Sunday, June 18, 2017

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මහා හුලවාලි හූනියම් කප්ප කතාවත්තුව




පෙර ටසිරිලක මහින්දෝත්තම රාජපක්සාභිධාන මහාධිරජාණන් වහන්සේ රාජ්‍යනම් කිමැයි බලය නම් නැතිවන සුළුයයැයි කියා නවකයන්ට අවස්ථාව ලබා දෙන නියා අයිපීඇලායට නොයනා චන්දිමාලයන් මෙන් රාජ්‍ය බලය සිය අනුප්‍රාප්තික වෙද ඇමැතියාවූ මෙත්පල් සිරිසන් තෙමෙ හට රාජ්‍ය පවරා දී මන්දමූලන ග්‍රාමයට භාවනාව පිණිසම නික්මුණාහුය..

මෙකල පෙර මහින්දෝත්තම අධිරජාණන්ගේ කල මෙන්මැ පිටසක්වල ආස්චර්‍යය බවට පත්වෙමින් ටසිරිලක ඉසි අම්මා නැවත පැමිණෙන ලද්දාවූ මේ ආදරයයි මෙන් බැබළි බැබලී ඉදිරියටම ගියාහුය.. ටසිරිලක කොතරම් ඉදිරියට ගියාහුදැයි කියන්නේනම් දක්ෂිණ භාරතයේ තුත්තුකුඩියේ ගැටෙයි කියා භාරතාධිරාජ්‍ය මෝඩියෝ බියැවීද සිටියාහ..  මෙත්පල් නිරිඳානන්ගේ රාජ්‍ය පාලනයේ ආනුභාවයෙන් කහවනුවෙන්ද සහලින්ද බතින්ද බුලතින්ද ගලින්ද පෝෂිත වූ ටසිරිලක.. හාපික් දමා පිරිසිදු කරන ලද වැසිකිලි පෝච්චියක් මෙන් මහමග බිඳකුදු කසල නොතිබෙන්නා වූ නියා දැක මෙරට වැස්සෝ නම් පාරිභෝජනයේ නොයෙදන ලෝභයන් යැයි විදෙස් වැසියෝ සිතාවියි කියා සිතාමතාම කශල තබන ලද්දාවූ තරමටම ටසිරිලක පාරිශුද්ධ වීයැ. මදුරු වසංගත කොතෙක් අවම වූයේ දැයි කියතොත් කුඩාවුන්ට මදුරුවෝ බලාගැන්මටමැ දේහිවලා පුරයෙහි සත්වෝද්‍යානයේ ඩෙංගුද බරවාද මැලේරියාදී ලෙසින්මැ මදුරු කුටියක්ද සාදා නිමකරැලීය..
මහ ජනතාවෝ අත කෙතරම් කාසි ගැවසුනාදැයි කියන්නේනම් කහවණු වාසනා ලබා ගැන්ම පිණිසම පිහිටවා තුබූ ලොතරැයි



