Thursday, February 23, 2017

ග්‍රහලෝක සොයාගැනීම සම්බන්ධ නිල මාධ්‍ය නිවේදනය


අන්තර් ග්‍රහලෝක අනාවැකිකරුවන්ගේ බළමණ්ඩලය, එක්සත් බූත මලපෙරේත හූනියම් සංගමය, හැඳිගෑවුණ සමාජයක් සඳහාවූ ජ්‍යෝතිෂ කරුවන්ගේ සංගමය, සාස්තර සඳහා වූ බේකරි හිමියෝ, සියදිවි නසා ගන්නා නක්සාස්ත්‍රයෝ සංවිධානය ඇතුළු උඹලා ඇන්දියන් අපි හම්බකරන්නං සංවිධානයේ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය..

නව ග්‍රහලොක සොයා ගැනීම සම්බන්ධව.,

ප්‍රිය ඇන්දෙන්නනි..,

මේ වන විට නාසා ආයතනය මගින් නව  ග්‍රහලෝක හතක් සොයාගැනීමත් සමග  වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යොතිෂ සේවා සංශෝධිත පණත් කෙටුම්පතක් අප මහ සභාවට ඉදිරිපත් කරන ලදී..

ඒ අනුව

අලුතින් එක්වන ග්‍රලෝක සප්තකයට..

 බ්‍රහස්පතිගේ දොලොස්වන ථිතියේ වෘෂභ නැකතින් ඇරඹි ක්‍රි.ව. 2017 ක් වූ නවම් මස 23 වන බ්‍රහස්පතින්දා දින වූ අද දින පූර්වභාග 8.47 ට යෙදුණ සුබ මොහොතින් යට දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා ආච්චිගෙ හාල් මිශ්‍ර බිබික්කම්ද ග්‍රැමක්සෝන් මිස්‍ර කොණ්ඩ කැවුම් හතරක් හරහට ගිල සබාපතෞත්තමයාණන් වහන්සේ ඇතුළු සම්භාවනීය සාත්තර කරුවන් විසින් මෙසේ නම් තබන ලද්දාහ..

සුමන
කීර්ති
මංජුල
චන්ද්‍රසිරි
තොටවත්ති
විජේමුණි
ආසිරිචූන්




යනු අභිනවයෙන් නම් කරන ලද ග්‍රහලෝක සප්තකයයි..

ඒ අනුව

ඔබේ අපල උපද්‍රව හතෙන් වැඩිවේ..
නව වසරේ ඔබට හතේ හත වැදීම වැඩිවේ..
හෙණ හත ගැසීම්, හතකට පැලීම් බහුලව වාර්තා විය හැක.
ඔබේ වියදම් හතෙන් වැඩිවේ..
ඔබ පූජා කළයුතු වාර ගණන හතෙන් වැඩිවේ..


මේ අපල උපද්‍රව වලින් මිදීමට පහත ගාථා ස්තෝත්‍ර කියමින් දිනපතා පාන්දර නැගිට ඔලුවෙන් සිටගෙන ( කලිසමක් හැඳ සිදු කරන්න සරම් , නයිට් ඇඳීමෙන් වළකින්න ) පලතුරු වට්ටියකට පාංගෙඩියක්, ග්‍රැමක්සෝන් බෝතලයක් හක්ගෙඩියක්, කතරගම දේව රූපයක්, මිලිමීටර 9 පිස්තෝලයක්, ඇස්කණ්නාඩි කුට්ටමක් තබා වන්දනා කර පාන්ගෙඩිය බල්ලන්ට කන්න දමා ග්‍රැමක්සෝන් බෝතලය පානය කරන්න..

1) සුමන ග්‍රහයා -

බුට්ට තාරූ කරම් සාරම්
රහමජාවත් ඇන්දුවා
ගාණ් ටෝනින් ඇසා මුදබා
රාජකීය දෛවඥයා..

හෝ

අප්පච්චිගෙ සුමන අප්පච්චිගෙ සුමන
අප්පච්චිගෙ සුමන සාටකයෙන් වඩින
අප්පච්චිගෙ සුමන රජකම ගැන කියන
අපල යන්න අපි සුමනට දැන් වඳින...


2)කීර්ති ග්‍රහයා -

වාලම්පූරිං ගෙනා වෘෂභං
ලක්ෂ්මි දේවි විකුණං කනං
ස්වර්ණවාහිනී අනුග්‍රාහං
නමෝ නාරා කීර්තියා..


3)මංජුල ග්‍රහයා

අළුයමං දෙරණං ගච්ඡති
මුසාවාදං ඇදා බාං
කතරගාමං දේවි පෙන්නං
බයිට් වීමං බූරුවං
ඒක ලැප්ටොප් උකූලාන
දාහ මූසා කියාගතං
ඒව මංජුල දේවි ග්‍රාහං
සාස්තරානං නමාමහං


4)චන්ද්‍රසිරි ග්‍රහයා

අප්පච්චියං ඡන්දං කාලා
අනාවැකියං කියා පියා
හතර තට්ටු ගච්චවානී
ටීපනස් හය හිසං ති‍යා..


5)තොටවත්ති ග්‍රහයා

ඒක ගොට්ටං සිරීසේනං
දාස් කෙබරා ඇදා මහා
කාල කාලෙන ගොන්නු අන්දා
නිකන් කන්නා තොටාවත්තා..



6)විජේමුනි ග්‍රහයා

රාජ මරණං අනාවැකියං
හං ගොරකා වෙයිට් බතා
බන්ධනාගාරේන ගච්ඡං
තුවක්කු බටයං රජිව් ගහං


7)ආසිරිචූන් ග්‍රහයා

පාං ගෙඩියං ඇඟිලි ගහනං
පත්‍ර ඔබනා කුරිස් මිඩා
කකුණ විණ්නා දෙණා ගවියා
වනිගරත්නා නමෝ නමාහ්...

ස්තූතියි..


.
.

# අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ


7 comments:

  1. කලිසං අදින්නැති අයට විකල්පයක් නැද්ද?.. හි හි හි හි හි...

    ReplyDelete
  2. හිහ් හී... මරු නම් තැබීම හා විස්තරය.

    ජයවේවා!!!

    ReplyDelete
  3. +++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. මරේ මරුය දැන් ඕවට හඳහන් හදන්නත් පටන් ගනිනේ

    ReplyDelete
  5. නාසා එක ඕන් නැති වැඩමයි කරන්නේ. මුන්ට දැන් ගංජා පත්‍රවල තමයි, වේලපත්කඩ ලියන්න වෙන්නේ. අපි ගංජා වවමු.

    ReplyDelete