා (Boys over Flowers)

    ඒත් ඉතින් ඒවයේ තියෙන්නෙත් එකම් රෙද්ද තමයි ඩිසයින් එක වෙනස්...

    ReplyDelete
  3. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ඩබ් කර ඇත්නම් හයියෙන් හුස්ම උඩට ඇදීම නිතරම කල යුතුය. කට හා තොල්වලට වෙනස්ව වචන පිටවිය යුතුය

    ReplyDelete
  4. තමන්ට මගහැරුන ඒව හොයගන්ඩ මේ පෝස්ටුව චැනල් අයිති හැම එවුන් අතරටම ෂෙයා කළයුතුය.

    ReplyDelete
  5. එළ ලිවිල්ලක්නෙ. මල් හතයි. හැබැයි ශිවන්‍යට විතරක් මොකුත් කියනව නෙවෙයි .

    ReplyDelete
  6. එළ ලිවිල්ලක්නෙ. මල් හතයි. හැබැයි ශිවන්‍යට විතරක් මොකුත් කියනව නෙවෙයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මාත් සිවඥ්ඥා ට ලව්

      Delete
  7. නියමයි.. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය වල සත්‍ය තත්වය.. අපි ඒ කාලේ ටෙලිනාට්‍ය ගැන ලියපු එකක් මෙතන තියෙනවා කියවන්න.. http://helmalu.blogspot.com.au/2016/02/blog-post_26.html

    ReplyDelete
  8. පට්ට ලියවිල්ල....ඒත් සහතික ඇත්ත

    ReplyDelete