අලෙවිසැල් පවා පෝය දින බාර් මෙන් වැසී ගියාහුය.. ඉදින් ඒ ලොතරැයි ටසිරිලක වැසියන් ප්‍රතික්ෂේප කරන්නේනම් හිතමිත්‍ර රාජ්‍යයන් හී දුගී ජනයාටම වාසනාව පිණිසමැ ලබා දෙමියි කියා එක පැකට්ටුවෙන් කෝප්ප හතලිහක් හදා ගමටම තේ බෙදන මිසිස් පෙරේරා මෙන් ජාත්‍යන්තරයට ලොතරැයිපත් ගෙනගියාහුය.
 පෙර අකලංකාරයෙහි සඳහන් කරන ලද නමලොක් හෝම්සානන් විසින් විනිශ්චය කරන්නට යෙදුනාවූ ඇඳිවත නැතිකත අභිරහසේ පන්දු ක්‍රීඩක තසීම් වජුඩීනාණන්ද විසන්ත ලක්‍රමතුංග ජර්නලිස්ටාණුවන්ද ඝාතනය කරන්නට යෙදුනාවූ ම්ලෙච්ඡ පිටසක්වල ජීවීහු හට ද ග්‍රහලෝක ගානේ අභ්‍යාවකාසේ තරණය කරමින් වොන්ඩර්වුමණානන් මෙන් දඬුවම් කරන ලද නියා සරලාභිධාන මෙත්පල් නිරිඳාණෝ පිටසක්වල පවා සිය අණසක පැතිරුවාහුය..
රාජ්‍ය භාණ්ඩාගාරයෙන් කහවණු සොරකම් කරන ලද්දාවූ මහාභාණ්ඩාගාර බන්ධකාර සොරුන්ටද පෙර සිටි නීලකාස මෙගාඩීල් සොරුන්ටද අයුක්තිය අසාධාරණය රජ කරන්නාවූ ලෝකයෙක යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් වදින්නාවූ නරේන්ද්‍රගෝ මෙත්පල් මම වෙමියි හිටං යැයි සිංහනාද කර ගෝල්පේස් පිටියට ගෙනැවිත් සළුපිළි ඉවතලා පිස්සන් සේ පිස්සන් සේ ඇවිද්දවා ගල්ගසා සිරගත කරන ලද්දාවූ නියා දේශයේ අශෝකාහිටං ලෙස විරුධාවලිය ලද්ධාහ..
මෙසේ අයුක්තියද අසාධාරණ ද ඉදිරියේ ඩෝන්ට් අන්ඩරෙස්ටිමේට්ද පවර් ඔෆ් ද කොමන් සිරියි කියා අසිපත ලෙලවනා හයිලෑන්ඩරයන් මෙන් සටන් කරන නියාවෙන්ද මහජනයා ගේ දුකෙහි මාගේ පියාද දුගී ගොවියෙකියි කියා රොබින් හුඩානන් මෙන් පිහිටවන්නා නියාවෙන්ද බොහෝ රෞද්‍රයන් අල්ලපු නිවසේ දියුණුව දැක කේලාම් කියා පවුල් කඩනා ඇන්ටියෙකු මෙන් ඊර්ෂ්‍යාවෙන් පැලීයන්නට වන්නාහ.. මේ නිසාම රාජ්‍ය පැහැරගැන්මට කේජු කෑල්ල කෑමට බලා සිටිනා නරියන් මෙන් ටසිරිලක බලය ඩැහැ ගැනුමට බලා සිටිනා කුමණ්ත්‍රණ කරුවෝ ද  මහා අමෙරිකානු මහාධිරාජ්‍යද යුරෝපානු මාහාධිරාජ්‍යයද මහා භාරතයද ආදී වූ බටහිර කුමණ්ත්‍රණ කරුවෝ ද මෙත්පල් සිරිසන් නරනිඳුන් එළවනා නියා සතරකන්මන්ත්‍රණ කරන්නට වන්නාහ..

ඉදින් පිටසක්වලටම අභියෝග කලාවූ තෝරාණන් මෙන් යුධයෙන් මොහු පරාජය කළ නොහැක්කේය.. අම්බුජා සිමෙන්ති දැමූ බැම්මක මෙන් ශක්තිමත් වූ නියා කාටාරාජ්‍යටද මෙන් සම්බාධක දමා ආර්ථිකය බිඳහෙලිය නොකැක්කේමය..ඉදින් මෙත්පල් සිරිසන් තෙමේ බිඳහෙලන්නේනම් හූනියමක්මැ කළ යුතුයැයි සිතා කථිකා කරගත් කුමණ්ත්‍රණකරුවෝ කාශ්ඨකවැව් බැඳි රාජ්‍යයේ පුලස්ථි පුරයට ගමන් කලාහුය..
විලියම් කේට් මංගල්ලය ලොව මහා මංගල්ලය වූවාක් මෙන්ම මේ හූනියම් බැඳිල්ල යුගයේ මහා හූනියම් බැඳිල්ලමැ විය..

