Monday, June 19, 2017

අපේ ධර්මේ ඩෝ



කවුද @$@&# අපේ ධර්මෙට අපහස කරන්නේ..
මරාගෙන මැරෙනවා යකෝ..
අපි යක්කු @%@&@*..
මෙන්න මුං අපේ ආගමට අපහස කරනෝ
අතපය කැඩෙන්න කියා සෙයා කරපාන්
හැඳිගෑවිලම පලයාන්
හෙන දාහතරක් ගහන්න කියා ලයික් කරපාන්
මරපාන් කොටපාන් අඬු කඩපාන්
ඕකුන්ගෙ සනුහරේවම ගිනි තියපාන්
ආදී ලෙස දවස පුරා සයිබරයේ එහෙ මෙහෙ යන විවිධාකාරයේ ආගමික ලිපි පින්තූර දකින්නෙමි. එසේ හැසිරෙන ත්‍රස්තවාදි භික්ෂූන්ද බොහෝ ඇත..
එසේ ශාප කිරීම් හිංසාවන්ට පෙළඹවීම් හෝ හිංසා කිරීම් දියුණු සමාජයකට නොගැලපෙන අයහපත් ලක්ෂණ බව මීට පෙර පැවසීම නිසා ngo කාරයෙක්, පල්ලි කාක්කෙක්, බටහිර කුමණ්ත්‍රණ කරුවෙක්ගෙන්ද නොනැවතී isis හිතවාදියෙක් බවටද පත්වීම් ලැබුවෙමි..

ඒ නිසා මා මේ පිළිබඳව සිද්ධාර්ථ ගෞතමයන් විසින් එසේ අපහස කරන්නන්ට සාප කර අඬු කඩා මරා දමන ලෙස දේශනා කර ඇත්දැයි සොයා බලන විට සූත්‍ර පිටකයේ දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ මෙසේ සඳන්වී ඇති බව දුටුවෙමි..




එක් කාලයක බුදුහුත් පන්සියයක් සංඝයාත් රජගහ නුවරත් නාලන්දා නුවරත් අතර ගමන් කරමින් සිටින්නාහ. රාත්‍රිය ගත කිරීමට අම්බලට්ඨිකා උයනේ රජාගාරක ශාලවට පැමිණියහ.. මෙසේ ඒ ශාලාවෙහිම තම අතවැසියා සමග නවාතැන් ගෙන සිටි සුප්පිය නම් පිරිවැජියෙකු බුදුන්ට සංඝයාට සහ ධර්මයට අපහස කරමින් බැන වදින්නට විට.. රැස්ව සිටි සංඝයා අතර මේ පිළිබඳව කථිකාවක් ඇති විය.
එය දැන විමසූවිට බුදුන්ට සංඝයා විසින් සුප්පිය පිරිවැජියාගේ අපහාසාත්මක හැසිරීම පිළිබඳ තතු කියන ලදී..

එයට බුදුන් දුන් පිළිතුර මෙසේය..

"""

‘‘මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං,
 ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං,
 සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං,
තත්‍ර තුම්හෙහි න ආඝාතො න අප්පච්චයො න චෙතසො අනභිරද්ධි කරණීයා.
මමං වා, භික්ඛවෙ , පරෙ අවණ්ණං
 භාසෙය්‍යුං,
ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං,
 තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා,
තුම්හං යෙවස්ස තෙන අන්තරායො.
මමං වා, භික්ඛවෙ, පරෙ අවණ්ණං භාසෙය්‍යුං,
ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං,
 සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං,
තත්‍ර චෙ තුම්හෙ අස්සථ කුපිතා වා අනත්තමනා වා,
අපි නු තුම්හෙ පරෙසං සුභාසිතං දුබ්භාසිතං ආජානෙය්‍යාථා’’ති?
‘‘නො හෙතං, භන්තෙ’’.
‘‘මමං වා, භික්ඛවෙ,
පරෙ අවණ්ණං භාසෙය්‍යුං,
ධම්මස්ස වා අවණ්ණං භාසෙය්‍යුං, සඞ්ඝස්ස වා අවණ්ණං භාසෙය්‍යුං,
තත්‍ර තුම්හෙහි අභූතං අභූතතො නිබ්බෙඨෙතබ්බං -
 ‘ඉතිපෙතං අභූතං, ඉතිපෙතං අතච්ඡං, නත්ථි චෙතං අම්හෙසු,
න ච පනෙතං අම්හෙසු සංවිජ්ජතී’ති...

                     -------------------------

“මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකට යුත්තේය. අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකට යුත්තේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණ කියන්නන් කෙරෙහි ඉදින් තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් එයින් තොපටම අන්තරාය වන්නේය. මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, තෙපි කිපෙන්නාහු නම් හෝ නොසතුටු වන්නාහු නම් කිමෙක්ද තෙපි අනුන්ගේ සුභසිද්ධිය අසුභසිද්ධිය දන්නහුද?”
ස්වාමීනි, එසේ නැත්මය. (ඒ දැනීම නැත.)” මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මයේ හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් (අභූත) වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත, මෙය අප කෙරෙහි (අවිද්‍යමානය) දකින්නට නැත. බොරුව බොරුව මෙන් එලිදරව් කළ යුතුය.

""""

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. ඒ බුදු හාමුදුරුවන්ගේ ධර්මයනේ. ඒවා විජාතික ඉන්දියන් අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රන.

    මෙහෙ ඒවා බෑ. මෙහෙ තියෙන්නෙ දේශීය ජාතික සිංහල බුද්ධ ආගම. ලඟදිම බුද්ධ කෑල්ල හලලා සම්පූර්ණ හෙල කරනවා.

    ReplyDelete
  2. "අපේ ධර්මේ ඩෝ" කියල ලියල තියනවා දැක්කම මම හිතුව මේ ...

    ReplyDelete