Monday, November 7, 2016

ට්‍රම්ප් උපහාර ගීතය



ඇමරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ආධාර කරන පාක්ෂිකයන් වෙනුවෙන් ලියූ...

ට්‍රම්ප් උපහාර ගීතය..

(  මෙය ඔබයි අපට අප්පච්චී ගීතයේ තාලයට ගායනා කළ හැක )

.
රන් අරුණැල්ලේ පීදෙන
තිරිඟු කෙතේ නුඹ හිඳිනා...
නිල් පවනැල්ලේ රැලි
නයගරාවේ නුඹ පෙනෙනා....//

ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
නුඹයි අපට ට්‍රම්පච්චී...//
ආසිරි ආසිරි ආසිරි ආසිරි
පතමු දිගාසිරී...

කෝර්න්ෆ්ලෙක්ස් සුවඳ විදා
බිළිඳු මුවේ නුඹ හිඳිනා...
දෙව් මව් සුවඳේ මුමුණන
මව් තුරුලේ නුඹ පෙනෙනා....

ට්‍රම්පච්චී.. ට්‍රම්පච්චී...
නුඹයි අපට ට්‍රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...

පුටින්ටත් වද දෙමින්
අයි එසුත් යටකරන්
හිලරිවත් පරදමින්
මුළු ලොව දිනන්න
කියා දුන්නේ නුඹයි.....

ට්‍රම්පච්චී ට්‍රම්පච්චී
නුඹයි අපට ට්‍රම්පච්චී....//
ආසිරි ආසිරි පතමු දිගාසිරී...


#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

9 comments:

  1. අපෙන් එකෙකි සිය දහසකී...
    උඹනං මාර ලියන්නෙකී....

    ReplyDelete
  2. හුප්පච්චී හුප්පච්චී නුඹයි අපේ හුප්පච්චී මන්ත්‍රය එකසිය අටවරක් වතුර බාල්දියකට මතුරා උදෑසන එළිමහන් පිටියක් වැනි ස්ථානයක හුස්සට පළං වැදි වැදී එළිබැසීමෙන් පසු එම වතුර බාල්දියෙන් සුක පෝදා ගැනීමෙන් සියලු උඩුරැවුල් කාර යක්ෂ පෙරේත කුම්භාණ්ඩයින්ගෙන් ආරක්ෂා විය හැක. අද්දුටුවයි! සත්තයි!! ප්‍රත්‍යාක්ෂයි!!! හරි නොගියොත් වතුර බාල්දියට වැයවූ මුදල ආපසු...

    ට්‍රම්පච්චී මන්ත්‍රය භාවිතා කල යුතු අන්දම ගැන කිසිවක් නොදනිමි.

    ReplyDelete
  3. එළ එළ... හෙනම ක්‍රියේටිව්

    ReplyDelete