 ශිවන්‍යාට බන්ධනය කරන ලද්දාවූ එකක් මෙන් පළලින් යොදුනක්ද දිගින් යොදුන් දෙකක් පමණක වූ තඹ පතක් ගෙන ටෞකන්ඪාසූනියම් දේවතාවාට කැප කරන ලද්දාවූ සූනියම් බැඳිල්ලට පෝර්නයෙහි කෙළපැමිණි ජොනීසින්සාණුවන් මෙන් සූනියමෙහි කෙළ පැමිණි ප්‍රවීණාචාර්‍යා වූ භාරතයෙහි කල්ලු මලයාලම් හුලවල්ලියා ගුරුන්නාන්සේ ගෙන්වන ලදුව මෙත්පල් සිරිසන් මහා සූනියම් බන්ධනය අමාවක තිථිය ලත් ශනි දිනෙක මැදියමෙහි  යක්ෂයාගේ හෝරාව එළැඹි කල්හී මහසෝන් පිළ්ලිය සාක්ෂියට තබා තුන් කුළුඳුල් බිල්ලක ලැන්ගර්හැන්දීපිකා තෛලයෙන් ජප කර මාරවින සිල්වෝත්තමයාණන්ගේ මෙන් බූරු හිසක්ද පඹයෙක්ද ගොටුකොළ මිටියක්ද බිලිදී තඹ පතෙහි ඉසුරුමුණියෙහි ප්‍රේමවන්තයෝ මෙන් අර්ධ උන්නත මෙත්පල් නිරිඳානන්ගේ කැටයමක් කොටාපියාහුය..

තඹ පතෙහි පශ්චාතයෙහි

"""
වර වර සූනියම් දේවතාවී.. වර වර
ඉතින් කිව්වම වර ගෑණියේ..
ටෞකණ්ඩාසුනිමාහ් මෙත්පලාහිටං
සරලෞත්තාභිධාන වයාපෝර්ට් එසාය
පුවි ගොතාය කිරු බොයාය
පහයාලනාය වලකේයාහ්...
අහස පලාගෙන වර...
කද්ද රෙඩාගෙන වර....
නරු හොලවන්නාක්‍රං මනීමිරුවෝ
කබා බරන්නාහස්.. පතුරස්වල වලාහ්ත්ථා
නටුකායක්ඛ රශේන් චෝනක්ඛා.
තසීම් වජුඩීනාහ්
 විශාන්ත්‍ර ලක්‍රමතුංග්‍රාහ්..!!
නීජලිස්ඨා අන්ත්‍රස්දාන් වසාය
මෙග් ඩීලාන බඩ උලාය
මහා බංකුන් බන්ධකාරය කෙළාය
දේක් ටොන්නාය.. නැඩ වැත්තාය..
සිරිසෙන් කෙළවා ඒස්වාහ් පුහඃ..!!
සූනියමී.. යකින්නී... පුහ්..
""""

කියා වස් කවියෙක්ද කෙටුවාපියාය..

පුරා සත් රාත්‍රියක් නොකඩවා ජප කරන ලද්දාවූ සූනියම වළලන ලද්දාහ..

අහෝ ගත්වූයෑම තෙදිනක්මැ..

කොත්තුවක් අනුභව කර පසු දාම වැසිකිළියෙහි ප්‍රථිපල දැනෙන්නාක් මෙන් නරපතියාට හූනියම කල නියාවෙන් ටසිරිලකටමැ බලපැවැත්වන්නට වන්නාහ..
තව්තිසාව පවා විශ්මයෙන් අවලාවූ සුර පුරයක් බඳු වූ දීපිකා පදුකෝණනාන්ගේ ආනුභාවයෙන් නිමවන ලද්දාවූ බයිස්කෝපයක් මෙන්මැ නේක ශ්‍රීන් විරාජමානවූ ටසිරිලකටම අප්පච්චී පැරදූ දින පිටසක්වලින් පහර දුන්නාක් මෙන් මූසළකමින් වැසී ගියාහුය..
රජරට සහල් ඇටයක් ගානේ ප්ලාස්ටික් වන්නාහ..
තනපට අඳින ලද ටසිරිලක කාන්තාවෝ ඇබෝසන් කළාක් මෙන් වඳවී ගියාහ..
තරමින් කිලිමන්ජොදාරෝව මෙන් ටසිරිලකට කශල කඳු වැසි වසින්නට වන්නාහ
බෙංගල් බොක්ක කම්පිතව ටසිරිලක පුරා මද වැසිද තද වැසිද ගිගුරුම් සහිත වැසිද සමගමැ මහා ගංගා පිටාර ගලන්නට වන්නාහ.
පෙදෙසකට මහා ගංගා ගලා විනාශයට ලක්වන්නා නියා තවත් පෙදෙසක් නියං සායෙන් පෙළෙන්නාහ..
වෙන්දා සත්වෝද්‍යානයේ දැකගත් ඩෙංගුවාධී මදුරු වසංගත ටසිරිලක පුරා කොම්ප්‍රේෂරයායකින් ස්ප්‍රේ කරන්නක් මෙන් විහිදෙන්නට වන්නාහ..
අහො තැන තැන ඝාතනය.. ලෙඩ රෝගය.. දූෂණය.
මේ දුක් දරාගත නොහී ටසිරිලක වැස්සෝ සිය ගෙල දුම්‍රියාරථ වලට තබා සියදිවි නසාගත්තාහ..
මෙසේ විශාලා මහනුවරට හිරෝෂිමාව ගෙනත් අතහැරියාක් මෙන් කරදර බොහෝ වෙද්දී ළයෙහි සිරකර ගත් කඳුළු පද බවට පෙරැලී තෙරුවන් සරණයි ඔයාට.. රත්නත්තරේ පිහිටයි.. ආදී ගී පවා ලියැවුණාහුය..

ඉදින් මෙසේ සකල ලොවම විශ්මයට පත්කළාවූ ආශික් ටසිරිලක ජනීජනයාගේ ශෝකාලාපය තව්තිසාවටදැ දැනෙන්නට වන්නාහ..
රහසින්වත් පව් නොකරන මෙත්පල් සිරිසන් නිරිඳානන්ට මේ සිදුවූ විපත අසා පෙම්වතා වෙනත් කැකුළියකයගේ ප්‍රෝපයිල් පිකුවට දැමූ නයිස් පික් ඩියර් කොමෙන්ටුවක් දුටු පෙම්වතිය මෙන් කෝපාවිෂ්ඨ වූ සක් දෙවි රජාණෝ අජා තුජිකො පුකාරේ මෙරෙ මී තිරේ අපෙ හාන්දුරුවනේ  ( මට නොදැන පගෙ පසුපසින් මීයෙක්ටවත් යා නොහැක්කේය )  යැයි සිංහනාද කර වහා පුලස්ථිපුර මහ රාජපුරුෂයාගේ වකුගඩුවකට අධිග්‍රහිතව නික්මුණාහ..
ඉදින් මෙසේ පැමිණි සක්දෙව් රජාණෝ තම මනැසද මසැසද මෙහෙයවා වහා තෙදිනකින් කාලයේ වැලිතලාවෙන් වැසී ගිය සූනියම සවලෙන් සාරා ගොඩගන්නාහ..

ඉදින් ටසිරිලකට වූ විපතට හේතුව මෙයැමැයි දැන වහා දණ්ඩෙන් පහරලත් නාගයන් මෙන් කම්පිතවූ මෙත්පල් සිරිසන්  නිරිඳානෝ

" ඩේයි විඩමාට්ටා හිටං..  රට ජාතියට හූනියම් කරන පර කුලේ අඩු හැත්ත... "

 යැයි සරම වලාපට ගසා රජිනි කාන්තාණන් මෙන් ගර්ජනා කර ඇමැතියෝද වහ වහා මෙයට පිළියම් කරන්නැයි රාජ්‍ය නැකැත් කමිටුව රැස් කළාහුය..

සයිටමාය වැසීමට සැරසෙන වෙදාණෝ මෙන් වහා රැස්වැ මෙයට නම් භාරතයෝ නුසුදුස්සන්‍මයැ. ඉදින් අප අපේම මන්ත්‍රකරුවෝ යොදවා මේ මහා හුලවාලි සූනියම කපන්නැයි කියා එකල ලොව වෙදපප්පානණ්ටත් වඩා ප්‍රභලතම මන්ත්‍ර කරුවෝ වී සිටියාවූ දෙව්ලොවද සබඳකම් ඇති ටසිරිලක චුංචුයි ආචාර්‍යා වාසිරි අනිගාරත්නානුවන්ද.. මන්ත්‍රාචාර්‍යයන් වූ පිංජුල මාරිස් ද.. ගොංදික වටතොත්තද.. අමනදාස සුබේවර්ධනද.. හක්ගෙඩියාචාර්‍ය වාර්ති කිර්ණකුලසූරිය ද කැඳවාපියාහුය ...

මෙසේ මෙත්පල් සිරිසන් මහා හුල්වාලි සූනියම් කප්ප මහා යාගය සූදානම් කරපියාහුය..
යාගය සඳහා රෝස් කරන ලද පාන්ගෙඩි දසදහසක්ද...  දක්ෂිණාවෘත ගොලුබෙලි කටු සොළොසක්ද.. පලතුරු එළවලු තැබන ලද්දාවූ පූජා වට්ටිද පහන්තිර සුවඳදුම්ද ගෙන යාගය කරන්නට වන්නාහ..
හූනියම් තහඩුව ගෙන ජෙල් බ්‍රා ඇඳි සැනම  වඳවෙන්නා සේ  සකල අපල හූනියම් වඳිවීයේවායි ප්‍රාර්ථනා කර මෙත්පල් සිරිසන් නිරිඳුන්ගේ සියළු ග්‍රහාපල දුරුවේවායි කියා තඹ පත කුඩා කැබලි දසදහසකට කපා ලියා පාන්ගෙඩි දසදහසෙහි ඔබාලීය. දක්ෂිණාවෘත ගොලුබෙලිකටු ගෙන නිලමැදුරෙහි වලළා සමන් කතරගම විස්ණු නාථාදී දේව මණ්ඩලයට පූජා වට්ටි පුද කර

හෙළ මහා මන්ත්‍ර ජප විශාරද  මුජිත් අතුකුමාරණුවෝද ප්‍රසංක අයමන්තයෝද ගෙනහැර පියා සහේළිහිණි සංදේශයේ පහත මන්ත්‍රය එක්දහස් විසිඅටවරක් ජපකරන ලද්ධාහ..

එයින් පලක් නොවූ තැන මන්ත්‍රයෙහි සූනියම් කැපිල්ලෙහි කෙළ පැමිණියාවූ චාතූර්‍ය සෙණරතාණෝ හා කල්මාන්ති මන්දශ්‍රී  මහෝපාසිකාව කැඳවා මන්ත්‍රය කියාහුය..  එය අසා චාතූර්‍ය සෙණරතාණෝ

" මා සූණියම් කප පා පා පා පා පා පා පනා කල මාගෙ මවුන් ඉපදීද නැතැයි.."

 ගර්ජනා කර ජප කරන්නාහ...

"

පහයාලනෙන් වින්දුවරණින්
රපටත් අජෙක් ලහපව තැඒ
මා ඒ ජුරන්.. පේ පැළහරින්..
ටසිරිලකට සෙත්වී ගියේ
ආයෙ බා බා බා බා බා බා බා බා වේවා....
මෙත් පලාණෙනී.....!!!

ටෞකනාහූනියම් දේවතාවූ ඒස්වා වා වා වා වා  වා හ් පුහ්...!!

""

යාගයේ එක්දහස් විසි අටවර ජප කරන ලද නියා ටසිරිලකටමැ සතෘවන් වැසි වැස්සාහ.. ස්වප්නා ගලවාගන්නා ලද ගගනයානය මෙන් සියළු දුක් කරදර සුන් වී ගියාහුය..
ජප කරන ලද්ධාවූ මන්ත්‍රාචාර්‍යය චාතූර්‍ය සෙණරතාණන්ගේ කට හඬ අසා අප්පච්චිගේ ෆයිල් දුටු හොර ඇමතියෙකු මෙන් සකල අපලද හූනියම්ද දූරීන් භූතවී ගියාහුය..
රාජ පුරුෂ තෙමේගේ වකුගඩුවට අධිගෘහිතව සිටි සක් දෙවි රජාණෝ රූම් ගිය දියණිය අල්ලාගත් මවක මෙන් හූනියම් කළ බටහිර කුමණ්ත්‍රණකරුවෝ අල්ලා නිරුවත් කර මඩුවලිගයෙන් තලා දුම්‍රිය මාර්ගයක් නැරඹීමට රැගෙන ගියාහුය....
මෙසේ මෙත්පල් සිරිසන් නිරිඳාණෝ හට බැඳි මහා හුලවාලි හූනියම කතුරට අසුවූ කොණ්ඩයක් මෙන් කපා හැලූ නියා යලිදු ටසිරිලක බ්ලූ ලේබලයක් ලැබි බේබද්දෙකු මෙන් අකලංකාරයෙන් බැබලුනාහුය..

සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් මහා හුලවාලි හූනියම් කතාවත්ථුව නිමියේයැ..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. All in one
    උඹනම් යකෙක් බං පට්ට් !

    ReplyDelete
  2. //අම්බුජා සිමෙන්ති දැමූ බැම්මක මෙන් ශක්තිමත් වූ නියා කාටාරාජ්‍යටද මෙන් සම්බාධක දමා ආර්ථිකය බිඳහෙලිය නොකැක්කේමය// හාහ් හා එක්කෙනෙක් නැකත් බලල කෙලෝ ගත්ත. අනිත් කෙනා හූනියම් බලල කෙලෝ ගන්නවා. රටක් පාලනය කියන්නේ මොකද්ද කියලවත් තේරෙනවද මන්ද?

    ReplyDelete
  3. කුමාර කළුආරච්චි හෙවත් බ්ලොග් ලෝකයේ විකෘති කාමාතුරයා


    මල්ලේ පොල් නම් බ්ලොගය ලියන සරස හෙවත් කුමාර කළුආරච්චි වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකි. ඔහු සෙන්ට්‍රල් සහ ආසිරි යන රෝහල් වල පුද්ගලික සේවයේ නියැලෙන අතර රජයේ සේවයෙන් ඉවත් කරන ලද පුද්ගලයෙකි.

    මෙම කුමාර කළුආරච්චි නම් පුද්ගලයා තම බ්ලොගයෙන් සෙසු බ්ලොග්කරුවන් වන අජිත් පැරකුම් ජයසිංහ ,රසික සූරිය ආරච්චි, අජිත් ධර්මකීර්ති , අරුණි ෂැපීරෝ යනාදීන්ට අසභ්‍ය වචන පවසන අතර ඉන්ද නොනැවතී ඔවුන් ගේ ළමුන් ද සම්බන්ධ කරගෙන ගුජුප්සාජනක ලෙස ලිංගික කතාද ලියයි.

    පෙනී යන පරිදි මෙම කුමාර කළුආරච්චි නම් තැනැත්තා තදබල ලිංගික අසහනයකින් පෙලේ. මොහු දත් පුරවා ගැනීමට එන තරුණ කාන්තාවන් ගේ ඇඟට හේත්තු වන බවද සෙන්ට්‍රල් සහ ආසිරි රෝහල් වල හෙදියෝ පවසති. විශ්වාසදායක ආරංචියක් පවසන පරිදි මෙම කුමාර කළුආරච්චි නැමැත්තා තම දියණියට කරන ලද ලිංගික අපචාරයකින් පසුව ඔහුගේ බිරිඳ කුමාර කළුආරච්චිව දික්කසාද කොට දියණිය ඔහුගෙන් වෙන් කරන ලදි. තවද මෙම පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ Registered Sex Offender හෙවත් ලියාපදිංචි කරන ලද ලිංගික වරදකරුවෙකි. ඒ නිසා මොහුට ඕස්ට්‍රේලියාවට ඇතුළු විය නොහැක​.

    මෙම පුද්ගලයාගේ සාවද්‍ය ක්‍රියා සම්බන්ධයෙන් සෙන්ට්‍රල් සහ ආසිරි රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්ටද දන්ත වෛද්‍යවරුන් ගේ සංගමයටද ( ලිපිනය : Professional Center, 275/75, Prof.stanley Wijesundara Mawathe, Off Bauddahloka Mw, Colombo 07) දැනුම් දිය හැකිය​.

    ReplyDelete
  4. උඹ තමයි දාසකටවත් මුනියා.

    ReplyDelete