Friday, January 29, 2016

එක්නැළිගොඩ | සුදුවෑන් | යුක්තිය


මහින්දවාදීන් සිතා සිටින්නේ කොටින්ට උදව් කලා යැයි කියන නිසා එක්නැළිගොඩ අතුරුදන් කළාට අව්ලක් නැත කියා ය.. බයි මාධ්‍යවේදී පා.ම නිරෝසන් මහතාට අනුව සුදු වෑන් වලින් නරක උන් උස්සපු නිසා අව්ලක් නැත.. 
රටකට නීතියක් තිබෙන්නේ අසාධාරණයට ලක් වූවන්ට හා එය සිදුකළ පාර්ශවයන්ට සාධාරණව යුක්තිය පසිඳලීමටයි.. එය සුදු වෑන් එකකින් කෙළවර වන්නේ නම් එම රටේ තවදුරටත් සාධාරණයක් බලාපොරොත්තු විය හැකිද..
එක්නැලිගොඩ කොටියෙක් නම් සිදුකළ යුත්තේ ඔහු අතුරුදන් කිරීමද.. නැතහොත් සාධාරණ නඩු විභාගයක් පවත්වා ඔප්පු කොට දඬුවම් දීමද..සිංහයෙක් වුවද කොටියෙක් වුවද පිළිගත් නීතිය ඉදිරියේ පෙනීසිට සාධාරණය ඉෂ්ඨ කර ගැනීමට උතුම් වූ අයිතියක් ඇත.. එම අයිතියට අප හැම දෙනාම ගරු කළ යුතුය...යුද්ධයකදී මිය යාම හා සිවිල් සමාජය තුළදී ඝාතනය වීම හෝ අතුරුදන් වීම අහසට පොළොව මෙන් අසමාන කරුනු දෙකකි... එක්නැලිගොඩ කොටියෙක් නම් ලංකා නීතිය ඉදිරියේ වරදකරු වී පෝරකයට නියම වුවද මට ගැටළුවක් නැත..
බයියන්ට මෙම සාධාරණය නොතේරුනාට ලංකාවේ සිටින බහුතර බුද්ධිමත් පුරවැසියන්ගේ මස්තිෂ්ක මේ සරල යතාර්ථය තේරුම් ගැනීමට සූදානම් බව අපි දනිමු..
එමනිසා පිළිගත් නීතියට පිටින් කැළෑ නීතියට අනුව සිදුකළ සියලු මැර වැඩ වලට විරුද්ධ වන්න..
එසේ අසාධාරණයට ලක් වූවන්ගේ පවුල් වල සාමාජිකයන්ගේ කඳුළු ගැන සිතන්න.. හඬ නගන්න..!!
නැතහොත් මීළඟ ඉලක්කය ඔබ හෝ ඔබේ ආදරණීයෙකු විය හැකියි.

1 comment:

  1. http://kalahitha.blogspot.com/2016/01/story-of-widowed-and-orphanage-family.html

    ReplyDelete