Monday, November 28, 2016
පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ - ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි
"පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ" (ප්රියයන්ගෙන් වෙන්වීම දුකකි) - බුදුන් වහන්සේ
ප්රියයෙක් අහිමි වූ විටක කඳුළු නූපදීමට හෝ හදවත කම්පා නොවීමට මම අරහත්ඵල ලාභියෙක් හෝ යකඩින් හැදුණ යන්ත්රයක් හෝ නොවෙමි.... බුදුන් කියූ ඒ දුක දැනෙන.. ලෙයින් මසින් නහරින් සැදුණු තවත් ආදරය දුක ප්රහර්ෂය වේදනාව විරහව රාගය දැනෙන හැඟෙන ජීවියෙක්මි....
පියෙකුට මවකට පුතෙකුට දියණියකට බිරිඳකට ස්වාමියෙකුට සහෝදරියෙකුට සහෝදරයෙකුට ඥාතියෙකුට ආදරවන්තයෙකුට ආදරවන්තියකට මිතුරෙකුට මිතුරියෙකුට ළබැඳියෙකුට හිතවතෙකුට හිතවතියකට,
මියගිය... තමන් ආදරය කළ... තම ආදරණීය..
පුතුන් , දියණියන්, පියවරුන්, මව්වරුන්, ස්වාමිවරුන්, බිරින්ඳෑවන්, සහෝදරයන් , සහෝදරියන් , ඥාතීන් , ආදරවන්තියන්, ආදරවන්තයන් මිතුරන්, මිතුරියන්, ළබැඳියන් , හිතවතියන්, හිතවතුන්...
සිහි කිරීම හදවතේ ගැඹුරුම තැනින් ඇතිවන සියුම් මිනිසත් හැඟීමකි... එය මිනිස් සිතට විශිෂ්ට වූ අවියෝජනීය බැඳීම් වල සංවේගාත්මක ප්රකාශනයයි....
අංගුලිමාල නවසිය අනූනමයක් මිනී මරා දඹදිවටම ඔහු ම්ලෙච්ඡයෙක් වුවද..
අංගුලිමාල මාතාවට ඔහු තම අහිංසක පුතු පමණකි....
අංගුලිමාල කෙරෙහි මවගේ සිතෙහි උපන් දාරක ස්නේහය තමන් ආදරයෙන් ඇති දැඩි කළ සිද්ධාර්ථ ගිහිගෙය අතැර ගිය දා සුධොවුන් රජු හා ප්රජාපතී මාතාවගේ සිතෙහි උපන් දාරක ස්නේහයෙන් වෙනස් වන්නේ කෙසේදැයි මම නොදනිමි...
එබැවින් නිවැරදි කරුවන් වුවද...කුමන වැරදි කරුවන් වුවද තම ආදරණීයයන්ට මියගියවුන් තම හැඟුම් බෙදාගත් ළබැඳියන් පමණි..
සිහිකිරීමේදී වැටෙන හැම කඳුලකින්ම පිටතට එන්නේ ලේ මස් නහර ඇට මිදුළු කරා විහිදුණු තම ළබැඳියන් කෙරෙහි ඇති සෙනෙහසයි... ආදරයයි.. බැඳීමයි...
එය කළු සුදු කුමන ගෝත්රයක් ආගමක් වුවද නොවෙනස්වන ස්වභාවික මානව ස්වභාවයකි...
එමනිසාවෙන් මළවුන් සිහිකිරීමට ඇති අතිශය සාධාරණ මානුෂීය අයිතිය.. ස්වභාවිකත්වයේ නියතය හෙළා දැකීමට තරම් මම තිරිසනෙක් නොවෙමි....
#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ
Subscribe to:
Post Comments (Atom)
කවුද මචං ඔය අයිතිය නැති කරේ............ අම්මපා
ReplyDeleteThama na 😉
Deleteප්රියයන් වෙන්වීමටම සමාන අනිත් දුක තමයි අප්රිය සම්ප්රෙයා්ගය...
ReplyDeleteප්රියයන් වෙන්වෙන්නේ ඉඳලා හිටලානේ.. අප්රිය සම්ප්රෙයා්ගය නිතර ඔෆිස් එකේදී, දුම්රියේදී, පාසැලේදී, ගෙදරට අල්ලපු ගෙදරදී එදිනෙදා සිද්ධ වෙනවා. ඒ දුක විඳලාම හුරුවෙලා
😃😃😃
DeleteOw ow
උඩුවා කියන එක ඇත්ත. ප්රියයන්ගෙන් වෙන්වීමට වඩා දුක අප්රියයන් හා එක්වීම. “පතිරූප දේස වාසෝච“ නැතිකම මේ දවස්වල මමත් අපේ ගෙවල් ලඟින් විඳිනවා.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete