Wednesday, June 28, 2017

කස්ටර්මර් කෙයාර්

==  ==

ඉන්ටර්නෙට් හරහා කෝල් මැසේජ් දමන විට මා අතේ සතේ නැති හිඟන්නෙක් කියා සමහර උන් සිතුවද ( ඔව් ඒකෙ ඇත්තක් නැත්තෙම නෑ ) වට්සැප් වයිබර හෝ මැසේන්ජර් කෝල් ගන්නා මැසේජ් දමනා ඇත්තම හේතුවනං පෝන් එකට සල්ලි දැමුවද දැමූ මොහොතේම ඒවා වාස්ප වීමයි. එවේලේම කතා කර අවසන් කලේ නැත්තං ඒ මුදල් මාගේ දුරකතනයේ බැටරිය මෙන් මේ බලා ඉද්දීම නැතිවී යන්නේ කොල්ලෙක් hi dr කියූ විට කෙල්ලෙක් ඕෆ්ලයින් යනවාටත් වඩා වේගයෙනි.. ඒ නිසා හදිස්සියේ එක කෝල් එකක් ගැනීමට සල්ලි දැමූ විට නැවත වෙන මොකෙක්ට හෝ කෝල් එකක් ගෙන සල්ලි ඉවර වෙනතුරු කතා කරන්නේ සූරපප්පා එකේ මුහුදු මංකොල්ලකාරයා උගේ නැව ගෝල් කාරයන්ට ගිල්වන්නට නොදී  ඌම පොරොවෙන් ගසා ගිල්ලවා ගත්තාක් මෙනි.  මොබිටෙල් එකට නිකන් සල්ලි පූජා කරනවට වඩා මමම කතා කර මගේ සල්ලි මමම කා ගන්න එක හොඳවන අතර අඩුම තරමේ කාලෙකින් කතා නොකල එකෙක්ට කතා කිරීමට අවස්තාවක් හෝ ලැබේ..



ඔය ගැන කියා නිකරුනේ මගෙ රීලෝඩ් හිස්වීම නවතාගැනීමට කස්ටර්මර් කෙයාර් එකට කතා කළෙමි. සිංහල බාසාවෙන් සේවය ලබා ගැනීමට එක ඉලක්කමක් කස්ටර්මර් කෙයාර් එකට කතා කරන්න තව ඉලක්කමක්.. කෝල් එක ආන්සර් කරන්න එකෙක් එනතුරු රැඳී ඉන්න තව ඉලක්කමක් ආදී ලෙස කීපෑඩ් එකම එබුවෙමි..
ඔබා කවුරු හෝ කතා කරන තුරු කියූ ලෙසම "මදක්" රැඳී සිටියෙමි..
කොච්චර වෙලාවක් මදක් රැඳී සිටියාද කියා කියනවානං සුමංගල සද්දකෝසය හදන කාලේ කස්ටර්මර් කෙයාර් එකට කතා කලානං මදක් වචනෙට සමාන පදයක් ලෙස අහවල් ගානක් මහාබද්‍ර කල්ප ලෙස යොදනවාය.. මා සිතුවේ මිනිසා අඟහරු මත ජනාවාස ඉදිකරනවා දැකීමටත් මට අවස්තාව ලැබෙයි කියාය..
ඩයිනෝසර් කෙනෙක් කස්ටර්මර් කෙයාර් එකට කතා කලානං ඌ මැරෙන්නේ ජුරාසික් පාක් ෆිල්ම් එකත් බලලාය.. අවශ්‍යනම් කස්ටර්මර් කෙයාර් එකේ එකෙක්ට කතා කිරීමට යන කාලය දර්ශීය කාල ගණන ක්‍රමයක් ලෙසද යොදාගත හැක. උදාහරණයක් ලෙස හෝමෝ ඉරෙක්ටස් මානවයා හෝමෝ සේපියන් සේපියන් බවට පරිණාමයට ගතවූ කාලය කස්ටර්මර් කෙයාර් එකේ එකෙක් හා සම්බන්ධ වීමට යන කාලයෙන් භාගයකි. මෙගා නාට්ටියක් අවසන් වීමට ගතවන කාලය කස්ටර්මර් කෙයාර් එකට කතා කිරීමට ගතවන කාලය මෙන් මිලියන් බර ගානක ගුනයකි. බෝම්බයක් බඩේ බැඳගෙන මියගිය තලේබාන් කාරයෙක් කන්‍යාවන් 72ක් හා සැපේ ඉන්නා කාලය කස්ටර්මර් කෙයාර් එකට කතා කිරීමට යන කාලය මෙන් හතරකි. තව උදාහරණයක් ගන්නවානං සිරිසේන ජනාධිපතිතුමා හොරු ඇල්ලීමට ගතවන කාලය කස්ටර්මර් කෙයාර් එකට කතා කරන්නට යන කාලය මෙන් එක්ලක්ෂ විසිදෙදාස් තුන්සිය හැට නමයයි දශම දාහතරක කාලයකි..
බුදු වීමට පෙරුම්පිරීමට ගතවන කාලය කස්ටර්මර් කෙයාර් එකට කතා කිරීමට යන කාලය මෙන් අහවල් ගුණයක් ලෙස ජාතක පොතේද ලියන්නට තිබුණාය..

