Sunday, November 20, 2016

අපේ අක්මුල් කියන්නෙ මිත්‍යාවනං.. ඔව් මම ඒවා කුඩු කරනවා




" ජාතික රූපවානියට ගහන්න ඕනෙ. ජාතික රූපවාහිනියේ යථාරූප වැඩසටහන යටතේ අපේ අක්මුල් සියල්ල සිඳිනවාය.. ජාතික නාලිකාව වහන්න ඕනෙ...""

- අතිපූජ්‍ය විචිත්‍ර ධර්ම කථික ඥානසාර හිමි

හාන්දුරුවන් වහන්සේට අනුව යථාරූප වැඩසටහන හරහා නිරුවත් කරන විනාස කරන "අපේ අක්මුල්" යනු දෙකයි පණහේ මිත්‍යා බහුබූතය.. 

ඒ අනුව 
ගණ දෙයියො යාලු කරගන්න ආසිරි පාංගෙඩි පෙංසුයි.
හක්ගෙඩි..
හඳහන් තරු රටා..
බූත කුම්භාණ්ඩ මලපෙරේත හූනියං
අලු ඔලුවයි මිනිස් ඇඟයි බද්ධ වෙච්ච  ගෑණු හතර පහ වටේ තියාගෙන ඉන්න අතපය දහපහළවක් තියන කෘතීම හයිබ්‍රිඩ් දෙයියො
මොකෙක් අරි අහවල් බලධාරියෙක් ලෝකෙ මැව්වා කියන මිත්‍යාව
පොල් ගැහිළි
පූජා වට්ටි උස්සන් යන එක
පන්සල් ඇතුලට හින්දු දෙයියො ගෙනල්ලා පන්සල දේවාලකරණය කිරීම
හූනො චික් චික් ගෑ විට සුභ කටයුතු නොකිරීම
නැකත් බලා හැම ලොකු අම්මගෙ වස්ත්‍රයම ආරම්භ කිරීම

අපේ  #අක්මුල් ය..

එතකොට ඒ බහුබූත මිත්‍යාවට ගහන එක අපේ රටේ අක්මුල් සිඳීමය..

හාන්දුරුවන්ගෙ ඒ ලොජික් එකෙන් බලන විට අපේ අක්මුල් මුලින්ම විනාස කර ඇත්තේ මීට වසර 2500ට ඉහතදී...

බූත පෙරේත කතා තොවිල් යන්ත්‍ර මන්ත්‍ර තිරස්චීන විද්‍යා කියපු..

""නක්ඛත්ත පතිමානෙත්තං අත්තෝ බාලං උපච්ඡගා...
අත්ථෝ අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා..."""
නැකත් ගරු කරන බාලයාගේ (මනසින්) වැඩ අතපසු වී යයි... වැඩයට නැකත් නම් කිම.. තාරකාවෝ කුමක් කරත්ද..??

කියා කියපු...

තමන්ට තම සරණ මිස අන් සරණක් නැතැයි.. ( අත්ථාහි අත්ථනෝ නාථෝ )  

දේශනා කළ ගෞතම බුදුන් වහන්සේ ය

බුදුන්ගෙ සිවුර දාගෙන අවිහිංසාවාදි ධර්මයක් රකින්න කියලා ලේ ඉල්ලන පිසාච තත්වයේ තලේබාන් බෞද්ධාගමේ මේ චීවරධාරියා සිදු කරන්නේ බුද්ධාගම විකෘති කිරීමයි..

අනිත් කාරණාව වන්නේ අර කලින් කියූ පිස්සු විකාර ඇත්තටම අපේ අක්මුල් නම් ඒවා කුඩු පට්ටම් කිරීමට කිසිසේත්ම පසුබට නොවිය යුතු බවයි... 

