Thursday, November 10, 2016

අයවැය උපහාර ගීතය




( මෙය ආදරය සුන්දර වරදකී ගීතයේ තාලයට ගායනා කළ හැක )
.
.
අයවැයත් පෙම්වතියක් වගේ
කිසිදා සහනයක් නම් නැතී
මට පෙන්නලා අයවැයේ හැටී
නුඹ ගහපු බදු හොඳටම ඇතී.....//

බැංකුවෙන් සල්ලි ගද්දිත් ගාන කපලා
ඩේඩා වලට තව ගාන වැඩි කරලා
නෙට් යන්නෙපානං රටේ එවුන්
ෆ්‍රී ටැබ් බෙදන්නේ උඹ මොන මගුලටදෝ.....

අයවැයත්...

පරිප්පුයි බතුයි මුංඇටයි තම්බා කාලා
පඩි වැඩි නොකර තව තවත් බදුත් ගහලා
ප්‍රාඩෝ වලින් උඹලා යද්දි
ඒවට ගෙවන්නේ උඹෙ  අප්පොච්චිදෝ...

අයවැයත්....
.
.
.
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ

10 comments:

  1. දහදාහක්ම දුන්නා ගියවර මදිද?
    ඉහල ඉගැනුම් ගැන අදහස් දැක්කාද?
    කළු සල්ලියට වැට බැඳුමට අකමැතිද?
    ගිණුමකින් ගෙව්වොත් එය නෑනේද?

    ReplyDelete
    Replies
    1. ඒ හැම එකම හොඳයි
      තාක්ෂණික හා අධ්‍යාපනය පැත්තෙන් ඉස්සරහට යන එක අපේ ඉල්ලක්කය නං ඊ බෑන්කින් වලට යොමු වීම අහුරන එක ඉන්ටර්නෙට් දිරිමත් කරනව වෙනුවට ඒකට වැට බඳින එක පසුගාමී තීරණයක්

      Delete
  2. හෙන හතම ගහපන්...
    ATM වැඩේට නම්....

    ReplyDelete
  3. හෙන හතම ගහපන්...
    ඉන්ටනෙට් වැඩේට නම්....

    ReplyDelete
  4. මුන්ට මොකද ඉතින් අපි ගෙවන බදුවලින් හොඳට කාලා ඇඳලා සැප වාහනවලින් ගිහින් ෆුල් ආතල් එකේ ඉන්නවා. අපි හම්බ කරන එකෙන්නේ මුනුත් යැපෙන්නේ.

    ReplyDelete
  5. මුන්ව දිවියම කන්න ඕනේ...

    ReplyDelete
  6. හෙනම ගහපං ඉන්ටර්නෙට් වැඩි ගාස්තු කරපු එකට

    ReplyDelete