මුංගෙ මාතාවගෙ වස්තරේ කස්ටර්මර් කෙයාර්.. කතා කරපන්කො එකෙක් හරි මං මොකද කියන්නෙ කියලා බලාගන්න.. කාලෙ කන අඩු කුලේ පරහැත්ත..
ඔය ආකාරයේ අනේකවිද දුක් විඳ අවසානයේ කතා කරන එකාගෙ පරිණාමයේ පූර්වජ බැක්ටීරියාවගේ පරම්පරාවටම ජාතිය අමතනවා යැයි සිතා සිටි මගේ සකල පිරින් සපිරි සියලු දුක්කදෝමනස්සයන් දුරු කරමින් ඉසිතා හා  රමන් බල්ලාට කෲස් මිසයිල දොලහක් වැදී දැඩි සත්කාර ඒකකයේ නතර කර ඊළඟ කොටසේදී කතරගම දෙයියන්ට බාරයක් වී  නැවත පණ ලැබුණු විටම කුනු කන්ද කඩන් වැටී මේ ආදරයයි රූපගත කරන සෙට් එක  යටවීමෙන් කතාව ඉරව වුනාක් වැනි හැඟීමක් ඇතිවුනේ එහා පැත්තෙන්
" ආයුබෝවන් සර් මම කෙසේද ඔබට සහය වන්නේ.." කියා කතා කල කටහඬ ඇහුණ විටය..

වෙන මොන මගුලක් කියන්නද මනුස්සයො ඉතින් ඒ කටහඬ ඇහුනම

සිද්දිය කියා සල්ලි කැපෙන එක එයාට කියා අයින් කරවාගෙන තෑන්ක්ස් ලෙසද කියා
 ආයෙත් මොකක් හෝ ඇක්ටිව් වේවායැයි සිතා ඒස්වාහ් පුහ්ඃ කියා කට් කලෙමි..

ඇත්තටම ඒක හරිම හොඳ කස්ටර්මර් කෙයාර් සර්විස් එකක්.. පොඩි පොඩි වැරදි ඕන තැනක වෙනවනෙ. ඕවට බැනලා පුලුවනෑ..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

3 comments:

  1. හප්පේ.. මම හිතුවෙ කස්ටකෙයා බුවා ෆෝන් එක ඇතුලෙන්ම මේ පැත්තට ඇදල ගනී කියල.

    ReplyDelete
  2. මමත් එක දවසක් කතා කරලා ෆෝන් එක කන ළඟ තියාගෙන නින්ද ගිහින්.. මෙන්න විනාඩි පහලවකට පස්සේ ආන්සර් කරලා හෙලෝ මම කෙසේද සහය වන්නේ කියලා අහනවා.. දෙතුන් පාරක් ඇහුවා ඇති... මට කියන්න ඕන එකත් අමතක වෙලා නින්ද ගිහින්නේ.. මං කිව්ව මට නනින්ද ගිය නිසා පොඩ්ඩක් ඉන්න මතක් කර ගන්නකම් කියලා... හි හි..

    ReplyDelete