අපි ඡන්ද දිනන්න තිරුපති යන
බලේ ගන්න පොල් ගහන
විභාග පාස් වෙන්න හඳහන් කේන්දර බලන
තොවිල් හූනියං කට්ටඩි පිස්සො පස්සෙ යන අපලෙට ග්‍රහලෝක වලට පහන් පත්තු කරන 
බුදුන් කියූ දේ හැර අනිත් හැමදේම කරන මීහරක් ජාතියකි... එය අප පිළිහත යුතුය. ඔය සුභ මූර්ත වලට හැම දේම කරද්දී ඒවා හරියනවානං අපි මේ වෙද්දී ඇමරිකාවට රොකට් හදා දිය යුතුය..
අපි ග්‍රහලෝක වලට සෙත් පතා කපුටන්ට කිරිබත් කවද්දී වෙන රටවල් ඒ ග්‍රහලෝක වල ගෙවල් හදන්නේ අපේ ඒ මීහරක්කමට පින්සිද්ධ වන්නටය..

එම නිසා ඒ ගෝත්‍රික මීහරක් කතා ප්‍රසිද්ද කරන, ත්‍රස්තවාදය වපුරන , බුදුන්ගේ ධර්මය විකෘති කරන ජාතිවාදී ලේ පිපාසිත මේ චීවරධාරීන් , ටෙරරිස්ට් ජමාත් ත්‍රස්තවාදීන් විග්නේෂ්වරන් ඇතුළු හැම මන්ද මානසිකයාවම බැඳ දැමිය යුතුය.. ප්‍රතික්ෂේප කළ යුතුය...

නැත්තං මේ සියවසේදිත් අපි අනිත් ගෝත්‍රයේ එකාව මරාගෙන කන , හඳට පශ්චාත්භාගය උඩ දමා වඳින, ම්ලේච්ඡයන් වනු ඇතිඅතර හඳේ ජනාවාස හැදූ උන් විනෝද චාරිකා පැමිණ අපව බලා පොටෝ ගසා යනු ඇත...

මම මිත්‍යාවට විරුද්ධයි.. ඒ මිත්‍යාව අපේ අක්මුල් නං මම ඒ ගැන ලැජ්ජා වෙනවා... මම දෙපාරක් නොහිතා ඒවා කුඩු කරනවා...

#ටෙරරිස්ට්ජමාත්උන්පෝම්වෙන්නෙපා
#බයියොඅදාලනැ #ඥානසාරරාසික්විග්නේස්වරන්ඉස්පෙරෙගැමුණුබැඳදමනු
#ලේඕනෙනෑ #තලේබාන්බෞද්ධකොටිදෙමළඅයිඑස්මුස්ළිම්කාලකන්නිපන්නපං
#යක්කුදඟලන්නඑපා #යුද්ධෙනැතුවපාළුයි
#මිත්තයාවටගහනවා #ගරහයොබූතයොකට්ටඩිලොකුනෑ


බුදු දහම විකෘති කරන ප්‍රකාස ඇතුලත් වීඩියෝවේ link එක

https://m.facebook.com/story.php?story_fbid=1237956349575974&id=1131732893531654

-චමල් අකලංක පොල්වත්තගේ 
.
.

3 comments:

  1. මේ සියවසේදිත් අපි අනිත් ගෝත්‍රයේ එකාව මරාගෙන කන , හඳට පශ්චාත්භාගය උඩ දමා වඳින, ම්ලේච්ඡයන් වනු ඇතිඅතර හඳේ ජනාවාස හැදූ උන් විනෝද චාරිකා පැමිණ අපව බලා පොටෝ ගසා යනු ඇත...

    Well said Malli..

    ReplyDelete
  2. ජාතිවාදය ආගම්වාදය ඉතා හොඳ බිස්නස් එකකි. ඒවා කරන්නෝ සහ පවත්වාගෙන යන්නන්ට මුදල් , වාහන , ගෙවල් , පිටරට සවාරි , දේශපාලන බලය , ලාභ ජනප්‍රියතාව ලැබෙන අතර ඔවුන් විසින් දල්වන ගිනි වලට පිලිස්සෙන්නේ දුප්පත් අසරණයින් වෙති.

    ReplyDelete
  3. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත. ප්‍රතික්‍රියාව ක්‍රියාවට වඩා බලවත් විය හැකිය.

    ReplyDelete