Wednesday, February 15, 2017

වනිගරත්න පද්‍ය පන්තිය



======

( විමලරත්න කුමාරගමයන්ගේ අයියනායක පද්‍ය පන්තිය ඇසුරිණි )


ගෙම්බො ඉබ්බො මීයෝ ගෙයි හතර....කොනේ
සර්පයො පවා පිත්තලයෙන් හදා..............බෙනේ
ෆෙන්ග්ෂුයි කියා කාසිත් මතුරනා............පෙනේ
ආසිරි දෙයියන්ගෙ බලයම රටට................දැනේ

සම්මන්ත්‍රණය පවතින හැම දවස්................වල
ගණ දෙවි වඩියි පමුණුවටම උදේ................කල
විභාග ජය මුදල් හදල් බාර.........................කල
ටිකට් අරන් එති සිට දුර පළාත්.....................වල

යූත් එක වැහෙන විට එන සෙනගින්.........දසත
ආසිරි වඩින විට වනමින් දකුණු...................අත
ගණ දෙවි යාළු කර දී වේදිකා.......................මත
ගාථා කියන විට මොනරුත් වඩිනු..............ඇත

දෙයියන් යාළු කළ අපේ වනිගා...............රත්නේ
ඔහුගේ බලය මතුරපු පෑනටද...................දැනේ
ආසිරි හින්දමයි දෙයියන් යාළු....................උනේ
රට යන්නටත් වීසා දවසින්...................ලැබුණේ



පාං ගෙඩි කපා පත්තර..............................එබීම
කොට්ටෙට පොත තියා පාඩම්...................කිරීම
ඇපල් ගෙඩි කපා මිදුලේ........................වැලලීම
මා නොකෙරුවත් නොනැවතුවෙමි......හිනැහීම

විභාග දරුඵල ලෙඩදුක් මුදල්...................වලින්
සහනය පතා වනිගරත්න ළඟට............කෙලින්
එන මේ පිරිස සැරසීමට නුවන..................මලින්
පෙළඹෙන උන්ට මඩුවලිගෙන් ගහමි.......මුලින්

අංගොඩ දැමිය යුතු මේ ගොං හරක්...........මැන
අහුමුළු නෑර සිය ෆෙන්ග්ෂුයි...............පතුරවන
බලවත් වනිගරත්නය දෙන පඬුරු............ගෙන
මේ හරකුන්ව හිඟන්නන්ම කරනු..............මැන

හක්ගෙඩි බූත ග්‍රහ තරු සෙනසුරු............සිටින
 අතපය කැඩෙන්නට පොල්ගෙඩි ගහන....තැන
නිතරම ඔබ පුදන මේ අය හැඳින..............ගෙන
ආසිරි දෙවිතුමනි කම්බස් කරනු.................මැන

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

12 comments:

  1. ආසිරි මල් වරුසාවේ නෑ අපි තෙමුණේ.....

    නියමයි මල්ලි....එළ!

    ReplyDelete
  2. මේ වගේ මීහරක් ඉන්නකම් රටම මීහරක් වෙන එක අහන්න දෙයක්ද බං...

    ReplyDelete
  3. නියම කවි පෙළ.... ආසිරි පතනවා:D

    ReplyDelete
  4. නියමයි. මේ අර සාස්තරයා ගැන නේද?

    ReplyDelete